ජපනා සහ රුපවාහිනිය

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,631
    13,330
    113
    ජපනා සහ රුපවාහිනිය

    නුවණක්කරයාගේ පරිත්‍යාගය හෙවත් ව්‍යාපාරික ආයෝජනය



    එක්දහස් නවසිය හැත්තෑව අග භාගයේ අපිට රුපවාහිණි සංස්ථා සංකීර්ණය ලැබුණි. ඒ ජපානයේ පුර්ණ පරිත්‍යාගයක් ලෙසටයි. එවකට සිටි යූ එන් පී කාරයෝ මහත් අභිමානයෙන් කියා සිටියේ නවසිය පනස් ගණන් වල ජේ ආර් ජයවර්ධන මහතා ජාත්‍යන්තර සමුළුවකදී ජපානය වෙනුවෙන් කී "නහී වේරෙන වෙරාණී..." කතාවක් නිසා ජපනුන් මහත් ආදරයෙන් අපට මෙය පරිත්‍යාග කල බවයි.

    ඒ රුපවාහිනී යන්ත්‍ර නිෂ්පාදන තාක්ෂණය ජර්මානුවන්ගේ අතින් ජපනුන්ගේ අතට හුවමාරු වෙමින් තිබූ කාලයයි. අපට රුපවාහිනී සංස්ථාව ලැබී ඊළඟට ගතවූ වසර දහය තුල ජපන් රූපවාහිනී යන්ත්‍ර ලක්ෂ ගණනක් ලංකාවට ආනයනය විය. ජපන් රජයේ අනුග්‍රහයෙන් රූපවාහිනී යන්ත්‍ර අලුත්වැඩියා කිරීමේ පාඨමාලාද එකල පැවැත් වුනි. වසර කිහිපයකින්, රුපවාහිනී සංස්ථා පරිත්‍යාගය මෙන් කිහිප ගුණයක් ජපනා ලාබ ලබන්න ඇත. වසර 35ට පසුත් තවමත් වැඩිපුරම රුපවාහිනී යන්ත්‍ර ලංකාවට පැමිණෙන්නේ ජපානයෙනි. අපි රුපවාහිනියකට සවි කරන ඇණ මුරිච්චියක්වත් ලංකාවේ නිෂ්පාදනය කරන්නේ නැත.

    එක්දහස් නවසිය පනස් ගණන් වල අත්සන් කෙරුණු චීන-ලංකා රබර්-සහල් ගිවිසුම එවකට මෙම රටවල් දෙකම මුහුණ දී සිටි ආර්ථික අර්බුදයට අස්වැසිල්ලක් විය. කිහිප විටක් අවලංගු වෙමින්, ප්‍රතිෂ්ඨාපනය වෙමින් පැවති මෙම ගිවිසුම 70-77 සමගි රජය සමයේදී පුළුල් තලයක නැවත අත්සන් කරන ලදී. අපට චීනෙන් හාල් ලැබුණු අතර අපේ රබර් චීනයට ගියේය. එවකට සිටි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝ ආඩම්බරයෙන් කියා සිටියේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සමාජවාදයට බර නිවැරදි ප්‍රතිපත්ති වලට පැහැදී චීනය අපිට මේ මහඟු අවස්ථාව ලබා දුන් බවයි.

    ඒ ස්වභාවික රබර් වෙනුවට ඊට වඩා තත්වයෙන් බොහෝ සේ ඉහළ කෘතීම රබර් වෙළඳ පොලට හඳුන්වා දෙමින් සිටි යුගයයි. අපි චීනෙන් සහල් ලැබෙන බැවින් සහල් නිෂ්පාදන තාක්ෂණය වැඩි දියුණු කිරීමට වෙහෙස නොගත්තෙමු. චීනා හැමදාම රබර් ගනීවි යයි සිතමින් තව තවත් රබර් වවා ඊට කිසිඳු අගය එකතු කිරීමක් නොකරම චීනයට පැටෙව්වෙමු. අද අපිට රබරුත් නැත, සහලුත් නැත. චීනය අද සහල් නිපදවීම අතින් ලෝකයේ පළමු තැනය. රබර් නිෂ්පාදන අතින්ද ඔවුන් ලොව ඉදිරියෙන්ම සිටියි.



    මේ ගැන ලියන්න මට සිතුණේ "චීනාගේ ණය: උගන්ඩාවෙන් කථාවක්" නමින් මා ලියු ලිපියකට පෞද්ගලිකව ලැබුණු අදහස් කිහිපයක් සහ පලවූ කොමෙන්ටු කිහිපයක් කියවීමෙන් පසුවයි.

    බොහෝ දෙනෙක් එක්කෝ චීනයට දොස් පවරා තිබුණි. නොඑසේ නම් චීනයට මා දොස් පැවරුවා යැයි උපකල්පනය කර මට දොස් පවරා තිබුණි. සමහරු කාට දොස් පවරන්නදැයි සිතාගත නොහැකිව අන්ද මන්ද වී සිටි සේයකි.

    ඇත්තෙන්ම අදහස් දැක්වූ බහුතරයකට සිදු වී තිබුණේ පොදු අතපසු වීමකි. සිද්ධිය දෙස විවෘත මනසකින් බලනවා වෙනුවට, ඔවුන් කරන්නේ මේ සිද්ධියේදී තමා කරගසා ගත් හෝ වලදමා පස්වලට යට කරන්න හදන දේශපාලකයාගේ ප්‍රතිරූපයට සිදුවන දේ අනුව තම දැක්ම සකස් කරගැනීමයි.

    ලිපිය පැහැදිලිව කියෙව්වා නම් ඔබට අවබෝධ විය යුතු යයි මා සිතන්නේ මෙම අවාසනාවන්ත තත්වයට චීනය වගකිව යුතු නොවන බවයි. වැරැද්ද ඇත්තේ උගන්ඩාවේ මෙන්ම අපේ රටේද දේශපාලුවා අතයි. මෙම සංසිද්ධියේ ඇති අපුර්වත්වය නම් දේශපාලකයන් ඔසවා ගත් කිසිවෙකුටත් තමාගේ එකා සුද්ධ කර අනෙකාගේ වතෙහි මඩ තැවරීමට නොහැකි වීමයි. මන්ද සියල්ලෝම එක වලේ මඩ නාන බැවිනි.

    ලෝකයේ කිසිඳු රටක් තව රටකට ප්‍රේමාන්විත හදවතින් යමක් ලබා නොදෙයි. සියළු පරිත්‍යාගවල මිලක් සලකුණු කර ඇත. අප කළ යුත්තේ පරිත්‍යාගය ප්‍රතික්ෂේප කිරීම නොව සලකුණු කල මිළ පිළිබඳව සැලකිලිමත් වීමයි. පරිත්‍යාගයක් බැවින් අපට මිළ නොගෙවා සිටීමට හැකියාව තිබේ.

    ජපනා රුපවාහිනී සංස්ථාව ලබා දෙන විට, ඊළඟට එළඹෙන දශක කිහිපයේදී ලංකාවේ රුපවාහිනී යන්ත්‍ර කීයක් අළෙවි වෙත්දැයි අපගේ පාලකයන් හෝ අඩුම ගණනේ පෞද්ගලික අංශයවත් සිතුවා නම්? සුළුවට හෝ රූපවාහිනී යන්ත්‍ර නිෂ්පාදනය ඇරඹුවා නම්? අඩුම ගණනේ රුපවාහිනී යන්ත්‍ර සඳහා අමතර කොටස් හෝ නිෂ්පාදනය කිරීමට උනන්දු වුවා නම්?

    "නම්" වැලකි.

    නමුත් අපගේ ව්‍යාපාරික ප්‍රජාව සිතුවේ ඉහළම ලාභයක් තමාට ලැබෙන සේ ජපානයෙන් රුපවාහිනී යන්ත්‍ර ආනයනය කරන ආකාරය පිළිබඳවයි. ලංකාවට වඩා ඉතා කුඩා තායිවානය මෙන්ම දකුණු කොරියාවද මෙම ව්‍යාපාරයට අත ගැසුවේ ජපනා හදන රුපවාහිනියට අඩු මිළට අමතර කොටස් නිපදවීමෙනි. අද ඔවුන් ඔවුන්ටම කියා වෙළඳ පොළවල් බිහි කරගෙන ඇත. පසු කාලයක මැලේසියාව, තායිලන්තය වැනි රටවල්ද ඊට එකතු විය. අපි තාමත් එතැනමය.

    චීනය අප සමග බලහත්කාරයෙන් ගිවිසුම් අත්සන් කලේ වත් අපට බලෙන් ණය දුන්නේවත් නැත. චීනයෙන් මෙන්ම IMF, WB හරහාද ණය ලබාගෙන ඉතා ඉහල සාර්ථකත්වයක් ලබා ඇති ව්‍යාපෘති ලොව බොහෝ ඇත.

    ව්‍යාපෘතිය සාර්ථක වුවද අසාර්ථක වුවද චීනා සාර්ථකය. ව්‍යාපෘතිය සාර්ථක නම් ඔවුනට ලබා දුන් ණයට ඉහල පොලියක් සමග වාරිකය ලැබේ. එවිට ඔවුන් සාර්ථක බැංකු ව්‍යවසායකයන්ය. ව්‍යාපෘතිය අසාර්ථක නම් ඔවුන්ගේ දීර්ඝ කාලීන සැලසුම් ඔවුන් ක්‍රියාවට නංවයි. එයින් ඔවුනට ලැබෙන වාසි බොහෝමය. ව්‍යාපෘතියට ණය ඉල්ලන මුල් අවස්ථාවේම එහි සාර්ථක හෝ අසාර්ථක බාවය පිළිබඳව ඔවුහු නිගමනයකට පැමිණෙති. මේ සඳහා ඔවුනට ව්‍යපෘති යෝජනාව දෙස බැලීමටවත් වුවමන නැත. අවශ්‍යවන්නේ අදාළ රටෙහි සිටින දේශපාලුවන් පිළිබඳව දැනුමයි.

    වතපොතේ පල කරන සමහර පොස්ට් සහ කොමෙන්ටු දෙස බලන විට කලක සිට ට ඇතිවන්නේ හාස්‍ය මුසු දුකකි. අප රටේ බොහෝ දෙනෙක් සිතා ගෙන ඉන්නේ අපට ජාත්‍යන්තර ප්‍රශ්ණයක් පැන නැගුන හොත් අරයා මෙයා "මාර" සපෝර්ට් එකක් දෙතැයි කියාය. එහෙත් තමන්ගේ ඇජෙන්ඩාවෙන් පිට ඔවුන් අඩුම ගණනේ වචනයකින්වත් වෙන රටකට සහයෝගය දෙන්නේ නැත. සමහර විට අහම්බෙන්, යම් දෙන ලද කාල පරාසයකදී අපි වෙනුවෙන් කතා කිරීම ඔවුන්ගේ ඇජෙන්ඩාවේ කොටසක් බවට විය හැක. එවිට අප සිතන්නේ ඒ අපේ ගැලවුම් කරු කියාය. මෙය මහා මුග්ධ කමකි.

    මම පහත දැක්වෙන කරුණත් සමග මෙම ලිපිය අවසන් කරන්නම්.

    මා යටතේ ආචාර්ය උපාධිය හදාරණ සිසුන් දෙදෙනෙකුම ඉරාකයේ මොසුල් ප්‍රදේශයෙන් පැමිණි අයයි. පසුගිය මාස දෙකක පමණ කාලයක් තිස්සේ මේ දෙදෙනා මා හමුවීමට පැමිණෙන්නේ හවස් වරුවේය. ඊට හේතුව ඔවුන් මැලේසියාවේ වේලාවෙන් පාන්දර 2-3 වනතුරු අවදිව සිටිමින් මොසුල් හි සිටින තම දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන් පිළිබඳව විපරම් කිරීමයි. ඔවුන්ගේ මුහුණුවල මා මේ දිනවල නිරන්තරයෙන් දකින්නේ බිය, සැක, සාංකාව, තැතිගැන්ම ආදී ඍණාත්මක හැගීම් සමුදායකි.

    ඔවුන් මා සමග බෙදාගත් තම ඥාතීන්ගේ අත්දැකීම් කිහිපයක් මම මෙලෙස ලියා තබමි.



    මොසුල් ප්‍රදේශයේ සිටින ISIS කැරළි කරුවන් දරුණු ඝාතකයන්ය. ඔවුන් ලේ පිපාසිතව දහස් ගණනක් වැසියන්ව මරා දමයි. එම ප්‍රදේශයෙන් ISIS හමුදා ඉවත් කිරීමට ඉරාක රජයේ හමුදා ගොඩබිමින් සටන් කරන අතර ඇමරිකාව ප්‍රමුඛ යුරෝපිය හමුදා ගුවන් ප්‍රහාර එල්ල කරති. ඒ මුවාවෙන් විදේශ හමුදා වැඩි පුරාම කරන්නේ එහි ඇති ගොඩනැගිලි වලට පහර දීමයි.

    තට්ටු 20ක බිල්ඩිමක සැගවී, එක් ISIS ස්නයිපර් තුවක්කු කරුවෙක් වෙඩි පහර එල්ල කරයි. ගොඩ බිමින් සටන කරන ඉරාක රජයේ හමුදා ඇමරිකන් කඳවුරට පණිවිඩ යවමින් කියා සිටින්නේ එම ස්නයිපර් තුවක්කු කරු ඊළඟ විනාඩි 20-30 ඇතුලත තමන්ට මරා දැමිය හැකි බවයි. එහෙත් විනාඩි පහක් යන්න මත්තෙන් පැමිණෙන ඇමරිකන් ප්‍රහාරක යානා එම ගොඩනැගිල්ල බිමට සමතලා කර දමයි. එක් ISIS සෙබළෙක් පාලමක් උඩ ඇවිදගෙන යාම මුළු පාලමම විනාශ කර දැමීමට ඇමෙරිකන් හමුදාවලට හේතුවකි.

    මෙහෙම කරන්නේ ඇයි?

    පිළිතුර ඉතා සරළය. තව මාස කිහිපයකින් යුද්ධය නිම වනු ඇත. සුන්බුන් බවට පත් වූ ඉරාකයක් ඉතිරි වනු ඇත. පාදමේ සිට නැවතත් මෙම සුවිසල් ගොඩනැගිලි, ඒ තුල තිබිය යුතු උපකරණ ආදී සෑම දෙයක්ම ඉදි කල යුතු වනු ඇත. ඒ සඳහා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල කොන්ත්‍රාත් කරුවෝ පැමිණෙනු ඇත. ඔවුන් සුවිසල් මහා නගර තනනු ඇත. පෙට්‍රෝලියම් සම්පතෙන් අනූන ඉරාකය මේ සඳහා ඩොලර් බිලියන ගණනින් ගෙවනු ඇත. ඒ මන්දිර, පාලම්, මහා මාර්ග අතර, අද දින මේ අනාගත ව්‍යාපාර වෙනුවෙන් මිය යන සුවහසක් දරුවන්ගේ, මව් වරුන්ගේ, පිය වරුන්ගේ හඬ නොඇසෙනු ඇත.

    තව වසර ගණනකින් නැවතත් ව්‍යසනය එළඹෙනු ඇත. නැවතත් බටහිරයෝ සුන්බුන් අතරින් මහා නගර තනනු ඇත. මෙය නවසිය හැත්තෑ ගණන් වල සිට මැද පෙරදිගකට හුරු පුරුදු කතාන්දරයකි.

    ලංකාවට මෙය සිදුවන්නේ නැත. මන්ද අපිට ඒ ගොඩනැගෙන මන්දිර වෙනුවෙන් ගෙවන්න සල්ලි නැත. සල්ලි එන්න තැනකුත් නැත.

    නමුත් මගේ කතාව අවසන් වන්නේ මෙතනින් නොවේ.

    මෙම යුද්ධය පිළිබඳව කලක සිට ඇඹරෙමින් සිටි රුසියාව හදිසියේම පෙට්‍රෝලියම් සපිරි සිරියාවෙන් ISIS හමුදා ඉවත්කිරීමට ඉදිරිපත් වෙයි. සිරියාවේ මේ වනවිට සිදුවන ප්‍රහාරයන් සහ යූ ටියුබ් හි ඇති සිරියාවේ අලෙප්පෝ නගරයේ ඛේදවාචකය පෙන්වන ඩ්‍රෝන දර්ශන දුටු විට ඔබට පෙනෙයි කුමක්ද රුසියාවේ අරමුණ කියා?

    මැද පෙරදිග සෞභාග්‍ය උලා කෑමට ඇමරිකාව ප්‍රමුඛ බටහිරයන්ට පමණක් නොව රුසියාවටද අයිතියක් ඇත.



    උපුටා ගැනීමකි


    http://chandimagomes.blogspot.com/2016/12/blog-
    post_20.html
     

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    නොදකින් unp යහපාලන වෙස බල්ලෝ
    බදුර්දිනට කියපිය පිරිත් කියන්ඩ
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    nn

    පොඩි කාලෙ ඉදන් හිතන් ඉන්න දේවල් ක්ශනිකව වෙනස් වෙනවා බන් මේ වගෙ ලිපියක් කියෙව්වම ... පට්ට පොස්ට් එක
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    patta, oka thama atta kathawa....


    president putin ge quote ekak ;



    " I am not your friend,bride or groom, I am the President of Russia"

    ape rate ekek, china mage hodama yaluwa, un mata one udawwak karanawa kiyala china valata puka digena hitiya; dan inna un USA+Europe+India mage hodama yaluwo un mata one deyak denawa kiyala hitagena unta puka denawa...

    attatama baluwoth loke kisima ratak yaluwo venne na, hama ratama hitanne thamange rata gana vitarai, eth ape un kisi deyak danne nati matto vage unta puka digena innawa...


    ape rate politicians la nugath un, ekekvath na hoda un....

    ratak palanaya karanna onema deyak thama oya pahala tiyenne ;

    1. Geopolical knowledge;

    ape rate mahindatath oya subject eka gana kisima danumak na, ranil+my3 tath poddak vath danumak na oya subkect eka gana...


    Ape rateth putin/hitler vage leader kenek enakam me rata diunu venne na, ethakan me rata china,india,US,European colony ekak !!
    :sorry::sorry::sorry: