බොස්නියා ජනඝාතක ම්ලැදිච් ජීවිතාන්තය දක්වා සිරගෙදරට
හිටපු හමුදා නිලධාරී රච්කෝ ම්ලැදිච් ( Ratko Mladic ) විසින් 1992 සිට 1995 දක්වා බොස්නියානු යුධ සමයේ කරන ලද ජන සංහාර චෝදනාවලට වරදකරු වන බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් තීන්දු කරනු ලැබුණි. ඔහු විසින් සිදු කරනලද ජනසංහාර වෙනුවෙන් ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වී ඇත. මේ වන විට රච්කෝ ම්ලැදිච් 74 වියෙහි පසුවෙයි.
1992 සිට 1995 දක්වා 100,000 ට අධික ප්‍රමාණයක් ඝාතනය කර මිලියන 2.2 ප්‍රමාණයක් අතුරු දහන් කිරීමේ චෝදනාවලට ඔහු වරදකරු විය. වරක් ඔහු විසින් 1995 වසරේ ස්‍රෙබ්‍රෙනිට්සා නගරයේදී කුඩා ළමුන් ඇතුළුව පුරුෂයින් හත් දහසකට අධික ප්‍රමාණයක් ඝාතනය කරනු ලැබවීය. තවද සරෙයේවෝ නගරයේ කරනලද හමුදා වැටලීමකදී පුද්ගලයින් දස දහසකට අධික සංඛ්‍යාවක් මරා දැමීය. මෙවැනි ඝාතන දෙවන ලෝක යුධ සමයේ කරනලද නාසි ජන සංහාර වලට සමාන දෙවන ජන සංහාර ලෙස සැලකේ.
අතුරුදහන් වුවන්ගේ සහ ඝාතනයට ලක්වූ අයගේ චයරුප කිහිපයක් ප්‍රදර්ශනයට තබා ඇති අයුරු.
රච්කෝ ම්ලැදිච්ගේ නීතීඥ කණ්ඩායම විසින් ඔහුගේ සෞඛ්‍ය හේතු සලකමින් නඩු විභාගය නතර කරන ලෙස ඉල්ලා සිටියත් උසාවිය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. අධිකරණය විසින් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමගම රච්කෝ විසින් විනිසුරුවන්ට බැන වදින්නට පටන් ගැනීම නිසා ඔහුව අධිකරණ ශාලාවෙන් ඉවත් කරනු ලැබීය. ඔහු විසින් සිදුකරන ලද මෙම අපරාධ සැලකිල්ලට ගනිමින් අධිකරණය විසින් ඔහුට අවසන් තීන්දුව ලෙස ජීවිතාන්තය දක්වා සිරදඬුවමකට යටත් කරනු ලැබීය.
1992 – 1995 හමුදා නිලධාරී රච්කෝ ම්ලැදිච් ( Ratko Mladic )
රච්කෝ ම්ලැදිච් විසින් සිදු කරන ලද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයේ නඩු විභාග ආරම්භ කරන ලද්දේ 2012 වර්ෂයේ සිටය. 1995 දී බොස්නියානු යුද්ධය අවසන් වීමෙන් පසුව රච්කෝ සර්බියාවේ රහසිගත ජිවිතයක් ගත කළේය. ඒවන විට ඔහු විසින් සිදු කරනලද ජන සංහාර වලට එරහිව චෝදනා ගොනු කර තිබුණ ද රච්කෝ විසින් වසර 16 ක් අධිකරණය මග හරිමින් සිටියේය. පසුව 2011 වසරේ සර්බියාවේ ඥාති සොහොයුරෙකුගේ නිවසක දී ඔහු අත්අඩංගුවට පත්විය.
අධිකරණ භූමියෙන් පිටත රැඳීසිටිමින් රච්කෝ ම්ලැදිච් හට විරෝධතාවය පළකරමින්.
ස්‍රෙබ්‍රෙනිකා නගරයේ අනුස්මරණ මධ්‍යස්ථානයක් වෙත රැස්වූ ඝාතනයට ලක්වූවන්ගේ හිත මිත්‍රාදීන් සහ ඥාතීන් විසින් ලබා දෙනු ලැබූ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරන අවස්ථාව නැරඹුහ. තවද ඝාතනයට හා අතුරුදහන් කිරීම්වලට ලක්වූ අයගේ චායාරූප අතැතිව විශාල පිරිසක් අධිකාර භුමියේ රැඳී සිටිනු දක්නට ලැබුණි.
නඩු තීන්දුවේ ප්‍රකාශය සඳහා පහත ඇති වීඩියෝ එක නරඹන්න.
උපුටා ගැනීම ලෝක පුවත් සේවයෙන් www.lokapuwath.com