ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

    ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර සැලකිලිමත් වියයුතු කරුණු........

    මම මේ thread එකෙන් ඔයාලට කියන්න යන්නේ ජපන් බයික් එකක් ගන්නකොට මොනවද බලන්න ඕන කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්නයි.

    ඉතින් ඉන්දියන් බයික් පදින හෝ ඒවාට අස කරන අය මගෙත් එක්ක තරහ වෙන්න එපා ඒ ගැන මොකුත් කිව්වේ නැහැ කියල.මොකද මේකේ සඳහන් වන සමහර කරුණු ඉන්දියන් බයික් වලටත් අදාළ වෙනවා.

    මට කීප දෙනෙක්ම කිව්වා ජපන් බයික් එකක් ගන්න ඉස්සර වෙලා බලන්න ඕන දේවල් මොනවද කියල ලිපියක් දාන්න කියල. ඊයෙත් මේ එළකිරි එක පොඩි කොල්ලෙක් මට සද්දයක් දැම්ම thread එකක් දැම්මේ නෑ කියල.ගොඩක් අවවාදත් කළා දන්නා දේ එලියට දෙන්නේ න කියල......:lol::lol::lol::lol::lol:

    මෙහෙම දේවල් කියන්න මම කවුද කියන එක ඔයාලට දන ගන්න ඕනෑම නම් කරන්න තියන්නේ මම මේ එලකිරිය තුල බයික් ගන්න සහ ඒවා හදාගන්න උදවු ඉල්ලපු අයට පිළිතුරු වශයෙන් කරපු කියපු දෙවල් හොයල බලන එක තමයි.මොකද සමහරු මොනවා හරි කිව්වම සහතිකත් ඉල්ලනවනේ...... :D
    ඉතින් වල වටාරම් වලට සමුදී ඉක්මනට වැඩේට බහිමු.......
    මම සියලුම දේවල් කරුණු විදියට දාන්නම් ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියනවා නම් පසුව අහන්න .........

    මම මෙතනදී විශේෂයෙන්ම 250cc කාණ්ඩයට සහ ඊට වඩා වැඩි බයික් ගැන තමයි කියන්න යන්නේ.ඉතින් එක හින්ද ඔය ලොකු බයික් ගන්න ඉන්න කැහිල්ල තියන සහූදරයන්ට මේක වැදගත් වේවි කියල මම හිතනවා...

    186068_q75.jpg


    01. බයික් එක දුවන තත්වයේද නැද්ද යන්න
    ...........• බයික් එක running condition නැත්නම් කියන්න තියන්නේ හොඳ mechanical technician කෙනෙක් ලවා පරීක්ෂා කර ගන්න.කිසිම වෙලාවක ඔබගේ හැගීම් වලට යටවෙලා තීරණ ගන්න එපා......

    ...........• Running condition තිබේ නම් පමණක් ඉදිරියේදී දක්වන කරුණු පිළිබඳව සැලකිලිමත් වන්න.....



    02. සුදානම

    ............• කවදාවත් බයික් එකක් බැලීමට යාමේදී දැකපු ගමන ම එක පනගන්වන්න උත්සාහ කරන්න එපා.

    ............• ඔබ එම බයික් එක ඔබට ගැලපෙනවද, වර්ණයට කැමතිද, පිටත condition එකට කැමතිද, සහ වෙනත් කරුනු වලට එකඟ නම් එය පණගන්වා බලන්න.

    ............• තවද පණගැන්වීමට පෙර brakes, clutch ,lights, handle, ටයර් වල හුලන්, පෙට්රෝල් මට්ටම වැනි දා පිළිබඳව පරික්ෂාකාරී වන්න.

    ............• කිසිම දවසක බයික් එකක් මිලදී ගැනීමට ගිය විටදී දැකපු ගමන එය පැදීමට (test run) යාමට උත්සාහ කරන්න එපා.ඉහතදී වගේම එය අවසානයට තබා ගන්න........
    ............• තවද බයික් එකට නැගීමට හෝ පරීක්ෂා කිරීමට පෙර එහි අයිති කරුගෙන් අවසර ගන්න.

    ............• තවත් කරුණක් නම් නිකන් ආසාවට switch දැමීමට, තට්ටු කිරීමට, අඑහි කොටස් සෙලවීමට වැනි අනවශ්‍ය දේවල් නොකර සිටීම ඔබගේ තත්වය ආරක්ෂා කර ගැනීමට හේතු වෙයි.



    03. පිටත උපාංග සහ කොටස්

    ..........• මුලින්ම ඉදිරිපස fender එක, meter set එක, කණ්නාඩි, ටැංකිය ,සීට් එක, පසුපස hump එක සහ පසුපස fender එක බලන්න.

    ..........• [[[ඉදිරිපස සහ පසුපස fenders:
    dsc06552.jpg
    r1200gs_rear_fender_mod01.jpg


    ....................i. ඉදිරි පස නම් අනිවාර්යෙන්ම fork leg දෙක සවිවන ස්ථානය බලන්න බොහෝදුරට එය crack වී තිබීමට ඉඩකඩ ඇත.තවද fiber කල හෝ මුළුමනින්ම fiber වලින් සාදා තිබෙන්නත් පුළුවන්.තවද ගොඩක් ස්ටිකර් අලවා ඇත්නම් එහි cracks වැසීමට එය අලවා තිබෙන්නට පුළුවන්.

    ................... ii. පසුපස fender එක ජපන් බයික් වල ගොඩක් වෙලාවට rubber mixed
    plastic වලින් නිමවා ඇත.එහි බැලිය යුතු විශේෂම දෙය වන්නේ signal lights සවිවන ස්ථානය කැඩී ඇත්ද යන බවයි. තවද බොහෝ වෙලාවට එක fiber කොට තිබෙන්නට පුළුවන්. අනෙක් කරුණ නම් අනිවාර්යෙන් ඔබ සලකා බලන බයික් එකෙහි photo එකක් අධ්‍යනය කර යන්න මන්ද බොහෝ වෙලාවට එය කපා හෝ modify කර තිබෙන්න පුළුවන්.



    --------• ටැංකිය:


    hornet250tankp55t1jpg.jpg

    --------------- i. Honda hornet වාගේ නම් ටැංකියට තට්ටු කරන්න යන්න එපා මොකද බයික් එක වැටිලා නම් ෂුවර් එකටම ටැංකිය තැලෙනවා.එක හින්ද ටින්කරින් කරපු ඒවා ලේසියෙන්ම හොයන්න පුළුවන් ටැංකියේ ඇතුල බැලීමෙන්.

    ---------------ii. ටැංකියේ මුඩිය ඉවත්කොට torch එකක් ගසා බලන්න දෙපැත්ත තැලිලා හෝ ටින්කරින් කර ඇත්ද යනවග.

    ---------------iii. තවත් කරුණක් නම් ටැංකියේ ඇතුලට condition එකෙන් ගොඩක් වෙලාවට බයික් එක පිළිබඳව අදහසක් ගන්න පුළුවනි.මොකද ටැංකිය මලකඩ කා නොමැති නම් ඔබට එය පැහැදිලව දැක ගත හැකි වෙයි. අළුපාට නියම steel වර්ණය තිබේනම් වඩාත් යෝග්‍ය වෙයි.

    ---------------iv. Ducati, KTM, Triumph වැනි බයික් වල ටැංකියේ ඇතුලත ආරක්‍ෂිත ආවරණයක් (paint coating එකක්) ආලේප කර තිබෙන්නට ඉඩකඩ ඇත.

    ---------------v. හැකි නම් ටැංකියේ අඩියට එළියෙන් torch එකක් ගසා බලන්න. මන්ද බොහෝ වෙලාවට මලකඩ කන ලද ටැංකි වල රොඩු ඉවත් කිරීමට ටැංකියේ යට කපා නැවත පාස්සා තිබෙන්නට පුළුවන්.එය නිමාකාරයට කර තිබෙයිද? සහ gum හෝ paste වර්ග වලින් සිදුරු වසා ඇත්දැයි බලන්න.
    549564_4029951599478_111119483_n.jpg

    5643883427_025d5de583.jpg


    ---------------vi. ටැංකියේ paint එක original ද නැද්ද කියන එක නම් expert කෙනෙකුට තමයි බලන්න වෙන්නේ.ඉතින් බැලූ බැල්මට paint එක හොඳ නම් අවුලක් නැහැ.pearl හෝ metallic නම් ඉතාමත් හොඳයි.

    -------------- vii. ටැංකියේ මුඩිය ඉවත් කල පසු කට වටේට හොඳින් පරීක්ෂා කිරීමෙන් paint කිරීම පිළිබඳව හොඳින් කරුණු වටහා ගත හැකි වෙයි.

    -------------- viii. අයිතිකරු හැම විටම Fuel petcock valve හෙවත් ඉන්ධන වෑල් එක වසා ඇත්නම් එමගින් කියවෙන්නේ මෙහි carb එක flood හෙවත් උතුරන බවයි. එනිසා ඒ පිළිබඳවත් අවදානය යොමු කරන්න.

    --------• පසුපස hump එක:
    --------------- i. මෙහි විශේෂ යමක බැලීමට නැතත් seat එක ඉවත් කර hump එක fiber කර තිබේද යන්න සොයා බලන්න.බොහෝ වෙලාවට Honda jade,hornet සහ bandit වල මෙය පුපුරන නිසා සහ චැසියට සවිවන ස්ථාන කඩෙන නිසා fiber කරනු ලබයි.


    04. Meter Panel (Speedo n Rev):

    CB400(lims)+meter1.jpg
    YS19-003-01.jpg


    --------• මෙය ඉතාමත් වැදගත් උපාංගයකි.මුලින්ම පිටතින් බැලුවත් පසුව start කල පසු බයික් එක accelerate කර බලන්න rev indicator එක නියමිත ආකාරයට වැඩ කරනවාද කියා.මොකද Chinese meter වල rev indicator එක පොඩ්ඩක් රේස් කල විට වෙඩි කාපු ඌරෙකු මෙන් ඉහලට දුවයි.

    --------• Speedo meter සහ ODO meter එක ඉතින් දුවලම තමයි බලන්න ඕන.බොහෝ අවස්ථාවල speedo වැඩකරන්නේ නැත්තේ අය කිව්වම cable එක කැඩිලා කියන්න පුළුවන්. නමුත් digital මීටර් හෝ නව තාක්ෂණික analogue meter වල තියන්නේ circuit එකක් හො coil එකක්.එම නිසා ඔබ බලන බයික් model එක පිළිබඳව හොඳින් දැනගෙන යන්න.

    --------• Meter set එක fade වෙලා තියන්න පුළුවන්.එහෙම උනොත් රාත්‍රියට ඉලක්කම් පෙන්නේ නැති වෙන්න පුළුවන්එම නිසා ටිකක් අඳුරු කර බලන්න.

    --------• Meter set එකක් බොහෝ විට 15000 සිට 45000 දක්වා විය හැකි බැවින් පරික්ෂාකාරී වන්න.

    --------• CB4 v-tech,cbr 6, vtr efi,drz digital,XR digital,WR වැනි බයික් වල digital type මීටර් තිබෙන හෙයින් එය සුළුවට හිතන්න එපා. නැවත මිලදී ගන්න ගිය විට ඔබට කලිසමද විකුණා ඒමට සිදුවිය හැක.


    05. ටයර්:

    ------- • වර්තමානයේ සියල්ලටම වැඩ මිලෙන් ඉහල ගොස් ඇත්තේ ටයර්.විවිද මිල ගනන් මත 7000 පමණ සිට 25000 පමණ වන බව මතක තබා ගන්න.honda hornet සහ tw 200 වල පිටුපස ටයරය 20000 සිට 25000 පමන වේ.(japanese or europian made super branded tires)

    --------• එමනිසා අනිවාර්යෙන් ටයර් දෙක පිළිබඳව සැලකිලිමත් වන්න.

    --------• එහි කට්ට ගෙවී ඇත්නම් එය ඔබගේ purse එකට මෙන්ම ජීවිතයටද තර්ජනයකි.

    --------• යම් හෙයකින් පසුපස ටයරය ඒකාකාරීව ගෙවී ඇත්නම් (flat ආකාරයට) එයද අවුලකි.ඔබ පදින විටදී පටුපස රෝදය විසිවනවා මෙන් ඔබට දැනේවි.තව speed යනවිට control නැති වීමටද මෙය හේතුවකි.
    tirereartext.jpg


    --------• ටයර් වල කට්ට කපා තිබිය හැක.ඒ පිළිබඳවත් පරීක්ශාකරී වන්න.



    06. RIMs (රීම්):

    -------• බයික් එක අනතුරකට පත්ව ඇති බොහෝ අවස්ථාවල rim වලට හානි සිදුවෙයි.

    -------• එමනිසා rim edge ඒකාකාරී නොවී අද වී ඇත්නම් හෝ පුපුරා ඇත නම් හානිදායක වෙයි.තවද එහි ගරාදි පිළිබඳවත් සැලකිලිමත් වන්න.

    -------• ඔබ Supermoto ගැනීමට යනවා නම්. Wire wheel හෙවත් spoke තිබෙන rim වල ඉහත කී ලක්ෂණ වැඩි වශයෙන් දැකිය හැකි වෙයි.මන්ද ස්පෝක් නිසා සවි ශක්තිය අඩු හෙයින් ලේසියෙන්ම හානි වෙයි.තවද හොඳින් බලනන ඉස්සරහ සහ පස්ස rims එකම brand එකකින්ද කියලා.මොකද සමහරු ඉස්ස‍ර damage උනහම cheap rims දානවා.



    07. Braking System:

    --------• මුලින්ම බලන්න brake lever එක ගාව oil බෙරෙනවද කියල.මොකද oil බේරෙනවා නම් එක්කෝ pump එකේ piston එක සහ washer මාරු කරන්න වෙනවා.නැත නම් මුලු pump එකම දාන්න වෙනවා.

    --------• ඉස්සරහ සහ පස්සහ brake pads බලන්න.සමහර විට කට්ටටම ගෙවිල තියෙන්නත් පුළුවන්.එවිට බයික් එක පදින කොට සීරීම් ශබ්දයක් එනවා.

    --------• සමහරු brake pads,clutch plates වලින් හදල දානවා.එතකොට වෙන්නේ pads ගෙවෙන්නේ නැතිව disk එක ගෙවෙනවා.ඉතින් ඉස්ස‍ර සහ පස්ස disk ගොඩක් ගෙවිල හෝ ඉරි ගිහිල්ල තියනවා නම් ඉතින් දෙපාරක් හිතන්න වෙනවා.

    --------• Disk එක ගෙවිලද කියල බලන්න තියන ලේසිම ක්‍රමය තමයි.ඩිස්ක් එකේ දෙපැත්තට ඇඟිලි දෙකක් තියන එලියට අදින්න. එතකොට edge එකේ කට්ටයක් වැටිලා වාගේ දැනෙනවා නම් ඉතින් disk එක ටිකක ගෙවිල.

    --------• අනික ඉස්සරහ හෝ පස්සහ brake ගහන විට lever එක හෝ paddle එක නිකන්ම බහිනවා නම් brake washer ගිහිල්ල තියන්නේ.



    08. ඉස්සරහ සහ පසුපස shock absorbers

    -------• ඉදිරිපස:

    --------------o ඉස්සරහ ගැන කතා කරද්දී කියන්න තියන ප්‍රධාන දෙයක් තමයි, ගොඩක් වෙලාවට අනතුරු වලට ලක් වෙච්ච බයික් වල fork බට ඇද වෙනවා.අපට ඇසට නොපෙනෙන ඇදයක් තිබුනොත් එයින් වෙන්නේ oil seal විනාශ වෙන එකයි.

    --------------o ඉතින් ඔබ ඉස්සරහ shocks පරීක්ෂා කරන විට හිර ගතියක් දැනෙනවා නම් technician කෙනෙක් ලව බලව ගන්න.මොකද පසුව oil leak වීමට ඉඩ ඇති අතර.නැවත දමන දමන oil seal විනාශ විය හැක.

    --------------o Oil seal ඉරිතලා කැඩී ඇති අතර fork බටය සහ අවට oil ඇත නම් අනිවාර්යෙන් පසුව oil දමා seal ද ගැසිය යුතු වෙයි.
    DSC02668.jpg

    750d1187130874-front-fork-leaking-oil-is-it-hard-to-fix-fork-1.jpg

    --------------o ඔබ බයික් එකෙහි ඉදිරිපස පහලට තල්ලු කල විට නිකන්ම spring එකක් ලෙස ආපසු පැමිණෙයි නම් අනිවාර්යෙන් oil ඉවත ගොස් හෝ එම oil සෝදා හැර හෝ තිබිය හැකියි.

    --------------o ඔබ ඉදිරිපසට තල්ලු කල විට smooth (හරියට butter wage)ලෙස නැවත ඉහලට පැමිණිය යුතු වෙයි.

    --------------o තවද ඉදිරි පස fork බට වල ඉහල පහල යන පරාසයේ කුඩා මලකඩ dots තිබේ නම් ඉතින් අනිවාර්යෙන් oil seal damage වෙනවා නියතයි.එම නිසා මෙය පරීක්ෂා කිරීම ඉතා වැදගත් වේ.

    ----•පසුපස:

    --------------o MONO shock: (hotnet,jade,vtr,bandit,XR,WR,SB,DRz)

    ------------------- Oil බේරී ඇත නම් shock එකෙන් ගන්න දෙයක් නැත.

    ------------------- තවද බයික් එකෙහි hump එකෙන් අල්ලා පහලට තද කොට එකවරම ඉස්සු විට “ඩොක්” වැනි ශබ්දයක් සමග ක්ෂණිකව ඉහලට එයි නම් ඒත් shock එකෙන් වැඩක නැත.
    ------------------- නැතිනම් වලවල් ඇති පාරක පැදලා බලන්න “ඩොක්’ වැඩි ශබ්දයක් සමග බයි එක විශාල වශයෙන් ඉහල පහල පැද්දෙයි නම් mono shock එක හරියටම වැඩ කරන්නේ නැත.

    --------------o Dual Shocks: (CB4,Volty,Clubman,Magna වැනි)

    ------------------  ඉහත පරිදිම පරීක්ෂා කල හැකිවෙයි.

    ------------------- තවද cornering කරන විටදී,(නවා වංගු ගැනීමෙහිදී) බයික් එකෙහි පස්ස වනෙයි නම් එහි shocks දෙකහි අවසානය ලඟා වී ඇත.

    --------• ඉතා වැදගත්:

    --------------o Mono shock එකක් නැවත සැදීමට 7000 පමණද, dual shock එකකක එකක් පමණක් සැදීමට 4000 පමන වැය වෙයි.

    --------------o මම දන්නා තරමින් ලංකාවේ නියම ජපන් අමතර කොටස් දමා (washers and rings) නියම අයුරින් oil compress කර shocks හදන දෙදෙනෙක් පමණක් සිටියි.මගෙන් ඒ කවුරුදැයි අසන්න එපා.මොකද එකෙන් වෙන්නේ බයික්ස් හදන mechanicals ලට බඩේ පහර වදින එක විටරයි.
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    09. එලෙක්ට්‍රිකල් සහ lighting system:
    --------• ඔබලාට ගොඩක් වෙලාවට බයික් වල wiring එක බලන්න දෙන්නේ නැති වෙන්න පුළුවන් නමුත් පහත සඳහන් දේවල් උපරිමයෙන් බලන්න.

    -------------i. බැටරිය: බයික් එක start කරන විට ඇද ඇද start වෙයි නම් බොහෝ විට battery එක සවුත්තු වී තිබිය හැක.battery එක seal type ,maintenance free එකක් පමණයි මෙම කාණ්ඩ වල බයික් වලට ගැලපෙන්නේ.

    -------------ii. තවද බයික් එක start කර රේස් කරන විටදී headlight එක එලිය වැඩිවී නැවත අඩුවීමකට පත් වෙයි නම්, එයින් කියවෙන්නේ battery charge වන බවයි. නමුත් 2010-2011 වාගේ කලේ පැමිණි බයික් වල මෙම trick එක දක්නට නැත. මන්ද එහි digitally controlled charging system එකක් සහිත වන නිසාය.

    -------------iii. තවත් වැදගත් දෙයක් වන්නේ CDI unit එක ළඟ පරීක්ෂා කෙරීමයි.එහිදී CDI එකෙහි වයර් කපා බට් කර ඇත්නම් මොකක් හෝ ජල්තරයක් (ජිල්මාට් ) එකක් සිදුව ඇත.

    -------------iv. සමහර සුපිරි electricians ලා security system සවි කිරීමට මෙම තකතීරු වැඩේ කරයි.

    -------------v. තවද CDI එක කපා හෝ ගලව තිබීමට පුළුවන.එයද විශාල අවුලකි.(නමුත් Suzuki bandit වල නම් ගොඩක් වෙලාවට repair කර තිබෙන්නට පුළුවන්.මන්ද එය ගොඩක් වෙලාවට පිච්චෙන නමුත් repair කල හැක.)

    -------------vi. VFR,Bandit,Hurricane වැනි ඒවාට සමහරු CDI බට් කරන නමුත් එයින් උපරිම performance ලබාගත නොහෙක.

    -------------vii. සමහරු start කරගැනීමට සහ ටිකක් දිවිය හරි පරිදි CDI බට් කර තිබිය හැකි වෙයි.

    -------------viii. තවද battery charging handle කරන regulator එකද බලන්න. සමහරු jade වැනි බයික්ස් වලට Honda hawk එකේ regulator බට් කරයි.

    -------------ix. ඉන්පසු headlight, signal, brake, meter board lights , indicator lights, horn වැනි මෙකී නොකී ඔක්කම බලන්න.

    -------------x. Headlight එකේ ring එක සහ ඇතුලත reflector එක බලන්න.ring එක මලකා සහ reflector එක දුර්වර්ණ වී තිබිය හැක.(මෙයින් එලිය අඩුවෙයි)


    10. Chain සහ sprocket :

    --------• බයික් එක පදින විට Chain එක “සිරි, සිරි” වැනි ශබ්දයක් හෝ hum එකක් එයි නම්,එක්කෝ chain එක ගෙවී හෝ ඇදී තිබේ.

    --------• Chain එකට liquid grease ගස ඇත්නම් සුදු පාටට එය දැකිය හැකි වෙයි. එය chain දිගු කාලයක් භාවිත කිරීමට විශාල වශයෙන් උදවු වේ.

    --------• ඉස්සරහ sprocket බලන්න ගොඩක් වෙලාවට බැරි උනත් පස්ස බලන්න පුළුවන් වෙයි.එම නිසා sprocket එකේ දත් ගෙවී උල sharp වී ඇත නම් හෝ එක පැත්තකට ඇතුලට ගෙවී ඇත නම් ඔබට sprocket දැමීමට සිදුවෙයි.

    --------• Sprocket පරීක්ෂා කිරීමට කලයුතු හොඳම දේ වන්නේ , බයික් එක neutral කොට පසු පසට තල්ලු කරන්න “කට, කට “ ලෙස ශබ්ද නැගෙයි නම් sprocket ගන්න දෙයක් නැත.(මෙම ශබ්දය එන්නේ ඇතුලට ගෙවී යාමෙනුයි, කට්ටා නැතිනම් පදිනකොට “ කටස් කටස්” ලෙස slip වන ශබ්දයක් එයි.)


    11. Engine Oil:

    --------• පළමුව Oil level බලන්න.oil අඩුව පදින අයගේ බයික් ගැනීමෙන් වලකින්න. මොකද එම engine ඒ වන විටත් අවසන් ගමනේ යමින් සිටින නිසාවෙනි.

    --------• ඔබ දක්ෂයෙක් හෝ පරිනත පුද්ගලයෙක් නම් Oil thickness සහ සුවඳ බැලිය හැක.

    --------• තවද engine එක යට oil leaks තියනවද කියා බලන්න.(විශේෂයෙන්)

    --------• සමහර විට gear shaft එක ගාවඉස්සරහ sprocket සවිවන shaft එක ගාව.වැනි oil seal සහිත ස්ථාන වලින් oil leak වෙනවාදැයි බලන්න.


    12. Engine:

    -----------• බොහොම කනගාටුයි කියන්න engine එක බලන්න නියමිත විදියක් නම් මට කියන්න බැහැ මොකද එන්ජිමක විවිධාකාර ලෙඩ තියන්නේ පුළුවන්,
    i. tappet
    ii. cam
    iii. rod
    iv. timing chain
    v. drivetrain
    vi. clutch hub
    vii. piston rod
    viii. oil pump
    වැනි විවිධාකාර තැන වලින් විවිධ හේතු මත ශබ්ද එන්න පුළුවන්.ඉතින් හොඳම දෙය නම් අනෙක් සියල්ලම තමන් බලල හොඳ නම් බයික් ගැන දන්නා කියන කෙනෙක් එක්ක ඇවිල්ල engine එක බලව ගන්න එකයි.

    ----------• කවදාවත් engine එකක් ලස්සනට තිබ්බට හිටන්න එපා එක හොඳ තත්වයේ ඇතියි කියලා.මොකද මෝල ලෙඩ උනොත් ඔක්කම ඉවරයි.

    ----------• විශේෂයෙන් supermoto සහ single cylinder බයික් වල engine ඉක්මනට සවුත්තු වන නිසා අනං මනං වැඩි සද්ද නැති engine එකක් තියන බයික් එකක් ගන්න එක තමයි නුවනට හුරු.

    ----------• ඔය engine එකේ side එකේ පලු සහ engine head එක අතරේ තියන packing වලින් කියන්න පුළුවන් engine එක ගලවලද නැද්ද කියන එක.

    ----------• Packing අවුල වෙලා නම් ඉතින් බොහෝ වෙලාවට එක්කෝ වතුර engine එක ගිහිල්ල හෝ තේ පිච්චෙන්න හෝ එලියට තෙල් ගහන්න පුළුවන්.


    13. Cooling system:

    ----------• Water cool නම් අනිවා radiator එක බලන්න එකේ fins ගොඩක් ඇද වෙලා නම් වැඩේ ටිකක් අවුල්.එක්කෝ කට හරි කියල fins ටික කෙලින් කරන්න වෙනවා.නැත නම් බයික් එක overheat වෙන්න පුළුවන් traffic වල හෝ කන්දක වාගේ යනකොට.

    ----------• තව දෙයක් තමයි radiator එක හදල තියන්නේ පුළුවන් gum ,paste හෝ aluminum පාස්සලා.එකට නම් මගේ එච්චර මනාපයක් නැහැ.

    ----------• Coolant leak වෙලා engine එකේ වැටිලා තිබෙනවා පේනවනම් ඒ පිළිබඳව පරීක්ෂාකාරී වන්න.ගොඩක් වෙලාවට hornet,jade,bandit,cb4 වැනි බයික් වල මෙවැනි leaks දැකිය හැකි වෙයි.


    14. චැසිය (chassis and frame)

    ----------• බයික් එකේ seat එක ගලවල පිටිපස්සට ගිහිල්ල බලන්න බයික් එක සමාකාරව තියනවද කියල.

    ----------• මොකද සමහර වෙලාවට එක්කෝ පැත්තකට ඇද වෙලා හෝ පැත්තක පත් වෙලා හෝ එක පැත්තක ඇතුලට එබිලා හෝ තියන්නේ නම් එම බයික් එක නතුරකට ලක් වී ඇති බව පැහැදිලි වෙයි.

    ----------• තවද චැසිය පුපුරලා හෝ අතිශයින් මලකඩ කා ඇත්නම් එයද ප්‍රශ්නයකි.


    15. Test Run:

    ----------• මීට අමතර තිබෙන සුළු සුළු අඩුපාඩුකම් නම් ලසියෙන් කරගන්න පුළුවන් එමනිසා බයික එක test run යන වෙලාවේ මේවත් බලන්න.

    ----------• ඉස්සරහ රෝදයේ වැනෙන ගතියක් තිබේ නම් එක්කෝ රෝදයේ බෙයාරින් හෝ කොලර් එකේ රේසර් ගිහින් තිබෙන්න පුළුවන්.

    ----------• තවද අස්සරහ එක පැත්තකට අදිනවා නම් එක්කෝ tire එක පැත්තට ගෙවිල හෝ handle එක ඇද වෙලා තියෙන්න පුළුවන්.

    ----------• මේ අයුරින්ම පස්ස රෝදයෙද රේසර් සවුත්තු වී තිබීම නිසා සහ swing arm එකේ දෙපැත්තේ bush සවුත්තු වී තිබීම නිසා වැනෙන ගැතියන් තිබෙන්නට පුළුවන්.

    ----------• Brake කරන විට හෝ වලක වැටෙන විට handle එක සවිවී ඇති කොලර් එක පැත්තෙන් “ඩොක්” වැනි ශබ්දයක් එයි නම්, කෝලම් එක බුරුල් වී ඇත. T rod එකේ උඩ ඇති nut එක බුරුල් කර ඇතුලත nut එක තද කිරීමෙන් එය නැවතේ.නමුත් රේසර් ගොස් ඇත නම් එය replace කල යුතුය.

    ----------• Accelerate වෙන්නේ නැත නම් එක්කෝ carb,air filter, sparkplug වැනි අංගයක වරදක් විය හැකියි.

    ----------• Top ස්පීඩ් යන විට “බර බර” ලෙස ශබ්දවී slow වෙයි නම් air filter block or air block එකක් වැනි දෙයක් විය හැක.

    ----------• Idle එක rhythm එකකට නැත නම් හෝ smooth නැත්නම් එය පසුව tune-up එකේදී හරියාවී.



    16. දුම (Smoke):

    ----------• Start කලවිට සුදු දුමක් එයි නම්, අනිවා bore එකට වතුර mix වෙනවා.

    ----------• කළු දුමක් නම්, fuel mixer එක ගොඩාක් rich හෝ carb එක flood වීමෙන් එකතු වූ fuel දහනය වෙනවා.

    ----------• නිල පාටට හුරු ලා දුමක් නම් (ඉතාම තුනී) Air /fuel mixture එක rich.

    ----------• තදට නිල් පාටට (සුදු පාටත් මිශ්‍ර වූ) දුම එයි නම්, piston rings ගිහිල්ල oil පිච්චෙනවා හෝ valve වලින් bore එක ඇතුලට oil එනවා වෙන්න පුළුවන්.


    ඉතින් සහෝදර වරුනි මම ඔයාලට බයික් ගන්න යනකොට කලයුතු දෑ පිළිබඳව total solution එකක් ලබා දුන්න කියල මම හිතනවා.ඉතින් මීට අමතරව යමක දන ගන්න ඕන නම්, පොස්ට් එකක් දානන මම උදව්වක් කරන්නම්.මට බැරි උනොත් මට මේ දේවල් කියා දුන්නු මගේ ගුරාව ඔයාලට සෙට් කරලා දෙන්නම්.

    පසුව මම හැකි තරම මෙහෙ බයිකස් වල ලෙඩ අපු වෙලාවට ගත්ත photos දාන්නම් ඒ ඒ part එකට අනුව උදා: mono shock එකේ oil leak වන හැටි .

    ඔබ සැමට ජය ශ්‍රී.........!


    ප.ලි.
    මගේ මෙම thread එක තුලින් bikes හදන technician ලාට හෝ bikes විකුණන අයට බඩේ පහර ගැසීමක් කිරීමට අදහස් නොකරණ අතර මෙමගින් මම හුදෙක් උත්සාහ කලේ bikes ගැනීමට ගොස් අමාරුවේ වැටෙන මගේ සහෝදරයින් වෙනුවෙන් යමක කිරීමටයි.

    කරුණාකර මෙම ලිපිය මගේ අවසරයකින් තොරව උපුටා නොගන්න ලෙස ඉල්ලමි.


    මගේ වෙනත් ලිපි:

    Android Phone එකක් Root කිරීමට පෙර ඔබ විසින් දැනගත යුතු දෑ

    ADB (Android Debug Bridge) පිළිබඳ

    Honda VTR250
     
    Last edited:

    keenk2n

    Active member
  • Aug 17, 2007
    387
    36
    28
    Kiribathgoda
    hm.......................

    Niyama wadak ban.... bt uba kiyana widihata hoda bike akak hoya ganna amarui ne........
    mamath bike akak ganna inne.... godak hodai me wade......
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    patta machan. tnx alot
    :)

    Elaz... ගොඩක් වැදගත් විස්තර දැන ගත්තා. thanks මචන් rep+ :)
    thanx machan...!

    :)

    :)

    :)

    ela machan. rep+
    thanx :)

    elakiri machaoooo
    :)

    රෛප් එකක් නොදී යන්න බෑ වගේ අනේ
    මෙන්න හතක්
    :lol:
    thank you bro...!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Niyama wadak ban.... bt uba kiyana widihata hoda bike akak hoya ganna amarui ne........
    mamath bike akak ganna inne.... godak hodai me wade......

    ඔව් මචන් එක නම් එහෙමයි.උඹ බයික් එක විකුනන්න ගන්නවා නම් ඖලක් නැහැ නමුත් ටික දවසක් පදින්න නම් ගන්නේ ටිකක් හොයල බලල ගන්න එක හොඳයි.
    මේ කිව්වා විදියට ඉකේ එකක් හොයා ගත්තොත් උඹට වියදම් යන්නේ tune-up සහ පොඩි පොඩි දේවල් වලට විතරයි.
    :):):) :yes:
     
  • Jul 6, 2012
    10,486
    2,721
    113
    ඔය කරලා තියෙන්නෙ සුපිරිම වැඩක්.අළුතෙන් බයික් එකක් ගන්න යන ඕනම කොල්ලෙක්ට හුඟක් වැදගත් ත්‍රෙඩ් එකක් . කොහෙද බං ඇත්තට මෙච්චර දවස් හැංගිලා හිටියෙ? එළම කිරි ත්‍රෙඩ් එකක් අයියේ පට්ටයි! මේවට නොදෙන රෙප් වෙන මොකකට දෙන්නද? එහෙනම් රෙපකුත් දුන්නා.දිගටම වැඩේ කරගෙන යමු අයියේ අපේ Sup එකත් දෙන්නම් අනිවා:cool::cool:
     
    Last edited:

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    great post bro 11+++
    thanx bro...!
    :)
    :) you are welcome machan...!

    එළකිරි කොල්ලෙක්;13555146 said:
    ඔය කරලා තියෙන්නෙ සුපිරිම වැඩක්.අළුතෙන් බයික් එකක් ගන්න යන ඕනම කොල්ලෙක්ට හුඟක් වැදගත් ත්‍රෙඩ් එකක් . කොහෙද බං ඇත්තට මෙච්චර දවස් හැංගිලා හිටියෙ? එළම කිරි ත්‍රෙඩ් එකක් අයියේ පට්ටයි! මේවට නොදෙන රෙප් වෙන මොකකට දෙන්නද? එහෙනම් රෙපකුත් දුන්නා.දිගටම වැඩේ කරගෙන යමු අයියේ අපේ Sup එකත් දෙන්නම් අනිවා:cool::cool:

    දන්නවනේ ඉතින් අපි වැඩක කලොත්......ඔව් බන් අපේ කොල්ලන්ට සෙතක් වෙන්න තමයි මේක දැම්මේ....! ස්තුතියි මල්ලි support එකට...!

    Ela
    Rep 4+
    thanx bro....!

    පට්ට කැන්ඩියෝ...:rofl:
    Kandy කොල්ලෙක් ඉතින් වැඩක කලොත් දන්නවනේ ඉතින්......! :):D

    එල එල
    නියමි සහෝදරයා
    ස්තුතියි සහෝදරයා....:) :yes:
     
    Last edited: