ජපානයේ නැවතත් භූ කම්පනයක්.

Double S

Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ජපානයේ නැවතත් භූ කම්පනයක්.

    ඊසාන දිග ජපානයේ අද (10) සිදුවු ප‍්‍රබල භූ කම්පනයක් නිසා එහි වෙරළ ප‍්‍රදේශයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ජපාන කාලගුණ විද්‍යා ආයතනය ප‍්‍රකාශ කළේ රික්ටර් පරිමාණයේ 7.1 ක භූ කම්පනයක් එහි සිදුව ඇති බවයි. සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත්තේ මීට මාස 04 කට පෙර සුනාමි රළ පහරකට ගොදුරු වූ මියාගි සහ ෆුකුෂිමා ප‍්‍රදේශවලටයි. පසුගිය භූ කම්පනයෙන් හා සුනාමියෙන් විනාශයට පත් ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ කාර්ය මණ්ඩලද පෙර සූදානමක් ලෙස ඉවත් කරගෙන තිබෙනවා. පසුගිය මාර්තු 11 වැනිදා ජපානයේ ඇතිවු රික්ටර් පරිමාණයේ 9 ක ප‍්‍රබල භූ කම්පනයෙන් සහ සුනාමියෙන් පුද්ගලයන් 14,000 ක් මියගියා.

     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    ජපානය සුනාමි අවදානම ඉවත් කර ගනී.
    ඊසාන දිග ජපානයේ වෙරළට ඔබ්බෙන් අද සිදුවු ප‍්‍රබල භූ කම්පනයට පසු නිකුත් කළ සුනාමි අවදානම දැන් ඉවත් කරගෙන තිබෙනවා. රික්ටර් පරිමාණයේ 7.1 එම භූ කම්පනයෙන් ජීවිත හෝ දේපළ හානි සිදුවු බවක්ද වාර්තා වී නැහැ. සුනාමි අවදානම නිකුත් කෙරුණේ මීට මාස 04 කට පෙර ප‍්‍රබල සුනාමියකට ගොදුරු වූ ෆුකුෂිමා සහ මියාගි වැනි ප‍්‍රදේශවලටයි. අද භූ කම්පනයෙන් මීටරයකට වඩා උසින් අඩු සුළු සුනාමි රළ පහරක් ජපානයේ ඇතැම් වෙරළ ප‍්‍රදේශවලට පැමිණ තිබෙනවා. ප‍්‍රබල සුනාමියක් ඇතිවීමේ අවදානම ඉවත් කර ගෙන ඇත්තේ ඉන් අනතුරුවයි.