~ ජර්මනියෙන් එන Tarzan ~

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    ~ ජර්මනියෙන් එන Tarzan ~

    ජර්මනියෙන් එන Tarzan…​


    අපි කලින් වතාවක් කිව්වා මතක ඇති නේද අලුත තැනෙන්නට යන Tarzan චිත්‍රපටියක් ගැන? මේකත් Tarzan ගැනම තමයි, හැබැයි ඒක ගැන නෙමෙයි. මෙයා එන්නෙ ජර්මනියෙන්! ඊටත් 3මාන සජීවීකරණයෙන්!

    කලින් කියපු Tarzan; ජීවමාන සිනමා නිර්මාණයක් -ඒ කියන්නේ ජීවමාන මිනිසුන් චරිත නිරූපණය කරන නිර්මාණයක්! එනිසායි මිනිසුන් රඟන සිනමාකෘති ජීවමාන සිනමා නිමැවුම් ලෙස හැඳින්වෙන්නේ-. නමුත් මේ කියන එක ත්‍රිමාන සජීවීකරණයෙන් නිර්මාණය කෙරුණක්. ත්‍රිමාන සජීවීකරණ කිව්වට මේක චලන ග්‍රාහක(Motion Capture) තාක්ෂණය උපයෝගී කරගෙන කළ එකක්. ඒ වගේම ත්‍රිමාන ප්‍රදර්ශනය අරමුණු කරගනිමින් කළ එකක්. මේක Reinhard Klooss (Animals United)‘ගේ අධ්‍යක්ෂණයක්, පිටපත Klooss/ Jessica Postigo/ Yoni Brenner යන අයගෙන්. නිෂ්පාදන බර පැන ජර්මානු චිත්‍රාගාරයක්වන Constantin Film සමාගෙමෙන්. තවමත් අපට දකින්නට නොලැබුණු; The Mortal Instruments: City of Bones (2013) ත් ඔවුනගේ නිෂ්පාදනයක්.​

    images

    ඉහතින් දක්වා තිබෙන්නේ මෙම චිත්‍රපටිය වෙනුවෙන් නිකුත් කළ පෙරපටය. ඊට අනුව නම් ඇස පිනවන සුපිරි රූප පෙළක් තිරය මතට ගෙනෙන්නට නිර්මාණ ශිල්පීන්ට හැකිව තිබෙනවා. ජීවමාන සිනමා නිර්මාණයකදීට වඩා ඉතා මැනවින් ඉරියව් සියුම් ලෙස ගෙනහැර දක්වාන්නට නිර්මාන කණ්ඩායම සමත්ව ඇති හැඩයි. ටාසන්’ගේ වැල් කරණම්, දඟ වැඩ සහ අනෙකුත් චරිතත් මනපිනවන හැඩහුරුකම් පෙන්වනවා. පැහැදිලිවම ඔබට වැටහෙන විදිහටම චිත්‍රපටිය ජර්මානු භාෂාවෙන් නිර්මාණය වූවක්. නිසැකවම ටාසන් කියන්නෙ කොහොමටත් ත්‍රිමාන ස්වරූපයට උරුමකම් කියන නිර්මාණයක්නෙ. උස ගන් මුදුන්, කඳු ශිඛර වගේ දේවල් ටාසන්ගේ හුරුපුරුදු සහ ප්‍රියමනාප තැන් නෙ!

    447Tarzan-3D-2013-Mo-Cap-Trailer-thumb-550x331-52356.jpg

    හැබැයි මේක මුල් නිර්මාණයෙන් බොහෝ සෙයින් වෙනස් වුණ එකක්. ඒ කියන්නේ, එඩ්ගා රයිස් බරෝස්’ගේ ටාසන්ම නෙමෙයි. ටාසන්ගේ උප්පත්ති කතාන්දරය සෑහෙන වෙනස්. “ග්‍රේස්ටෝක් කියන්නෙ මහා ධන කුවේරයෙක්. බහුජාතික සමාගම් ජාලයක හිමිකරුවෙක් (ග්‍රේස්ටෝක් සමූහය) අප්‍රිකාවේදී ඔහු සිය බිරීඳ හා අවුරුදු 03ක් වයස කුඩා දරුවාත් එක්ක හෙලිකොප්ටරයෙන් යමින් ඉන්නකොට හදිසි අනතුරකට ලක්වෙනවා. මින් දිවි ගළවා ගන්නේ කුඩා දරුවා පමණයි. ඔහු මහා වානරිය කාලා විසින් සොයා ගැණෙනවා. ඇය ඔහුට දෙන නම ටාසන්!” ඔන්න ඔහොමයි පසුබිම. නමුත් කතාවේ මූලික ව්‍යූහය පෙර පරිදිමයි. කාලයේ තාලයට ගැළපෙන්නට මේ වගේ සුළු සුළු වෙනස්කම් කීපයක් ඔවුන් එකතු කරල තියෙනවා විතරයි.



    දැනට කියැවෙන්නේ නම් මෙහි ඉංග්‍රීසි හඬ යෙදූ පිටපතක් නිකුත් වනු ඇති බවයි. අර කලිනුත් වතාවක් අපි තොරතුරු කිවූ ටාසන් නිර්මාණය කල් දමා තිබෙන බවයි අලුතින් හෙළිවන්නේ. නමුත් 2014 වසරේදී එහි නිෂ්පාදන කටයුතු ඇරඹීමේ ඉඩකඩ බොහොම වැඩි බවක් තමයි කියැවෙන්නේ. Tarzan 3D (2013) ලෙස නම් කර ඇති මේ ජර්මානු සජීවීකරණ සිනමා නිර්මාණය ඔක්තෝබර් 10 වැනිදා සිට ජර්මනියේ ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතයි.


    උපුටා ගැනිම බයිස්කෝප් මංසල
     

    Similar threads