ජප කළ යෝගියා ගෑනු පෙරේතයකුට බිලි වෙලා
මිනිස්සු ආර්ථික දියුණුව හා ආධ්‍යාත්මික දියුණුව සඳහා උත්සාහයෙන් කටයුතු කරති. පුද්ගලයාගේ පරිසර හා සමාජ ආශ්‍රය අනුව එහි අනුපාතිකත්වය වෙනස් වේ.
මනස හා අධ්‍යාත්මිකත්වය පිළිබඳ මොකුත්ම නොදන්නා මිනිස්සු ද නැතිවා නොවේ.කෙනෙක් භූතාත්මවල බලපෑම නිසා තමන්ට අධි මානසික හැකියාවක් ඇතැයි විකාර කරති . එය සමාජයට පෙන්වන්නට උත්සාහ කරති.එයට රැවටෙන මෝඩයින් ගේ සැලකිළි නිසා තමන්ට සුවිශේෂී හැකියාවක් ඇතැයි පවසමින් රෝගීන් සුවපත් කරන්නට අනුන්ගේ ප්‍රශ්න විසඳන්නට උපදෙස් දෙති.
තවත් කෙනෙක් පළපුරුදු ගුරුවරයෙකු නැතිව අධ්‍යාත්මික දියුණුවක් ලබන්නට යැයි හිතුවක්කාරව යෝග භාවනා කරන්නට ගොස් පාර වරද්දා ගෙන විකාර කරති .දුකට කරදරයට පත්ව එල්ලෙන්නට වැල් නැතිව පිදුරු ගස්වල එල්ලෙන මිනිස්සු මේවාට රැවටෙති.මෙවැනි මහා මන්ත්‍රාචාර්යයෝ,දේව ගැතියෝ අනුන්ගේ නඩු හබ වලින් ජය ලබාදීමට ලක්ෂ ගණන් මුදල් අයකරමින් කටයුතු කරද්දී තමන්ගේ නඩුවෙන් පරදින අවස්ථා ද ඇත.
තිස්ස මාතලේ ප්‍රදේශයේ ප්‍රසිද්ධ භාවනා ගුරුවරයෙකි.හැට එක් හැවිරිදි ඔහු ජ්‍යොතිෂඥයෙක් ද වෙයි.සෙත් කවි රචකයෙකි.ඔහුගෙන් භාවනා උපදෙස් ගන්නට බොහෝ දෙනා පැමිණෙති.අනෙක් ස්ථානවල මෙන්ම මෙතැනට ද පැමිණෙන බොහෝ දෙනෙක් කාන්තාවෝය.තිස්ස තම අධ්‍යාත්මීය හා ගුප්ත විද්‍යා ශක්ති පිළිබිඹු වන අයුරින් තම ඇඳුම පැළඳුම හා කොණ්ඩය ද සකසා ගෙන තිබුණේ ගාම්භීරත්වයක් ප්‍රදර්ශනය වන අයුරිනි.හිටි හැටියේ තිස්සගේ චර්යාවන් වෙනස් වෙන්නට විය.රාත්‍රියට හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වෙන්නට විය. ශරීරය දහදියෙන් නැහැවෙන්නට විය. කායික ආබාධවලට වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් කිසිදු සුවයක් නොලැබුණි.
සෙත්මිණ පත්‍රය කියවන අනුගාමිකයෙකු විසින් එහි සඳහන් නොපෙනෙන ලෝකයවිශේෂාංගය පිළිබඳ දැනුවත් කිරීම නිසා තිස්ස ර් අනුගාමිකයා සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත පැමිණියේය. අධ්‍යාත්මීය උපදේශක කසුන් නාගොඩවිතාන මහතා මුණ ගැසී තමන් විඳින දුක් ගැහැට විස්තර කෙළේය.
මහත්තයා අපි භාවනා කරන අය නිසා අමනුස්සයෙක් නම් මගේ ඇ`ගට රිංගන්නේ නැතැයි තිස්ස පළමුවෙන්ම තමන් ගේ හැකියාවන් ද අඟවමින් කීවේය.ඒ කතාව මඳ සිනහවකින් භාරගත් ගවේෂකවරයා තිස්සගේ ශක්ති ශරීරය දුර්වල බව දැක්කේය.ශක්ති කිරණ එල්ල කරන විට ම තිස්ස වෙව්ලන්නට වූයේය.මුලිනිදුරූ ගසක් මෙන් ඇද වැටුණේය.හොඳයි භාවනා කළාට කමක් නෑ මෙන්න මේ බෝධි පූජාව මෙන්න මේ ආකාරයෙන් නොකඩවා දින විසි එකක් ගමේ පන්සලේ දී පවත්වා නැවත එන්නැයි ගවේෂකවරයා උපදෙස් දුන්නේ ය.
ඊළ`ගට පැමිණි දිනයේ ද තිස්ස වෙව්ලන්නටත් දහදියෙන් තෙමෙන්නටත් විය.ඔබකොයි තරම් භාවනා කළත් ඔබේ චර්යාවේ කොතැනක හෝ වරදක් තියෙනවා.හරියට භාවනා කරනවා නම් එහෙම වෙන්නේ නෑ.සමහරු කියන දේ නොවෙයි කරන්නේ.කරන දේ නොවෙයි කියන්නේ කොතැනක හෝ අඩුපාඩුවක් ඇති හොඳට කල්පනා කැර බලන්න.ඒවා මඟ අරවාගෙන තවත් දින හතක් බෝධි පුජා පවත්වා නැවත එන්නැයි ගවේශකවරයා කීවේය.
බෝධි පූජා අවසන් කොට සතියකට පසු තිස්ස නැවත පැමිණියේය.එදින ඔහු දිෂ්ටි ගැන් වූ විට භූතාත්මය අවදි විය.ආවිශ්ට වූ භූතාත්මය හිස දෙපසට වනමින් දිව දික් කරමින් ගවේෂකවරයා ට උසුළු විසුළු කරන්නට විය .ගවේෂකවරයා වේවැල අතට ගන්නවාත් සමගඟ භූතායා කීකරු බවක් පෙන්වමින් කතා කරන්නට විය. අනේ මහත්තයා ගහන්න නම් එපා.සමාවෙන්න ගහන්න නම් එපා. එහෙම නම් මම අහන දේවල්වලට ඇත්ත කියන්න ඕනෑ .හොඳයි…හොඳයි.මොකක්ද තමුන්ගේ නම?
මතක නෑ.ඇයි මෙයාගෙ ඇ`ගට රිංගුවේ.දවසක් මම ඇවිදගෙන යනකොට මෙයා ළ`ග ගෑණු ගොඩක් හිටියා.ඉතින් මෙයාගෙ ඇ`ගට රිංගුවා .ගෑනු ගොඩාක් හිටියාම තමුන්ට ඇති විශේෂත්වය මොකක්ද?අපිත් මිනිස්සු වගේ ගෑනුන්ට ආසයි.ගෑනු ල`ග අපට කෑම තියනවා.මූ ළ`ග ගෑනු ඉන්න නිසා මම නතර වුණා.මෙයාගෙ ළ`ග ගෑනු මොකද කරන්නේ .මුගෙන් ඉගෙන ගන්න කියලා ගෑනු එනවාහිඃ…හීඃ…..හී…..මූ හරි රුසියා .මූට ගෑනු ගොඩාක් ඉන්නවා.තිස්සගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කළ ගවේෂකවරයා ඔහු සමඟ පැමිණි සහායකයා ද කාමරයෙන් ඉවත් කොට පුද්ගලිකව ප්‍රශ්න කරන්නට වූයේය.මේ භූතාත්මය කියන කතා ඇත්තද?තමුන් ලඟ ගෑනු ගොඩක් ඉන්නවාය.තමුන් ගැහුනුන් වසඟ කරගන්න හරිම රුසියාය කිව්වේ.තිස්ස නිරුත්තරව බිම බලාගත්තේය.
කලබල වෙන්න එපා .මිනිස්සු අතින් තමයි වැරදි සිද්ධ වෙන්නෙ.වරදින එක මනුෂ්‍ය ස්වභාවය.සමාව දෙන එක දේව ගතිය.හැබැයි ගුප්ත විද්‍යා පිළිබඳ කටයුතු කරන කොට අවංක වෙන්න ඕනෑ.චින්තනයත් ක්‍රියාවත් අතර වෙනසක් තියෙන්න බෑ. අනුන්ට ධර්මය දේශනා කරනවා නම් තමනුත් ඒ ධර්මයට අනුව ජිවත් වෙන්න ඕනෑ. එකක් කියමින් තවත් දෙයක් කරන්න එපා. හිතෙන දේ නොකර කියන දේ මග කරන්න. ඔය වැරදි චර්යාව වෙනස් කරන්න ඕනෑ.නමුත් බොහෝ දෙනෙකුගෙන් වැඳුම් පිදුම් ගන්න කෙනෙක්.කොටළු හමක් පොරවාගන වෘකයෙක් වගේ හැසිරෙන්න එපා.මම මුදල් පඬුරු බලාගෙන වැරදි වැඩ කරන්නේ නැහැ.මම තමුන්ට මාස දෙකක් කල් දෙනවා.බෝධි පූජා පවත්වන්න ඕනෑ.ඒ අතරේ චර්යාව නිවැරදි කර ගෙන එන්න ඕනෑයි ගවේෂකවරයා තිස්සට අවවාද කළේය.
මාස දෙක ඉක්ම ගිය පසු ඔහු නැවත ආවේය.කලින් දිනවල ගාම්භීර ලෙස ඇඳ සිටි ඇඳුම් එදින නොතිබිණි.ඇටවැල් ආභරණ නොතිබුණේය.චාම් සාමාන්‍ය ඇඳුමෙන් සැරසී පැමිණියේය.ගවේෂකවරයාට දණ ගසා වැඳ මහත්මයා මට වඩා වයසින් බාල වුණත් මට වඩා වැදගත් බව මම පිළිගන්නවා. මගේ නරක පුරුදු මම අතහැරියා.භාවනා වැඩත් නතර කළා. මම නිවැරදි වුණායි කිවේය.ඉන් පසුව ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට භූතිත්මය වියරුවෙන් මෙන් ගවේෂකවරයාට බැණවදින්නට විය.
උඹ මාව කෑවා.උඹ මාව කෑවා.උඹ මොකක්ද යකෝ කළේ.මට දැන් කන්න බොන්න නැතුව ගියා.දැන් මුගේ ළ`ගට ගෑනු එන්නේ නෑ.උඹ මාව නැති කළායි භූතාත්මය බැන වදින්නට විය.ගවේෂකවරයා වේවැල් පහර දෙකක් එල්ලකර භූතයා පාලනය කළේය.එවර භූතාත්මය අඬන්නට විය.අනේ මහත්තයා ඇයි මට මෙහෙම කළේ? මට කන්න බොන්න ටික නැති කළා මදිවට දැන් ගහන්නත් එනවා. …ඉහ්…ඉහි…ඉහි…..අඬන්නට විය.
අඬලා වැඩක් නැහැ .තමුන් මේ මනුස්සයාගෙ ශරීරයට රිංගලා මේ අය ලවා වැරදි වැඩ කෙරෙව්වා.එහෙම නොකර යහපත් විදියට හිටියා නම් එතැනට එන කාන්තාවන්ගේ අපද්‍රව්‍ය ආහාරයට ගනිමින් දිගටම ඉන්න තිබණා.දැන් කරන්න දෙයක් නෑ .මේ ශරීරය අතහැර යන්න ඕනෑ.
බෑ…බෑ..මම කොහේ යන්නද ?මෙයාව අතහැර ගිහිල්ලා මම කොහොමද ජීවත් වෙන්නේ.මට මුගේ ඇෙ`ග් ඉන්න දෙන්න මහත්තායා. මාව පන්නන්න නම් එපායි භූතාත්මය නැවතත් අඬන්නට විය.එහෙම බෑ මිනිස්සුන්ටයි භූතාත්මවලටයි එකට ජීවත් වෙන්න බෑ.කරුණාකර ඉවත් වෙලා යන්න.බෑ….බෑ…..මට යන්න තැනක් නෑ .මම යන්නෙත් නෑ.
ඔය කතාවලින් මට වැඩක් නෑ.මේ පුද්ගලයා මා ළ`ගට ආවේ ප්‍රතිකාර ගන්න.මගේ වගකීම මෙයාව සුවපත් කිරීම.උඹට මෙච්චර වෙලා හොඳින් කිව්වා නේදැයි ශක්ති කිරණ අල්ලා භූතාත්මය පිච්චුවේය.පුච්චන්න එපා.දැවිල්ලයි.මම යනවා මම යනවා ආයෙත් එන්නේ නෑයි භූතාත්මය ඉවත්ව ගියේය.තිස්සටත් නිවෙසටත් ආධ්‍යාත්මික ආරක්ෂා යොදා දුන්නේය.
REP OR BUMP