ජර්මනියෙන්_ලංකාවට

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ජර්මනියෙන්_ලංකාවට

ජර්මනියෙන් ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 14ක්

මේවා අධික පොලියට ලබා ගන්නා චීන නය වගේ නොවෙයි. මේවා ආධාර .

ශ්‍රී ලංකාවට යූරෝ මිලියන 14ක මූල්‍යාධාර ලබාදීමට ජර්මනිය එකඟතාව පළ කර තිබේ.

ජර්මනියේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ එරට රජයේ නායකයින් අතර ඊයේ පැවති සාකච්ඡා වල ප්‍රතිඵලයක් ලෙස මෙම ආධාර ලබාදීමට එකඟතාව පළ වී ඇති බව සඳහන්ය.

මේ පිළිබඳ ජර්මනියේ බර්ලින් නුවර සිට තොරතුරු ගෙන එන අද දෙරණ විශේෂ නියෝජිත ෂෙහාන් බරණගේ මහතා කියා සිටියේ'ජර්මන්-ශ්‍රී ලංකා සංවර්ධන සහයෝගිතා සැලැස්ම'යටතේ මෙම ආධාර මුදල ලැබෙන බවයි.

එම මුදලින් යුරෝ මිලියන 6ක මුදලක් විල්පත්තු වනෝද්‍යානයේ සංවර්ධන කටයුතු සඳහාද,උතුරු-නැගෙනහිර නිපුණතා සංවර්ධනයට යුරෝ මිලියන 4ක්ද,සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්ත සංවර්ධනයට යුරෝ මිලියන 2.4ක්ද,පළාත්පාලන ආයතනවල නියෝජිතයින් හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ දැනුම හා අත්දැකීම් හුවමාරුවට යු.මි 0.6ක්ද වෙන්කර ඇති බව අප විශේෂ නියෝජිතයා සඳහන් කරයි.

එසේම තවත් යුරෝ මිලියනයක මුදලක් විශේෂ ව්‍යාපෘතික මුදලක් ලෙස ඉදිරියේදී ලැබීමට නියිමත බව කියැවෙයි.

ජනාධිපතිවරයාගේ ජර්මානු සංචාරයේ අවසන් දිනය වන අද දහවල් ජනාධීපතිවරයා ව්‍යාපාරික හමුවකට සහභාගී වීමට නියමිත අතර ඒ සඳහා ජර්මානු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් 250 ක පිරිසක් සහභාගිවන බව හා ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයින් 35 දෙනෙකු පමණ සහභාගිවන බව සඳහන්ය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති නීතිඥ උපුල් ජයසූරිය මහතා කියා සිටියේ ආයෝජකයින් දිරිමත් කිරීමත් ඔවුනොවුන් හඳුනාගනිමින් ඉඩප්‍රස්ථා විවරකර ගැනීමත් මෙම හමුවේ අරමුණු වන බවයි.

මේ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ජර්මානු ජනාධිපතිවරයා අතර නිළ හමුව ඊයේ පස්වරුවේ සිදුවු අතර බර්ලින් නුවර පිහිටි බ්ලේවියු මන්දිරයේදී එම හමුව සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

දශක 05කට වැඩි කාලයක සිට ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳාහා ජර්මානු රජය ලබාදෙන දායකත්වය පිළීබඳ එහිදී ස්තූතිය පළ කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙරට අතර මිත්‍රත්වය වැඩිදියුණු කරගැනීමට කටයුතු කරන බවද පවසා තිබේ.

ප්‍රජාතන්ත්‍රවාදය සහ සංහිඳියාව තහවුරු කරමින් ඉදිරියට යන ශ්‍රී ලංකාවට ජර්මානු රජයේ ඉහළම දායකතවය ලබාදෙන බවයි ජර්මානු ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.
 
upCountry

Member
Nov 12, 2014
484
86
0
3u3ROIN.gif
 
eltonjuwal

Active member
  • Mar 17, 2011
    438
    53
    28
    ආධාර නු නැවත ගෙවිය යුතු ඒවා වන අතර සහනාධාර නැවත ගෙවිය යුතු නොවේ
     
    • Like
    Reactions: Shaiman

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    අධාර නම් ගෙවන්න ඕනේ. හැබැයි පොලිය නෑ. නැත්තන් ඉතා කුඩා ප්‍රමාණ ඒවා. ණය නම් පොලියත් එක්කම ගෙවන්න ඕනේ. පොලිය 6% 9% අතර පොලි ගෙවන්න ඕනේ
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    පිට රට ගිහින් හිඟාකලා ආධාර, ණය අරං ඇවිත්, අච්චර දුන්නා, මෙච්චර දුන්නා කියලා ආඩම්බරෙන් ලංකාවට ඇවිත් කියවන අමුතු රටක් ඕයි මේක!
    හිඟාකෑවානං පාඩුවේ කටවහන් ඉන්න ඕන එක්කෝ.
    යුරෝ මිලියන 14ක් කියන්නේ රුපියල් කෝටි 224ක්. සන්සන්දනය කරනවනම් මහින්ද රාජපක්ශගේ වාර්ශික රාජ්‍ය වියදම් 2014 දී රුපියල් කෝටි 960ක්.
    දැන් ඉන්න උන්දැගේ කීයද කියන්න මම දන්නේ නෑ.
    හැබැයි මෙහෙ ඉන්න හොර දේශ පාලුවෝ මඩි ගහගන්න හැටියට ඕක ගානක් නෙමෙයි. ජර්මනියටනම් පඩයක් ගියා වගේ ඇති.
    එහෙම උනත් මේ ණය අරන් ලොකුව කියන එක රටක් විදියට අපි හොඳටම බාල්දු වෙන අවස්තාවක්.
    මට මතක් වෙන්නේ පෝය දවසේ පන්සලට අධාර කරාම ලවුඩ්ස්පීකරෙන් නම කියවන හැටි.
    "අහවල් මහතා බෝධිය ඉදිකිරීම සඳහා රු. 20 ක ආධාරයක් ලබාදුන්නා. එතුමාට ....(පැය දෙකක වර්ණනාව )......."
    ලැජ්ජයි බං!
     
    deepwater

    Well-known member
  • Aug 14, 2015
    860
    501
    93
    ඇයි කෝටි 500 කට විතර හරියන්ට නොන්ඩි වෙලා ආවේ, ඒ මදිද උඹලට?:D:D:D
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පිට රට ගිහින් හිඟාකලා ආධාර, ණය අරං ඇවිත්, අච්චර දුන්නා, මෙච්චර දුන්නා කියලා ආඩම්බරෙන් ලංකාවට ඇවිත් කියවන අමුතු රටක් ඕයි මේක!
    හිඟාකෑවානං පාඩුවේ කටවහන් ඉන්න ඕන එක්කෝ.
    යුරෝ මිලියන 14ක් කියන්නේ රුපියල් කෝටි 224ක්. සන්සන්දනය කරනවනම් මහින්ද රාජපක්ශගේ වාර්ශික රාජ්‍ය වියදම් 2014 දී රුපියල් කෝටි 960ක්.
    දැන් ඉන්න උන්දැගේ කීයද කියන්න මම දන්නේ නෑ.
    හැබැයි මෙහෙ ඉන්න හොර දේශ පාලුවෝ මඩි ගහගන්න හැටියට ඕක ගානක් නෙමෙයි. ජර්මනියටනම් පඩයක් ගියා වගේ ඇති.
    එහෙම උනත් මේ ණය අරන් ලොකුව කියන එක රටක් විදියට අපි හොඳටම බාල්දු වෙන අවස්තාවක්.
    මට මතක් වෙන්නේ පෝය දවසේ පන්සලට අධාර කරාම ලවුඩ්ස්පීකරෙන් නම කියවන හැටි.
    "අහවල් මහතා බෝධිය ඉදිකිරීම සඳහා රු. 20 ක ආධාරයක් ලබාදුන්නා. එතුමාට ....(පැය දෙකක වර්ණනාව )......."
    ලැජ්ජයි බං!
    :rofl::rofl::rofl:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ වෙලාවේ කොහෙන්හරි සල්ලි ලැබෙන එක හොඳ දෙයක්
    ඒත් එහෙන් ලැබෙද්දි මෙහෙන් යන එක තමා ගැටළුව

    විදේශිකයන් ආයෝජනය කළ
    ඩොලර් මිලියන 2133 ක්‌ යළි අරන්

    දයා ලංකාපුර

    විදේශීය ආයෝජකයන් රජයේ සුරැකුම්පත්වල ආයෝජනය කොට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2133 ක මුදලක්‌ ඉකුත් පෙබරවාරි 3 -10 සතිය තුළ ආපසු ලබාගෙන තිබේ. මේ අයුරින් විදේශිකයන් තමන් සතු සුරැකුම්පත් විකුණා මුදල් ආපසු ලබාගැනීම නිසා රජයේ ආර්ථික අර්බුදය තවත් උග්‍රවී ඇතැයි වෙළෙඳපොළ ආරංචිමාර්ග කියයි.

    මෙයට පිළියමක්‌ ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 75 ක්‌ ලබා ගැනීම සඳහා මහ බැංකුව විසින් සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

    මේ අතර පසුගිය වසර තුළ රජයේ විදේශ විනිමය සංචිතයද ඇමරිකානු ඩොලර් බිලියන 6.5 දක්‌වා අඩුවී ඇතැයි මහ බැංකු සංඛ්‍යාලේඛනවල දැක්‌වේ.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    ලිබියාවෙයි ජර්මනියේ වෙනස
    ඒ කාලේ ගොඩක් අය මේවට කෑගැහුවා

    http://www.divaina.com/2009/04/11/news03.html

    ලිබියාවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො. මිලියන 500 ක්

    ශ්‍රී ලංකා රජය දියත් කර ඇති ජාතික සංවර්ධන කටයූතුවලට සහයක් වශයෙන් ඇමරිකානූ ඩොලර් මිලියන 500 ක කඩිනම් ආධාරයක් ලබා දීමට ලිබියානූ රජය එකඟ වී ඇත. ලිබියාවේ සංචාරයක නිරත ජනාධිපති මහින්ද රාජපකෂ මහතා සහ ලිබියානූ නායක කර්නල් මූහම්මර් ගඩාෆි මහතා අතර පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම කඩිනම් ආධාර මූදල ලබා දීමට ලිබියානූ රජය එකඟ වී තිබේ. මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කළ නිවේදනයක මෙසේද දැක්වේ.

    හම්බන්තොට ප්‍රදේශයේ ඉදිකෙරෙන ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටූපළ ඉදිකිරීමේ කටයූතු ලිබියානූ රජයේ මූල්‍යාධාර මත ඉදිකිරිමට ද ලිබියානූ රාජ්‍ය නායකයා එකඟතාව පළ කර ඇත.

    ශ්‍රී ලංකා රජයේ මානූෂික මෙහෙයූම් ක්‍රියාවලිය හා උතුරු නැගෙනහිර ජන ජීවිතය නැවත ගොඩ නැගීමට රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳ අවබෝධ කරගත් ලිබියානූ නායක කර්නල් මූහම්මර් ගඩාෆි මහතා උතුර නැගෙනහිර යටිතල පහසූකම් සංවර්ධන කටයූතු සඳහා මූල්‍යාධාර සැලසීමට ද මෙහිදී එකඟ වී ඇත.

    ලිබියානූ රාජ්‍ය නායකයා හා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර මේ එකඟතාවන් ඇතිවූයේ අද ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම කාලයේ ලිබියානූ නායකයා හා ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපකෂ මහතා අතර පැවැති පෞද්ගලික මටිටමේ විශේෂ සාකච්ඡාවේදීය.
     
    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    පිට රට ගිහින් හිඟාකලා ආධාර, ණය අරං ඇවිත්, අච්චර දුන්නා, මෙච්චර දුන්නා කියලා ආඩම්බරෙන් ලංකාවට ඇවිත් කියවන අමුතු රටක් ඕයි මේක!
    හිඟාකෑවානං පාඩුවේ කටවහන් ඉන්න ඕන එක්කෝ.
    යුරෝ මිලියන 14ක් කියන්නේ රුපියල් කෝටි 224ක්. සන්සන්දනය කරනවනම් මහින්ද රාජපක්ශගේ වාර්ශික රාජ්‍ය වියදම් 2014 දී රුපියල් කෝටි 960ක්.
    දැන් ඉන්න උන්දැගේ කීයද කියන්න මම දන්නේ නෑ.
    හැබැයි මෙහෙ ඉන්න හොර දේශ පාලුවෝ මඩි ගහගන්න හැටියට ඕක ගානක් නෙමෙයි. ජර්මනියටනම් පඩයක් ගියා වගේ ඇති.
    එහෙම උනත් මේ ණය අරන් ලොකුව කියන එක රටක් විදියට අපි හොඳටම බාල්දු වෙන අවස්තාවක්.
    මට මතක් වෙන්නේ පෝය දවසේ පන්සලට අධාර කරාම ලවුඩ්ස්පීකරෙන් නම කියවන හැටි.
    "අහවල් මහතා බෝධිය ඉදිකිරීම සඳහා රු. 20 ක ආධාරයක් ලබාදුන්නා. එතුමාට ....(පැය දෙකක වර්ණනාව )......."
    ලැජ්ජයි බං!

    Kiyala wadak na... Oka unge giya gamane viyadamen adu karahama deyak nathima tharam...
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    පිට රට ගිහින් හිඟාකලා ආධාර, ණය අරං ඇවිත්, අච්චර දුන්නා, මෙච්චර දුන්නා කියලා ආඩම්බරෙන් ලංකාවට ඇවිත් කියවන අමුතු රටක් ඕයි මේක!
    හිඟාකෑවානං පාඩුවේ කටවහන් ඉන්න ඕන එක්කෝ.
    යුරෝ මිලියන 14ක් කියන්නේ රුපියල් කෝටි 224ක්. සන්සන්දනය කරනවනම් මහින්ද රාජපක්ශගේ වාර්ශික රාජ්‍ය වියදම් 2014 දී රුපියල් කෝටි 960ක්.
    දැන් ඉන්න උන්දැගේ කීයද කියන්න මම දන්නේ නෑ.
    හැබැයි මෙහෙ ඉන්න හොර දේශ පාලුවෝ මඩි ගහගන්න හැටියට ඕක ගානක් නෙමෙයි. ජර්මනියටනම් පඩයක් ගියා වගේ ඇති.
    එහෙම උනත් මේ ණය අරන් ලොකුව කියන එක රටක් විදියට අපි හොඳටම බාල්දු වෙන අවස්තාවක්.
    මට මතක් වෙන්නේ පෝය දවසේ පන්සලට අධාර කරාම ලවුඩ්ස්පීකරෙන් නම කියවන හැටි.
    "අහවල් මහතා බෝධිය ඉදිකිරීම සඳහා රු. 20 ක ආධාරයක් ලබාදුන්නා. එතුමාට ....(පැය දෙකක වර්ණනාව )......."
    ලැජ්ජයි බං!

    +8
     
    Similar threads