ජයලාල් රෝහණ ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මැරිච්ච මිනිස්සුන්ට මුකුත් කියන්න හොද නැහැ. එත් මේ මනුස්සයා හරියට අනිත් මිනිස්සුන්ට උපහාස අපහාස කළා. කතා කරන විදිය, ඇවිදින විදිය වගේ ඒවා දොරමඩලාව එකට ඇවිත් හරියට විහිලු කළා මිනිස්සුන්ට. එහෙම කරන්න හොද නැහැ..

    උඹ හෙන සුචරිතවත් එකානෙ.
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    උඹ හෙන සුචරිතවත් එකානෙ.
    මම කවදාවත් මිනිස්සුන්ගේ ආබදිතබාවයන් විහිලුවට අරගෙන නැහැ බන්. අනුරාදයට උනත් මම ජෝක් කරන්නේ ලිමිට් එකේ විතරයි. ඌත් ඔය කියන තරම් අවුලක නෙමෙයි ඉන්නේ.
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම කවදාවත් මිනිස්සුන්ගේ ආබදිතබාවයන් විහිලුවට අරගෙන නැහැ බන්. අනුරාදයට උනත් මම ජෝක් කරන්නේ ලිමිට් එකේ විතරයි. ඌත් ඔය කියන තරම් අවුලක නෙමෙයි ඉන්නේ.

    බොරු පොශ් රඟපෑම් ආබාධයක් කියල ජයලාල් රෝහණ දැනගෙන ඉන්න නැතුව ඇති බං. අනුරාධයව යාලු කල්ල දියංකො. මං විහිළු කලා කියල ඌ දැන් මාත් එක්ක තරහ වෙලා :( ආයෙ එලකිරි එන්නෑ කියල යන්න ගියා :(
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ආ, කොහොමද අකුරු පොන්නයෝ.. දැන් සැපද? දැන් රනිල් අතහැරලා සම්පන්තන් අල්ලගත්තද? පොටේ හැටියට නම් මෙදා පාර විපක්ෂ නායක කමත් ගහලා යයි වගේ නේද මගේ මැණිකේ.. කුන්තය උඩ වාඩි වෙන්න කියහන් ලොක්කට..
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    7829a305-31a5-4b32-ad2f-b6e2f5ba86b9.png



    රිදුනද ඉරෝ???? සමනලු සිරිපාදේ ගියාට කැරපොත්තන්ට නො ඇක්සස් බ්‍රෝ..
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මම කිහිප වතා­වක් මැරිලා ඉප­දුණු මිනි­හෙක්


    ras-15-1.jpg


    දුක් කම්කටොළු ගොන්නක් පසුකර ජීවිතයේ ක්ෂේම භූමියකට පැමිණ අර්ථපූර්ණ ජීවිතයක් ගත කරන සුන්දර කලාකරුවෙක් මෙවර අමතක නොවන මතක විශේෂාංගයට එක්වෙනවා. වේදිකාව, රූපවාහිනිය, සිනමාව, ගුවන් විදුලිය,යන කලා ක්ෂේත්‍රයන්ට අමතරව විශ්ව විද්‍යාල කථිකාචාර්ය වරයෙක් ලෙස සුවහසක් සිසු දරුවන්ගේ නැණ නුවණ පාදන මේ නිහතමානී කලාකරුවා ජයලාල් රෝහණ.


    පාසල් ගියේ සතියට දවස් තුනයි
    මගේ ගම ජයවර්ධනපුර කෝට්ටේ. අපේ රටේ දකින්න ලැබෙන සුන්දර පළාත්වලින් ලස්සන, වටිනා ප්‍රදේශයක්. අප්පච්චි, අම්මා, මල්ලි, නංගී, සහ මම අපේ පවුලේ සාමාජිකයන්.දියවන්නා ඔය ආසන්නව නිවෙස පිහිටා තිබු නිසාවෙන් කුඩා කාලයේ මුහුණදුන් රසබර සිදුවීම් බොහෝමයි.1971 පළමු වසරට පාසලට ඇතුළත් කළ වසර.මට මතකයි අම්මයි,අප්පච්චියි ගෙවල්වලට ආසන්නම පාසලවන කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයට මාව ඇතුළත්කළා.කාලය ගෙවීයද්දී 1976 අගභාගයේදි අපේ ගෙදරට බොහොම නරක කල දසාවක් උදාවුණා. ඒ කිසියම් පිරිසක් විසින් අප්පච්චි ඝාතනය කිරීමයි. එතකොට හරියටම වයස 13 ලැබුවා විතරයි. අම්මත් රැකියාවක් නොකරන නිසා එතැන් පටන් ජීවිත ගමන ගෙවා දැමීම ලෙහෙසි පහසු වුණේ නෑ. ඉන් පසුව මම පාසල් ගියේ සතියට දවස් තුනයි. ඉතිරි දවස් දෙක මේසන් බාස්ලට අත්උදවු දෙන්න, කොන්ක්‍රීට් අනන්න වැනි දවස් කුලියට මුදල් උපයන්න වෙහෙසුණා. එහෙම කරල කොහොම හරි සා.පෙළ හොඳින් සමත්වුණා. පසුව පෙර ලෙසම පාසල් යනගමන් මුදල් උපයමින් උසස් පෙළත් හොඳින් සමත්වුණා. ඕකට තමයි කියන්නේ බඩට කන්න නැතිවෙන තරමට දුක දැනෙනවා වැඩියි.එතකොට ඒ දුකෙන් ගැලවෙන්න හොඳම මාර්ගය ඉගෙනගෙන ගොඩයන එකයි කියන හැඟීම හිතට එනවා.ඔය විදිහට ජීවිතේට ආපු සියලු බාධක ජයගනිමින් පවුලටත් ශක්තිය වෙමින් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්නත් වාසනාව උදාකරගත්තා.



    'ලෝකා'නාට්‍යයට සම්මාන නමයක්


    1987 වසර වනවිට වේදිකාවේ ජයලාල් රෝහණ කියන නම ෙප්‍ර්ක්ෂකයන්ට ටික ටික හුරු පුරුදු වෙන්න පටන් ගත්තා. ඒවන විට කෙටි වේදිකා නාට්‍ය කිහිපයකටම නිෂ්පාදනය, අංගරචනය, රංගනය ආදියෙන් දායක වී සිටියා.1987 දී ම‍ගේ 'ලෝකා' ‍වේදිකා නාට්‍යය යෞවන සම්මාන උළෙලේදි සම්මාන 9 ක් ලබාගෙන හොඳම නාට්‍යය බවට පත්වීම නාට්‍ය ක්ෂේත්‍රයේ ලැබූ ජයග්‍රහණයක්. හොඳම නළුවා, හොඳම නිෂ්පාදක, හොඳම රචකයා, හොඳම පසුතල නිර්මාණ ශිල්පය ආදී සම්මාන නමයක් මගේ නාට්‍යයට ඒ වසරේදී හිමිවීම සුවිශේෂියි. රොජර් සෙනෙවිරත්න, රසාදරී පීරිස්, ප්‍රසාද් සූරියආරච්චි වැනි රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් එහි රංගනයෙන් දායකවුණා. විශේෂයෙන් ප්‍රසාද් සූරියආරච්චිත් මා සමග කරට කර රඟ පෑම නිසා ඔහුටත් විශිෂ්ඨ රංගනය වෙනුවෙන් පිදෙන සම්මානයක් හිමි වුණා. 2005 සුමති සම්මාන උළෙලේදී 'ඉසුරු යෝගය' ටෙලිනාට්‍යයේ කළ රංගනය වෙනුවෙන් හොඳම නළුවාට හිමි සම්මානය හිමිවුවා. සුමින්ද සිරිසේන, රොජර් සෙනෙවිරත්න යන ප්‍රවීණයන් දෙදෙනාගේ නමත් සමගයි මගේ නම යෝජනා වී මට හොඳම නළුවාට හිමි සම්මානය හිමි වන්නේ. මට මතකයි ඔවුන් දෙදෙනාම ඉතාම නිහතමානීව මට සුබපතපු හැටි. ඉසුරු යෝගය නිෂ්පාදක සුසිවන් ද සිල්වා මහතාට ස්තූතිවන්ත වනවා එවැනි චරිතයකට මාව තෝරා ගැනීම සම්බන්ධව.



    තුන්වතාවක්ම නොමැරී බේරුණා


    මම ජීවිතයේ කිහිප අවස්ථාවකදීම මැරිලා ඉපදුණු මිනිසෙක්.එකක් පිට කොටුවේ බස් ස්ටෑන්ඩ් එකට ත්‍රස්තවාදීන් විසින් කළ බෝම්බ පිපිරීම. හරියටම අප්‍රේල් මාසේ 21වැනිදාවක්. නීතිඥ හේමන්ත ගමගේ මිතුරාත්,මමත්, තවත් මිතුරෙකුත් එම ස්ථානයේ සිටියා. හේමන්ත සහ මම බේරුණත් අනිත් මිතුරා බෝම්බයෙන් මියගියා. අදටත් ඔහුව මතක්වෙන වාර අනන්තයි. තවත් වරක් නුගේගොඩ රොටරියෙ උගන්වා හයිලෙවල් පාර දිගේ දෙහිවලට ආවා කෝච්චියට නගින්න.එහෙත් ආපහු හිතුණා බස් එකේ පිටකොටුවට යනවා කියා තීරණය වෙනස්කර අඩි කිහිපයයි ඉදිරියට යන්න වුණේ විශාල ශබ්දයක් කන ළඟින්ම ඇසුණා. බෝම්බය පිපිරී ගිනි ජාලාවක් අහසට නගිනවා.එදත් මගේ දිවි බේරුණේ පරණ පිනකින්.ඇස් ඉදිරිපිට මිනිසුන් මැරී වැටෙනවා දුටු දෙවැනි අවස්ථාව එයයි . තවත් වරෙක දෙමටගොඩදී මුහුණ දුන් බිහිසුණු දුම්රිය අනතුර කිසි ම ‍පුද්ගලයකුට නොවේවා කියා හැම වෙලේම ප්‍රාර්ථනා කරනවා.එදා විශ්වවිද්‍යාලයේ සිට ගෙදර යන්න දෙමටගොඩ කෝච්චිපාර හරහා යමින් සිටියදී ජංගම දුරකථනයෙන් කතාකරමිනුයි ගමන්කළේ. පිටුපසින් පැමිණි දුම්රියක හැපී විසිවී ගොස් තිබෙනවා. වුණේ මොකද්ද කියා කිසිම දෙයක් අදටත් හිතාගන්න බෑ. කොහොම හරි හැමෝම හිතල තිබුණෙ මම මැරිලා කියල. දන්න කියන අයත් දැක දැකම අහකබලා ගෙනයද්දී දෙමටගොඩ චූටි මල්ලි කියන හිත හොඳ මනුස්සයා මාව ත්‍රී රෝද රථයක දමාගෙන රෝහලට ගෙනිහින් තිබෙන්නේ අනික් අය කියන කිසිත් පිළිනොගෙන මට තවමත් පණ තිබෙනවා කියමින්. ඔහු නොහිටින්න ජයලාල් රෝහණ කියන පුද්ගලයා අද ජීවතුන් අතර නෑ. හැම මොහොතකම මට ඔහුව සිහිවනවා. මගේ පණ රැකදුන්නාට ඔහුට අනේක වාරයක් පින්. මගේ රසිකයනුත් එම අවස්ථාවේ මා වෙනුවෙන් බෝධි පූජා පවත්වා සුවය ප්‍රාර්ථනාකර තිබෙනවා.මට හිතෙන්නෙ මෙවැනි මාරක අනතුරුවලින් බේරෙන්නෙ අපි කරන යහපත් ක්‍රියා නිසා වෙන්න ඇති.



    කසාදෙට වැයවුණේ 45000යි


    මනාලියව මනාලයාම හැඩ ගැන්වු පුවතක් සමහරවිට ඔබ අසාවත් නැතිව ඇති. ඒත් මගේ පෙම්වතිය පසුව බිරිය කරගන්න විවාහ වු දිනයේ ඇයව හැඩගැන්වුයේ මගේ අතින්මයි.අපි රූපලාවන්‍ය ශිල්පීන් කිහිපදෙනෙක් ළඟටම ගොස් මිල ගණන් විමසුවා හැඩගන්වා ගැනීමට. ඔවුන් ඉල්ලන තරම් මුදලක් වැය කිරීමට අප දෙදෙනාටම නොහැකිබව තේරුණා. පසුව මම කීවා මගේ ළඟ තිබෙන මෙකප් සෙට්එකෙන් මම හැඩගන්වන්නම් කියා.රුපියල් 45000 කින් විවාහ උත්සවය ගත් පුද්ගලයෙක් මම. අද කාලෙ වගේ ලෝන් දාලා විවාහ වෙලා බෙල්ලෙ වැල දාගන්නේ නැතිව අතේ තියෙන ගානට විවාහ උත්සවය ගත්තා.ඒ නිසා අදත් සතුටින් ඉන්නවා.



    පළමු සංචාරය ඉතාලියට


    2014වසරේදී ඉතාලියේ මකොලි විශ්වවිද්‍යාලයේ පැවැති දේශනයකට සහභාගිවීම ජීවිතයේ අමතක නොවන අත්දැකීම් රැසක් ලැබූ අවස්ථාවක්. එහිදී මට හමුවුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උගන්වන මහාචාර්යවරයෙක්.දන්න කියන කවුරුත් නැති රටක එතුමා මුණ ගැසුණු විට මට හරිම සතුටක් දැණුනා. ඒ වෙලාවේ හැඟුනා ලෝකේ කොහේ ගියත් ලාංකිකයකු හමුවනවා කියන කියමන. එහිදී බහුවාර්ගික ජනතාවට එක්දින දේශනයක් පවත්වන්නට සිදුවුණා. ඉන් පසුව විවිධ රටවල්වලට සංචාරය කළත් පළමු සංචාරය මැරෙන තුරාවට අමතක වන්නේ නෑ.



    'ගොන්ඩෝලා'පළමු දර්ශනයට අමුත්තෙක්
    පසුගිය ජුනි 22දා මගේ අලුත්ම වේදිකා නාට්‍ය 'ගොන්ඩෝලා'වේදිකා ගත වුණා. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වෙමින් සුබ මොහොතින් පහන පත්තුකිරීමට පැමිණියේ මගේ පාසලවන කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ නාට්‍ය ඉගැන්වු පතිරගේ ගුරු මෑණියන්. ඇය තමයි එදා පුතා කැමැතිද නාට්‍ය කරන්න කියා මාව එක්කගෙන ගිහින් නාට්‍ය රංගනයට යොමුකළේ. එතුමිය නොහිටින්න ජයලාල් රෝහණ කියන රංගන ශිල්පියා බිහි නොවන්නත් පුළුවන්.රංගන දිවියට,රැකියාව හොඳින් කරගෙනයෑමට බිරිඳගෙන් සහ දරුවන්ගෙන් ලැබෙන සහායත් අමතක කළ නොහැකියි. ඇය යක්කල ශ්‍රීචන්ද්‍රජෝතිි විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරනවා.දියණිය ගම්පහ යසෝදරාදේවි බාලිකාවේ උසස් පෙළ හදාරන අතර ඇය භාත්කණ්ඩේ විභාගයේ අවසාන වසරේ ඉගෙන ගනිමින් සිටිනවා. පුතා කොළඹ ආනන්ද විද්‍යාලයේ තාක්ෂණ විෂයයන්ගෙන් අධ්‍යාපනය හදාරනවා.ජීවිතයේ කිසිම දවසක අතීතය අමතක ‍කර අනාගතයට යා‍ නොහැකියි.අතීතයේ අනේක දුක්විඳ වර්තමානයේ සතුටුවිය හැකි තැනක සිටිම ගැන තිබෙන්නේ නිහතමානී සතුටක්.

     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    ජයලාල් රෝහණ මහත්මයා එක්ක කතා බහ කරන කොට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වගේම පට්ට ආතල් දෙනවා. හිනා වෙලා පණ යනවා. ඉක්මණින් සුව වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.