ජනාධිපති_පුතයාට

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,010
    10,566
    113
    ජනාධිපති_පුතයාට

    මහජන මුදල් ගසා කෑ ජනාධිපති පුතයාට කෝටි 54 ක දඩයක් හා වසර 3 ක සිර දඬුවම්


    1-Teodoro_Nguema.jpg




    තම රටේ මහජන මුදල් ගසා කමින් විශාල ධනයක් තමා සතු කර ගත් ජනාධිපති පුතෙකුට ඔහු සතු යුරෝ කෝටි ගණනක දේපල රාජ සන්තක කරමින් තුන් වසරක සිර දඬුවම් ලැබිණ.

    අවාසනාවකට මොහු ලංකාවේ ජනාධිපති පුතෙක් නොවූ අතර මොහු අප්‍රිකානු රාජ්‍යයක් වන ගිනී රාජ්‍යයේ ජනාධිපති පුතයා ය.

    මොහු අන් කවරෙක් හෝ නොව අප්‍රිකානු කලාපයේ වැඩිම කාලයක් රටක් යටත් කරගෙන සිටින පාලකයා වන එනම් 1979 සිට ගිනී රාජ්‍යය පාලනය කරන වත්මන් ජනාධිපති තියෝඩොර් ඔබියන්ග් එන්ගියුමා එම්බාසොගෝ එකම පුත් 49 හැවිරිදි තියොඩෝරෝ එන්ගියුමා ඔබියන්ග් ය. ජනාධිපති තාත්තා තම පුතාව මීට වසර දෙකකට පෙර දෙවන උප ජනාධිපති ලෙස පත් කළ අතර ඊට පෙර කෘෂිකර්ම හා වන සම්පත් ඇමති ලෙස කටයුතු කළේය.

    මේ ජනාධිපති පුතයාට එරෙහිව ප්‍රංශ අධිකරනය ඉදිරියේ පැවති නඩුවක් පසුගිය සතියේ සිකුරාදා (27) අවසන් කරමින් බරපතල වැඩ සහිත තුන් වසරක සිර දඬුවමක්ද යුරෝ මිලියන 30ක් (රුපියල් කෝටි 54 ) ක දඩයක්ද ප්‍රංශය තුල ඔහු සතු යුරෝ මිලියන 130 ක බැංකු ගිනුම් හා දේපලද රාජ සන්තක කළේය. මේ නඩු විභාගයට ජනාධිපති පුතයා පෙනී නොසිටි නමුත් නීතිඥයෙකු පෙනී සිටියේ ය.

    ගිනි රාජ්‍යය යනු 1968 දී ස්පාඤඤයෙන් නිදහස ලබා ගත් මධ්‍යම අප්‍රිකාවේ උතුරින් කැමරූන් හා දකුණින් ගැබොන් රාජ්‍යයට මායිම්ව වර්ග කි:මී: 28,000 ක් විශාල අප්‍රිකාවේ බටහිර සීමාවෙන් අත්ලන්තික් සාගරයට මායිම්ව පිහිටි බොර තෙල්, ගෑස්, මෙතනෝල් ගෑස්, කොකෝවා හා දැව සම්පතින් පිරුනු රටකි. ස්පාඤ්ඤ, ප්‍රංශ, පෘතුගීසි ප්‍රධාන භාෂාවන් වු මලාබෝ අගනගරය ලෙස සැලකෙන අප්‍රිකාවේ තුන්වන බොර තෙල් නිශ්පාදනය කරන රට වන අතර දිනකට බැරල් 360,000 ක ධාරිතාවයක් ඇත්තේය. තෙල් නිපදවන රටක් වුවද ගිනි රාජ්‍යය ඉන්නේ මානව සංවර්ධන දර්ශකයට අනුව රටවල් 188 ක් අතුරින් 138 වෙනි ස්ථානයේ ය. ඒ අන් කිසිදු හේතුවක් නිසා නොව අප්පා පුතාලා දීර්ඝ කාලයක් තිස්සේ රටේ මහජන දේපොල ප්‍රකෝටි ගණනින් තමන්ගේ සාක්කු වල දමා ගැනීමේ මහිමය හේතුවෙනි.

    කෙසේ නමුදු ගිනී රටේ මහජන මුදල් අවභාවිතයේ හා දූෂණයට ලක්වී ඇති බවට ජාත්‍යයන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනය විසින් කළ පැමිණිල්ලක් හේතු කොට හේග් නුවර ජාත්‍යයන්තර අධිකරණයේ හා ප්‍රංශයේ ඉහල අධිකරණයේ නඩු විභාගයක් වසර 2016 දී ආරම්භවූ අතර ප්‍රංශයේ ඉහළ අධිකරණ නියෝගයක් මත ජනාධිපති පුතයා එන්ගියුමා ඔබියන්ග්ට හිමි ප්‍රංශයේ වත්කම් ගැන පරීක්ෂණ ඇරඹීය. එහි ප්‍රථීපලයක් ලෙස පැරීසියේ ඉතාම මිල අධික ප්‍රදේශයක්වූ පැරිස් කළාප අංක 16 හී රත්තරන් ආලේප කළ නාන කාමරයක්, සිනමා ශාලාවක්, ව්‍යායාම් ශාලාවක්, ඩිස්කො ශාලාවක්, උණු වතුර සම්භාහන තටාකයක්, සැලූන් එකක් ඇතුලත් යුරෝ මිලියන 107 ක් (රුපියල් කෝටි 1150 ක් පමණ ) වටිනා නිවසක්ද, පැරිස් කළාප අංක 16 හි පිහිටි වර්ග මීටර 4000 ක් විශාල හෝටල් මන්දිරයක ඔහුටම වෙන් කළ අති සුඛෝපබෝගී කාමරයක්ද සොයා ගැනීමට හැකිවී තිබිණ. වසර 2004 හා 2011 අතර යුරෝ මිලියන 130 ක මුදලක් ප්‍රංශයේ හා ස්විස් බැංකු වලට බැර කර ඇති බව ද සාක්ෂි සහිතව සොයා ගත්තේ ය.

    මේ ජනාධිපති පුතයා ද අපේ ජනාධිපති පුත්තු සේම සුඛෝපබෝගී කාර් වලට ලොල් වුවෙකි. එය සනාථ කරමින් පැරිස් කළාප අංක 16 හි පිහිටි ඇවනිව් ෆෝස් නමින් හඳුන්වන මාවත අද්දර භූගත වාහන රථ ගාලක ඔහුට අයත් බෙන්ට්ලි, රෝල් රොයිස් පැන්තම්, බෙන්ට්ලි අෂූර්, ෆෙරාරි 590 ජී.ටි.ඕ, ෆෝෂේ කරේරා 980 ජී.ටි, බුගාටි වෙර්යොන්, මැසරාටි එම්.සී 12, මර්සිඩීස් බෙන්ස් මේබැච් 62, යන අති සුඛෝපබෝගී කාර් සමග වාහන 11 ක් සොයා ගැනීමට හැකිවී තිබිණ. පැරීසියේ පිහිටි ඇවනිව් ෆෝස් නමින් හඳුන්වන මාවත දෙපස ධන කුවේරයන් ජීවත් වන ඔවුන්ට හිමි නිවාස ඇති මාවතක් ලෙස ලෝක ප්‍රසිද්ධය.

    ගිනි ජනාධිපති පුතයා ද ලංකාවේ ජනාධිපති පුත්තු සේම අවිවාහක නමුත් එක් එක් පෙම්වතියන් සමග ලෝකය වටා සංචාරය කරමින් අති විශාල මුදලක් වියදම් කරන්නෙකි. පසුගිය කාලයේ ඇමෙරිකානු රූපවාහිණී සුරූපි නිළියක් වූ ෆෝර්ශා විලියම්ස් සමග ඇසුරක් පවත්වා ගෙන සිටි ඔහු වර්තමානයේ ක්‍රිස්ටිනා මිකෙල්සන් නම් සුරූපි ඩෙන්මාර්ක් ජාතික තරුණියක් සමග ගැරඬියන් ගැටය ගසමින් සිටී.

    ගිනි පුතයාට අමතරව කොන්ගෝ රාජ්‍යයේ ජනාධිපති ඩෙනිස් සාසූ එන්ගියුසෝ හා ගැබොන් රාජ්‍යයේ ජනාධිපති ඔමාර් බොන්ගෝට එරෙහිවද මහජන මුදල් වංචා කිරීම හේතු කොට ප්‍රංශ අධිකරණයේ පරීක්ෂණ ආරම්භ වීමට නියමිතය. ඉහත ජනාධිපති වරුන්ට අයත් ගොඩනැගිලි බොහෝමයක් ප්‍රංශයෙන් සොයා ගෙන ඇති අතර ඒවා අනුපිලිවෙලින් කොන්ගෝ ජනාධිපතිට අයත් ගොඩනැගිලි 17 ක් හා ගැබොන් ලොක්කාට අයත් ගොඩනැගිලි 35ක් ලෙස හඳුනා ගෙන ඇත්තේය. මේ සියලූ දෙනාගේ වත්කම් වෙනුවෙන් ප්‍රංශ නීතිඥ කන්ඩායම් ඉදිරිපත්වී ඇතත් බොහෝ විට එම වත්කම්ද ගිනි පුතයාගේ සේම රාජසන්තක වීමේ ඉඩ කඩ පවතී.

    ඉහත මහජන මුදල් වංචාවන් ගැන තොරතුරු සොයා ඉදිරිපත් කිරීමට මුල් වූ ජාත්‍යයන්තර ට්‍රාන්ස්පේරන්සි ආයතනයට යහපාලනය ගැන උනන්දු වන සැවොම ස්තූතිය පළ කළ යුතු නමුත් ඔවුන් පවා ලංකාවේ පුතයලා ගැන නිසියාකාර ලෙස කටයුතු කළාදැයි ඇත්තේ ප්‍රශ්නයකි.

    හිටපු ජනාධිපති සහ පිරිවර සේම වර්තමාන ජනාධිපති ද ජාත්‍යන්තර අධිකරණ වලට බය ඇයි දැයි මේ සිද්ධියෙන් ලංකාවේ ජනතාවට මනා වැටහීමක් ලැබිය යුතුය.


    2-Teodoro_Nguema.jpg
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    මේ අතර 2018 පළාත්සභා ඡන්දයට දින කිහිපයකට පෙරදී ලන්කාවෙ හිටපු ජනාදිපති පුත්‍රයෙකුට අයත් රත්තරන් අශ්වයෙකු , යුනිකෝන් සතෙකු හා ලැම්බෝගිනි හූරාකෑම් රථයක් තසීම් වාජුඩීන් ගේ මිනී වලෙන් මතුවේ:dull:
     
    • Like
    Reactions: hi.dushan and vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,934
    1
    12,240
    113
    අදාළ නෑ නේ
    මේ අතර 2018 පළාත්සභා ඡන්දයට දින කිහිපයකට පෙරදී ලන්කාවෙ හිටපු ජනාදිපති පුත්‍රයෙකුට අයත් රත්තරන් අශ්වයෙකු , යුනිකෝන් සතෙකු හා ලැම්බෝගිනි හූරාකෑම් රථයක් තසීම් වාජුඩීන් ගේ මිනී වලෙන් මතුවේ:dull:

    :baffled::baffled::baffled:
    :lol::lol::lol:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    හිටපු ජනාධිපති සහ පිරිවර සේම වර්තමාන ජනාධිපති ද ජාත්‍යන්තර අධිකරණ වලට බය ඇයි දැයි මේ සිද්ධියෙන් ලංකාවේ ජනතාවට මනා වැටහීමක් ලැබිය යුතුය.
     
    • Like
    Reactions: hi.dushan

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    හිටපු ජනාධිපති සහ පිරිවර සේම වර්තමාන ජනාධිපති ද ජාත්‍යන්තර අධිකරණ වලට බය ඇයි දැයි මේ සිද්ධියෙන් ලංකාවේ ජනතාවට මනා වැටහීමක් ලැබිය යුතුය
     
    • Like
    Reactions: hi.dushan