ජයමංගල ගාථා හරිම ලස්සනට...

stasia

Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    1686625933139.png
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඔය වගේ ඒවාට කැමතියි නම් මේක අහලා බලන්න. ගායනා කරන්නේ මුම්බායි යුනිවර්සිටියෙ පාලි ඩිපාට්මන්ට් එකේ ශිෂ්‍යයන්. උච්චාරණය සහ වචන වෙන් කිරීම බොහොම නිවැරදියි කියලා තමා මට රෙකමන්ඩ් උනේ.





    අනිත් එක තමා ටිබෙට් බුදුදහමෙ එන ඕම් මනි පද්මෙ හුම් කියන මන්ත්‍රය. ථේරවාදී බුදුදහමට මේ ප්‍රැක්ටිස් එක පටහැනියි. මේ සජ්ජායනයෙ අමුතු ස්පිරිචුවල් හැඟීමක් දැනෙනවා. හරියට ගයාත්‍රි මන්ත්‍රය අහනකොට වගේ.



    Edited

    Om Mani Padme Hum with music

     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඉස්සර සිරස tv එකේ පාන්දර 5ට විතර නරසිහ ගාථා ගියා. හරි ලස්සනයි අහගෙන ඉන්න. Youtube එකේ වත් ඒක හොයාගන්න බැරි උනා.
     
    • Love
    Reactions: NRTG and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    Theruma hoyala baluwada?
    ඇත්තටම දන තමයි බන් එකත් හොයල බලන්න හිතුනේ...

    දාසක් අතින් අවි දරා ගිරි මේඛලා ඇත්
    කුල්මත් කරන් මරු පිරිස් යුද වන් ඇසිල්ලේ
    සම්මා ගුණෙන් ජය ලදින් අපෙ බෝසතාණන්
    ඒ තේජසින් ජය මඟුල් සිරියෙන් දිනේවා !!!


    මාරාති වෙස් දරමිණේ සටනේ යෙදීලා
    තුන් යම් රැයේ වෙර දැරූ යකු ආලවක් නම්
    ඛන්තී බලෙන් පරදවා දිනුයෙන් මුනින්ඳා
    ඒ තේජසින් ජය මඟුල් සිරියෙන් දිනේවා !!!


    ගින්නක් රැගත් අකුණු වන් ගොර වූ බොහෝමත්
    නාලාගිරී මද ඇතා පැන ආ වෙලාවේ
    මෙත් නම් සිසිල් දිය දොවා මුනිඳුන් දිනූයෙන්
    ඒ තේජසින් ජය මඟුල් සිරියෙන් දිනේවා !!!


    අත්හී කගක් ලෙළවමින් යොදුනක් හඹා ආ
    පාපී සොරා නම දැරූ මරු වන් අඟුල් මල්
    ඉද්ධී බලෙන් දැපණෙ ලා සවි ලොප් කෙරූයෙන්
    ඒ තේජසින් ජය මඟුල් සිරියෙන් දිනේවා !!!


    චිංචී නමින් ගැහැණියක් ගැබිණී වෙසක් ගත්
    බන්දා බඩේ දර ගොඩක් අපහාස බස් කී
    මෙත්තා ගුණෙන් පැරදැවූ සමිඳුන් ගොයුම් ගොත්
    ඒ තේජසින් ජය මඟුල් සිරියෙන් දිනේවා !!!


    වාදෙන් හපන් මිසදිටූ බමුණෙක් එ කල්හී
    ආවේ බුදුන් පරදවා ජය ගන්න රිස්සෙන්
    තර්කෙන් එ සච්චකයගේ දිනුයේ මුනින්ඳා
    ඒ තේජසින් ජය මඟුල් සිරියෙන් දිනේවා !!!


    බුද්ධී බලෙන් බුදු රදුන් උපදෙස් අසාලා
    නන්දෝපනන්ද නම ලත් මග නාග රාජා
    දැම්මා වහා දැපනයේ මුගලන් රහත් සව්
    ඒ තේජසින් ජය මඟුල් සිරියෙන් දිනේවා !!!


    පාපී සිතුම් නයෙකුගේ සැපුමෙන් ගිලන් වූ
    බ්‍රහ්මා හැඳින්වු බක නම් නුවණින් පරද්දා
    සවුණේ ගෙවා දැන බුදුන් දිනු ඒ බලෙන්'තුම්
    ඒ තේජසින් ජය මඟුල් සිරියෙන් දිනේවා !!!


    ගාථා අටක් ජය මඟුල් ගයතොත් දිවා රෑ
    නා නා විපත් නසනු වස් සවියක් ලැබේවී
    සාදා සියල් යහපතත් දිවියත් සැපත් වී
    ඒ පින්වතාට ( පින්වතීට ) නිවණේ සුව අත්ම වේ මැයි.
     
    • Love
    Reactions: NRTG