කෝටිපති ක්‍රීඩකයන්ගේ පකිස් බිය

obirin

Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    කෝටිපති ක්‍රීඩකයන්ගේ පකිස් බිය

    විශේෂාංග
    ගොසිප්
    ක‍්‍රීඩා
    ව්‍යාපාරික
    විදෙස්
    ARCHIVES
    RSS



    ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ තීරණය ගැන පකිස්තානු බලධාරීන්ගේ කනස්සල්ල !
    9 September 2019 02:35 pm
    22
    Shares

    පකිස්තානයේ තරග සංචාරයක නිරත වීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පකිස්තානු ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සිය කනස්සල්ල පළකර තිබෙනවා. කෙසේ වෙතත් මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ගැටලුවක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් කිසිදු අදහස් දැක්වීමක් සිදුකළ නොහැකි බවයි ඔවුන් පවසන්නේ.

    එක්දින ජාත්‍යන්තර තරග 03 කින් හා 20/20 ජාත්‍යන්තර තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ වීමට නියමිතය. මේ වනවිට තරග පැවැත්වීම සඳහා ලාහෝර් සහ කරච්චි නරග සූදානම් බවත්, ඒ අනුව ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් නොමැතිව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එවන ඕනෑම කණ්ඩායමක් පිළිගැනීමට තමන් සූදානම් බව පකිස්තානු බලධාරීන් පවසනවා.

    ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, 20/20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත්තේ පකිස්තානයේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් එම සංචාරය සඳහා සහභාගි විය නොහැකි බවයි.

    අදාල ක්‍රීඩකයින් තිදෙනා සමග ක්‍රීඩා ඇමතිවරයා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී පකිස්තානයේ පවතින ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට නියමිතය. මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දු වී ඇත්තේ තමාද කණ්ඩායම සමග පකිස්තානයට යාමට සූදානම් බවයි.

    2009 වසරේදී පකිස්තානයේ සංචාරයක නිතර වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන්පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම අත්හැර දැමිණි.

    මීට පෙර 2017 වසරේදී ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති 20/20 තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලාහෝර්හිදී පැවති අතර එම තරගයට සහභාගි වීමද ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කළේය. ඒ නිසා තිසර පෙරේරාගේ නායකත්වයෙන් නවක කණ්ඩායමක් එම තරගාවලිය සඳහා සහභාගි කරවීමට ශ්‍රී ලංකා බලධාරීන්ට සිදුවිය.
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    පකිස්තානයේ ක්‍රිකට් ගහන එක ලංකාවට හොඳයි. මැතිව්ස්ලා, මලිංගලා ක්‍රිකට් වලින් කෝටි ගනන් හෙවපු එවුන්.මුන් මැරුනොත් උන් හම්බ කරගත්ත සල්ලි වලින් සැප විඳින්න බැරි වෙයි කියල අනියත බියකින් ඉන්න බව පේනවා.උන් බය නම් උන්ට පක් ගහගන්න කියල ඔය ඉන්න දකෂ අය යවන්න තියෙන්නේ.මැතිව්ස්ලා දිමුත්ලා අති දක්ෂ අය නෙවෙයි.බෝල් කොටන හුකන්නො.උන්ගෙන් මහ ලොකු දෙයක් ලංකාවට නෑ.මාලිංගය උනත් දැන් විකට් හතරක් එක දිගට අරගෙන පොර වගේ හිටියට ඕව හැමදාම හැමතැනම නෑ. තව මැච් 300ක්වත් ගෑහුවත් හැට්‍රික් එන එකක් නෑ.ඒක ඉසා එක ගැන එච්චර වද වෙන්න දෙයක් නෑ. මම හිතන්නේ උන් නැති එක ටීම් එකට හොඳයි. ලංකාව ඉන්දියාවෙන් එංගලන්තෙන් ඕස්ට්‍රෙලියාවෙන් මැච් හම්බ වෙනකම් බලාගෙන හිටියොත් සොරිම තමයි. උන් ලංකාවට එච්චර මැච් දෙන්නේ නෑ.අනිත් එක ඒ රටවල අලුත් ක්‍රීඩකයන්ට උඩට එන්නත් බෑ.හැමෙනන්න වදිනවා.පකිස්තාන් වලින් ලංකාවට් මැච් ගොඩක් ගන්න පුලුවන්.අනිත් එක උන් එක්ක ගහන එක ලංකාව්ට අත්දැකිම් වශයෙන් හොඳයි.පකිස්තාන් කියන්නේ ඇටෑකින් බැට්ස්මන්ලට හොඳ තනතීරු තියෙන රටක්.අරවින්ද,ජයසූරිය දිල්ෂාන් සංගලා උඩට ආවේ පකිස්තාන් ‍ටුවර් හින්ද.
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මෙතන talks issue කරන උන්ට යන්න කිව්වොත් යයි ලොල්
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවට බෝම්බ බය තියන කාලෙ වර්ල්ඩ්කප් ලංකා, ඉන්දියා, පකිස්ථාන් හොස්ට් කරපු වෙලාවේ ඔසි උන්, ඉන්දියන් උන් බෝම්බ ගහනවා එන්න බෑ කියද්දි ආවෙ පකිස්ථාන් උන් අපිට සපෝට් එකට.