ජයසූරිය ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

May 29, 2011
78
20
0
ජයසූරිය ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

sanath_Jayasuriya_Srilanka_Cricket.jpg

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම සුපිරි ක්‍රීඩක සනත් ජයසූරිය අද පස්වරුවේදී කොළඹදී ප්‍රකාශයට පත් කළේය.

අද පස්වරුවේ කොළඹ ගලධාරී හෝටලයේදී පැවැත්වූ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් 41 ක් හැවිරිදි ජයසූරිය පැවසුවේ එංගලන්ත එක්දින තරගාවලියේ එක් තරගයකට හා විස්සයි-විස්ස තරගයට ක්‍රීඩා කිරීමෙන් පසුව තමන් සියළුම ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් සමුගන්නා බවයි.

එංගලන්ත එක්දින තරගාවලිය සඳහා නම්කර තිබෙන කණ්ඩායමට සනත් ඇතුළත් වන අතර ඔහුට පසුගිය මාස නමයක පමණ කාලය තුළදී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි නොවීය. ඔහු ලෝක කුසලාන සංචිතයටද නම් නොකෙරුණි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුද වන හෙතෙම පවසා තිබුණේ තමන් තවමත් ජාත්‍යන්තර තරග වලට සහභාගී වීමට තරම් ශරීර යෝග්‍යතාවයකින් පසුවන බවයි.

ලබන ජුනි 30 වනදා ජයසූරිය සිය 42 වන උපන් දිනය සමරයි.


www.vimasuma.com