ජර්මන්_අම්මා

barack obama

Well-known member
  • Jun 12, 2008
    3,281
    467
    83
    38
    United Arab Emirates
    ජර්මන් අම්මා මාතර ඇවිත් වසර 11යි


    2004 වසරේ සුනාමියෙන් විපතට පත් ජනතාවට උදව් කිරීමට මෙරටට පැමිණි ජර්මනියේ නෝවිඩ්- මාතර මිත්‍රත්ව සංගමයේ උප සභාපතිනී එඩල්රඩ් පින්ගර් මහත්මිය අද මාතර නගරයේ පාසල් රැසක දරු දැරියනට මවක්වී ඇත.
    ඇය මාතර රාහුල, සුජාතා, අනුර විද්‍යාලයන්ට හා මන්තින්ද පිරිවෙනේ දරු දැරියන් සඳහා එම පාසල්වලට භෞතික සම්පත් රැසක් ලබාදී ඇත.
    රාහුල විද්‍යාලයට අංග සම්පූර්ණ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක්, සිසුන් 80කට ප්‍රමාණවත් තෙමහල් නේවාසිකාගාරයක් ද සුජාතා විදුහලේ සිසුවියන් 48කට ප්‍රමාණවත් දෙමහල් නේවාසිකාගාරයක්ද පරිත්‍යාග කර ඇත.
    අනුර විදුහලට ගෘහ විද්‍යාගාරයක්, රසායනාගාරයක්, භාෂාගාරයක්, විද්‍යාගාරයක් හා පන්ති කාමර තුනක් සහිතව නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර දුන්නාය.
    එම පාසල්වල ඉගෙනුම ලබන ආර්ථික දුෂ්කරතා ඇති පාසල් දරු දැරියන් විසි දෙනකුට පමණ මාසයකට රුපියල් 2500 බැගින් ශිෂ්‍යාධාරයක් ද දෙන්නීය. ඔවුන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීමටද උදව් කරන්නීය.
    පින්ගර් මහත්මිය 2004 වසරේ සුනාමි ව්‍යසනයෙන් විපතට පත් ජනතාවට උදව් කිරීමට පැමිණෙන්නේ ජර්මනියේ පදිංචි සාගර අබේගුණවර්ධන මහතාගේ ඉල්ලීමක් අනුවය. ඔහු මාතර රාහුල විදුහලේ ආදි සිසුවෙකි.
    ඇගේ සේවාවන් පිළිබඳව www.tsunami-kinder-matara.de වෙබ් අඩවියෙන් දැක ගත හැකිය.


    lankadeepa.lk

    117.jpg

    512.jpg