කෝටිපති ක්‍රීඩකයන්ගේ පකිස් බිය
විශේෂාංග
ගොසිප්
ක‍්‍රීඩා
ව්‍යාපාරික
විදෙස්
ARCHIVES
RSS
ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගේ තීරණය ගැන පකිස්තානු බලධාරීන්ගේ කනස්සල්ල !
9 September 2019 02:35 pm
22
Shares
පකිස්තානයේ තරග සංචාරයක නිරත වීම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විසින් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් පකිස්තානු ක්‍රිකට් ආයතනයේ බලධාරීන් සිය කනස්සල්ල පළකර තිබෙනවා. කෙසේ වෙතත් මෙය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අභ්‍යන්තර ගැටලුවක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් කිසිදු අදහස් දැක්වීමක් සිදුකළ නොහැකි බවයි ඔවුන් පවසන්නේ.
එක්දින ජාත්‍යන්තර තරග 03 කින් හා 20/20 ජාත්‍යන්තර තරග 03 කින් සමන්විත මෙම තරගාවලිය සැප්තැම්බර් 25 වැනිදා ආරම්භ වීමට නියමිතය. මේ වනවිට තරග පැවැත්වීම සඳහා ලාහෝර් සහ කරච්චි නරග සූදානම් බවත්, ඒ අනුව ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් නොමැතිව හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එවන ඕනෑම කණ්ඩායමක් පිළිගැනීමට තමන් සූදානම් බව පකිස්තානු බලධාරීන් පවසනවා.
ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න, 20/20 කණ්ඩායමේ නායක ලසිත් මාලිංග සහ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ආයතනය වෙත දන්වා ඇත්තේ පකිස්තානයේ ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් එම සංචාරය සඳහා සහභාගි විය නොහැකි බවයි.
අදාල ක්‍රීඩකයින් තිදෙනා සමග ක්‍රීඩා ඇමතිවරයා අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත අතර එහිදී පකිස්තානයේ පවතින ආරක්ෂක තත්වය සම්බන්ධයෙන් ඔවුන් දැනුවත් කිරීමට නියමිතය. මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයා පොරොන්දු වී ඇත්තේ තමාද කණ්ඩායම සමග පකිස්තානයට යාමට සූදානම් බවයි.
2009 වසරේදී පකිස්තානයේ සංචාරයක නිතර වූ ශ්‍රී ලංකා කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර ඉන්පසු ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීම අත්හැර දැමිණි.
මීට පෙර 2017 වසරේදී ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවති 20/20 තරගාවලියේ තෙවැනි සහ අවසන් තරගය ලාහෝර්හිදී පැවති අතර එම තරගයට සහභාගි වීමද ජ්‍යෙෂ්ට ක්‍රීඩකයන් ප්‍රතික්ෂේප කළේය. ඒ නිසා තිසර පෙරේරාගේ නායකත්වයෙන් නවක කණ්ඩායමක් එම තරගාවලිය සඳහා සහභාගි කරවීමට ශ්‍රී ලංකා බලධාරීන්ට සිදුවිය.