ජපන් තව සමාගමක් අකුලාන යයි

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙරට ආර්ථික වාතාවරණය වෙනස් වීමත් සමඟ මිට්සුබිෂි සමාගම තම ශ්‍රී ලංකාවේ කාර්යාලය වසා දැමීමට තීරණය කළා මෙන් ජපාන තායිසෙයි සමාගමද තම ගිවිසුම් අවලංගු කිරීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග උපුටා දක්වමින් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පුළුල් කිරීමේ දෙවන අදියර සඳහා සිව්මහල් මගී පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදිකිරීමට සහ අනෙකුත් ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් 2020 වසරේදී ජපාන යෙන් බිලියන 62 ක කොන්ත්‍රාත් ගිවිසුමක් ජපාන තායිසෙයි ඉංජිනේරු සමාගමට හිමිවූ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

    ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය උඝ්‍ර වෙත්ම ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ක්‍රියාකරු වන ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගම වෙත ණය ලබා දීම අත් හිටුවීම හේතුවෙන් ව්‍යාපෘතිය අඩපණ වූ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

    ඒ හේතුවෙන් ව්‍යාපෘතියෙන් ඉවත් වීමට තායිසෙයි ඉංජිනේරු සමාගම ගුවන් තොටුපළ ක්‍රියාකරු සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් ව්‍යාපෘතිය ඈවර කිරීමට එම සමාගම තීරණය කර ඇති බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.ඔවුන් මෙම ව්‍යාපෘතිය පාඩු ලැබූ ව්‍යාපෘතියක් ලෙස නම් කර ඇති බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

    මේ පිළිබඳ තායිසෙයි සමාගමෙන් කළ විමසීමකදී තනි ව්‍යාපෘති පිළිබඳ අදහස් ප්‍රකාශ කළ නොහැකි බව පවසා ඇත.

    ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉදිකිරීම් කටයුතු සඳහා මූල්‍ය සහාය ලබා නොදීමට තීරණය කර නොමැති නමුත් තායිසෙයි සමාගම ව්‍යාපෘතිය ඈවර කිරීමට තීරණය කිරීම හේතුවෙන් එම ව්‍යාපෘතිය භාර දීම සඳහා තවත් සමාගමක් සොයා ගැනීමට ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයට සිදුවනු ඇතැයි නිකෙයි ඒෂියා වෙබ් අඩවිය වාර්තා කර ඇත.

    චීන සමාගමක් මෙම ව්‍යාපෘතිය සඳහා උනන්දු බව ශ්‍රී ලංකා මාධ්‍ය වාර්තා කර තිබූ නමුත් ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය ණය මුදල ලබා දී තිබෙන්නේ ජපාන සමාගම් ඉදිකිරීම් කටයුතු සඳහා සහභාගී විය යුතුය යන කොන්දේසිය මත බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.

    එසේම මාර්තු මස අවසානයේ වසා දමන මෙරට මිට්සුබිෂි සමාගමේ කාර්යාලය මෙරට තොරතුරු කළමනාකරණය කරමින් ජපානයේ මවු සමාගම සහ ශ්‍රී ලංකාව අතර සම්බන්ධතාවය පවත්වා ගෙන යාමට කටයුතු කළ බවත් ශ්‍රී ලංකාවේ විදුලි බලාගාරවල ඉදිකිරීම් ,ඉංජිනේරු සහ ප්‍රසම්පාදන කටයුතු භාරව ක්‍රියා කළ බවත් නිකෙයි ඒෂියා වෙබ් අඩවිය සඳහන් කර ඇත.

    එසේම ශ්‍රී ලංකාවේ වානේ සහ රසායනික නිෂ්පාදන වෙළඳ අංශයේද මිට්සුබිෂි සමාගමේ මෙරට කාර්යාලය කටයුතු කළ බව නිකෙයි ඒෂියා වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    0xM9GAC.jpg
     

    Sen-lu

    Well-known member
  • දේශපාලනේ නම් වැඩක් නැ
    ඒ උනාට මේ වගේ අමාරු වෙලාවක උනත් මහින්දලා ගේමක් ගහලා ඔය වගේ සමාගම් තියාගන්නවා
    රනිලා හරකා.
    පටංගත්ත දෙයක් ඉවරනොකර මාස කීපයක අමාරුවගැන හිතල කාටහරි පුප දෙන්නයන නිවට මිනිස්සුන්ට හොඳවැඩේ
     
    • Haha
    Reactions: HAneo

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    මූ වගේ comitel පොරක් ආරක්ෂක ලේකම් හිටියා කියලා මතක් වෙද්දි දැන් බය හිතෙනව. ඇති යකෝ අපි බේරිලා ඉන්න එක. 😁
    සරත් ෆොන්සේකා හිටියා නේ. කොහොම වුනත් ටීම් එකක් මිසක් එකෙක් පොරක් වෙලා ගොඩයන්න බෑ කොහෙවත්..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මූ වගේ comitel පොරක් ආරක්ෂක ලේකම් හිටියා කියලා මතක් වෙද්දි දැන් බය හිතෙනව. ඇති යකෝ අපි බේරිලා ඉන්න එක. 😁

    ආරක්ෂක ලේකම් කියල එකක් ලංකාවේ නෑ . ආරක්ෂක අමත්‍යන්ශේ ලේකම් තමා ඉන්නේ. දැන් ඔන්න එහෙම තමයි හදුන්වන්නේ ගුනේව. ඒ කාලේ මේ පාකයා ඉන්නකොට කිව්වේ ආරක්ෂක ලේකම් කියල.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    මෝඩ ගෝටා LRT, LNG, Colombo East terminal projects වලින් Japan එලවල දාපු හින්ද උන් ලංකාවත් එක්ක තිබ්බ හොඳ හිත නැතිවුණා. ඕවා ආපහු ඔක්කොම පටන් ගන්නේ IMF deal එකෙන් පස්සේ .
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,729
    113
    සේදවත්ත
    බය වෙන්න එපා චීන කොමියුනිස්ට් රටේ කොමොපැනියක් එනවා . අනුර ආවම ලේසී එතකොට .