එතකොට කට්ටිය ඇත්තටම මේ පදින්නෙ ෆාගො එකක් නිසාන් බැජ් ගහල නේද 
එකම වාහනය ඒ හා තරඟකාරී වෙනත් වාහන නමක් යටතේ වෙළඳපොළට යැවීම බොහොම සුලභ දෙයක්. මට මතක තියන උදාහරණ කීපයක් දෙන්නම්.
ඕස්ට්‍රේලියාවේ හදාපු Holden Commodore VE මොඩල් එක Pontiac G8 කියලා ඇමරිකාවේ විකුනනවා.
Commodore VF එක Chevrolet SS කියලා විකුනනවා.
Holden Commodore එකම ඕස්ට්‍රේලියාවෙත් Toyota Lexcen නමින් විකුනපු කාලයක් තිබුනා.
ජපානයේ Nissan එකේ හදන Nissan Patrol වාහනය, ඒ නමින්මත්, Ford Maverick නමිනුත් විකුනනවා.
Isuzu Trooper එක ඕස්ට්‍රේලියාවේ විකුනන්නේ Holden Jackaroo කියලයි.
Ford Ranger, Ford Courier දෙකම Mazda කොම්පැනියේ හදන Mazda B Series එකේ වාහනයක් වෙන්න පුළුවන් වගේම, . ඇමරිකාවේ විකුණන Mazda B Series වාහන Ford සමාගමේ හදාපුවා වෙන්නත් පුළුවන්.