ජයලලිතාගේ

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    fori1.jpg





    බුද්ධගයා වන්දනාවේ යන ශ්‍රී ලාංකික වන්දනාකරුවන් චෙන්නායිහි චෙන්නායි සිල්ක්‌ සහ කුමාරන් සිල්ක්‌ ප්‍රමුඛ සාප්පුවලට ගොස්‌ සාරි තොග පිටින් මිලදී ගැනීම ගැන තමිල්නාඩු මහ ඇමැති ජයලලිතා තහනම් කර නැත.

    චෙන්නායිහි එග්මෝර්හිදී ශ්‍රී ලංකා නෝට්‌ටු වෙනුවට ඉන්දීය නෝට්‌ටු මාරු කරගැනීමේ ජාවාරමට ද ඇයගේ තහනමක්‌ පැනවී නොමැත. එසේම තමිල්නාඩු වෙළෙඳුන් යාපනයට පැමිණ යාපනයේ වානිජ මණ්‌ඩලයේ ඇරයුම පරිදි ආයෝජන කිරීම ගැන ද ඇය තහනම් ආඥවක්‌ ප්‍රකාශයට පත් කර නැත.

    එහෙත් මේ හිටපු නිළියට දැන් පිස්‌සුවක්‌ හැදී තිබේ. ශ්‍රී ලංකාවේ හමුදා කණ්‌ඩායම්වලට තමිල්නාඩුවේ හමුදා කඳවුරුවල පුහුණුව නොදෙන ලෙස ඉන්දීය රජයට කියා සිටීමත්, සුහද ක්‍රීඩා තරගවල යෙදීම සඳහා තමිල්නාඩුවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ව පිටුවහල් කිරීමටත් ක්‍රියා කිරීමයි.

    මේ සතියේදී කොළඹ රාජකීය විදුහලේ පාපන්දු කණ්‌ඩායමක්‌ ඉන්දීය රේගු දෙපාර්තමේන්තු කණ්‌ඩායම සමග චෙන්නායිහි නේරු ක්‍රීඩාංගණයේදී සුහද පාපන්දු තරගාවලියක යෙදුනි. මේ නිසා ජයලලිතාගේ උමතු බව වර්ධනය වී ඇය වහාම නේරු ක්‍රීඩාංගණය භාර නිලධාරියාගේ වැඩ තහනම් කළේය. ජයලලිතා එතනින් නතර වූයේ නැත.

    චෙන්නායිහි වෙල්ලාම්මාල් උසස්‌ පාසල සමග ක්‍රීඩා තරගයක යෙදීමට රත්නපුර හිල්බර්න් ජාත්‍යන්තර පාසලේ අට දෙනකුගෙන් යුත් කණ්‌ඩායමක්‌ ද චෙන්නායි වෙත පැමිණ සිටියේය. ඔවුන්ව ද වහාම තමිල්නාඩුවෙන් පිටුවහල් කරන්නැයි ඇය අදාළ බලධාරීන්ට නියෝග කළාය.

    එසේ වුවත් පිටකොටුවේ ද්‍රවිඩ ව්‍යාපාරිකයෝ තමිල්නාඩුවෙන් සීනි හා වෙනත් භාණ්‌ඩ විශාල ලෙස මෙරටට ගෙන්වයි. තමිල්නාඩුවේ තුට්‌ටු දෙකේ ද්‍රවිඩ සඟරා ද ආනයනය කෙරේ. තමිල්නාඩු චිත්‍රපට ද වීඩියෝ පට ද විශාල ලෙස මෙරටට ගෙන්වයි. එ සඳහා සහ මෙරට විනිමය විශාල ලෙස වැයවේ.

    එහෙත් ඇය තමිල්නාඩුවේ භාණ්‌ඩ ශ්‍රී ලංකාවට විකිණීමට ගැන තහනමක්‌ පනවා නැත. ජයලලිතා මෙලෙස එදිරිවාදිකම් දක්‌වන්නේ සිංහල බහුතරය සමගය. මෙහිදී ඇය විටින් විට ඉන්දීය අගමැති මන්මෝහන් සිං වෙත සන්දේශ යවමින් ශ්‍රී ලංකාවේ හමුදාවට ඉන්දියාවේ කිසිම හමුදා කඳවුරක පුහුණුවක්‌ නොදෙන්නැයි ඉල්ලා තිබේ. එසේ මෙරටින් තමිල්නාඩුවට යන ශ්‍රී ලංකා හමුදා නිලධාරීන්ගේ නම් හා වගතුග පවා ඇය වෙත සැපයෙන බව හෙළිවී ඇත.

    තමිල්නාඩු ද්‍රවිඩ මාධ්‍ය දක්‌වන අන්දමට ජයලලිතා ප්‍රකාශයක්‌ කරමින් ඉන්දීය රිසර්ව් බෑන්ක්‌ of ඉන්ඩියා බැංකුවේ නිලධාරියකුගේ මෙහෙයවීමෙන් අගෝස්‌තු 31 වැනිදා රාජකීය විදුහල් පාපන්දු කණ්‌ඩායම හා රේගු කණ්‌ඩායම අතර පාපන්දු තරගයක යෙදී ඇති බව තමාට තොරතුරු ලැබුණ බවයි.

    තමිල්නාඩු පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක පැනවිය යුතු බවට යෝජනාවක්‌ ද සම්මත කරගත් බවද එහෙත් තවදුරටත් රජය තම විරෝධය නොතකා ක්‍රියා කරන බවද ඇය පවසා තිබේ. මෙහිදී ඉන්දීය බලධාරීන්ගේ දැඩි විමර්ශනයට ලක්‌විය යුත්තේ ජයලලිතා නටන මේ නාඩගම ගැනයි. පශු සම්පත් සමුළුවකට තමිල්නාඩුවට ගිය ශ්‍රී ලාංකික කාන්තාවක්‌ පහරදීමකට ද ලක්‌වූවාය. ඇගේ පසුම්බිය පවා අතුරුදන් විය.

    මෙලෙස ජයලලිතා තමිල්නාඩුව තුළ ශ්‍රී ලංකා විරෝධී ව්‍යාපාරයක්‌ දියත් කර ඇති අතර ඉන්දීය මධ්‍යම රජය ද තම ඉල්ලීම්වලට අවනත කර ගැනීමට උත්සාහ කරයි. ඇය තමිල්නාඩු ලේකම් දේශබන්දුනාත් සාරන් වෙත නියෝගයක්‌ ද කරමින් කිසිදු ශ්‍රී ලාංකික කණ්‌ඩායමකට තමිල්නාඩුවේ තරගයකට සහභාගිවීමට ඉඩ නොදෙන්නැයි ඉල්ලා තිබේ.

    මෙලෙස ශ්‍රී ලාංකික කණ්‌ඩායම්වලට චෙන්නායිහිදී ක්‍රීඩා කණ්‌ඩායම් සමග තරග වැදීමට ඉඩදීමෙන් ද්‍රවිඩයන්ට අවමානයක්‌ සිදුකර ඇතැයිද ඇය පවසා ඇත. එසේ නම් ප්‍රභාකරන් මිනීමරුවාගේ ත්‍රස්‌ත කණ්‌ඩායම්වලට තමිල්නාඩුව තුළ ක්‍රියාත්මකවීමට ජයලලිතාගේ සමයේ ඉඩදීමෙන් අප මෙරට බහුතරයට අවමානයක්‌ නොකළේද?

    මේ පසුබිම යටතේ මෙරට බලධාරීන් ද දැඩි ලෙස අවධානයට ලක්‌ කළ යුතු කරුණක්‌ නම් ජයලලිතා උමතුවී ක්‍රියා කරද්දී අපේ ක්‍රීඩා කණ්‌ඩායම් හා නිලධාරීන්ට විවිධ වැඩමුළු උදෙසා තමිල්නාඩුවට යෑවිය යුතුද යන්නයි.

    ජයලලිතාගේ පිස්‌සුව නිසා පසුගියදා එග්මෝර්හි වෙසක්‌ පෙරහැර පවා පැවැත්වීමට නොහැකි විය. මෙහිදී කොළඹ ඉන්දීය මහකොමසාරිස්‌ කාර්යාලය ද ඉන්දියාවට යන ශ්‍රී ලාංකිකයන්ගේ අනන්‍යතාව රැකිය යුතුවේ.

    ඉන්දීය රජය ශ්‍රී ලංකාවේ සහජීවනය ගැන හඬ නගද්දී ජයලලිතා සහජීවනය වෙනුවට යළිත් ගිනි ඇවිලවීමේ ක්‍රියාදාමයක යෙදී සිටී.

    ප්‍රභාකරන් මෙරට යුද අපරාධ සිදු කළ අතර ඊට අනියමින් ඇයත් හිටපු මහ ඇමැති කරුණානිධිත් සම්බන්ධ බව අතීත සිදුවීම්වලින් සනාථ වේ.

    මෙලෙස තමිල්නාඩුවට එන ශ්‍රී ලාංකිකයන්ට එරෙහිව ක්‍රියා කරන ජයලලිතා ශ්‍රී ලංකා රජය උතුරු නැගෙනහිර ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු ඉල්ලීම් ගැන කියා සිටී. එහෙත් ශ්‍රී ලංකා රජය ඇගේ ඉල්ලීම් ඉටු කළ යුතුද?

    ඇය ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රකාශයක්‌ කිරීමෙන් පසු තමිල්නාඩු නාවික කටයුතු පිළිබඳ ඇමැති ජී. කේ. වාසන් ද ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන්ට තමිල්නාඩුවේදී පුහුණුවක්‌ නොදිය යුතු බව පවසා ඇත.

    "මම මේ ගැන ආරක්‍ෂක ඇමැති ඇන්තනී සමග සාකච්ඡා කළා"යෑයි වාසන් විසින් තවදුරටත් සඳහන් කර තිබේ.

    මේ පසුබිම යටතේ තමිල්නාඩුවේ මහ ඇමැති ජයලලිතා මෙන්ම හිටපු මහ ඇමැති කරුණානිධි කරන ප්‍රකාශ කල්තියාම කොටි වෙබ් අඩවිවලට ලැබෙන බව අනාවරණය වේ.

    එය තහවුරුවන්නේ මොවුන් ඉන්දීය අගමැතිට යවන ලිපි පවා ඉන්දීය අගමැතිට ලැබීමටත් පෙර කොටි වෙබ් අඩවිවලට ලැබීමයි.

    ඉන්දියාව විසින් කොටි සංවිධානය තහනම් කර තිබියදී ඉන්දීය බලධාරීහු ජයලලිතා - කරුණානිධි සහ කොටි වෙබ් අඩවි සමග පවතින සබඳතාවන් ගැන විමර්ශනයක්‌ නොකරන්නේ මන්ද?

    මේ තත්ත්වය යටතේ ද්‍රවිඩ සන්ධානය නැගෙනහිර පළාත් සභාවේ බලය අල්ලා ගැනීම සඳහා දැඩි උත්සාහයක යෙදී සිටී. අපි බලය අල්ලා ගත්තොත් යුද අපරාධකරුවන්ට එරෙහිව ක්‍රියා කරනවා යෑයි ද්‍රවිඩ සන්ධානයේ එක්‌ දේශපාලකයෙක්‌ විසින් පවසා තිබේ.

    එහෙත් ජයලලිතාට අතීතය අමතකය. "කොටි තමාට ගුවනින් ප්‍රහාරයක්‌ එල්ල කිරීමට සූදානම් වනවා. මට ආරක්‍ෂාව සලසන්න"යෑයි ඉන්දීය රජයට කියා සිටියේද ඇයයි.

    මේ පසුබිම මැද ඉන්දියාවේ මහේන්ද්‍ර සමාගම ද ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඉදිරිපත් වී ඇත. එසේම තමිල්නාඩුවේ ද්‍රවිඩ රූපවාහිනි සේවා රැසක්‌ මෙරට විකාශනය කෙරේ. මෑතකදී තවත් ද්‍රවිඩ චිත්‍රපට පෙන්වන රූපවාහිනි සේවාවන් ආරම්භ විය.

    මේ රූපවාහිනි සේවා විකාශන නතර කරන්නැයි ජයලලිතා නොකියන්නේ මන්ද? එහෙත් ඇය දෙබිඩි පිළිවෙතක පිහිටා ක්‍රියා කරයි. ශ්‍රී ලංකාවේ විනිමය පුළුවන් තරම් තමිල්නාඩුවට දීපල්ලා. හැබැයි වැඩමුළු හා ක්‍රීඩා තරග මෙන්ම හමුදා පුහුණුවට ශ්‍රී ලාංකිකයන් තමිල්නාඩුවට පැමිණීම නතර විය යුතුයි"යෑයි ජයලලිතා කියා සිටී.

    ජයලලිතාගේ මෙකී ශ්‍රී ලංකා විරෝධී ක්‍රියාදාමයේ දේශීය එජන්තවරුන් ද මෙරට සිටී. එම එජන්තවරුන් හඳුනා ගැනීම පහසුය. ද්‍රවිඩ සන්ධාන දේශපාලකයන් විටින් විට තමිල්නාඩුවට යන්නේ කුමකටදැයි රජය තේරුම්ගත යුතුව ඇත.



    කීර්ති වර්ණකුලසූරිය

    divaina
     
    Last edited: