ජපාන භූකම්පනයෙන් පෘථිවිය අඟල් 4ක් ඇලවෙයි.

ජපානයේ සිදුවු භූ කම්පනය හේතුවෙන් පෘථිවියේ ආනතිය අඟල් 4 කින් පමණ වෙනස් වී ඇති බව වාර්තා වනවා. ඇමරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය සඳහන් කරන්නේ මේ හේතුවෙන් ජපානයේ ප්‍රධාන දූපත් රැසක් අඩි 8 ක් පමණ නැගෙනහිර දෙසට විස්ථාපනය වී ඇති බවයි. භූ කම්පනය නිසා මේ වනවිට පුද්ගලයින් 1300 ක් පමණ මියගොස් ඇති බවයි ජපානය නිල වශයෙන් ප්‍රකාශ කර ඇත්තේ. එහෙත් සිදුවු ජීවිත හානි සහ දේපළ හානි මීට වඩා අධික විය හැකි බව නිලනොවන වාර්තා ප්‍රකාශ කළා.
මීට අමතරව ජපානය ආශි‍්‍රතව පිහිටි භූ තලය මීටර් 18 ක් පමණ විස්ථාපනය වී ඇති බව සඳහන්. මේ අතර, ජපානයේ ෆුකුෂිමා ප්‍රදේශයේ අද (12) සිදුවු න්‍යෂ්ටික බලාගාර පිපිරීමකින් එහි සේවය කළ සේවකයන් කිහිප දෙනෙකුට තුවාල සිදුවී තිබෙනවා. න්‍යෂ්ටික බලාගාරයේ පිපිරීමෙන් විකිරණශීලි ද්‍රව්‍ය විශාල වශයෙන් පරිසරයට මුදාහැරෙන බව විදෙස් වාර්තාවල සඳහන්. මේ හේතුවෙන් න්‍යෂ්ටික බලාගාරයේ අවට සිටින ප්‍රදේශවාසීන් ඉවත් කිරීමට ජපාන රජය මේ වනවිට පියවර ගෙන තිබෙනවා. ජපානයේ සිදුවු ප්‍රබල භූ කම්පනයෙන් විවිධ රටවල් වෙත ලබාදුන් සුනාමි අනතුරු ඇඟවීම් මේ වනවිට ඉවත් කරගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
source