ජපනුන් පර්ල් වරායට පහර දුන්නේ ඇයි?
1941 දෙසැම්බර් මස 7 යනු ඇමෙරිකානු නාවික හමුදාවට මෙන්ම පර්ල් වරායටත් අඳුරු දිනයකි.ඉරිදා දින උදෑසන තම සුපුරුදු කාර්යයන්ගේ යෙදී සිටි ඇමෙරිකානු නාවික භටයන්ට ජපාන නාවික හමුදාවෙන් බලාපොරොත්තු නොවූ ප්‍රහාරයක් එල්ල විය.කලින් අනතුරු හැඟවීමක් නැතිව එල්ලවූ මෙම ප්‍රහාරයෙන් එක්සත් ජනපද නාවික හමුදව විශ්මයට පත්විය.තමන්ගේ සම්පත් ආරක්ෂා කරගත යුතුබව තේරුම් ගත්තේ ඔවුන්ගෙන් සුළු පිරිසක් පමණි.නමුත් මෙම ප්‍රහාරයෙන් වරායේ තිබූ නෞකා,ගුවන් යානා ආදියට බරපතල හානි සිදුවිය.පැය කිහිපයකට පසුව මුලු වරාය භූමියම සටන්බිමක ස්වභාවය ගන්නා ලදි.බැලූ බැලූ අතර දිස්වූයේ ගිනිගැනීම් සහ දුමාරයයි.මෙම ප්‍රහාරයෙන් ඇමෙරිකානු නාවික හමුදාවට 2400 දෙනෙක් අහිමිවිය.අබලන් වූ සහ ගිලී ගිය නෞකා ප්‍රමාණය 21කි.ගුවන් යානා 188ක් විනාශ වී ගොස් තිබිණි.මෙම සිද්ධියෙන් පසුව ඇමෙරිකා එක්සත් ජනපදය බලවත් ලෙස කිපුණු අතර එම කෝපය ඔවුන්ව ජපානයට එරෙහිව යුද ප්‍රකාශ කිරීමට හේතුවක් බවට පත් කරන ලදි.පුර්ව දැනුම්දීමකින් තොරව සිදුකල මෙම හදිසි ප්‍රහාරය සමාන ආකාරයකින් 1904 වසරේදී ජපාන නාවික හමුදාවම රුසියාවේ ආතර් වරායටද ප්‍රහාරයක් එල්ල කරන ලදි.නමුත් ජපානය පර්ල් වරායට පහර දුන්නේ ඇයි?මෙම ලිපියෙන් විමසා බලන්නේ ඒ හා සම්බන්ධ තොරතුරුය.
පර්ල් වරාය ප්‍රහාරය යනු ජපානයේ අභ්‍යන්තර කටයුතුවලට එක්සත් ජනපදයේ ජනපති ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් අනවශ්‍ය ලෙස බාධා කිරීම නිසා ඊට එරෙහිව ජපානය විසින් ක්‍රියාත්මක කල උපක්රමික පහරදීමකි.නමුත් ජපානයේ කෝපය ඇවිසීමට හේතුවූ ඔවුන්ව එක්සත් ජනපදයේ නාවික හමුදාවට පහරදීමට යොමුකල තවත් කාරණා කිහිපයක්ද පවතියි.පහත දැක්වෙන්නේ ඉන් සමහරක්ය.
*එක්සත් ජනපදයෙන් තෙල්,වානේ සහ යකඩ ලබාගැනීමට ජපානයට තිබූ අවස්ථාව ජනපති ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් විසින් අවහිර කරන ලදි.මෙම තීරණය නිසා ජපානය ආර්ථිකය,වෙළඳාම සහ යුදමය ශක්තියට පවත්වාගැනීමට අසීරු තත්ත්වයක් ඇතිවිය.
*ජපානයට තමන්ගේ නාවික ශක්තිය උලුප්පවා පෙන්වීමට අවශ්‍යව තිබුණද එක්සත් ජනපදය ඔවුන්ගේ මාර්ගයේ සිටගෙන සිටියේය.එක්සත් ජනපදයේ නාවික ශක්තිය දුර්වල කිරීමෙන් තොරව තමන්ට පැසිෆික් සාගරයේ නාවික බලාධිකාරය ළඟා කරගත නොහැකිබව ජපානය දැන්වුන්නේය.
*පළමු ලෝක යුද්ධයේදී එක්සත් ජනපදයටද සැලකිය යුතු හානියක් සිදුවිය.එම නිසා තවත් එවැනි යුද්ධයකට ගොස් ජීවිත මෙන්ම ධනයද හානි කරගන්නට ඔවුන්ට අවශ්‍යතාවයක් නොතිබිණි.ඇමෙරිකානු නාවික හමුදාව විනාශ කිරීමට සහ ඔවුන්ව මානසික බිඳ දැමීමට හදිසි ප්‍රහාරයක් සුදුසු බව ජපාන හමුදාවේ විශ්වාසය විය.
*ජපානය උතුරු ඉන්දු-චීනයට අත පෙවීමෙන් වැළකී සිටිනවා දකින්නට එක්සත් ජනපදයට ඕනෑවිය.
*ජපානය,ආසියාව දෙස බැලුවේ කෑදරකමින්ය.මන්ද එම ප්‍රදේශවල ඔවුන්ට අවශ්‍ය තෙල්,වානේ සහ යකඩ බහුලවිය.නමුත් ඒ වන විටත් ආසියාවෙන් විශේෂයෙන් චීනයෙන් සහ අග්නිදිග ආසියාවේ සම්පත්වලින් යැපෙමින් සිටි එක්සත් ජනපදය, ජපානයට ඔවුන්ගේ ඉලක්කය වෙත යෑමේදී ඇති එක ප්‍රධාන බාධාව විය.
පර්ල් වරායේ පිහිටා තිබූ නාවුක කඳවුර ඕනෑම ප්‍රහාරයකින් සුරක්ෂිත යැයි ඇමෙරිකානුවන් තුල විශ්වාසයක් තිබිණි.නමුත් ඔවුන්ගේ විශ්වාසය බිඳ දමන්නට මනාව ප්‍රහාරය සැලසුම් කල සහ නිරවද්‍යව පුහුණුවීම් සිදුකල ජපනුන් සමත් විය.තමන් එක්සත් ජනපදයේ මෙම පැසිෆික් නාවුක කඳවුර විනාශ කල හොත් ඇමෙරිකානුවන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට නොහැකිවන තරමට ඔවුන්ගේ ආත්ම ශක්තිය බිඳවැටෙන බව ජපනුන්ගේ විශ්වාසය වන්නට ඇති.1941 දෙසැම්බර් මස 7 දා උදෑසන 8.00 පමණ වන විට පර්ල් වරාය අහස වහා වෙනස් විය.ගුවනේ ආධිපත්‍යය ජපනුන්ට නතුවිය.ජපන් ගුවන් යානා වරාය පුරා මහත් විනාශයක් සිදුකරමින් වෙඩි තබන්නටත් බෝම්බ දමන්නටත් විය.ඔවුන්ගේ බෝම්බ ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක වූයේ එක්සත් ජනපදයේ යුද නැව් සහ ගුවන් යානාය.USS-Arizona නෞකාවට එල්ල වූ ප්‍රහාරයකින් එය පිපිරී ගොස් ගිලී ගියේය.ඉන්පසු USS Oklahoma නෞකාවටද ජපන් ගුවන් යානා ප්‍රහාර එල්ල කර දැඩි හානි සිදුකරන ලදි.එම නෞකාව අවසානයේදී පෙරළී ගොස් එහි කාර්යය මණ්ඩලයද මරණයට පත්විය.නෞකා 18ක් ද ගුවන් යානා 300 කට වැඩි ප්‍රමාණයක්ද ප්‍රහාරය අවසානයේදී විනාශයට පත්ව තිබිණි.මෙම ප්‍රහාරය අවදානම් සහගත මෙන්ම ඉහළ වියදමක් දැරීමට සිදුවූවක් වුවද ජපනුන්ගේ ඉලක්ක සපුරාගන්නට එය අසමත්විය.ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබුණේ එක්සත් ජනපදය සතුවූ ගුවන් යානා ප්‍රවාහන නෞකාය.නමුත් අවාසනාවට එම නෞකා වරායේ නොතිබිණි.එම නිසා ජපන් ප්‍රහාරකයන්ට සිදුවූයේ වර්ගයේ නෞකාවලට පහර දෙන්නටය.නමුත් වරාය ආශ්රිත අනෙකුත් ව්‍යුහයන්වලට සැලකිය යුතු හානියක් ප්‍රහාරය ඔස්සේ සිදුනොවිණි.එම නිසා ඇමෙරිකානු නාවික හමුදාවට ඉක්මණින් තම බලය යළි ලබාගන්නට හැකිවිය.
ප්‍රහාරයේ ප්‍රතිවිපාක
ජපානයේ හදිසි ප්‍රහාරය ඇමෙරිකාව පුදුමයටත් පත් කලා පමණක් නොව ඔවුන් තුල දුකත් වෛරයත් ඇතිකරවන්නට සමත්විය.වහා ජාතිය ඇමතූ ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් ජනපතිවරයා කියා සිටියේ ඇමෙරිකානු නාවික හමුදාව යළි ගොඩනගන බවත් මෙම විනාශය සිදුකල රටට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.නමුත් මෙම තීරණය ඇමෙරිකානුවන් තුල ප්‍රශ්නාර්ථයක් මතු කරන්නට හේතුවූයේ පළමු ලෝක යුද්ධයේ මතකයන් තවමත් රටපුරා පවතින නිසාය.නමුත් බහුතරයකගේ සහාය සහ ජනපතිගේ දැඩි අධිෂ්ඨානය මත ජපානයට එරෙහිව යුද වැදීමටත් ,යුද්ධයට සම්බන්ධ වීමටත් තීරණයක් ක්රොංග්රසය ඉදිරියේ සම්මත කරගන්නට සමත්විය(1941 දෙසැම්බර් 8).මෙම ප්‍රහාරය ඔස්සේ ජපානය බලාපොරොත්තුවූයේ තම රටේ අපනයන සහ වෙළඳාමට එරෙහිව එක්සත් ජනපදය පනවා තිබූ බාධක ඉවත් කරගැනීමට උත්තේජයක ලබාදීම වුවද අවසානයේදී සිදුවූයේ ඇමෙරිකානුවන්ගේ කෝපය ඇවිස්සීම පමණි.
ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් සහ නාසි පක්ෂය විසින් යුරෝපය තුල ප්‍රබල තර්ජනයක් ඇතිකරන ලදි.ඊට අමතරව ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි සහ ස්පාඤ්ඤයේ ෆ්රැන්සිස්කො ෆ්රැන්කෝ ද හිට්ලර්ට පක්ෂපාතී නායකයන් විය.මෙම නායකයන් ප්රජාතන්ත්රවාදයට සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිත්‍ර රටවල ආරක්ෂාවට අභියෝගයක් විය.හිට්ලර් 1939 දී පෝලන්තය ආක්‍රමණය කීරීමෙන් යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය ඇරඹීය.නමුත් ඇමෙරිකානුවන් මධ්‍යස්ථ ප්රතිපත්තියක සිටියේය.මිත්‍ර පාර්ශ්විකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකානු මැදිහත්වීමක් අවශ්‍ය වුවද යුරෝපය තුල යුද්ධයට එක්වන්නට පෙර ඔවුන්ට පැසිෆික් කලාපයේ යුද්ධයට මැදිහත්වන්නට සිදුවූයේ ජපානය විසින් පර්ල් වරායට එල්ල කල හදිසි ප්‍රහාරය හේතුවෙනි.
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය අතර සම්බන්ධතා 1930 දශකයේ සිට ක්‍රමයෙන් නරක අතට හැරෙමින් තිබිණි.මෙම ජාතීන් දෙකටම කාර්මික බලය වැදගත්විය.නමුත් නැගෙනහිර ආසියාවේ ආර්ථිකයේ සහ දේශපාලනයේ අනාගතය ,විශේෂයෙන්ම චීනය සම්බන්ධව ඔවුන්ගේ අදහස් වෙනස් ඒවා විය.18 වන සියවස තෙක් ජපානය යනු පුරාණ දේශපාලනික සම්ප්‍රදායන්ට මුල් තැන දුන් සහ බටහිර ලෝකය සමග ඉතා අඩුවෙන් සබඳතා පැවැත්වූ රටකි.කොමදොරු මැතිව් පෙරි සහ ඇමෙරිකානු යුද නෞකා ,ජපානය එක්සත් ජනපදය සමග වෙළඳාමට සම්බන්ධ කරගන්නට උදව් විය.ඒ 1850 දශකයේදී පමණය.ඉන්පසු එළඹෙන වසර ගණනාව තුල ඔවුන් නූතන කාර්මික ජාතියක් ලෙස නැගී ඒමට ප්‍රධාන පියවර තබන ලදි.
1920,1930 දශක තුලදී ජපානය ශක්තිමත් ජාතියක් බවට පත්විය(1904-1905 සමයේ රුසියානු අධිරාජ්‍යය සමග ගැටී ඔවුන්ට තීරණාත්මක පරාජයක් ලබාදෙමින් ජපානය තම බලය ලොවට විදහා දැක්විය).නමුත් ඔවුන් සතුව තෙල්,රබර් සහ අනෙකුත් ස්වභාවික සම්පත් තිබුණේ අල්ප වශයෙනි.මෙම හේතුව නිසාම ජපානයේ දේශපාලන නායකයින්, තම අවදානය අග්නිදිග ආසියා සහ පැසිෆික් කලාපවල තිබූ ඕලන්ද ,ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය යටත්විජිත කෙරෙහි යොමුකරන ලදි.එසේම තම රටේ නිෂ්පාදන සඳහා චීනය සහ කොරියාව යන රටවල විශාල වෙළඳපොලක් තිබෙන බව ජපාන වෙළඳ ප්‍රජාවේ නායකයින් දුටුවෝය.
නැගෙනහිර ආසියාවේ ස්වභාවික සම්පත්වල අයිතිය ලබා ගැනීම සහ තමන්ගේ නිෂ්පාදන එහි අලෙවි කිරීමේ ජපාන අභිප්‍රාය යනු ආසියාව සම්බන්ධ එක්සත් ජනපදයේ සැලසුම් සමග සෘජුව ගැටීමක් බව ජපානය දැන සිටියේය.එය විශේෂයෙන්ම චීනය කෙරෙහි බලපෑවේය.වොෂින්ටනයට අවශ්‍යව තිබුණේ චිනයේ සම්පත් සහ වෙළඳ පොල තනිවම පරිභෝජනය කිරීමටයි.ඒම නිසා ජපානය හෝ වෙනත් ජාතියක් චීනයේ කටයුතුවලට මැදිහත්වෙනවා දකින්නට ඇමෙරිකාව කැමැති නොවීය.ජපානය විසින් චීනයේ මැන්චූරියාව 1931දි ආක්‍රමණය කිරීම දෙස එක්සත් ජනපදය, තම බලවත් සැලකිල්ල දැක්වූයේ මෙම හේතුව නිසාය.චීන නායකයා වූ චියාංකායිෂෙක්, ජපන් ආක්‍රමණිකයන්ට විරුද්ධව නැඟී සිටින අයුරු ,එක්සත් ජනපදය සැලකිල්ලෙන් යුතුව බලා සිටියේය.
ගිනිකොණදිග ආසියාවෙන් තමන් ලබාගන්න තෙල්,ටින් සහ රබර් සම්පත් රැකගැනීම සම්බන්ධව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලක් දක්වන ලදි.1930 දශකය තුල මෙම සම්පත් සැපයූ ප්‍රධාන සැපයුම්කරුවා වූයේ ගිනිකොණදිග ආසියාවයි.ඒ සමය වන විට මැදපෙරදිග ඛනිජ තෙල් සැපයීමේ ප්‍රමුඛයා බවත් පත්ව නොතිබිණි.මෙලෙස ජපානය සහ එක්සත් ජනපදය, එකම සම්පත් සහ ආසියානු වෙළඳපොල වෙනුවෙන් තරඟවැදී සිටියහ.කෙසේ වුවත් වෙළඳාම සම්බන්ධව මෙම ජාතීන් දෙක අතර හොඳ ගනුදෙනුවෙක් තිබිණි.ජපානය තමන්ගේ ලෝහ,තඹ සහ තෙල් අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපයා ගත්තේ එක්සත් ජනපදයෙනි.1937 සමය වන විට,ටෝකියෝව සමග තිබූ මෙම ගනුදෙනුව ක්රොන්ග්රසයේ සහ ජනපති ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් ප්‍රමුඛතම තැවුල බවට පත්ව තිබිණි.
එම වසරේම ගිම්හානයේදී ජපානය චීනය තුලට ගමන් කරන්නට විය.ඔවුන් ඉක්මණින්ම චීන වෙළරෙන් වැඩි කොටසක් අල්ලාගන්නා ලදි.චීනයේ කෙරෙන යුද ව්‍යාපාරය වෙනුවෙන් ජපානය භාවිතා කලේ එක්සත් ජනපදයෙන් ලබාගත් ලෝහ,තෙල් සහ අනෙකුත් අමුද්‍රව්‍යයන්ය.නමුත් චීනයට එරෙහිව තම අමුද්‍රව්‍ය ජපානය යොදාගන්නවාට එක්සත් ජනපදය කැමැත්තක් නොදැක්වීය.නමුත් ජපානය සහ එක්සත් ජනපදය අතර වෙළඳාම 1911 දී අත්සන් කල ටෝකියෝ සහ වොෂින්ටනය අතර ගිවිසුමට අනුව නීත්‍යානුකූල විය.නමුත් 1939 දී ඇමෙරිකානු රජය කියා සිටියේ ඉහත කී ගිවිසුම අවසන් කලබවයි.එනම් ජපානය යුද්ධය වෙනුවෙන් භාවිතා කරන අමුද්‍රව්‍ය ,තමන් තවදුරටත් ඔවුන්ට අලෙවිකරන්නේ නැතිබවයි.
වොෂින්ටනයේ මෙම තීරණය ජපාන රජයේ ව්‍යාප්තවාදී සැලසුම් ගැන ඔවුන්ටම යළි සිතා බලන්නට යැයි කියන යෝජනාවක් බඳුවිය.මෙම නිවේදනයෙන් මාසයකට පසුව ජර්මනිය සහ සෝවියට් දේශය අතර ගිවිසුමක් ඇතිවිය.ගිවිසුමට අනුව එකෙක් තවකෙකු ආක්‍රමණය නොකිරීමට බැඳී සිටියේය(නමුත් ගිවිසුම බිද දමමින් පසුකාලයේදී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කරන ලදි.).කෙසේ නමුත් මෙම ගිවිසුම ඔස්සේ ජපානය තවත් තැවුලට පත් කලේ සෝවියට් දේශය යනු ජපානයේ බලය, නැගෙනහිර ආසියාව තුල ව්‍යාප්ත කිරීමේදී සිටින ප්‍රධානතම ප්‍රතිවාදියා වීම නිසාය.
මෙම සිද්ධීන් දෙක ජපානය ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සංයමයෙන් යුතුව හසුරවන්නට උදව් විය.ජපානයේ මධ්‍යස්ථ රජය 1940 ජනවාරි තෙක් බලයේ සිටියේය.නමුත් ජපානයේ මධ්‍යස්ථ හැසිරීම වැඩිකල් පැවතුනේ නැත.
1940 වසන්ත කාලයේදී ජර්මනිය blitzkrieg හෙවත් වේගවත් ආක්‍රමණ යුරෝපය තුල සිදුකිරීම අරඹන ලදි.නාසීන් මෙම උපක්‍රමශීලී සටන් ක්‍රමය ඔස්සේ කෙටි කාලයකින් ඩෙන්මාර්කය,නොර්වේ,නෙදර්ලන්තය,බෙල්ජියම,ලක්සම්බර්ග් සහ අවසානයේදී ප්‍රංශය යන රටවල් යටත් කරගන්නා ලදි.ජර්මනිය යුරෝපයේ ලැබූ ජයග්‍රහණය දුටු ජපානයේ අන්තවාදීන් ,ආසියාවේ යුරෝපා යටත්විජිතවලට පහරදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්හ.ඔවුන් ඉක්මණින් හිට්ලර් සමග ගනුදෙනු කිරීමට යොමුවිය.ඒ අලුත් සන්ධානයක් ඇතිකර ගැනීමටය.ඉන් මාස කිහිපයකට පසුව ජපානයේ මධ්‍යස්ථ රජය ,හමුදා නායකයන් විසින් බලයෙන් ඉවත් කරන ලදි.ජපානයේ නව රජය ප්‍රධානියා මධ්‍යස්ථ මතධාරී Konoe Fumimaro වුවත් යුද අමාත්‍ය ජෙනරල් ටෝජෝ,ව්‍යාප්තවාදයට කැමැත්තෙන් සිටි අයෙකි.ඇතිවී තිබෙන තත්ත්වය යටතේ ජපානයට ක්‍රියාමාර්ගයක් ගැනීම හැර අපතේ හැරීමට කාලයක් නොතිබිණි.ඉන්දු චීනයේ උතුරු ප්‍රදේශය යටත් කරගැනීමට අවසර දෙන්න යැයි ජපානය ,ප්‍රංශයට බල කර සිටියේය.එසේම චීන නගරයක් වූ චුන්කින් වෙත තිබෙන බුරුමයේ සිට දිවෙන මාර්ගය වසා දමන්න යැයි ජපානය,බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියේය.මෙම මාර්ගය එක්සත් ජනපදය විසින් චීනයට කුලී සහ ණය පදනම මත යුදෝපකරණ සැපයූ ප්‍රධානතම මාර්ගය විය.
මෙම ක්‍රියාවන් ජපානය සහ එක්සත් ජනපදය අතර සබඳතාවයට නරක අයුරින් බලපාන ලදි.1940 වසරේ දෙවන භාගයේදී ජනපති රූස්වෙල්ට් විසින් ජපානයට තෙල් සහ ලෝහමය අමුද්‍රව්‍ය අපනයනය තහනම් කරන ලදි.ඔහුගේ පාලන තන්ත්රය විසින් චීනයට මුදල් ණයට දීමත් සිදුකරන ලදි.
ඇමෙරිකා එක්සත් ජනපදය චියාංකායිෂෙක්ගේ රජයට P-40 ප්‍රහාරක ගුවන් යානා බල ඇණියක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ගුවන් නියමුවන් සහිතව ලබාදුන්නේ Claire Chennaultගේ නායකත්වය යටතේය.ඔවුන්ට පැවරී තිබුණේ චීන සෙබලුන් ගුවන් නියමුවන් ලෙස පුහුණු කිරීමයි.මෙම භට කණ්ඩායම Flying Tigers නමින් හඳුන්වන ලදි.ඇමෙරිකානු නියෝජිතයන් බ්‍රිතාන්‍ය සහ ඕලන්ද නිලධාරීන් හමුවී ,ජපානයෙන් බටහිර පැසිෆික් කලාපයට එල්ල විය හැකි ප්‍රහාරවලට මුහුණ දීමට සැලසුම් සකස් කිරීම සම්බන්ධව සාකච්ඡා කරන ලදි.වොෂින්ටනය සහ ටෝකියෝව අතර 1941 වසරේදී දිගු සාකච්ඡා පැවැත්විණි.ඇමෙරිකානු නිලධාරීන් බලාපොරොත්තු වූයේ මෙම සාකච්ඡා මගින් ජපානය දකුණට එල්ල කරන්නට සිටින ප්‍රහාර පමා කරන බවයි.එසේම මෙම පමාව ජපානයේ මැදිහත් නායකයන්ට ඔවුන්ගේ බලය පෙන්වන්නට අවස්ථාවක්ද ලබාදෙන බව ඇමෙරිකාව සිතා සිටියේය.ඇමෙරිකාව අපේක්ෂා කල සේම ඔවුන්ගේ තීරණ හමුවේ එම කාල සමයේදී ජපානය තවදුරටත් ආක්‍රමණශීලී ක්‍රියාවන්හි නිරත වීමක් සිදු නොකරන ලදි.
නමුත් යුරෝපය තුල සිදුවීම් ජපානයේ ස්ථාවරය වෙනස් කරන්නට හේතුවක් විය.ජර්මන්-සෝවියට් ගිවිසුම කඩ කරමින් හිට්ලර් 1941 දී සෝවියට් දේශය ආක්‍රමණය කරන ලදි.මෙම තත්ත්වය හමුවේ සෝවියට් දේශයට සිය සම්පුර්ණ බලය එරට බටහිර දෙසට යොමු කරන්නට සිදුවූ අතර නැගෙනහිර දේශසිමාවේ සෝවියට් බලය අඩු විය.එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතූ ජපානය ඉන්දු චීනයේ දකුණු කොටස ආක්‍රමණයට සැරසිණි.ජපානයේ ඉන්දු චීන ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ජනපති ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් පහත පියවරයන් ගන්නා ලදි.
ඉන්පසු ජපාන රජයේ අන්තවාදීන් සහ මධ්‍යස්ථ නිලධාරීන් අතර අර්බුදය යළි ඇවිලිණි.අගමැති Konoe Fumimaro වැනි මධ්‍යස්ථ මතධාරීන් කියා සිටියේ එක්සත් ජනපදය හා එකඟතාවයකට එළඹීමට තවත් වරක් උත්සාහයක් ගත යුතුබවයි.නමුත් ජපාන යුද හමුදාව සහ නාවික හමුදාව විශ්වාස කලේ නැගෙනහිර ආසියාවෙන් සදාකාලිකවම ඇමෙරිකානු සහ යුරෝපා බලය ඉවත් කර දැමීමට යුද වැදීමට අවස්ථාව එළඹී තිබෙන බවයි.එක්සත් ජනපදයත් ජපානයත් අතර සාකච්ඡා 1941 අවසන් මාස කිහිපය පුරාවටත් ඇදීගියේය.නමුත් ජාතීන් දෙකම සිටියේ යුද්ධය අද්දරය.
මෙම කාල සමයේදී ජපානයේ රහස් පණිවුඩයක් ග්‍රහණය කරගන්නට ඇමෙරිකානු හමුදාව සමත්වේ,එක්සත් ජනපදය තම ප්‍රතිපත්ති එකවරම වෙනස් කල නිසා ජපානය ප්‍රහාරයකට සූදානම් වන බව එහි සඳහන්ව තිබී ඇත(පර්ල් වරාය ප්‍රහාරය ගැන එක්සත් ජනපදය කලින් දැන සිටියේ යැයි මතයක් තිබෙන්නේ මෙම රහස් පණිවුඩය නිසා වන්නට ඇති ).නමුත් ජපනුන්ගේ ප්‍රහාරය කවදා කොතැනකට කවර ආකාරයකින් එල්ල වේද යන්න ඇමෙරිකාව දැන සිට නොමැත.බොහෝ ඇමෙරිකානු නිලධාරීන් සිතා සිටියේ ජපානය පිලිපීනය හෝ ඒ ආශ්රිත වෙනත් ප්‍රදේශයකට ප්‍රහාරයක් එල්ල කරාවි කියාය.නමුත් ඔවුන්ගේ උපකල්පනය වැරදි ගියේය.ජපනුන්ගේ ඉලක්කය වූයේ එක්සත් ජනපදයේ ප්‍රධාන පැසිෆික් හමුදා කඳවුර වූ පර්ල් වරායයි.
Source:Learningenglish.voanews.com
-HarshaLulzSec-

මේ හේතු නිසා අවසානයේදී ජපානයට ඉතිරි වුනේ විකල්ප දෙකකි.එකක් තම ව්‍යාප්තවාදය අවසන් කිරීමයි.අනෙක් තමන් ඉදිරියේ ඇති බාධකය ඉවත් කිරීමයි.ඔවුන් දෙවැන්න තෝරාගත්හ.
ප්‍රහාරය සඳහා ජපනුන් පැසිෆික් සාගරය ඔස්සේ පැමිණි අයුරු සහ ආපසු ජපානයට ගිය අයුරු
ප්‍රහාරය සහ ප්‍රතිවිපාක
ප්‍රහාරය කෙටියෙන්
පර්ල් වරායේ පිහිටා තිබූ නාවුක කඳවුර ඕනෑම ප්‍රහාරයකින් සුරක්ෂිත යැයි ඇමෙරිකානුවන් තුල විශ්වාසයක් තිබිණි.නමුත් ඔවුන්ගේ විශ්වාසය බිඳ දමන්නට මනාව ප්‍රහාරය සැලසුම් කල සහ නිරවද්‍යව පුහුණුවීම් සිදුකල ජපනුන් සමත් විය.තමන් එක්සත් ජනපදයේ මෙම පැසිෆික් නාවුක කඳවුර විනාශ කල හොත් ඇමෙරිකානුවන්ට ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට නොහැකිවන තරමට ඔවුන්ගේ ආත්ම ශක්තිය බිඳවැටෙන බව ජපනුන්ගේ විශ්වාසය වන්නට ඇති.1941 දෙසැම්බර් මස 7 දා උදෑසන 8.00 පමණ වන විට පර්ල් වරාය අහස වහා වෙනස් විය.ගුවනේ ආධිපත්‍යය ජපනුන්ට නතුවිය.ජපන් ගුවන් යානා වරාය පුරා මහත් විනාශයක් සිදුකරමින් වෙඩි තබන්නටත් බෝම්බ දමන්නටත් විය.ඔවුන්ගේ බෝම්බ ප්‍රහාරවල ප්‍රධාන ඉලක්ක වූයේ එක්සත් ජනපදයේ යුද නැව් සහ ගුවන් යානාය.USS-Arizona නෞකාවට එල්ල වූ ප්‍රහාරයකින් එය පිපිරී ගොස් ගිලී ගියේය.ඉන්පසු USS Oklahoma නෞකාවටද ජපන් ගුවන් යානා ප්‍රහාර එල්ල කර දැඩි හානි සිදුකරන ලදි.එම නෞකාව අවසානයේදී පෙරළී ගොස් එහි කාර්යය මණ්ඩලයද මරණයට පත්විය.නෞකා 18ක් ද ගුවන් යානා 300 කට වැඩි ප්‍රමාණයක්ද ප්‍රහාරය අවසානයේදී විනාශයට පත්ව තිබිණි.මෙම ප්‍රහාරය අවදානම් සහගත මෙන්ම ඉහළ වියදමක් දැරීමට සිදුවූවක් වුවද ජපනුන්ගේ ඉලක්ක සපුරාගන්නට එය අසමත්විය.ඔවුන්ගේ ප්‍රධාන ඉලක්කය වී තිබුණේ එක්සත් ජනපදය සතුවූ ගුවන් යානා ප්‍රවාහන නෞකාය.නමුත් අවාසනාවට එම නෞකා වරායේ නොතිබිණි.එම නිසා ජපන් ප්‍රහාරකයන්ට සිදුවූයේ වර්ගයේ නෞකාවලට පහර දෙන්නටය.නමුත් වරාය ආශ්රිත අනෙකුත් ව්‍යුහයන්වලට සැලකිය යුතු හානියක් ප්‍රහාරය ඔස්සේ සිදුනොවිණි.එම නිසා ඇමෙරිකානු නාවික හමුදාවට ඉක්මණින් තම බලය යළි ලබාගන්නට හැකිවිය.
ප්‍රහාරයේ ප්‍රතිවිපාක
ජපානයේ හදිසි ප්‍රහාරය ඇමෙරිකාව පුදුමයටත් පත් කලා පමණක් නොව ඔවුන් තුල දුකත් වෛරයත් ඇතිකරවන්නට සමත්විය.වහා ජාතිය ඇමතූ ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් ජනපතිවරයා කියා සිටියේ ඇමෙරිකානු නාවික හමුදාව යළි ගොඩනගන බවත් මෙම විනාශය සිදුකල රටට එරෙහිව යුදමය ක්‍රියාමාර්ග ගන්නා බවත්ය.නමුත් මෙම තීරණය ඇමෙරිකානුවන් තුල ප්‍රශ්නාර්ථයක් මතු කරන්නට හේතුවූයේ පළමු ලෝක යුද්ධයේ මතකයන් තවමත් රටපුරා පවතින නිසාය.නමුත් බහුතරයකගේ සහාය සහ ජනපතිගේ දැඩි අධිෂ්ඨානය මත ජපානයට එරෙහිව යුද වැදීමටත් ,යුද්ධයට සම්බන්ධ වීමටත් තීරණයක් ක්රොංග්රසය ඉදිරියේ සම්මත කරගන්නට සමත්විය(1941 දෙසැම්බර් 8).මෙම ප්‍රහාරය ඔස්සේ ජපානය බලාපොරොත්තුවූයේ තම රටේ අපනයන සහ වෙළඳාමට එරෙහිව එක්සත් ජනපදය පනවා තිබූ බාධක ඉවත් කරගැනීමට උත්තේජයක ලබාදීම වුවද අවසානයේදී සිදුවූයේ ඇමෙරිකානුවන්ගේ කෝපය ඇවිස්සීම පමණි.
ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් ජනපතිවරයා
පර්ල් වරාය ප්‍රහාරයට පෙර එක්සත් ජනපදය සහ ජපානය අතර සබඳතාවය
ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් සහ නාසි පක්ෂය විසින් යුරෝපය තුල ප්‍රබල තර්ජනයක් ඇතිකරන ලදි.ඊට අමතරව ඉතාලියේ බෙනිටෝ මුසෝලිනි සහ ස්පාඤ්ඤයේ ෆ්රැන්සිස්කො ෆ්රැන්කෝ ද හිට්ලර්ට පක්ෂපාතී නායකයන් විය.මෙම නායකයන් ප්රජාතන්ත්රවාදයට සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ මිත්‍ර රටවල ආරක්ෂාවට අභියෝගයක් විය.හිට්ලර් 1939 දී පෝලන්තය ආක්‍රමණය කීරීමෙන් යුරෝපය තුල දෙවන ලෝක යුද්ධය ඇරඹීය.නමුත් ඇමෙරිකානුවන් මධ්‍යස්ථ ප්රතිපත්තියක සිටියේය.මිත්‍ර පාර්ශ්විකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇමෙරිකානු මැදිහත්වීමක් අවශ්‍ය වුවද යුරෝපය තුල යුද්ධයට එක්වන්නට පෙර ඔවුන්ට පැසිෆික් කලාපයේ යුද්ධයට මැදිහත්වන්නට සිදුවූයේ ජපානය විසින් පර්ල් වරායට එල්ල කල හදිසි ප්‍රහාරය හේතුවෙනි.
මුසෝලිනී සහ හිට්ලර්
ඇමෙරිකා එක්සත් ජනපදය සහ ජපානය අතර සම්බන්ධතා 1930 දශකයේ සිට ක්‍රමයෙන් නරක අතට හැරෙමින් තිබිණි.මෙම ජාතීන් දෙකටම කාර්මික බලය වැදගත්විය.නමුත් නැගෙනහිර ආසියාවේ ආර්ථිකයේ සහ දේශපාලනයේ අනාගතය ,විශේෂයෙන්ම චීනය සම්බන්ධව ඔවුන්ගේ අදහස් වෙනස් ඒවා විය.18 වන සියවස තෙක් ජපානය යනු පුරාණ දේශපාලනික සම්ප්‍රදායන්ට මුල් තැන දුන් සහ බටහිර ලෝකය සමග ඉතා අඩුවෙන් සබඳතා පැවැත්වූ රටකි.කොමදොරු මැතිව් පෙරි සහ ඇමෙරිකානු යුද නෞකා ,ජපානය එක්සත් ජනපදය සමග වෙළඳාමට සම්බන්ධ කරගන්නට උදව් විය.ඒ 1850 දශකයේදී පමණය.ඉන්පසු එළඹෙන වසර ගණනාව තුල ඔවුන් නූතන කාර්මික ජාතියක් ලෙස නැගී ඒමට ප්‍රධාන පියවර තබන ලදි.
කොමදොරු මැතිව් පෙරි
1920,1930 දශක තුලදී ජපානය ශක්තිමත් ජාතියක් බවට පත්විය(1904-1905 සමයේ රුසියානු අධිරාජ්‍යය සමග ගැටී ඔවුන්ට තීරණාත්මක පරාජයක් ලබාදෙමින් ජපානය තම බලය ලොවට විදහා දැක්විය).නමුත් ඔවුන් සතුව තෙල්,රබර් සහ අනෙකුත් ස්වභාවික සම්පත් තිබුණේ අල්ප වශයෙනි.මෙම හේතුව නිසාම ජපානයේ දේශපාලන නායකයින්, තම අවදානය අග්නිදිග ආසියා සහ පැසිෆික් කලාපවල තිබූ ඕලන්ද ,ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය යටත්විජිත කෙරෙහි යොමුකරන ලදි.එසේම තම රටේ නිෂ්පාදන සඳහා චීනය සහ කොරියාව යන රටවල විශාල වෙළඳපොලක් තිබෙන බව ජපාන වෙළඳ ප්‍රජාවේ නායකයින් දුටුවෝය.
1931 දී ජපානය ,චීනයේ මැන්චූරියා ප්‍රදේශය ආක්‍රමණය කරන ලදි.
නැගෙනහිර ආසියාවේ ස්වභාවික සම්පත්වල අයිතිය ලබා ගැනීම සහ තමන්ගේ නිෂ්පාදන එහි අලෙවි කිරීමේ ජපාන අභිප්‍රාය යනු ආසියාව සම්බන්ධ එක්සත් ජනපදයේ සැලසුම් සමග සෘජුව ගැටීමක් බව ජපානය දැන සිටියේය.එය විශේෂයෙන්ම චීනය කෙරෙහි බලපෑවේය.වොෂින්ටනයට අවශ්‍යව තිබුණේ චිනයේ සම්පත් සහ වෙළඳ පොල තනිවම පරිභෝජනය කිරීමටයි.ඒම නිසා ජපානය හෝ වෙනත් ජාතියක් චීනයේ කටයුතුවලට මැදිහත්වෙනවා දකින්නට ඇමෙරිකාව කැමැති නොවීය.ජපානය විසින් චීනයේ මැන්චූරියාව 1931දි ආක්‍රමණය කිරීම දෙස එක්සත් ජනපදය, තම බලවත් සැලකිල්ල දැක්වූයේ මෙම හේතුව නිසාය.චීන නායකයා වූ චියාංකායිෂෙක්, ජපන් ආක්‍රමණිකයන්ට විරුද්ධව නැඟී සිටින අයුරු ,එක්සත් ජනපදය සැලකිල්ලෙන් යුතුව බලා සිටියේය.
චීන නායකයා - චියාංකායිෂෙක්
ගිනිකොණදිග ආසියාවෙන් තමන් ලබාගන්න තෙල්,ටින් සහ රබර් සම්පත් රැකගැනීම සම්බන්ධව එක්සත් ජනපදය දැඩි සැලකිල්ලක් දක්වන ලදි.1930 දශකය තුල මෙම සම්පත් සැපයූ ප්‍රධාන සැපයුම්කරුවා වූයේ ගිනිකොණදිග ආසියාවයි.ඒ සමය වන විට මැදපෙරදිග ඛනිජ තෙල් සැපයීමේ ප්‍රමුඛයා බවත් පත්ව නොතිබිණි.මෙලෙස ජපානය සහ එක්සත් ජනපදය, එකම සම්පත් සහ ආසියානු වෙළඳපොල වෙනුවෙන් තරඟවැදී සිටියහ.කෙසේ වුවත් වෙළඳාම සම්බන්ධව මෙම ජාතීන් දෙක අතර හොඳ ගනුදෙනුවෙක් තිබිණි.ජපානය තමන්ගේ ලෝහ,තඹ සහ තෙල් අවශ්‍යතාවයෙන් වැඩි ප්‍රමාණයක් සපයා ගත්තේ එක්සත් ජනපදයෙනි.1937 සමය වන විට,ටෝකියෝව සමග තිබූ මෙම ගනුදෙනුව ක්රොන්ග්රසයේ සහ ජනපති ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් ප්‍රමුඛතම තැවුල බවට පත්ව තිබිණි.
එම වසරේම ගිම්හානයේදී ජපානය චීනය තුලට ගමන් කරන්නට විය.ඔවුන් ඉක්මණින්ම චීන වෙළරෙන් වැඩි කොටසක් අල්ලාගන්නා ලදි.චීනයේ කෙරෙන යුද ව්‍යාපාරය වෙනුවෙන් ජපානය භාවිතා කලේ එක්සත් ජනපදයෙන් ලබාගත් ලෝහ,තෙල් සහ අනෙකුත් අමුද්‍රව්‍යයන්ය.නමුත් චීනයට එරෙහිව තම අමුද්‍රව්‍ය ජපානය යොදාගන්නවාට එක්සත් ජනපදය කැමැත්තක් නොදැක්වීය.නමුත් ජපානය සහ එක්සත් ජනපදය අතර වෙළඳාම 1911 දී අත්සන් කල ටෝකියෝ සහ වොෂින්ටනය අතර ගිවිසුමට අනුව නීත්‍යානුකූල විය.නමුත් 1939 දී ඇමෙරිකානු රජය කියා සිටියේ ඉහත කී ගිවිසුම අවසන් කලබවයි.එනම් ජපානය යුද්ධය වෙනුවෙන් භාවිතා කරන අමුද්‍රව්‍ය ,තමන් තවදුරටත් ඔවුන්ට අලෙවිකරන්නේ නැතිබවයි.
ක්‍රම ක්‍රමයෙන් ජපානය ,චීනය තුල තම බලය ව්‍යාප්ත කල අයුරු
වොෂින්ටනයේ මෙම තීරණය ජපාන රජයේ ව්‍යාප්තවාදී සැලසුම් ගැන ඔවුන්ටම යළි සිතා බලන්නට යැයි කියන යෝජනාවක් බඳුවිය.මෙම නිවේදනයෙන් මාසයකට පසුව ජර්මනිය සහ සෝවියට් දේශය අතර ගිවිසුමක් ඇතිවිය.ගිවිසුමට අනුව එකෙක් තවකෙකු ආක්‍රමණය නොකිරීමට බැඳී සිටියේය(නමුත් ගිවිසුම බිද දමමින් පසුකාලයේදී ජර්මනිය විසින් සෝවියට් දේශය ආක්‍රමණය කරන ලදි.).කෙසේ නමුත් මෙම ගිවිසුම ඔස්සේ ජපානය තවත් තැවුලට පත් කලේ සෝවියට් දේශය යනු ජපානයේ බලය, නැගෙනහිර ආසියාව තුල ව්‍යාප්ත කිරීමේදී සිටින ප්‍රධානතම ප්‍රතිවාදියා වීම නිසාය.
මෙම සිද්ධීන් දෙක ජපානය ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සංයමයෙන් යුතුව හසුරවන්නට උදව් විය.ජපානයේ මධ්‍යස්ථ රජය 1940 ජනවාරි තෙක් බලයේ සිටියේය.නමුත් ජපානයේ මධ්‍යස්ථ හැසිරීම වැඩිකල් පැවතුනේ නැත.
1940 මැයි 14 දා ජර්මන් ගුවන් ප්‍රහාරවලින් විනාශ වූ නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරය
1940 වසන්ත කාලයේදී ජර්මනිය blitzkrieg හෙවත් වේගවත් ආක්‍රමණ යුරෝපය තුල සිදුකිරීම අරඹන ලදි.නාසීන් මෙම උපක්‍රමශීලී සටන් ක්‍රමය ඔස්සේ කෙටි කාලයකින් ඩෙන්මාර්කය,නොර්වේ,නෙදර්ලන්තය,බෙල්ජියම,ලක්සම්බර්ග් සහ අවසානයේදී ප්‍රංශය යන රටවල් යටත් කරගන්නා ලදි.ජර්මනිය යුරෝපයේ ලැබූ ජයග්‍රහණය දුටු ජපානයේ අන්තවාදීන් ,ආසියාවේ යුරෝපා යටත්විජිතවලට පහරදීමේ අවශ්‍යතාවය පෙන්වා දුන්හ.ඔවුන් ඉක්මණින් හිට්ලර් සමග ගනුදෙනු කිරීමට යොමුවිය.ඒ අලුත් සන්ධානයක් ඇතිකර ගැනීමටය.ඉන් මාස කිහිපයකට පසුව ජපානයේ මධ්‍යස්ථ රජය ,හමුදා නායකයන් විසින් බලයෙන් ඉවත් කරන ලදි.ජපානයේ නව රජය ප්‍රධානියා මධ්‍යස්ථ මතධාරී Konoe Fumimaro වුවත් යුද අමාත්‍ය ජෙනරල් ටෝජෝ,ව්‍යාප්තවාදයට කැමැත්තෙන් සිටි අයෙකි.ඇතිවී තිබෙන තත්ත්වය යටතේ ජපානයට ක්‍රියාමාර්ගයක් ගැනීම හැර අපතේ හැරීමට කාලයක් නොතිබිණි.ඉන්දු චීනයේ උතුරු ප්‍රදේශය යටත් කරගැනීමට අවසර දෙන්න යැයි ජපානය ,ප්‍රංශයට බල කර සිටියේය.එසේම චීන නගරයක් වූ චුන්කින් වෙත තිබෙන බුරුමයේ සිට දිවෙන මාර්ගය වසා දමන්න යැයි ජපානය,බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා සිටියේය.මෙම මාර්ගය එක්සත් ජනපදය විසින් චීනයට කුලී සහ ණය පදනම මත යුදෝපකරණ සැපයූ ප්‍රධානතම මාර්ගය විය.
යුද අමාත්‍ය ජෙනරල් ටෝජෝ
මෙම ක්‍රියාවන් ජපානය සහ එක්සත් ජනපදය අතර සබඳතාවයට නරක අයුරින් බලපාන ලදි.1940 වසරේ දෙවන භාගයේදී ජනපති රූස්වෙල්ට් විසින් ජපානයට තෙල් සහ ලෝහමය අමුද්‍රව්‍ය අපනයනය තහනම් කරන ලදි.ඔහුගේ පාලන තන්ත්රය විසින් චීනයට මුදල් ණයට දීමත් සිදුකරන ලදි.
ඇමෙරිකා එක්සත් ජනපදය චියාංකායිෂෙක්ගේ රජයට P-40 ප්‍රහාරක ගුවන් යානා බල ඇණියක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වූ ගුවන් නියමුවන් සහිතව ලබාදුන්නේ Claire Chennaultගේ නායකත්වය යටතේය.ඔවුන්ට පැවරී තිබුණේ චීන සෙබලුන් ගුවන් නියමුවන් ලෙස පුහුණු කිරීමයි.මෙම භට කණ්ඩායම Flying Tigers නමින් හඳුන්වන ලදි.ඇමෙරිකානු නියෝජිතයන් බ්‍රිතාන්‍ය සහ ඕලන්ද නිලධාරීන් හමුවී ,ජපානයෙන් බටහිර පැසිෆික් කලාපයට එල්ල විය හැකි ප්‍රහාරවලට මුහුණ දීමට සැලසුම් සකස් කිරීම සම්බන්ධව සාකච්ඡා කරන ලදි.වොෂින්ටනය සහ ටෝකියෝව අතර 1941 වසරේදී දිගු සාකච්ඡා පැවැත්විණි.ඇමෙරිකානු නිලධාරීන් බලාපොරොත්තු වූයේ මෙම සාකච්ඡා මගින් ජපානය දකුණට එල්ල කරන්නට සිටින ප්‍රහාර පමා කරන බවයි.එසේම මෙම පමාව ජපානයේ මැදිහත් නායකයන්ට ඔවුන්ගේ බලය පෙන්වන්නට අවස්ථාවක්ද ලබාදෙන බව ඇමෙරිකාව සිතා සිටියේය.ඇමෙරිකාව අපේක්ෂා කල සේම ඔවුන්ගේ තීරණ හමුවේ එම කාල සමයේදී ජපානය තවදුරටත් ආක්‍රමණශීලී ක්‍රියාවන්හි නිරත වීමක් සිදු නොකරන ලදි.
P-40 ප්‍රහාරක ගුවන් යානා
නමුත් යුරෝපය තුල සිදුවීම් ජපානයේ ස්ථාවරය වෙනස් කරන්නට හේතුවක් විය.ජර්මන්-සෝවියට් ගිවිසුම කඩ කරමින් හිට්ලර් 1941 දී සෝවියට් දේශය ආක්‍රමණය කරන ලදි.මෙම තත්ත්වය හමුවේ සෝවියට් දේශයට සිය සම්පුර්ණ බලය එරට බටහිර දෙසට යොමු කරන්නට සිදුවූ අතර නැගෙනහිර දේශසිමාවේ සෝවියට් බලය අඩු විය.එම අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතූ ජපානය ඉන්දු චීනයේ දකුණු කොටස ආක්‍රමණයට සැරසිණි.ජපානයේ ඉන්දු චීන ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීමක් ලෙස ජනපති ෆ්රෑන්ක්ලීන් රූස්වෙල්ට් පහත පියවරයන් ගන්නා ලදි.
1.එක්සත් ජනපදයේ තිබූ ජපානයේ ධනය රාජසන්තක කිරීම.
2.පිලිපීනයේ හමුදා ඇමෙරිකාව යටතට ගන්නා ලදි.
3.පැනමා ඇළ මාර්ගය ජපාන නැව් සඳහා භාවිතා කිරීම තහනම් කරන ලදි.

පැනමා ඇළ මාර්ගය
රතු පැහැයෙන්-පැසිෆික් යුද්ධය ඇරඹුණු වහාම ජපානය විසින් යටත් කරගත් ප්‍රදේශ , කහ පැහැයෙන්-ජපානය උපරිම හමුදා ව්‍යාප්තිය(1942 අගෝස්තු)
ඉන්පසු ජපාන රජයේ අන්තවාදීන් සහ මධ්‍යස්ථ නිලධාරීන් අතර අර්බුදය යළි ඇවිලිණි.අගමැති Konoe Fumimaro වැනි මධ්‍යස්ථ මතධාරීන් කියා සිටියේ එක්සත් ජනපදය හා එකඟතාවයකට එළඹීමට තවත් වරක් උත්සාහයක් ගත යුතුබවයි.නමුත් ජපාන යුද හමුදාව සහ නාවික හමුදාව විශ්වාස කලේ නැගෙනහිර ආසියාවෙන් සදාකාලිකවම ඇමෙරිකානු සහ යුරෝපා බලය ඉවත් කර දැමීමට යුද වැදීමට අවස්ථාව එළඹී තිබෙන බවයි.එක්සත් ජනපදයත් ජපානයත් අතර සාකච්ඡා 1941 අවසන් මාස කිහිපය පුරාවටත් ඇදීගියේය.නමුත් ජාතීන් දෙකම සිටියේ යුද්ධය අද්දරය.
1930 පෙර විවිධ රටවල් විසින් පවත්වාගෙන ගිය ආසියාවේ යටත්විජිත
අගමැති Konoe Fumimaro