ජනාධිපති සමාවක් සඳහා වන යෝජනාවකට විරුද්ධ
ජනාධිපති සමාවක් හිමිවීම සඳහා කිසියම් පාර්ශවයකින් ඉදිරිපත් වන යෝජනාවකට තමාගේ විරුද්ධත්වයක් නොමැති බව සරත් ෆොන්සේකා මහතා ප්‍රකාශ කර තිබේ.
එහෙත් ෆොන්සේකා මහතා හෝ ඔහුගේ පවුලේ කිසිවෙකුත් ඒ සම්බන්ධයෙන් කිසිදු යෝජනාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා නොකරන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේය.
ෆොන්සේකා මහතා හමුවීම සඳහා බන්ධනාගාරය වෙත පැමිණි තිස්ස අත්තනායක මහතා ඔහු හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.
විපක්ෂ නායකවරයා විසින් සිදුකරන අදාළ ඉල්ලීම ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීමේ කටයුත්ත ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණිස්සර ස්වාමීන් වහන්සේ විසින් සිදුකිරීමට මේ වන විට එකඟතාව පළව ඇති බව අත්තනායක මහතා පැවසුවේය.
AD