ජපානයේ NISSAN බංකොලොත් වෙයි...20000කට රැකියා අහිමි වෙයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,465
    47,540
    113
    fybHii6.jpeg


    ලොව ප්‍රමුඛතම මෝටර් රථ නිෂ්පාදක සමාගමක් වන නිසාන් සමාගම සිය මෝටර් රථවල අලෙවිය පහත වැටීම හේතුවෙන් රැකියා කප්පාදු කිරීමක් සහ කර්මාන්ත ශාලා කිහිපයක් වසා දැමීමට තීරණය කර තිබේ.

    ඒ අනුව ගෝලීය වශයෙන් තවත් රැකියා 11,000කට ආසන්න ප්‍රමාණයක් කපා හැරීමට සහ කර්මාන්ත ශාලා 07ක් වසා දැමීමට එම සමාගම තීරණය කර ඇත.

    පසුගිය නොවැම්බර් මාසයේදී එම සමාගම විසින් ගෝලීය වශයෙන් රැකියා කප්පාදු කිරීම් 9,000ක් සිදුකළ අතර මෙම නවතම කප්පාදු කිරීමත් සමග එම සමාගම විසින් ප්‍රකාශයට පත් කරන ලද මුළු සේවක ඉවත් කිරීම 20,000කට ආසන්න අගයක් ගන්නා අතර එය එහි ශ්‍රම බලකායෙන් 15%ක අගයකි.

    නිසාන් සමාගමේ ගෝලිය වශයෙන් පුද්ගලයින් 133,500ක් පමණ සේවය කරනු ලබයි.

    චීනයේ ප්‍රතිවාදි සමාගම්වල තරගකාරීත්වයට එරෙහිව සටන් කිරීම සඳහා නිසාන් සමාගම සහ ඔවුන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හොන්ඩා සමාගම සමග එක්ව ඔවුන්ගේ ව්‍යාපාර ඒකාබද්ධ කිරීමට මින් පෙර සැලසුම් කර තිබුණි.

    එහෙත් ඒ සඳහා වූ සාකච්ඡා බිඳ වැටී ඇති අතර ඊට හේතුව වී ඇත්තේ එම සමාගම් දෙක බිලියන ගණනක ගිවිසුමකට එකඟ නොවීම හේතුවෙනි.

    මේ අතර විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ මෙම ඒකාබද්ධ කිරීම සිදු වූයේ නම් ඩොලර් බිලියන 60ක මෝටර් රථ කර්මාන්ත දැවැන්තයෙකු නිර්මාණය වීමට ඉඩ තිබූ අතර එය ටොයොටා, වොක්ස්වැගන් සහ හුන්ඩායිවලට පසු වාහන අලෙවියෙන් ලොව සිව්වන විශාලතම සමාගම වනු ඇති බවත්ය.

    එමෙන්ම සමාගම් දෙක අතර පැවැති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු එවකට නිසාන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීවරයා වූ මකෝටෝ උචිඩා වෙනුවට එම සමාගමේ ප්‍රධාන සැලසුම් නිලධාරියා සහ එහි මෝටර් රථ ක්‍රීඩා අංශයේ ප්‍රධානියා වූ අයිවන් එස්පිනෝසා පත් කිරීමට එම සමාගම පියවර ගෙන තිබුණි.

    කෙසේ වෙතත් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තීරුබදු හේතුවෙන් සමාගමට තවදුරටත් පීඩනයක් එල්ල වී ඇති අතර ඒ සමග නිසාන් සමාගම වාර්ෂිකව ඩොලර් බිලියන 4.5ක පාඩුවක් වාර්තා කර ඇති බවත් සඳහන් වේ.

    https://www.euronews.com/business/2...20000-jobs-as-japanese-automaker-reports-loss
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Apart from Nissan Petrol and Leaf (it's not Tesla but ideal car for city) rest of their lineup is bad. Nothing exciting.
    dude, leaf is the definition of bad. It's one of the worst product from nissan.
    even as a big EV fan, nissan leaf is the worst thing happend to EV industry. It made people run away from EVs. I'm still skepticle whether they made ths whole leaf project to ruin the EV reputation and push people to keep buying ice & hybrid cars.
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,242
    3,799
    113
    LONDON
    dude, leaf is the definition of bad. It's one of the worst product from nissan.
    even as an big EV fan, nissan leaf is the worst thing happend to EV industry. It made people run away from EVs. I'm still skepticle whether they made ths whole leaf project to ruin the EV reputation and push people to keep buying ice & hybrid cars.
    Leaf made exclusively for city drive. It's simple. It was introduced in 2010 and first gen range is abysmal but they improved. It's quiet, comfortable car. Problem is people expected it to work as a gasoline powered cars. When they introduced these there were very few charging points available and took ages to fully charge, that's what make it undesirable. New gen is miles better than those initial cars.
     

    Similar threads