පිට රට ගිහින් හිඟාකලා ආධාර, ණය අරං ඇවිත්, අච්චර දුන්නා, මෙච්චර දුන්නා කියලා ආඩම්බරෙන් ලංකාවට ඇවිත් කියවන අමුතු රටක් ඕයි මේක!
හිඟාකෑවානං පාඩුවේ කටවහන් ඉන්න ඕන එක්කෝ.
යුරෝ මිලියන 14ක් කියන්නේ රුපියල් කෝටි 224ක්. සන්සන්දනය කරනවනම් මහින්ද රාජපක්ශගේ වාර්ශික රාජ්ය වියදම් 2014 දී රුපියල් කෝටි 960ක්.
දැන් ඉන්න උන්දැගේ කීයද කියන්න මම දන්නේ නෑ.
හැබැයි මෙහෙ ඉන්න හොර දේශ පාලුවෝ මඩි ගහගන්න හැටියට ඕක ගානක් නෙමෙයි. ජර්මනියටනම් පඩයක් ගියා වගේ ඇති.
එහෙම උනත් මේ ණය අරන් ලොකුව කියන එක රටක් විදියට අපි හොඳටම බාල්දු වෙන අවස්තාවක්.
මට මතක් වෙන්නේ පෝය දවසේ පන්සලට අධාර කරාම ලවුඩ්ස්පීකරෙන් නම කියවන හැටි.
"අහවල් මහතා බෝධිය ඉදිකිරීම සඳහා රු. 20 ක ආධාරයක් ලබාදුන්නා. එතුමාට ....(පැය දෙකක වර්ණනාව )......."
ලැජ්ජයි බං!
මසුරන් කතාව............





+6