ජනාධිපති මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය: රාජපක
ජනාධිපති මෛත්‍රී ඝාතන කුමන්ත්‍රණය: රාජපක්ෂලා ගිනි අවියක් සමග යෙදැවූ කොමාන්ඩෝ කෝප්‍රල් රිමාන්ඩ්: ආරක්ෂක කපොල්ල පැන්න හැටි මෙන්න
(ලංකා ඊ නිව්ස් - 2015.මැයි.03, පෙ.ව.11.40- දෙවන සංස්කරණය-ප.ව.4.00) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඝාතනය කිරීමට අඟුනකොළ පැලැස්සේදී ක්‍රියාත්මක කළ රාජපක්ෂලාගේ අසාර්ථක කුමන්ත්‍රණයට සම්බන්ධ වූ කෝප්‍රල් සේනක කුමාර නමැති යුද හමුදාවේ 4 වන රෙජිමේන්තුවේ කමාන්ඩෝ භටයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස අඟුනකොළපැලැස්ස මහේස්ත්‍රාත් නියෝග කළේය.
අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද පරීක්ෂණ මත අත් අඩංගුවට ගත් මෙම සෙබලා ඊයේ(02) රාත්‍රී අඟුණකොළ පැලැස්ස මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් වරයා ඉහත නියෝගය දුන්නේය.
පසුගිය 25 දා ජනාධිපති වරයා සහභාගී වූ අඟුණකොල පැලැස්ස ශ්‍රීලනිප නියෝජිත සමුළුවට නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයෙක් යැයි කියාගත් ගිනි අවියක් රැගත් පුද්ගලයෙක් පැමිණ ජනාධිපතිවරයා අසලට කිට්ටු කළ බව පළමුවෙන්ම වාර්තා කළ ලංකා ඊ නිව්ස් දෙවන වරට ඒ සම්බන්ධයෙන් විශේෂඥ වාර්තාවක් 29 ගෙන එමින් මේ කුමන්ත්‍රණයට රාජපක්ෂලාගේ සම්බන්ධයක් තිබෙන බව තහවුරු කෙළේ ඊට දින 3 කට පෙර පරාජිත මහින්ද රාජපක්ෂ විසින් ප්‍රංශ පුවත් සේවයට දුන් ප්‍රකාශයක් උපුටා දක්වමිනි. ඒ වන විටද ඝාතන කුමන්ත්‍රණයට යොදා ගත් සෙබලා හෝ ගිනි අවිය අත් අඩංගුවට ගෙන තිබුනේ නැත.
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවයට වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
එදින නාමල් රාජපක්ෂ මෙකී සේනක කුමාර නමැති කොමාන්ඩෝ කෝප්‍රල් වරයා සහ රියැදුරා සමග පැමිණ එහි දෙවන ආරක්ෂක වළල්ලේ සිටි ජනාධිපති ආරක්ෂක අංශයේ ඒඑස්පී මලවලගේ නමැති නිලධාරියාගෙන් ‘මං කොහෙන්ද ඇතුලට යන්නේ?‘ යයි විමසා ඇත. ‘සර් වීඅයිපී එකෙන් යවන්නම්‘ යයි මලවිගේ පිළිතුරු දුන් විට ‘නෑ මං සාමාන්‍ය මිනිසුන් යන එකෙන් යන්නම්‘ යයි නාමල් පවසා කොමාන්ඩෝ කෝප්‍රල් සමග සාමාන්‍ය මිනිසුන් පරීක්ෂා කරන ස්ථානය කරා ගමන් කර තිබේ.
එවිට යලි ඒඑස්පී මලවලගේ නාමල්ගේ ආරක්ෂක කෝප්‍රල්ගෙන් විමසා ඇත්තේ ‘වෙපන්ස් තිබෙනවාද.?‘ කියා ය. “නෑ මං ඒක කබියේ දාලා ආවා. වතුර බෝතලේකුයි ටිෂූයි තියෙනවා“ යි කෝප්‍රල් සේනක කුමාර දැන දැනම බොරු කියා ඇත. එහිදී ඒඑස්පී මලවලගේ කෝප්‍රල්ගේ කතාවෙන් සැනසී සිටියා මිස කිසිසේත්ම ඒ වන විටත් ඔහුගේ ඇඳුමින් ඉස්සී පෙණුනු පිස්තෝලය පරීක්ෂා කෙළේ නැති අතර දෙදෙනා ඊට පෙරත් හොඳින් හඳුනන බවක් පෙන්නුම් කර තිබේ.
ඉන් පසුව සාමාන්‍ය මිනිසුන් ඇතුළු වන ස්ථානයෙන් නාමල් සහ කොමාන්ඩෝ කෝප්‍රල් ඇතුළු වී ඇති අතර එහි පරීක්ෂාව බාරව සිටි සාජන්ට් නිශ්ශංක නමැත්තා මේ දෙදෙනාවම කිසිදු පරීක්ෂාවකට ලක් කර නැත. දෙදෙනාම දෙවන ආරක්ෂ කපොල්ල පැන ඇතුලට ගොස් ඇත.
මේ සිදුවීම ගැන පරීක්ෂාවෙන් සිටි ඇතුලත ජනාධිපතිවරයාට සමීපතම ආරක්ෂක වළල්ලේ සිටි එස්ටීඑෆ් සෙබලෙකු දැක ඇත්තේ නාමල් සමග එන ආරක්ෂකයා ගේ ඉනේ ගිනි අවියක් වැනි යමක් ඉස්සී ඇඳුමින් එළියට පැන තිබෙන බවයි. ඒ අනුව කොමාන්ඩෝ සෙබලා පරීක්ෂා කරද්දී ඔහු නාමල් රාජපක්ෂගේ ආරක්ෂකයෙක් යැයි පවසා ඇති අතර ඔහු අත තිබූ චෙකොස්ලෝවැකියාවේ සාදන ලද 9 මිමී ස්වයංක්‍රීය ගිනි අවිය හසුවී තිබේ. පිස්තෝලය ඒ වන විට සම්පූර්ණයෙන්ම උණ්ඩ පුරවා තිබී ඇත. එස්ටීඑෆ් සෙබලුන් විසින් අත් අඩංගුවට ගත් කෝප්‍රල්ව ජනාධිපති ආරක්ෂක අංශයේ පෙර කී සාජන්ට් නිශ්ශංකට බාර දී තිබේ.
ඉන්පසු සාජන්ට් නිශ්ශංක තම දුරකථනයෙන් කිසිවෙකුට කතා කරනු දක්නට ලැබී ඇති අතර පසුව සොයා බැලීමේදී දැන ගන්නට තිබුනේ ඔහු කතා කර ඇත්තේ ජනාධිපති ආරක්ෂාව බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහට බවයි. ඉන්පසුව එස්ටීඑෆ් භටයන් විසින් ‘කෝ අපි බාර දුන් කෙනා‘ යැයි පීඑස්ඩීයෙන් විමසූ විට දැන ගන්නට ලැබෙන්නේ ඔහු නිදහස් කර යැවූ බවයි.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට කිසිදු කොමාන්ඩෝ සෙබලෙක් අනුයුක්ත කර නැත. මොහු මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක කණ්ඩායමේ භටයෙකි. මහින්ද රාජපක්ෂ එදින අඟුණකොල පැලැස්ස උත්සවයට සහභාගී වූයේද නැත.
මේ සිදුවීම පැහැදිලිවම ජනාධිපතිවරයාගේ ආරක්ෂාව බරපතල ලෙස බිඳ වැටීමකි. ඊට දින දෙකකට පසු ජනාධිපතිවරයා 19 වන සංශෝධනය ගෙන ඒමට සූදානම් සිටියේය. ඊට පෙර ඔහු ඝාතනය කර යලි රජ වීමට රාජපක්ෂලා කළ මේ කුමන්ත්‍රණයට උඩ ගෙඩි දුන් ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ කෙරෙහි පොලිස්පතිවරයා දක්වන විශේෂත්වය නිසා ඔහුගෙන් අද දක්වා ප්‍රශ්ණ කර නැත. අඩුම ගණනේ වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු විනය පරීක්ෂණයක් හෝ කැඳවා නැත.
නියමිත පරිදි නම් ජ්‍යෙ.නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ වගකීම් පැහැර හැරිය තම තනතුරින් ඉල්ලා අස්විය යුතුය. ඒ වෙනුවට ඔහු මාධ්‍ය ආයතන ප්‍රධානීන් අල්ලා ගනිමින් තමන්ට එරෙහිව මේ සම්බන්ධයෙන් ප්‍රවෘත්ති නොලියන ලෙස ඇවිටිලි කරමින් සිටී.
තමන්ට එරෙහිව ප්‍රවෘත්ති පල නොකරන ලෙස ලංකා ඊ නිව්ස් හිතවතුන් ලවා එහි කතුවරයාටද බලපෑම් කළ එස්.එම්. වික්‍රමසිංහගෙන් ලංකා ඊ නිව්ස් හිතවෙතෙක් අපූරු ප්‍රශ්නයක් අසා තිබේ. ජනාධිපති මෛත්‍රී පසුගියදා හෙම්බිරිස්සාව අධික වී ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයා හමුවීමටත් පෙර එය මැදමූලන මහින්ද රාජපක්ෂ දැනගත්තේ කෙසේද ? එම මැදමූලනට කිව්වේ තමන් නොවේද ? කියා ය. එස්.එම් වික්‍රමසිංහ නිරුත්තර විය.
ජනතාවට වටින්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ ජීවිතය මිස කුප්පිදු ඩබල්ගේම් කාර සීනියර් ඩීඅයිජී පෙන්දෙක්ගේ තනතුර නොවන බව යලි යලිත් අවධාරණය කළ යුතුය.
මේ සම්බන්ධ අනෙක් පුවත් :
රාජපක්ෂලාගේ බලකොටුවේදී ජනාධිපතිවරයා ඝාතන තැතක්.! නාමල්ගේ බොඩිගාඩ් ගිනි අවියක් සමග මෛත්‍රීට කිට්ටු කරලා..!! (2015 අප්‍රෙල් 25)
මෛත්‍රී ඝාතන තැතට පෙර මහින්දට කට වැරදිලා..! ජනාධිපති ආරක්ෂක වළල්ල බින්ද කෝප්‍රල් සහ ගිනි අවිය තවමත් අත් අඩංගුවට ගෙන නෑ - විශේෂඥ විමර්ශනය මෙන්න (2015 අප්‍රෙල් 29)