[FONT="]දෙවෙනි කථාව..
ඔහොම පොඩි කාලෙ ගෙවිලා ගියා.... මේක අපි කට්ටිය අපොස සා පෙ ලියනකොට උන වැඩක්... උන වැඩක්ම තමයි....
මතියයි මමයි එක වයස නිසා උයි මායි එකටමයි පන්ති ගියේ... එකටමයි පාඩම් කලේ...
උටත් මට වගේම තමයි... ඉගෙනගන්න පුළුවන් (ද බැරිද කියලා දෙයියො තමයි දන්නෙ )
අපි ඉස්කොලෙ ගිය ස්කූල් වෑන් එකේ ඉතිං තව තව ඉස්කෝල වල අය යනවනේ.... අන්න එහෙම ගිය එක ගර්ල්ස් ස්කූල් එකක එක්කෙනෙක් ගැන මතියගෙ සිතක් පහල වෙලා...
මේ ගොනා ඒක මට කිව්වෙත් පහල වෙලා දවස් දෙක තුනකට පස්සෙ... අපරාදෙ වෙන්න කලිං කිව්වා නං මම උට කලින් පහල කර ගන්නවා... හරි ඉතිං කොහොම හරි මේක පහල උනා කියමුකෝ..... දැං තියෙන පුරස්නෙ ඕක එයාට කියන එකනෙ.... මම කිව්වා වෑන් එකේ අංකල්ගෙ මාර්ගයෙන් අහමු කියලා... එතකොට උ කියාපි ඔව් ඔව්... වෑන් එකේ අංකල්ට කිව්වම එක පාරම කෙලින්ම ගෙදරින්ම අහලා කියයි.... අනේ මගෙ කට... [/FONT]
[FONT="]එයාගෙ නම නිලක්ශි... නිලක්ශි කියන්නේ නිල් ඇස් කියන තේරුම කියලා හොයා ගත්තෙත් මම .. ඒ උනාට ඒක එයාට ඉස්සෙල්ලම කිව්වෙ මතිය... කොහොමෙං කොහොමෙං හරි කථා බහ වලින් ඒ ළමයාගෙත් වැඩි අකමැත්තක් නෑ කියලා අපිට තේරුනා.... අනේ වාසනාවන්... මට හරි නොගියත් මතියාට හරි යන්න ඕනෙ... ( ඒ මං උ ඉන්න වෙලාවට කියපු විදිහ )
නිලක්ශි ඉගෙන ගත්තේ අපේ අල්ලපු වැටේ තියෙන ඉස්කෝලෙ. ඉතිං හැමදාම ඉස්කොලෙ ඇරුන ගමං එළයට පනින්නේ මතියයි මමයි... මාස ගානක් සතේ සතේ එකතු කරලා කීයක් හරි හොයාගෙන... ලග තියෙන කඩේකිං චොකලට් එකක් හරි තෑග්ගක් හරි අරගෙන ඉන්නවා අරයා එනකං... අපිට ඒ කාලෙ ෆෝන් තිබ්බෙ නෑ නේ.... ගෙදරට විතරයි තිබුනේ.... ( මට ෆෝන් එකක් හම්බ උන කථාව ඊලගට දාන්නම්... ) ඉතිං ලියුම් වලින් තමයි ඔක්කෝම කථාව... වෑන් එක ඇතුලේ හෙන රොයිටර්ලා සෙට් එකක් හිටිය නිසා කිසි දෙයක් කථා කරන්න බෑ ... එහෙම කියලා ඉගි කරන එක නං මතියා කවදාවත් නතර කලේ නැහැ. ලියුම් , තෑගි එහෙම හුවමාරු කරද්දි මම තමයි සපෝටර්. මගෙන් ඉටු උන අපරිමිත අමිල සේවය නිසා තමයි ඔය ලව් එක නැගලම ගියේ... [/FONT]
[FONT="]මේ අතරේ පොඩි පොඩි අව්ල් උනා.... නිලක්ශි ගේ පන්තිය ලගට කීප දවසක්ම මතියට යන්න බැරි උනා..... එන්නයි කියලා අනිවා ම කියපු දවසක මේ භූතයා නුවර ගියා ... වෙන කෙල්ලෙක් එක්ක කථා කර කර ඉන්නවා ( මම විසින්) නිලක්ශගේ අතටම මීටර් කරලා දුන්නා..
ඔන්න ඉතිං නිලක්ශි දවසක් ලියුමක් දුන්නා.. ඒකේ කියලා තිබුනේ..එයාට කියන්න තියෙන දෙයක් ලියුම් වලින්ම ලියලා දෙන්න.... වැඩිය කථා කරන්න බෑ බයයි කියලා. තව අර පොඩි පොඩි අව්ල් ගැන නිදහසට කාරනා අහලා තිබුනා ....
.. හරි.... එළ එළ... ඔහොම යං මචං කියලා මමත් මතියගේ පිටට තට්ටුවක් දැම්මේ.. උට ලියුමක් තියා වාක්ය රචනාවක් වත් හරියට ලියාගන්න බැරි නිසා... සහ... මගේ වැඩ පෙන්වන්න එළ චාන්ස් එකක් ඉස්සරහට එන්න තියෙන නිසා...
ඒත් මතියා අත ඇරියේ නෑ.... පිටු 80 පොතක් ඉවර වෙනකං.. රෑ එළි වෙනකං උ ලියුමක් ලියලා...
එකක් නෙවෙයි ගොඩාක්... අන්තිමට හොදම එක කියලා උ හිතපු එක මට ගෙනත් පෙන්නුවා...
මෙන්න.. ඔයාම කියවලා බලන්න..
[/FONT]