ජපන් රැකියා අවස්ථා

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ජපන් රැකියා අවස්ථා

    ශ්‍රි ලාංකිකයින්ට වෘත්තීයමය ක්ෂේත්‍ර 14ක ජපන් රැකියා අවස්ථා...

    විදුලි සංදේශ, විදේශ රැකියා හා ක්‍රිඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා හා ජපානයේ අධිකරණ, විදේශ කටයුතු, කම්කරු හා සුභසාධන යන අමාත්‍යවරුන් විසින් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින්ට ක්ෂේත්‍ර 14ක් යටතේ ජපානයේ වෘත්තීයමය රැකියා අවස්ථා ලබාගැනීම සදහා වූ අවබෝධතා ගිවිසුමකට ජපානයේදී අත්සන් තැබීමට නියමිතය. මෙම ගිවිසුම වසර 10ක කාලයක් ක්‍රියාත්මක වන අතර, එම කාලය තුලදී අසීමිත රැකියා ප්‍රමාණයක් ශ්‍රි ලාංකිකයින්ට හිමි වේ.

    මෙම ගිවිසුම අනුව සාත්තු සේවිකා, ගොඩනැගිලි පිරිසිදු කරන්නන්, යන්ත්‍ර කොටස් හා එකලස්, කාර්මික යන්ත්‍ර කර්මාන්තය, විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික් හා තොරතුරු කර්මාන්තය, ඉදිකිරීම් ක්ෂේත්‍රය, නැව් කර්මාන්තය, රථවාහන හා නඩත්තු, ගුවන්යානා කර්මාන්තය, නවාතැන් පහසුකම්, කෘෂිකර්මාන්ත, ධිවර හා ජලජීවි වගාව, ආහාර පාන නිෂ්පාදනය, ආහාර සේවා සැපයුම් යන ක්ෂේත්‍රවල රැකියා ලැබීමට නියමිතය.

    ජපානයෙන් මෙම රැකියා අවස්ථා ලොව රටවල් 9ක් සදහා ලබාදෙන අතර ඉන් 7 වන ස්ථානය ශ්‍රි ලංකාවට හිමිවීම විශේෂත්වයකි. ඉදිරියේදී ජපානයේ වෘත්තීය විශේෂඥයින් මෙරටට පැමිණ අවශ්‍ය තාක්ෂණික දැනුම ලාංකිකයින්ට ලබාදී එම පුහුණු ශ්‍රමිකයින්ට රැකියා ලබාදීම මගින් ශ්‍රි ලංකාවේ වෘත්තීය අධ්‍යාපන මට්ටම ජපානයේ මට්ටමටම උසස්වීමේ හැකියාවක්ද ලැබේ.

    ජපානයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකිකයින්ට හිමිවීමත් සමගම ජපන් රැකියා ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් මුදල් රැස්කිරීමේ අවදානමක් ඇතිවීමට ඉඩ ඇති හෙයින් එවැනි ජාවාරම්කරුවන්ට හසුනොවන ලෙසත් මෙම රැකියා ලබාදීමේ වැඩසටහන සම්පූර්ණයෙන්ම ජපාන රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇතිකර ගත් ගිවිසුමක් මගින් පමණක් ක්‍රියාත්මක වන බවත් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජනතාවට දන්වා සිටියි.

    වැඩබිම.lk
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    උඹල දන්න හොඳ ජපන් භාෂා පන්තියක් කියපන්කො... කොළඹ අවටින්. N4 වගේ කරගන්න තිබ්බනම් ඇති.