ජන. 8 වෙනිදාට පමණක් නොවේ..

CJ-lion

Junior member
  • Oct 17, 2014
    262
    21
    18
    ජන. 8 වෙනිදාට පමණක් නොවේ..

    නොදන්නා අවස්තාවාදී සුරදුතයින්ගෙන් ප්‍රවේශම් වීම කාලයේ අවශ්‍යතාවයයි...මන්ද අවස්තාවාදයේ ප්‍රතිපල ත්‍රස්තවාදයටත් වඩා හයානක වන බැවිනි..

    මාගේ දැනුමේ හැටියට දේශපාලන ලෝකයේ පුද්ගලයින් වර්ග 03 කි.

    1 වැනි කොටස : කිසිවක් ආපසු බලාපොරොත්තු නොවී ලෝකය වෙනුවෙන් කැපවෙන මිනිසුන්.

    2 වැනි කොටස : ලෝකයට යමක් කර ඒ තුලින් තමන්ද යමක් හම්බ කරගන්නා පිරිස.

    3 වැනි කොටස : ලෝකයට කරන්නාක් මෙන් පෙන්නමින් තමන්ට පමණක් කරගන්නා පිරිස.(අද වැඩිම පිරිස මෙතනට අයත්ය.)

    ශ්‍රී ලාංකික අපගේ අවාසනාවට ඉහත පළමුවැනි කොටසට අයත් දේශපාලකයන් අපි ඉපදීමට පෙරම මෙරටින් වඳවී ඇති බව මාගේ හැඟීමවෙයි.ඉතිරව ඇති පාලකයින්ගෙන් බහුතරය වන්නේ ඉහත තෙවැනි කොටසට වන අතර දෙවැනි කොටසට අයත්වන කිහිපදෙනෙක් වර්තමාන දේශපාලනයේ වෙති.


    එමනිසා අපගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේදී පළමු කොටස හෙවත් පිරිසුදු දේශපාලනයේ යෙදෙන " මහාත්මාවරුන්" සෙවීමට කාලය වැය කිරීම අනුවන කමක් වන අතර ඉතිරි කොටස අතරින් දෙවන කොටසට අයත් වන්නන් සොයා ඔවුන්ට අවස්ථාව උදාකරදීම නුවණැති ක්‍රියාව වේ..

    මෙහිදී එම කොටස සොයා ගැනීමේ නිවැරදි තීරණය ගැනීමට නම් අපගේ හදවත නොව ඔවුන්ගේ අතීතයේ කල නොකළ දේත්, වර්තමාන ප්‍රතිපත්ති හා අහිලාෂයන්ගේ විනිවිදහාවයත් , ඔවුන් හා පෙළගැසී ඇති කොටස්වල මතුපිටින් පෙනෙන හා සැගවුණු බලාපොරොත්තු සලකා බැලීම වටිනා බව සිතේ.

    අත්දැකීමෙන්ම දන්නා, අපගේ අතීත තීරණ නිසා අපගේ වර්තමානය තීරනයවන බවත් , වර්තමාන ක්‍රියා හා තීරණ මත අනාගතය තීරණය වන බවත් යන ලෝක ධර්මතාවය තේරුම්ගෙන කාලයේ අවශ්‍යතාවට ඉඩදීම අප අපේ අනාගත පරපුරට කරන වටිනාම ආයෝජනයයි...

    එමනිසා එළඹ ඇති අවස්තාවේදී අපට මවාපාන නොපෙනෙන හා නොපැහැදිලි වෙනස් කමක් කිරීමට අවශ්‍යද නැද්ද යන්න තීරණය කිරීමත් ; අති මහත් දුෂ්කරතාවයෙන් ලබාගත් දේ රැක ගැනීමත් ඒ මතින් නැගී සිටීමත් යන කරුණු දෙක මනසින් විනිවිඳ තීරණය කිරීම අපසතු වගකීම වී ඇත.වාසනාවට හෝ අවාසනාවට එම අවස්තාවන් දෙක පමණක් තෝරාගැනීමට අප හට ඉතිරිව ඇති නිසා..

    මෙහිදී මානව ශිෂ්ටාචාරය තුල මෙතෙක් 100% දුෂණයෙන් තොරවුත් , සාධාරණත්වයෙන් යුතුවුත් හා ශිෂ්ටත්වයෙන් යුතු වුත් සමාජ බිහිවී නොමැති බවත් එවැනි යමක් වර්තමාන ලෝකයෙන් හෝ ශ්‍රී ලාංකික දේශපාලනයෙන් වත් හීනෙන්වත් නොපැතිය යුතු බවත් සිතට ගැනීම අප විසින් කළයුත්ත ලෙස දකිමි.



    අවසාන ලෙස "සිහින දකින්න නමුත් ඔබව හා ඔබගේ තීරණයන් පාලනය කිරීමට සිහිනවලට ඉඩ නොදී යතාර්ථවාදී වන්න, වෙනස් වන්න නමුත් හැඟීම් හෝ අවස්ථාවට අනුව නොව ඒ තුලින් අත්විදීමට සිදුවියහැකි ප්‍රතිපලයන් මනා ලෙස දැනගෙන. "[/I
    ]

    මැද මාවතේ යන ඒමත ඇවිද යාමට ඔබටත් ඇරයුම් කරන "මධ්‍යස්ථ මතධාරියා".. විසිනි.(උපුටා ගැනීම්ද ඇතුලත් වේ/භාවිත කර ඇති වර්ණ දේශපාලන මත පිළිබිඹු නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න.)
    ( අනතවාදී නොවන සංවාදයට)