ජනාධිපති මානසික තෙරපීමක :
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කැරගනිමින් සන්ධානය තුළ සමගිය රැකගන්න අවශ්‍ය වූ නිසා බරපතළ චෝදනා එල්ලව ඇති පිරිස්වලට අකමැත්තෙන් වූවත් නාමයෝජනා දීමට සිදු වූ බව ග්‍රාම සංවර්ධන ඇමැති එස්. බී. දිසානායක මහතා පවසයි.
බරපතළ ගණයේ චෝදනා එල්ල වූ පහක් හයක් අසීරුවෙන් ඉවත් කළ බවත්, අනෙක් පිරිසත් ඉවත් කැර ගැනීමට හැකිවූයේ නම් එය හොඳ බවත් ඒ මහතා කීය.
උඩුනුවර පැවැති ජනහමුවක් අමතමින් දිසානායක මහතා මේ බව කීවේය.
පක්ෂයේත්, සන්ධානයේත් සමගිය රැක ගැනීම සඳහා අකමැත්තෙන් වූවත් යම් යම් තීරණ ගැනීමට සිදු වූ බවද හෙතෙම පැහැදිලි කෙළේය.
ජනාධිපති මානසික තෙරපීමක :
බරපතළ චෝදනා එල්ලව ඇති පිරිස්වලට නාමයෝජනා ලබා නොදී සිටීමට හැකිවූයේ නම් එය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලනයට එකඟ බවත්, ඇතැම් තීරණවලට ජනපතිවරයා එකඟ වූයේ බරපතළ මානසික තෙරපීමක් සමඟ බවත් හෙතෙම කීවේය.
චෝදනා එල්ලවූවන්ට නාමයෝජනා ලබාදීම පිළිබඳව පාඨලී චම්පික ඇමැතිවරයාත්, අතුරලියේ රතන හිමියනුත් විශාල ප්‍රශ්න කිරීම් කැර සන්ධානයෙන් ඉවත්ව ගිය බවත්, ඔවුන් ඉවත්වීම දුකක් වේදනාවක් මෙන්ම කියා නිම කළ නොහැකි පාඩුවක් බවත් ඒ මහතා අවධාරණය කෙළේය.
කිරිසුදු අපේක්ෂකයින් :
මේ අතර, ඇමති ජෝන් අමරතුංග කොලඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ, මෙවර මැතිවරණයට ඉදිරිපත් කර ඇති එජාප ලයිස්තුවේ සිටින සියල්ලන් අති පිරිසිදු සුදෝසුදු පුද්ගලයින් බවයි.