ජබොස් ලේන්...Updating

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    මේක රී පොස්ට් එකක් වෙන්නත් පුළුවන්... ( කියවපු අයට )
    නොවෙන්නත් පුළුවන්... (නොකියවපු අයට.. )

    තුන් වෙනි කථාව...


    දුරකථය..... වනාහි මිනිසාගේ අවශ්‍යතා හා උවමනා ඉක්මනින් ඉටු කරගැනීම සදහා සන්නිවේදන මාධ්‍යයක් ලෙස ක්රියා කරන වැදගත් මෙවලමකි....

    මා එලෙස පාසල් සමයේදී ඉගෙන ගත්තා මට තාමත් මතකය... ට්රීං ට්රීං ගගා අපේ ගෙදරත් සාලයේ ඔව්වාගෙං එකක් තවමත් වැඩ වාසය කරයි.... එය මිලදී ගත් මුල් කාලයේදී... ඇමතුමක් එන තුරු අපි ඇගිලි ගනිමින් බලා සිටියෙමු... ඇමතුමක් ආ සැනින් එකිනෙකා පරයා ( පරයා කිව්වේ උඹලා හිතන පරයා නෙවෙයි හොදේ... මෙහි පරයා = පරදවා.. පසුකර ) දිව ගොස් ඇමතුමට පිළිතුරු දීම අපගේ සිරිතක්ව තිබූ බව සදහන් කරනු කැමැත්තෙමි... එහෙත් කල් යත්ම එහි අගය හෝ අපට ආන්සර් කිරීමට ඇති ආසාව හෝ එක්කෝ ඔය දෙකම නැතුව අපේ ගෙදරට කෝල් කරන උන් හෝ නැතුව ගිහින් දුරකථන ඇමතුම් වලට පිළිතුරු දීම අපට එපා විය....
    මා මෙය ලියන මොහොතේද අප දුරකථනය 11 වාරයක් කෑ ගසා අප ගෙන්වා ගැනීමට අසාර්ථක ප්රයත්නයක් යොදා නිහඩ වූ බව සතුටින් දන්වා සිටිමි.... ඉන්පසුව ඇතිවූ අම්මාගේ දෙහි කැපිල්ලෙන් කන් දෙක බේරා ගැනීම සදහා මා විසින් ඊ බේ එකෙන් ගෙන්වා ගත් ස්ටීරියෝ හෙඩ් ෆෝන් යුගලය..මහත් සේ උපකාරී විය.. කෙසේ වෙතත් කෝල් කළ එකා නම් කිසිම ලැජ්ජාවක් ඇති එකෙක් නොවන බව මට වැටහෙන්නේ උ නැවතත් අපේ දුරකථනයට පාඩුවේ ඉන්ට නොදී වද දෙන නිසාය.. මුගේ මිත්තනියට හාල් ගරා දෙන්ට සිතා මාගේ එකම අක්කන්ඩිය ටෙලිපෝන් එක ඉස්සුව නමුත් ..... සිග්නල් දා දත් මැද්දා මෙන් ද , මන්චි ජින්ජර් බිස්කට් අනුභව කලා මෙන්ද... දුරකථනය බදාගෙන පැය ගානක සංවාදයකට මුල පුරනු මට දැනුනි... කමක් නෑ.. කමක් නෑ... ඔය වයසට ඔව්වා නොකර මොන වයසට කරන්ටද...

    අපට ඇත්තේ ගෙදර ඇති ස්ථාවර (ලෑන්ඩ් ෆෝන් ) දුරකථනයක් පමණයි කියා ඔබට සිතෙන්නට පුළුවන... ඔබත් එහෙම හිතුවා නම් ඔබ භාගයක් හරිය... භාගයක් වැරදිය...
    ඔබ භාගයක් හරි යන්නේ අපේ ජංගම දුරකථන වලින් ඇමතුම් ලබාගත නොහැකි නිසාය....
    අම්මා දෙන මුදලින් රී ලෝඩ් දාපු සැනින් මා ඇයට ( මගේ එක්කෙනාට - එයා ගැන ඉස්සරහට කියනවා ) කෙටි පණිවිඩ රොත්තක් යවමි.. ලැබෙන රිප්ලයි වලට නැවත ආන්සර් කිරීමේදී මටත් නොදැනුවත්වම සතියට ලැබෙන රු 50 සහණාධාරය උපන් ගෙයි ම මිය යයි... අනේ දෙයියනේ.... ගෙදර යනකං වත් මේකේ සල්ලි තිබ්බා නං.....

    ඔබ භාගයක් වැරදි වන්නේ අපගේ දුරකථන වලට කලාතුරකින් අමුත්තන්ගෙන් හා... සෑම විටම මගේ එක්කෙනාගෙන් හා මගේ මස්සිනා පොඩ්ඩගෙන් ලැබෙන ඉනිකමින් කෝල් නිසාය... ලංකාවේ නෙට්වර්ක් වල සත් ගුණවත් හොර රැලට පින් සිද්ද වෙන්නට යාන්තං ඉන්කමින් ‍ෆ්රී කර මාව වැටෙන්නට ගිය ලෝක අමාරුවෙන් බේරා ගති.. ඔබට පින් සිදු වේවා...
    ඒ නෙට්වර්ක් වල කථා කරන අක්කලා හරි හොද අය වේ... එයාලා අපි ගන්නා වෙනත් ඇමතුම් වලට කථා කරන අය මෙන් නොවී.... ආයුබෝවන් කියයි.. පසුව ‍( වෙන කෙල්ලෙක් ගෙන් අහගන්නට ඉතා අමාරු ) නම කියයි... පසුව මට පුළුවන් ඔබට සහය වන්න කියාද කියයි...
    අනේ ඒ අක්කා එක්ක මට කොච්චර දේවල් තියෙනවාද ඉතිං කථා කර කර ඉන්ට...අපේ ‍අල්ලපු ගෙදර ගෑනි රෑට රෑට අනිත් පැත්‍තෙ ගෙදර මිනිහා එක්ක අල්ලං සෙල්ලම් කරන ඒවා..... එතකොට කිරි කාරයා හැමදාම උදේට අපේ නැන්දාට ඇහැක් ගහන සීන්.... පාන් කාරයා අපේ ගේ ලගම වැඩිපුර බෙල් එක ගගහා කැරකෙන සීන්... අම්මියෝ ඒ අක්කට කොච්චර නං දේවල් තියෙනවාද කියන්ට.... දවසක් මම එයාට ඔව්වා කියන්ටයි කියලා ගියාම එයා කිව්වා සර් කරුණාකර මාත්තුරුකාවට අදාළ දේ පමණක් කතා කරන්ටයි කියලා... ඈ යකෝ මාත්තුරුකාවට අදාලව කථා කරන්ට මේක විවාදයක්ද, රචනාවක් ද, නැත්තං නව කථාවක්ද.... ඔන්න ඕක තමයි කියන්නේ වදින්ට ගිය දේවාලේ ඉහේ කඩං වැටෙනවා කියලා...
    පාළු ඇති එයාට කියලා කථා කලාම එයා මට රෝං ටෝක්ස් එකක් දුන්නේ....
    හා හා අපි බලාගමුකෝ නංගී.....

    ජංගම දුරකථනයක් මට ඉස් ඉස්සෙල්ලාම ලැබුනේ මාගේ 17 වෙනි උපන්දිනයටයි.. ඒ වෙනතුරු මට ජංගම දුරකථන ඔක්කෝම තහනම් කර තිබ්බේ කෙල්ලන්ගෙන් මාව බේරා ගන්නටයි අම්මා කීවාය... බලන්න මව් සෙනෙහස...... කෙසේ වෙතත් මාගේ 17 වැනි උපන්දිනය දවසට කලින් දවසේ අපේ අම්මා සහ තාත්තා මා වෙත පැමිණ අපි ඔබට කුමන දුරකථනයක් තෑගි දෙනවාට ඔබ කැමති දැයි මාගෙන් විමසා සිටියහ... ඉදලා ඉදලා ගන්ට හදන භාන්ඩේ ඉස්තරම්ම ‍එකක් වෙන්ට ඕනෙ නිසා... මමත් ගත් කටටම බ්ලැක් බෙරි එකක් ම ඉල්ලුවෙමි.... උපන්දිනය දිනයේදී බ්රිටිශ් කව්න්සිල් පන්ති තිබූ බැවින් මාගේ මව සහ පියා මාගේ උපන්දින තෑග්ග රැගෙන ඒමට ගොස් තිබුනි.... වැඩි හොදට කියා මා මට අවශ්‍ය දුරකථනයේ හැඩරුව තාත්තාට කොලයක ඇද දුන්නෙමි... එදා හවස දහසක් පැතුම් පුරවාගෙන මා නිවසට පැමිනෙන විට ලස්සනට රැපින් කළ පෙට්ටියක් මට ලැබුනි.... පෙට්ටිය විවෘත්ත කර බලනකං මට ඉස්පාසුවක් නොවුන නිසා..... එහෙමම මම එක කරගෙන යද්දි .. මාගේ පියානන් වහන්සේ පැමින මාගේ මනස කුල්මත් කරන සුළු වදත් කිහිපයක් තෙපලන ලදී..

    පුතා .. ඔන්න ඔයා ඇදලා දීපු විදිහේම එකක් ගෙනාවා... පුදුමෙ කියන්නේ පුතේ ඔයා කියපු තරම්ම ලොකු ගානක් උනේ නෑ ඕක... ඔක්කෝටම වියදම් උනේ රු 10 000 ක් විතර... ඔන්න අපි ඉතුරු රු 40 000 ම පොතට දැම්මා.... :yes::yes::yes:

    :shocked::shocked::shocked: :shocked::shocked::shocked: :shocked::shocked:

    හුටා... මෙන්න මා සිහින මැවූ බ්ලැක් බෙරි එක මගේ අතේ.... එය
    ඊ ටෙල් ( E-TEL ) මගුලකි.. :frown::frown::frown::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේක රී පොස්ට් එකක් වෙන්නත් පුළුවන්... ( කියවපු අයට )
    නොවෙන්නත් පුළුවන්... (නොකියවපු අයට.. )


    හතරවෙනි කථාව

    කඩවුනු පොරොන්දුව.. රේඛාව.. සුජාතා.. ඩිංගිරි මැණිකා.... ආදී ඉපැරණි චිත්තරපටිද... නොම්බර 17... සූරයන්ගෙත් සූරයා... තුශාරා.. මේ දෑස කුමකටද.... ජය සිකුරුයි.. ජය අපටයි.. ඔබටයි ප්රියේ ආදරේ.. රෝසි.... සහරාවේ සිහිනය ආදී 80 දශකයේ චිත්තරපටිද....
    ආසයි මං පියාඹන්න... මන් ශොට් 1 , ලීඩර් , රෝස වසන්තය.. හාට් එෆ් එම්.. අංජලිකා... අබා... සිංහාවලෝකනය ආදි මෑත කලයේ අපේ කාලයේ චිත්තරපටිද...
    රෑ ඩැනියෙල් දවල් මිගෙල් 1,2,3, පාර්ලිමන්ට් ජෝක්ස් , පිස්සු ඩබල් , පිස්සු ට්රිබල් ...
    ආදී ඉතා සම්භාව්‍ය ගනයේ චිත්තරපටිද රැසකට සංගීත නිර්මාණයෙන්ද , සහය අධ්‍යයක්ෂනයෙන්ද , නිශ්පාදනයෙන්ද , ප්රධාන නළුවාගේ පාට් එකෙන්ද දායක නොවී....:sorry: ඒවාගෙන් සමහරක් පමණක් නැරඹීමෙන් සිරිලංකාවේ කළා කෙතට... අග්රගන්‍ය අනූපමේය අති විශිෂ්ඨ සේවයක් මා ඉටුකර ඇත..... ජෝ අබේවික්රමගේ පටන් ශනුදි ප්රියසාද් දක්වා සියල්ලන්ම මාව නාදුනනා බව ඇගෙව්වත් ඔව්න් ලංකාවේ ජීවත් වන බවද මම ඉතා අභිමානයෙන් ප්රකාශ කරමි. :yes::yes:ලංකාවේ ප්රමුඛ පෙලේ නාලිකාවක විකාශය වූ ප්රාසාංගික සංගීත වැඩසටහනක අවසාන 150 000 අතරේ මා සිටි බව මා පවසන්නේ හද පිරි සතුටිනි... මා වැනි අයෙකු සිටීම ලංකාවට අභිමානයකි. ( මුන්ට මගේ අගයක් නෑ )
    :no::no::frown:

    එවන් වැදගත් පෙෘර්ශයකින් හෙබි උත්තුංග දේහදාරී සිරුරක් ඇති මට... ඇන්ජලීනා ජොලී ‍ජොලි කරන්නට කථා කලාය..... බැරැක් ඔබාමා ඉරාකයට එරෙහිව අනුගමනය කරන දැඩි ප්රතිපත්තිය නිසා මා එය ප්රතික්ශේප කළෙමි.. අයිශ්චර්්‍යා ද , ප්රීති සින්ටා ද , රානි මුකර්ජී ද, ප්රියන්‍කා චොප්රාද... අර නාකි ගෑනි මධුරි ඩික්සිත් ද මගේ පස්සෙන්මයි මෙයා... ඉන්දියාව අපෙන් ලෝක කුසලානය උදුරා ගැනීමෙන් හටගත් චිත්ත සන්තාපය නිසා මා ඒ සියළුම ආරාධනා නිර්ලෝභීව ප්රතික්ශේප කළෙමි.
    :yes::yes:

    කල වයස හරි ගොස් ඇතැයි අපේ අම්මා කොපමණ කෑ ගැසුවත් මා එය ගණනකට නොගත්තේ මා තවමත් ඉලන්දාරියා බව මා දන්නා නිසාය.. වෙන උන් එක සිගරැට් එක අමාරුවෙන් අදිද්දී.. මා කිසිදු අපහසුවක් නැතිව දෙක තුනක් තවමත් ඉවර කරමි.... අව්රුද්දට, උපන් දින වලට සෙට් එක එකතු උනාම.. කනේ වැලි ගෑවෙන්ට තරම් ලග නමන වෙන එකෙක් වත් අපේ බජාර් එකේ ‍නොමැත. ලග නමා මා මාරු වන්නේ තැපැල් භීතියට මා තුල ඇති බිය නිසාම නොවේ... (නෑ ඒක තමයි ඉතිං ) එවන් ෆිට් කොල්ලෙක්ව සිටින මට දැන් දැන් බාරියකගේ අවශ්‍යතාවක් හටගෙන ඇත. ජීවිතේ‍ටම හත් අට පාරකට වඩා ලව් කර නොමැති මට කුළුදුල් ප්රේමයක අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය.
    ලංකාවේ ස්තිරින්ගේ පඩ ශෝ නැරඹීමෙන් සිදුහත් කුමාරයාටත් වඩා මට ගිහිගෙය කළ කිරී ඇති නමුත් .. පෙළවහක් කරගැනීම ලංකාවේ නම ගිය අක්කා කෙනෙක් ( නිලියක් ) සමගම සිදු කිරීමට මම තීරණය කළෙමි. කොහොමත් උක්ත ඡේද වල සදහන් පරිදි මා තුල ඇති හැකියා ප්රමානය හා මාගේ පාංශු දේහදාරී සිරුරට පින්සිදු වන්නට පහසුවෙන්ම මට ඔය නිලියක් හා හාදවීමට හැකිය..... මා ඈ සමග පෙම් කෙලියේ යාමට ලොල් වෙමි.
    "මීදුම් ගලා කන්දේ....
    ඉවසන්න බෑ සීතේ...
    උනුසුම් දැනේ දෑතේ...
    ලංවී මට දැන් කියන්න ආදරේදෝ...
    මට ආදරේ... දෝ........
    9.gif
    9.gif
    "​

    කියා... සීතල නුවර එළියේ... මල් ගහක් වටේ කැරකෙන්නට මම ආසා වෙමි...

    "ජීවන ගමන සංසාරේ" ගීතය ගායනා කළ නොහැකි වන්නේ මා ලග ‍කාර් එකක් නැතිව හෝන් එකක් පමණක් ඇති බැවිනි... අනේ අප යන මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය යටතේ ලියාපදිංචි කර ඇති පෙෘද්ගලික බස් රථයේ රියදුරු මහතා මට ඒ බස් එකේ නලාව නාදය කරන්ට දී සහය වෙනවා නම්.....

    නිලිය මාගේ වූවාට පසුව ඇය තව දුරටත් නිලියක් ලෙස වැඩකටයුතු කිරීම ගැන මගේ වැඩි පැහැදීමක් නැත... අනෙක් නලුවන් ඕනෑවට වඩා ඇගේ ඇග පසග අල්ලන්නට තැත් කිරීම ගැන මම පැහැදීමකින් නොසිටිමි. ( ඕවා අයිති මට විතරයි )

    දරුවන් ලැබීම පිළිබදව ප්රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය යටතේ සාඛච්චා කිරීමට මා කැමැත්තෙමි. ඒ අනූව ඔව්න් නිර්දේශ කරන ආකාරයට කටයුතු කිරීමෙන් වැඩ පහසු කර ගැනීමට මා බලාපොරොත්තු වෙමි.

    ලංකාවෙන් නිලියක් සොයා ගැනීමට නොහැකි වූවොත් බැංකි මූන්ට කියා සම්භාදක පනවා නිලියෙක්ව බලෙන් සරණ පාවා ගැනීමට මම කල්පනා කරමින් සිටියදී විදුලිය විසන්ධි විය...

    යූපීඑස් එක අඩයි.... මැස්සන් ඇවිත් මොනිටරයේ වැදෙයි.. මාර දාඩියයි... ෆෑන් එක දැමිය නොහැක්කේ අමාරුවෙන් දල්වා ගත් කුප්පි ලාම්පුව නිවී යයි කියා මා තුල හටගත් අනියත බිය නිසාය..
    අදට නවතිමි... ඔබ සොයා මම එන්නෙමී ආද‍රී... ම් ම්.......හ්ම්... හම්..