ජනාධිපති_හිටං_කියන්නේ ඇයි?

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ජනාධිපති_හිටං_කියන්නේ ඇයි?

    0001-2.jpg



    ජනාධිපති තුමා කතා කරන විට 'හිටං' කියන්නේ ඇයි?


    දේශපාලනික කරුණු වලට අමතරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු ජනතාවගේ අවධානයට ලක්ව ඇති හේතු කාරණා කිහිපයක් ඇත. නිසැක ලෙසම ඉන් මුල් තැන ගනුයේ ඔහු විසින් කථා ව්‍යවහාරයේ දී යොදනු ලබන 'හිටං' යන වදනය.

    තම පෞද්ගලික කතා ව්‍යවහාරයේ දී සේම වසර 28 ක පාර්ලිමේන්තු දේශපාලනික කතා ව්‍යවහාරයේ දී ද ඔහු විසින් යොදා ගන්නා ලද මේ 'හිටං' යන වදන සමාජ කරළියට පිවිසෙන ලද්දේ ඒ මහතා ගේ ජනාධිපති පදවි ප්‍රාප්තියත් සමඟිනි මෛත්‍රීපාල සිරිසේන නාමය මේ 'හිටං' යන වදනත් සමඟම කොතෙක් සහ සම්බන්ධ වී තිබේද යත් ඇතැම් සමාජ ජාලා වෙබ් අඩවි වලින් ඔහු 'හිටං සි‍රිසේන' යනුවෙන් හඳුන්වා ඇති අවස්ථාද අපි දැක ඇත්තෙමු.

    එහෙත් මේ 'හිටං' කතාවේ සුල මුල පිළිබඳව මෙතෙක් විධිමත් අනාවරණයක් සිදුවී ඇති බවක් නොපෙනේ.

    'හිටං' යනු කිසියම් වාක්‍යක් අවසානයේ හෝ මධ්‍යයට යෙදෙන විරාම වාචකයකි. කිසියම් කථාවක් කරන අතරේ නිශ්චිත අදහසක් පළවන වැකියක් අවසන් වූ පසු හෝ එහි සමාප්තිය හඟවනු පිණිස හෝ විරාමයක් හඟවනු පිණිස 'හිටං' කියා යෙදීමත් ඇතැම් ප්‍රදේශ වල ගැමි වහරේ දක්නට ඇත. ඇතැම් ප්‍රදේශ වල මේ 'හිටං' යන්න 'ඉඳං' යනුවෙන් පැවසෙන බවද නොරහසකි. මෙහි අරුත වන්නේ සිට ගැනීම ඉඳ ගැනීම වුවද මෙහිදී එය පැවසෙනුයේ තම අදහසට යම් ස්ථාවරත්වයක් ලබා දීම පිණිසය.

    ඇතැම් ප්‍රදේශයක 'මම මිනිහට කිව්වා හිටං' යනුවෙන් යම් කිසි වාක්‍යයක් හමාර කරන විට, තවත් ප්‍රදේශයක ගැමියෙක් 'මම මිනිහට කිව්වා ඉඳං' යනුවෙන් පවසනු අසන්නට පුළුවන.

    මේ අතර තවත් ප්‍රදේශ වල මේ 'ඉඳං' යන්න වෙනුවට 'ඉඳගෙන' යන වචනයද පැවසෙනු අසන්නට ඇත.

    එවිට ඒ පුද්ගලයා පවසනුයේ 'මම මිනිහට කිව්වා ඉඳගෙන' යනුවෙනි. මෙම ඉඳගෙන යන්නද වාක්‍යයක් අවසානයට සේම වාක්‍ය කණ්ඩයක් අතරතුර යෙදෙන අවස්ථා ද තිබේ.

    ජනාධිපතිවරයාගේ මේ 'හිටං' කතාව උපහාසයට නංවන එක්තරා නූතන ප්‍රබන්ධ කතාවක් මෙසේය.

    වරක් විදේශ සංචාරයක යෙදුණු ජනාධිපති මෛත්‍රීපාල සි‍රිසේන මහතා සිංහලයෙන් එම සභා වාරය ඇමතීය. එහිදී ඔහුට සුපුරුදු ලෙස කිහිපවරක්ම 'හිටං' යන වදන කියවිණි. එහිදී එම කතාව ඉංග්‍රීසියට පරිවර්තනය කළ පරිවර්තකයා එහ 'හිටං' යන්න 'Stand' යනුවෙන් ඉංග්‍රීසියට නඟා සභාවට ඉදිරිපත් කරන ලදී.

    සිංහල බසේ පමණක් නොව ඉංග්‍රීසි බසෙහිද විවිධ ජාතික සංස්කෘතික අනන්‍යතාවයන් අඟවන මෙවන් වදන් ඇතුලත් වී තිබේ. බාහිර පුද්ගලයන්ට ඒවායෙන් නිසි අරුතක් පළ නොවුවද එම ජාතික සංස්කෘතික සන්දර්භය තුළ සිටින්නවුන්ට ඒවා ද ඉංග්‍රීසි‍යේම කොටසකි.

    ඒ කෙසේ හෝ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිතර යොදන මේ 'හිටං' යන වදන ඔහු ජන්ම ලාභය ලැබූ වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ එනම් සියනෑ, හාපිටිගම් සහ අළුත්කූරු කෝරළ වල බහුලව යෙදුණු වදනකි. නමුත් නූතන පරපුර අතින් මෙම ව්‍යවහාරය ගිලිහී ගොස් ඇත.

    ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතා ද වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයට හා හාපිටිගම් කෝරළයට අයත් අඹේපුස්ස බෝතලේ වලව්වේ උපත ලැබූවෙකි. ඔහුගේ වාග් ව්‍යවහාරය තුළ මෙම 'හිටං' යන්න කෙතරම් සුලබ ලෙස යෙදී තිබේද යන්න මේ වී‍ඩියෝව නරඹන ඔබට මනාව පසක් වනු ඇත.

    මෙහි විනාඩි 05 යි තත්ත්පර 17 ක කාල සීමාව තුළ කරනු ලබන කතාවකදී ඔහු 20 වාරයක් 'හිටං' යන වදන පවසා තිබේ.

    කෙසේනමුත් නූතන පරපුර අතින් බැහැරව ගිය මෙම පැරණි ජනයෙදුමට රාජ්‍ය හා ජාතික මට්ටමේ ප්‍රසිද්ධියක් ලබා දීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අප ස්තූතිවන්ත විය යුතුය.






    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න


    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කතාවෙන් නම් ඇති වැඩක් නැ..ක්‍රියාවවත් තිබ්බ නම් පල් වෙන්නෙ නැ මනුස්සය...
     

    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    කැමති නම් මටත් රේප්++ ටිකක් දෙන්න

    what a pathetic beggar
    :lol:
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,898
    113
    රජරට
    අපෙත් ඉන්නව බං එකෙක් කතාව අතරතුර ‘‘බේරිලා’’ කියල කියන. එ් කියන්නේ ඉවරවෙලා වගේ තේරුමක් දෙන්නෙ. මෙන්න මෙහෙම ‘‘අපි එහාට ගිහිං බේරිලා’’.
     
    • Like
    Reactions: Oli_Vili