ජපානයේ නැවතත් භූ කම්පනයක්.
ඊසාන දිග ජපානයේ අද (10) සිදුවු ප්‍රබල භූ කම්පනයක් නිසා එහි වෙරළ ප්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ජපාන කාලගුණ විද්‍යා ආයතනය ප්‍රකාශ කළේ රික්ටර් පරිමාණයේ 7.1 ක භූ කම්පනයක් එහි සිදුව ඇති බවයි. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ මීට මාස 04 කට පෙර සුනාමි රළ පහරකට ගොදුරු වූ මියාගි සහ ෆුකුෂිමා ප්රදේශවලටයි. පසුගිය භූ කම්පනයෙන් හා සුනාමියෙන් විනාශයට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ කාර්ය මණ්ඩලද පෙර සූදානමක් ලෙස ඉවත් කරගෙන තිබෙනවා. පසුගිය මාර්තු 11 වැනිදා ජපානයේ ඇතිවු රික්ටර් පරිමාණයේ 9 ක ප්‍රබල භූ කම්පනයෙන් සහ සුනාමියෙන් පුද්ගලයන් 14,000 ක් මියගියා.