ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද

aruna47

Well-known member
  • ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද

    10649841_727501957285114_8831660780592036669_n.jpg


    ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වන වරටත් ජනාධිපති ධුරයට පත්විය හැකිද නැද්ද යන්න පිළිබඳව දැනට විවාදයට ලක්වී ඇති ආණ්ඩුක‍්‍ර ව්‍යවස්ථාවේ දහඅටවන සංශෝධනයේ ඇති කරුණු පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇති බව රාවය වාර්තා කරයි. පසුගිය 11වැනි බ‍්‍රහස්පතින්දා වන විට එම මතය විමසීමේ දැන්වීම ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබී තිබුණු අතර, එහි අන්තර්ගතය කුමක්දැ’යි නිශ්චිත වශයෙන් කීමට ශ්‍රේෂ්ඨාධිකරණ නිලධාරීහු අකමැත්තක් දැක්වූහ.

    මීළඟට සිදුවිය යුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒ ගැන විමසීමක් සිදුකොට ජනාධිපතිවරයාට එහි තීරණය වාර්තා කිරීමයි. එම විමසීම විවෘතව හෝ සංවෘතව සිදුකිරීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයට හැකි නමුත්, මහජනතාවටද ඊට ඇතුළු වී අදහස් දැක්විය හැකි අයුරින් එම විමසීම විවෘතව සිදුවිය යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීහු කියති.
    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129 (1) ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයාට පොදු වැදගත්කමකින් යුත් යම් නීතිමය හෝ සිද්ධිමය කරුණක් උද්ගතවී ඇති අවස්ථාවක හෝ එසේ උද්ගතවීමට ඉඩ ඇති අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධි කරණයේ මතය විමසිය හැකිය.

    ජනාධිපතිවරයා විසින් කර ඇති මෙම මත විමසීම මහජනයාටද සහභාගිවිය හැකි අයුරින් විවෘතව සිදුකළ යුතු බව ජ්‍යෙෂ්ඨ නීතිවේදීන් ප‍්‍රකාශ කරන්නේ, ජනාධිපතිවරයා විමසා ඇති කාරණය ජාතික ආරක්ෂාවට අදාළ කාරණයක් නිසා හෝ රාජ්‍යතාන්ත‍්‍රික කාරණයක් නොවන නිසා හා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය මෙවැනි කරුණු සම්බන්ධයෙන් ක‍්‍රියාකර ඇති පූර්වා දර්ශයන්ද සැලකිල්ලට ගනිමින්ය.

    ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරදයෙකු වන ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න ඒ සම් බන්ධයෙන් අදහස් දක්වමින් ප‍්‍රකාශ කරන්නේ ජනාධි පතිනි චන්ද්‍රිකා බණ්ඩාර නායක කුමාරතුංග මහත්මිය ආරක්ෂක ඇමතිධුරය ජනාධිපතිනිය භාරයේ තබාගත නැත්ද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධි කරණයේ මතය විමසූ බවත් එවකට සිටි අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා එය ප‍්‍රසිද්ධියේ විමසූ බවත්ය.

    එමෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජාතීන්ගේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රඥප්තිය ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතියට ගැළපේද යන්න විමසූ බවත් එයද මහජනතාවටද මැදිහත් විය හැකි අයුරින් ප‍්‍රසිද්ධියේ විමසූ බවත්, ඊට තමාද කරුණු දැක්වූ බවත්ය.

    ආචාර්ය වික‍්‍රමරත්න වැඩිදුරටත් ප‍්‍රකාශ කරන්නේ, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාවේ ඇති පොදු වැදගත්කමක් ඇති කරුණක් අප‍්‍රසිද්ධියේ විමසිය යුතු බවට වූ ව්‍යවස්ථා විධිවිධාන නීති විරෝධී බව හා ශ්‍රේෂ්ඨාධිකරණයට එවැනි කරුණක් විමසිය හැක්කේ කෙසේද යන්න පිළිබඳව අභිමතයක් ඇති බවයි. එනිසාම මීට පෙර පූර්වාදර්ශය අනුව මෙම කරුණද ප‍්‍රසිද්ධියේ විමසීම යහපත් බවත්, එසේ නොවුණහොත් ඊට මැදිහත්වීමේ හැකියාව මහජනයාට නොලැබෙන බවත් ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න අවධාරණය කරයි.

    ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී. වැලිඅමුණද ප‍්‍රකාශ කරන්නේ, මෙය රාජ්‍ය ආරක්ෂාව හෝ පුද්ගලයෙකුගේ පුද්ගලිකත්වය පිළිබඳව හෝ රාජ්‍යයන් දෙකක් අතර ප‍්‍රශ්නයක් නොවන බැවින් පූර්වාදර්ශයන් අනුව ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළ යුතු බවයි. එසේ නොවුණහොත් මහජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සම්බන්ධයෙන් විවිධ අර්ථකථන ලබාදීමට පෙළඹිය හැකි බවයි.
    ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතාද ප‍්‍රකාශ කරන්නේ මෙය ඡුන්දදායකයන්ට අදාළ කාරණයක් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණය එය විවෘතව විමසිය යුතු බවයි. එහිදී ඕනෑම අයෙකුට ඒ සඳහා අදහස් දැක්වීමට අවස්ථාව ලැබෙන බවද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කරයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ශිරානි අයින් කරන්න හේතුවත් ඕක
    දිවි නැගුම නෙමයි


    ව්‍යවස්ථා සංශෝදනය සකසද්දී එකේ මුලික කාර්ය භාරයක් කරලා තියෙන්නේ ශිරනි. එත් මහින්දට ආයිත් එන්න පුළුවන් කියන එක ව්‍යවස්ථාව අනුව කොහොමද බලපාන්නේ කියන එක ශිරාණි හරියට පැහැදිලිව දක්වලා නැහැ. එක හරිගස්සන ක්‍රමයක් පිළයෙල කරන්න කිවුවත් ශිරානි එක කරලා නැහැ කියනවා. එකයි මහින්ද වැඩිපුරම එලෙවුවේ
     
    Last edited:

    aruna47

    Well-known member
  • ශිරානි අයින් කරන්න හේතුවත් ඕක
    දිවි නැගුම නෙමයි

    ඔව් දැන් මහින්දයා ගෙදර ඉබේම යනවා.අනික් උන්ට වල කපලා හැබැයි මිනිහා මොකක් හරි ගේමක් ගහලා ආයි රජාවෙයි. මොකද යුද්දේ දින්නා නේ :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ලංකා ඉතිහාසයේ වැඩිම බල තන්හාවක් තියන නායකයා තමයි මේ. මිනිස්සූ ජේ ආර්ට බැන්නට ඒ මනුස්සයට මෙහෙම බල තන්හාවක් තිබිලා නෑ. :baffled:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්දවැ එලවන්න බැහැ බන් මේ විදියට
    හැබයි මහින්දට වෙන්නේ ගඩාපිට වුන්දේද මන්දා දවසක
     

    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    මහින්දවැ එලවන්න බැහැ බන් මේ විදියට
    හැබයි මහින්දට වෙන්නේ ගඩාපිට වුන්දේද මන්දා දවසක

    mahindawa elawanna puluwan keyboard weerayanta..:yes::yes:
    Ex Aruna..
     

    aruna47

    Well-known member
  • ලංකා ඉතිහාසයේ වැඩිම බල තන්හාවක් තියන නායකයා තමයි මේ. මිනිස්සූ ජේ ආර්ට බැන්නට ඒ මනුස්සයට මෙහෙම බල තන්හාවක් තිබිලා නෑ. :baffled:

    ඒ වගේම වැඩියෙන් සල්ලි මාටියා ගහපු කප් එකත් හම්බ වෙනවා. එත් ඔව්ව මොනාද බන් යුද්ධේ දින්නා නේ :yes:
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ඔව් දැන් මහින්දයා ගෙදර ඉබේම යනවා.අනික් උන්ට වල කපලා හැබැයි මිනිහා මොකක් හරි ගේමක් ගහලා ආයි රජාවෙයි. මොකද යුද්දේ දින්නා නේ :rofl:

    මහින්දයව ගෙදර යවන එක නෙවේ පොන්නයෝ වැඩේ , ඊළගට රජකම කරන්නේ කව්ද කියන එක
    මහින්දයා ගියොත් රනිල් ට රජ කම දෙන්නද පොන්නයෝ උබ කියන්නේ , කැරි මහින්දය කපටියා උගේ පක්ෂෙ එකෙට්වත් නැගිටින්න දෙන්නේ නැහැ , එහෙම බැලුවොත් මහින්දයම තව කාලයක් රජ කමේ ඉන්න එක තමයි හොද , PS යුද්දේ දිනන නිසා
    ( නැත්නම් පොනිලා අපු ගමන් අපහු කොටි ලංකාවට එනවා )
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ලංකා ඉතිහාසයේ වැඩිම බල තන්හාවක් තියන නායකයා තමයි මේ. මිනිස්සූ ජේ ආර්ට බැන්නට ඒ මනුස්සයට මෙහෙම බල තන්හාවක් තිබිලා නෑ. :baffled:

    J R කපපු මාළු වාලේ
    හොදටම මාළු බාන්නේ මෙයා තමයි
    ඇමට මිනිස්සු ගන්න එකයි
    ප්‍රශ්නේ
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    ලංකා ඉතිහාසයේ වැඩිම බල තන්හාවක් තියන නායකයා තමයි මේ. මිනිස්සූ ජේ ආර්ට බැන්නට ඒ මනුස්සයට මෙහෙම බල තන්හාවක් තිබිලා නෑ. :baffled:

    බල තණ්හාව නොතිබ්බට ඒ පොන්නයා රටට කරපු විනාසේ
     

    aruna47

    Well-known member
  • මහින්දවැ එලවන්න බැහැ බන් මේ විදියට
    හැබයි මහින්දට වෙන්නේ ගඩාපිට වුන්දේද මන්දා දවසක

    පිස්සුද එහෙම වෙන්නේ නැහැ දේශප්‍රේමි ජනතාව ඉන්නකම්. අපේ එළුසන්ලා වගේ ඇය ඉන්න කම්
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ රටේ මහජනතාවට සේවය කරන්ඩ ලු. තව ගසා කන්න තව ගොඩක් තියනවාලු දකුණු ආසියාවේ ලොකුම පෝසතා වෙන්නලු මෙදා සැරේ ට්‍රයි එක.:P:P
     

    aruna47

    Well-known member

  • මහින්දයව ගෙදර යවන එක නෙවේ පොන්නයෝ වැඩේ , ඊළගට රජකම කරන්නේ කව්ද කියන එක
    මහින්දයා ගියොත් රනිල් ට රජ කම දෙන්නද පොන්නයෝ උබ කියන්නේ , කැරි මහින්දය කපටියා උගේ පක්ෂෙ එකෙට්වත් නැගිටින්න දෙන්නේ නැහැ , එහෙම බැලුවොත් මහින්දයම තව කාලයක් රජ කමේ ඉන්න එක තමයි හොද , PS යුද්දේ දිනන නිසා
    ( නැත්නම් පොනිලා අපු ගමන් අපහු කොටි ලංකාවට එනවා )

    එකනේ පොන්ස් මම හැම තිස්සෙම කියන්නේ නායකයෙක් නැත්නම් පක්ෂ 3 එකතු වෙලා පොදු නායකයෙක් දාන්න ඕන විධායක ක්‍රමය අහෝසි කරන කෙනෙක්. ප්‍රතිපත්ති මාලාවක් සමග. කලින් ෆොන්සේකා ඔහේ දාන්නම් වාලේ දැම්මා. මේ පාරත් ඒ වගේ දැම්මොත් සොරිම තමා. මහින්දයා පුකෙන් මේ පාරත් හිනා වෙයි.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    මහින්දයව ගෙදර යාන එක නෙවේ පොන්නයෝ වැඩේ , ඊළගට රජකම කරන්නේ කව්ද කියන එක
    මහින්දයා ගියොත් රනිල් ට රජ කම දෙන්නද පොන්නයෝ උබ කියන්නේ , කාරී මහින්දය කපටියා උගේ පක්ස්ජේ එකෙට්වත් නැගිටින්න දෙන්නේ නැහැ , එහෙම බැලුවොත් මහින්දයම තව කාලයක් රජ කමේ ඉන්න එක තමයි හොද , PS යුද්දේ දිනන නිසා
    ( නැත්නම් පොනිලා අපු ගමන් අපහු කොටි ලංකාවට එනවා )

    :rofl::rofl:

    රනිල් අම්රකන් ගැති
    මහින්ද චීන ගැති

    රනිල්ට නාහින්දට වඩා නම් රට දියුණු කරන්න පුළුවන් දැනුමක් තියනවා
    දෙෂ්පලනිකවැ අද බාලයෙක් උනාට
    හැබැයි රනිල් විකල්පයක් වෙන්නේ නැහැ.
    එකම විකල්පය jvp

    දැන් කියන්න එපා මේවගේ කතා

    88 89 ගැනයි
    හැමෝම එකයි ඔක්කොම හොරු
    අනුරගේ වාහනය
    පලස්තිනෙ පැත්තට කතා කිරීම

    jvp කාරයෝ මන්තිලා කොහේ හරි හොරකමක් කරලා තියනවද?????
    ළමයි දුෂනය කරලා තියනවද?????
    ඒවගේ එක අවස්තවක් කියන්න

    ඔයවගේ ඒවා නම් .

    මහින්ද එලවලා කවද කරගන්නේ. ඔය වගේ ගොන් පදනමක් නැති කතා නම් ඉයන්න් එපා මචං. මර්වින් සිල්වා ආවත් මහින්ද කරන ටික කරාවි. වෙන කෙනෙක් නැහැ කියල කියන එකත් ගොන් කතාවක්. මහින්ද නැහැ කියලා රට අරාජික වෙනවා වගේ කතාව. දැන් මහින්ද මැරුනොත් කවුරුත් නැහැනේ. එතකොට රටේ මිනිස්සුත් මැරෙන්නද?????
    රට හදන්න පුළුවන් එකම පක්ෂය jvp එක
     

    Similar threads