ජයග්‍රහණයේ_අයිතිය
"සමහර උන් මැච් එකක් දිනුවම විතරයි ක්‍රිකට් ගැන කතා කරන්නෙ. අපි නම් හැමදාම අපේ කොල්ලො දිනුවත් පැරදුනත් උන් එක්ක හිටිය. ඒ හින්ද අපිට තරම් උඹලට ක්‍රිකට් ගැන කතා කරන්න අයිතියක් නෑ." මේ බුකියේ එකෙක් දමා තිබූ ස්ටේටුවකි. කතාවේ ඇත්තකුත් තිබෙන නිසා හිත රිදුනේ නම් නැත. නමුත් ජයග්‍රාහී රාත්‍රියේ නින්දට යන්නට පෙර ඒ ගැන හිතට ආ අදහස් ටිකක් කීමට ඇත.
අපේ උන් දිනනවා කියන අදහස හිතේ ඇතත් මම අපේ යහළුවන්ට කිවේ " යකෝ අපි කොච්චර හොඳට මැච් දිනාගෙන ආවත් ෆයිනල් ඒක පරදිනව. නිකං බොරුවට නිදිමරන්නේ නැතිව නිදාගනිල්ල බං" කියාය. උන්ට එසේ කියූ මම දිගින් දිගටම පරාජිත රාත්‍රියන් අවසානයේ ඇතිවූ හිතේ අමාරුව නැවතත් බලාපොරොත්තුවෙන් ගියවර ලෝකකුසලාන අවසන් තරගයත් බැලුවෙමි. ෆයිනල් එක පරාජය වීම මට දිවිනසා ගැනීමට හේතුවක් නොවුනත් එය මගේ ශරීරයේ ලේ ධාතුව පුළුස්සා දැමීමට තරම් වේදනාවක් ගෙනදෙයි. මැච් එක අවසානයේ ඇතිවන එම හිතේ අමාරුවේ තරම දන්නා බැවින් ප්‍රතිවාදියන් හයක් හතරක් ගහනා විට ටීවී එක නිවා දමමි. අපේ එකෙක් අවුට් වී ගියවිට ද එසේමය. ටීවී එක වසා නින්දට ගියත් නැවත ජංගම දුරකතනයෙන් ලකුණු තත්වය හොරෙන් බැලුවෙමි.
96යේ ලෝකකුසලාන තරගය මට තවමත් මතකය. එදා අපේ උන් 6ක් 4ක් ගැසුවිට හිඳගෙන සිටි අසුනෙන් එකවර නැගී සිට අප්පුඩි තලන තාත්තාගෙන් මටත් ක්‍රිකට් මේනියාව බෝ විය. හැම මැච් එකෙන් මැච් එකටම බුකියේ ස්ටේටස් අප්ඩේට් කර අපේ කොල්ලන් මැච් ඒක පැරදුන විටත් මම උන් සමග සිටියේ නැති බව ඇත්තය. අවාසනාවට අපේ උන් පරාජය වන බව දැන දැන මැච් එකක් අවසන් වනතුරු බැලීමට මගේ කොන්ද පණනැත. නමුත් මැච් එකක් පැරදුනා කියා අපේ උන්ට මම කිසි දවසක බැන්නේද නැත. අවසානයේ කියන්නට ඇත්තේ අවසන්තරගය කිහිපයක් පරාජය වන විට දැනුන වේදනාව අත්විඳි සියලු ක්‍රිකට් ලෝලියන්ටම අද ජයග්‍රාහී රාත්‍රියේ සතුට විඳින්නට අයිතියක් ඇති බවය.
After match celebrations full video

Last edited: