ඒ ජපානේ. මේ ලංකාවනේ. දැන් ලංකාවේ අධ්යාපනේ ගැන කිව්වම ඒක ෆින්ලන්තේ, නැත්නම් ජපානේ වගේ වෙන්න ඕනලු. සමාජ සේවා ගැන ගත්තම ඒක ස්කැන්ඩිනේවියානු රටවල් වගේ වෙන්න ඕනලු. පාර ගත්තම ඒවා ඩුබායි වගේ ඕනලු. එහෙම වෙන්න මෙහේ එහේ වගේ නෙවෙයිනේ. ලෝකේ එක එක රටවල තියෙන තමන්ට වාසි එක අරගෙන ඒක මෙහෙ නෑ කියලා වැළලිලා වැඩක් නෑ.