ජයසූරියගෙන් වෙන්වීමට දෙවැනි බිරිය සැන්&#349

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    ජයසූරියගෙන් වෙන්වීමට දෙවැනි බිරිය සැන්&#349

    "ප්‍රවීන ක්‍රිකට්‌ ක්‍රීඩක, මෑතදී රජයේ නියෝජ්‍ය අමාත්‍ය ධුරයකට පත්වූ මාතර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් ජයසූරිය මහතාගෙන් නීත්‍යනුකූලව වෙන්වීම සඳහා ඔහුගේ විවාහක බිරිඳ එස්‌. කේ. සැන්ඩ්‍රා ටානියා රෝස්‌මේරි ද සිල්වා මහත්මිය නීතිඥවරියක මාර්ගයෙන් ඊයේ (25 වැනිදා) කොළඹ දිසා අධිකරණය හමුවේ නඩුවක්‌ ගොනු කළාය.

    ටානියා රෝස්‌මේරි සනත් ජයසූරියගේ දෙවැනි විවාහක බිරියයි. ඔහුට දාව ඇයට දරුවන් තිදෙනෙකි. බිරිඳ ළඟ සිටින දරුවන් තිදෙනාගේ නඩත්තුව සඳහා රුපියල් කෝටි 20 බැගින් සහ ඇගේ නඩත්තුවට වෙනම රුපියල් කෝටි 20 ක්‌ ඔහුගෙන් එකවර ලබාදෙන ලෙසද ඇය නඩුවෙන් ඉල්ලා ඇත.

    සනත් ජයසූරිය මේ වන විට විශාල ධනස්‌කන්ධයක්‌ හිමි අයෙක්‌ බවත්, ඔහු සතු මුදල් වංචල හා නිශ්චල දේපොළවල වටිනාකම රුපියල් බිලියන ගණනක්‌ වන බවත්, වාණිජ ආයතන රැසක කොටස්‌ විශාල ප්‍රමාණයක්‌ ඔහු මිලදී ගෙන ඇති බවත්, තමා නොදන්නා තවත් දේපොළ ඔහු සතුව තිබිය හැකි බවත්, කොළඹ අගනුවර පිහිටි ප්‍රධාන පෙළේ බීම හලක්‌ (Q BAR) ඔහු මිලදී ගත්බව ඇය කියා සිටී. මේ වන විට ඔහු සතු දේපොළවලින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ ඔහු දරුවන් තිදෙනාගේ නමට ලියා පවරා දී ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර ඇත.

    සනත් ජයසූරිය සමග විවාහ වී ටික කලකට පසුව ඔහු තමාගෙන් වෙන්වීමට උසාවියක නඩුවක්‌ පැවරූ නමුත් තමා ඊට වෙන්වීමට විරුද්ධ වූ බවත්, කෙසේ හෝ එම නඩුව දුරදිග නොගොස්‌ පසුව සමථයකට පත්වූ බවත්, දරුවන් තිදෙනාගේ භාරකාරත්වය තමාට ලැබුණ බවත් ඇය කියා සිටී. ඒ සිද්ධියෙන් පසුවද ඔහුගේ ගති පැවතුම් ගැන එතරම් පැහැදීමක්‌ තමා කෙරෙහි නොවූවත් දරුවන්ගේ යහපත සුබ සිද්ධිය වෙනුවෙන් විශාල කැපවීමක්‌ කරමින් දිගටම ඔහු සමග සිටි බවත් යළි පෑහීමක්‌ නොවන අන්දමට 2013 අප්‍රේල් මාසයේ දී දෙදෙනා අතර සම්බන්ධය බිඳ වැටුණ බවත්, ඔහු දැඩි ස්‌ත්‍රී ඇසුරට වැඩියෙන් කැමැති අසම්මත හැසිරීම්වලින් යුත් අයෙකු බවත්, ඔහු සමග යළි දීගකෑමේ කිසි බලාපොරොත්තුවක්‌ නැති බවත් ඇය පැමිණිල්ලෙන් කියා සටින්නීය.

    ජයසූරිය මහතා අන් අයගේ උසිගැන්වීම්, පෙළඹවීම් පිට නොමඟ ගොස්‌ ඔහු සතු දේපොළ පැවරීම් කරනු ඇතැයි සැකයක්‌ ඇති නිසා දරුවන් වෙනුවෙන් ඒවා සුරක්‌ෂිත කරගැනීම සඳහා මෙම නඩු කටයුත්ත උසාවියට යොමුකළ බවත් ඇය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත."


    -Source - Divaina
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සනත් කියන්නේ මහා අපතයෙක් බලන් යනකොට...ලස්සන කෙල්ලෙක් දැක්කහම සල්ලි පෙන්නලා බදිනවා ඊට පස්සේ සුකලා සුකලා එපා උනහම අයින්කරනවා..පව් අර ළමයි ටික..
     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සනත් කියන්නේ මහා අපතයෙක් බලන් යනකොට...ලස්සන කෙල්ලෙක් දැක්කහම සල්ලි පෙන්නලා බදිනවා ඊට පස්සේ සුකලා සුකලා එපා උනහම අයින්කරනවා..පව් අර ළමයි ටික..
    ඌ දෙමලද බන්... නැනේ මට් වැරදුනා වසලයො ඔක්කොම සින්හලයොනේ..