ජලවිදුලි උත්පාදනයේ නොනිමෙන පහන ඞී. ජේ. විම&#35

waligamaya

Well-known member
  • ජලවිදුලි උත්පාදනයේ නොනිමෙන පහන ඞී. ජේ. විම&#35

    ජලවිදුලි උත්පාදනයේ නොනිමෙන පහන ඞී. ජේ. විමලසුරේන්ද්‍ර

    wimalasurendra.gif


    http://ravaya.lk/?p=9691


     

    waligamaya

    Well-known member
  • ගැනියෙක්ක්ගේ හෙළුව ගැන තිබුනානම් මේ ක පිටු 10-15 ගිහිල්ල. අතේ අගිලිගනටත් වැඩ අඩු ප්ර්මනට්‍යක තමයි බබල, තියෙන්නේ :(:(
     

    waligamaya

    Well-known member
  • [FONT=&quot]උගතුන් හා වෘත්තිකයන් පාර්ලිමේන්තුවට පත්කර යැවීමේ අගය හා වුවමනාව වෙන කවදාටත් වඩා ලක් සමාජයට දැන් වැටහී ඇති බවක් පෙනෙනවා. එහෙත් 2015 මහ මැතිවරණයේ තරග කළ හැම ජගතාම ජය ලැබුවේත් නැහැ.[/FONT]
    [FONT=&quot]පාර්ලිමේන්තුව තුළ මෙන්ම ඉන් පිටත සිටද උගතුන්ට හා විද්වතුන්ට රටේ ප‍්‍රතිපත්ති සම්පාදනයට හා ක‍්‍රියාත්මක කිරීමට දායක විය හැකියි. එයට දැනුම[/FONT], [FONT=&quot]කැපවීම[/FONT], [FONT=&quot]එඩිතර බව[/FONT], [FONT=&quot]උපක‍්‍රමශීලීවීම මෙන්ම අධිෂ්ඨානශීලී වීමද ඕනෑ කරනවා. මේ ගතිගුණ මනා ලෙස කැටිකර ගත් දිරිය චරිතයක විස්තර මා හුවා දක්වන්නට කැමතියි.[/FONT]
    [FONT=&quot]ඞී. ජේ. විමලසුරේන්ද්‍ර (1874 – 1953) ශ‍්‍රී ලංකාවේ ජලවිදුලි බල උත්පාදනයේ පියා ලෙස අවිවාදයෙන් පිළිගැනෙනවා. මෙරටින් බිහි වූ විශිෂ්ටතම ඉංජිනේරුවකු වූ ඔහු පිටරටින් ගෙනෙන බලශක්ති ඉන්ධන වෙනුවට අපේම ජල සම්පත යොදා ගෙන පුනර්ජනනීය බලශක්ති විශේෂයක් වන ජල විදුලිය උපදවා ගැනීමට පිළිබඳ පුරෝගාමී අධ්‍යයන කළා.[/FONT]
    [FONT=&quot]එතැනින් නොනැවතී එම සංකල්ප ක‍්‍රියාවට නැංවීමට පොළඹවා ගැනීමට උත්සාහ කළා. වෘත්තිකයකු ලෙස ඇරැුඹූ එම ප‍්‍රයත්නය ඉදිරියට ගෙන යාමට රජයේ සේවයෙන් විශ‍්‍රාම ගැනීමෙන් පසුව ඔහු සක‍්‍රිය දේශපාලනයටද පිවිසියා.[/FONT]
    [FONT=&quot]රටට වැඩදායක අලූත් දෙයක් කරන්නට තැත් කරන විට අපේ සමාජයේ ගතානුගතිකත්වය එයට හරස් වන සැටිත්[/FONT], [FONT=&quot]වෘත්තිකයන් පවා බොහෝ විට ඇඟ බේරා ගෙන වැඩ කරනු මිස නවෝත්පාදන කිරීමට උත්සුක නොවන සැටිත් අප දන්නවා. විමලසුරේන්ද්‍රගේ ජීවන චරිතය මෙවන් ප‍්‍රතිරෝධ හා උදාසීනත්වය හමුවේ සැබෑ වෙනසක් කිරීමට අවශ්‍ය අධිෂ්ඨානශීලී බව සංකේතවත් කරනවා.[/FONT]
    [FONT=&quot]දේවපුර ජයසේන විමලසුරේන්ද්‍ර උපන්නේ 1874 සැප්තැම්බර් 17 වනදා ගාල්ලේදී. ඔහුගේ පෙළපත පරම්පරා ගණනක් තිස්සේ සූක්ෂ්ම ලෝහ කලා ශිල්පයට නම් දරා සිටියා.[/FONT]
    [FONT=&quot]ඔහුගේ පියා දොන් ජුවන් දේවපුර විමලසුරේන්ද්‍ර[/FONT], [FONT=&quot]මුල් ගම වූ දෙවිනුවරින් පළමුව ගාල්ලටත්[/FONT], [FONT=&quot]ඉන්පසුව කොළඹටත් සංක‍්‍රමණය වුණා. කොළඹදී දුම්රිය දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු ලෙස රැකියාව කළ ඔහු තම පාරම්පරික ශිල්ප කලා දිගටම කර ගෙන යාමට මරදානේ තමන්ගේම වැඩපොළක් ද ඇරැඹුවා.[/FONT]
    [FONT=&quot]1883 – 1890 කාලයේ මෙරට බි‍්‍රතාන්‍ය ආණ්ඩුකාරයා වූ ශ‍්‍රීමත් ආතර් ගෝඞ්න් වරක් විමලසුරේන්ද්‍ර වැඩපොළට පැමිණ ලක් රජයේ එවකට නිල ලාංඡුනය රැගත් මුද්‍රාවක් තැනීමට ඇණවුම් කළා. මේ දේශීය ශිල්පියා සියුම් හා අගනා ලෙසින් දියමන්තියෙන් නිම කළ මුද්‍රාව ගැන බෙහෙවින් පැහැදුණු ආණ්ඩුකාරයා ලන්ඩනයට ගිය විටෙක එවකට සිටි වික්ටෝරියා රැජිණට පෙන්වා තිබෙනවා. එහි ප‍්‍රතිඵලයක් ලෙස බි‍්‍රතාන්‍යයට යාමටත්[/FONT], [FONT=&quot]එහිදී එරට ලෝහ හා භාණ්ඩ නිපදවන ශිල්පීන්ට ලාංකික ශිල්පක‍්‍රම ඉගැන්වීමටත් විමලසුරේන්ද්‍රගේ පියාට අවස්ථාව ලැබුණා[/FONT]
     

    waligamaya

    Well-known member
  • [FONT=&quot]19 වන සියවසේ අපේ රටින් බි‍්‍රතාන්‍යයට සිදු කළ මේ දුර්ලභ ගණයේ තාක්ෂණ හුවමාරුව ([/FONT]technology transfer) [FONT=&quot]විමලසුරේන්ද්‍ර පරපුරේ සහජ දක්ෂතා ගැන ඉඟියක් සපයනවා. එවැනි පසුබිමක හැදුණු වැඩුණු දේවපුර ජයසේන තරුණයා ළාබාල වියේ පටන්ම තාක්ෂණික කුසලතාවන්ගෙන් හෙබි[/FONT], [FONT=&quot]දේශීය දැනුම හා හැකියාව ගැන ආත්ම විශ්වාසය ලද කෙනකු වීම පුදුමයක් නොවෙයි.[/FONT]
    [FONT=&quot]විමලසුරේන්ද්‍ර ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ (පසුව ආනන්ද විද්‍යාලය නමින් ප‍්‍රකට වූ) කොළඹ බෞද්ධ ඉංග‍්‍රීසි පාඨශාලාවේ. ඉගෙනුමට හපන් ඔහු ගණිතයට විශේෂ දක්ෂතා පෙන්වුවා.[/FONT]
    [FONT=&quot]1893දී ඔහු ලංකා තාක්ෂණික විද්‍යාලය හෙවත් ටෙක්නිකල් කොලීජියට බැඳුණා. එකල උසස් අධ්‍යාපන ආයතන මෙරට තිබුණේ අතළොස්සයි. ඔහු එම කොලීජියෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාවෙන් සුදුසුකම් ලත් මුල්ම ශිෂ්‍යයෙක් වුණා.[/FONT]
    [FONT=&quot]උගන්නා අතරම ඔහු කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවේ ආධුනිකයකු ලෙස ප‍්‍රායෝගික අත්දැකීම් ලැබුවා. මෙරට ඉංජිනේරු අධ්‍යාපනය හමාර කළ පසු බි‍්‍රතාන්‍යයේ සිවිල් ඉංජිනේරු ආයතනයේ අනුයුක්ත සාමාජිකත්වයද ලබාගත්තා ([/FONT]Associate Membership of the Institution of Civil Engineers, AMICE). [FONT=&quot]පසු කලෙක (1912දී) බි‍්‍රතාන්‍යයේ ෆැරඬේ ආයතනයෙන් ([/FONT]Faraday House, UK) [FONT=&quot]විදුලි ඉංජිනේරු විද්‍යාවේ වැඩිදුර පුහුණුවද ලැබුවා.[/FONT]
    [FONT=&quot]තරුණ ඉංජිනේරුවකු ලෙස විමලසුරේන්ද්‍ර 1896දී රජයේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට ([/FONT]Public Works Department, PWD) [FONT=&quot]බැඳුණා. 1796දී අරඹන ලද මෙය බි‍්‍රතාන්‍ය පරිපාලනයේ මුලදීම පිහිටවනු ලැබූ[/FONT], [FONT=&quot]එවකට විශාල වගකීම් සමුදායක් ඉටු කළ ප‍්‍රධාන පෙළේ තාක්ෂණික ආයතනයක්. පාරවල් තැනීම හා නඩත්තුව[/FONT], [FONT=&quot]පාලම් හා රජයේ ගොඩනැගිලි ඉදිකිරීම හා නඩත්තුව මෙන්ම රජයේ කර්මාන්තශාලාව පරිපාලනයද [/FONT]PWD [FONT=&quot]නමින් ප‍්‍රකට වූ මේ දෙපාර්තමේන්තුව යටතේ සිදුවුණා.[/FONT]
    PWD [FONT=&quot]සේවයේදී දිවයිනේ නොයෙක් පළාත්වලට යන්නට හා රටතොට ගැන හොඳ අවබෝධයක් ලබන්නට ඔහුට හැකිවුණා. 1901දී ඔහුට පැවරුණ වගකීමක් වූයේ කැලණි නිම්න ප‍්‍රදේශයේ ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණයක් කිරීම හා එහි වනාන්තර[/FONT], [FONT=&quot]ජලය වැනි මානව ප‍්‍රයෝජනයට ගත හැකි සම්පත් ගැන තක්සේරුවක් කිරීමයි.[/FONT]
    [FONT=&quot]කැලණි ගඟ දිගින් කි.මී. 145යි (සැතපුම් 90). ලංකාවේ සිවුවන දිගම ගංගාවයි. ශ‍්‍රී පාද කඳු වැටියෙන් ඇරැඹෙන කැලණි ගඟ[/FONT], [FONT=&quot]නුවරඑළිය[/FONT], [FONT=&quot]රත්නපුර[/FONT], [FONT=&quot]කෑගල්ල[/FONT], [FONT=&quot]ගම්පහ සහ කොළඹ යන දිස්ත‍්‍රික්ක හරහා හෝ මායිමෙන් ගලා ගොස් කොළඹට උතුරින් මුහුදට වැටෙනවා.[/FONT]
    [FONT=&quot]එහි ප‍්‍රධාන අතු ගංගා වන්නේ කෙහෙල්ගමු ඔය හා මස්කෙළි ඔයයි. කාසල්රී හා නෝට්න් ජලාශ තනා ඇත්තේ කෙහෙල්ගමු ඔය හරහා වන අතර මස් කෙළි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කැනියොන් හා ලක්ෂපාන ජලාශ මස්කෙළි ඔය හරස් කොට තනා තිබෙනවා[/FONT]
     

    waligamaya

    Well-known member
  • [FONT=&quot].[/FONT][FONT=&quot]කැලණි ගංගා නිම්නයේ ගවේෂණ කළ විමලසුරේන්ද්‍ර විශේෂ අවධානයක් යොමු කළේ එවකට කිරවන්එළිය ඇල්ල නම් වූ දියඇල්ලටයි. අඩි 413ක් (මීටර් 126) උසැති මෙය ශ‍්‍රී ලංකාවේ අටවන උසම දිය ඇල්ලයි. නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ මස්කෙළිය ප‍්‍රදේශයේ පිහිටි මෙය හමුවන්නේ මස්කෙළි ඔය හා කෙහෙල්ගමු ඔය එක් වී කැලණි ගඟ බවට පත් වන තැනදී.[/FONT]
    [FONT=&quot]මේ දියඇල්ල ඇතුළු උඩරට පිහිටි තවත් දිය ඇලි ගණනාවක් ජලවිදුලිය ජනනය කිරීමට උපකාර කොට ගත හැකි බව විමලසුරේන්ද්‍ර තේරුම් ගත්තා. කඳු මුදුන් සිට කෙමෙන් ගලා හැලෙන දිය කඳන් ඔහු හැඳින්වූයේ ‘සුදුවන් ගල් අඟුරු’ :.අයසඑැ ජද්ක.* ලෙසින්.[/FONT]
    [FONT=&quot]ශ‍්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත‍්‍රයේ අනාගතය මේ සුනිත්‍ය හෙවත් පුනර්ජනනීය බලශක්ති ප‍්‍රභවය සමග සමීපව සබැඳෙන බව දුරදක්නා නුවණින් ඔහු වටහා ගත්තා.[/FONT]
    [FONT=&quot]ගලා යන ජලයේ ගැබ්ව ඇති චාලක ශක්තිය යොදා ගෙන ‘වතුර රෝද’ කරකවා එයින් යම් වැඩ කරගැනීම සියවස් ගණනක සිට චීනය ඇතුළු රටවල් ගණනාවක පැවති සම්ප‍්‍රදායක්. එහෙත් විදුලිය පිළිබඳ විද්‍යාත්මක දැනුම මතුව ආයේත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගලා හැලෙන ජල කඳකින් විදුලිධාරාවක් නිපදවා ගැනීමේ තාක්ෂණය බිහි වූයේත් 19 වන සියවසේදී.[/FONT]
    [FONT=&quot]මේ වන විට මහා පරිමාණ මෙන්ම මධ්‍යම හා කුඩා පරිමාණ ජල විදුලි බලාගාර දහස් ගණනක් ලොව පුරා තිබෙනවා. අද ලොව සමස්ත විදුලි ජනනයෙන් 16%ක් පමණ උපදවා ගන්නේ ජල විදුලි බලාගාරවලින්.[/FONT]
    [FONT=&quot]ශ‍්‍රී ලංකාවේ විදුලිබල උත්පාදනය ඇරඹුණේ 1895දී. පෞද්ගලික සමාගමක් කොළඹ නගරයේ වාණිජ වශයෙන් වැදගත් ප‍්‍රදේශවලට විදුලිය සැපයූ මේ සීමිත සේවාව ලබා දුන්නේ කොටුවේ පිහිට වූ ඛනිජ තෙලෙන් වැඩ කළ කුඩා තාප බලාගාරයකින්. 1902දී කොළඹ විදුලිට‍්‍රෑම් රථ හා ආලෝකය සඳහා සමාගමක් ([/FONT][FONT=&quot]Colombo Electric Tramways and Lighting Company) [/FONT][FONT=&quot]පිහිටුවා පිටකොටුවේ තාප බලාගාරයක් හරහා විදුලිය ජනනය කරනු ලැබුවා.[/FONT]
    [FONT=&quot]මෙරට විදුලිබල ඉතිහාසයේ මුල් දශක කිහිපයේම විදුලිබල සැපයුමක් ලැබුණේ ඉතා සීමිත ප‍්‍රදේශවලට පමණයි. තැන තැන පිහිටුවනු ලැබු කුඩා තාප බලාගාර ඒ අවට රාජ්‍ය ආයතන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ව්‍යාපාරික ස්ථාන හා ඇතැම් නිවාසවලට විදුලිය සැපයුවා. දීපව්‍යාප්ත බෙදාහැරීමේ ජාලයක් හෝ මහා පරිමාණ විදුලි බලාගාර හෝ තිබුණේ නැහැ.[/FONT]
    [FONT=&quot]විමලසුරේන්ද්‍රයන්ගේ දැක්ම වූයේ පිටරටින් ගෙන එන ඛනිජ තෙල් දහනයක් නොමැතිව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අපේ ජල සම්පත හා කඳුකරයේ බෑවුම් යොදා ගෙන විශාල වශයෙන් ජල විදුලිය නිපදවා රටේ වැඩි ජන පිරිසකට මේ බලශක්තිය ලබාදීමයි. ඒ හරහා රටේ ජීවන තත්ත්වය උසස් කරන අතරම කර්මාන්ත නවෝදයක් ද බිහිවනු ඇතැයි ඔහු පෙන්වා දුන්නා.[/FONT]
    [FONT=&quot]1912දී බි‍්‍රතාන්‍යයේ ෆැරඬේ ආයතනයේ වැඩිදුර පුහුණුවෙන් පසු ඔහු තම යෝජනා වඩාත් විස්තරාත්මකව ගොනු කළා. ඒ වසරේම ඔහු ලංකා ඉංජිනේරු ආයතනයට [/FONT][FONT=&quot]Engineering Association of Ceylon, [/FONT][FONT=&quot]දැන් නම [/FONT][FONT=&quot]Institution of Engineers Sri Lanka) [/FONT][FONT=&quot]මේ අදහස ඉදිරිපත් කළත් එහි සාමාජික ඉංජිනේරුවන් අතර එතරම් උනන්දුවක් හට ගත්තේ නැහැ. 1906දී ඇරැුඹි ඉංජිනේරු ආයතනය ඒ වන විටත් පැවතියේ ළදරු අවධියේයි.[/FONT]
    [FONT=&quot]අධෛර්යය නොවුණු විමලසුරේන්ද්‍ර තම අදහස දිගටම දියුණු කළා. 1913දී නුවරඑළිය නගරයට විදුලිය සැපයීමට නානුඔය හා නුවරඑළිය අතර බ්ලැක්පූල් ([/FONT][FONT=&quot]Blackpool) [/FONT][FONT=&quot]නම් ස්ථානයේ කුඩා ජල විදුලි බලාගාරයක් තැනීමට [/FONT][FONT=&quot]PWD [/FONT][FONT=&quot]හරහා ඔහු හවුල් වුණා.[/FONT]
    [FONT=&quot]ඇතැම් කුඩා දිය පහරවල් හරස් කර ක්ෂුද්‍ර ජල විදුලි බලාගාර තේ වතු සමහරක පිහිටා තිබුණත් මුල්වරට වාණිජ මට්ටමින් ජල විදුලි බලාගාරයක් මෙරට ඉදි කැරුණේ බ්ලැක්පූල්හිදී. ඒ මගින් ජල විදුලි උත්පාදනයේ ශක්‍යතාව හොඳ හැටි පෙන්නුම් කරනු ලැබුවා.[/FONT]
    [FONT=&quot]විමලසුරේන්ද්‍රගේ දැක්ම හා උත්සාහය වෘත්තීයමය මට්ටමින් ප‍්‍රසිද්ධියේ අගය කළ අයකු වූයේ එවකට මෙරට සිටි නෙදර්ලන්ත ජාතික ඉංජිනේරුවකු වූ ඉයන් වන් ගීසල් ([/FONT][FONT=&quot]Ian Van Geyzel). [/FONT][FONT=&quot]කැලණි ගංගා නිම්නයේ භූවිෂමතා ගැන හොඳ අවබෝධයක් තිබු වන් ගීසල් කිරිවන්එළිය ඇල්ල යොදා ගෙන ජලවිදුලි බලාගාරයක් තැනීමේ විමලසුරේන්ද්‍ර යෝජනාව මහත් උද්‍යොගයෙන් ප‍්‍රවර්ධනය කළා.[/FONT]
    [FONT=&quot]මස්කෙළි ඔය හා කෙහෙල්ගමු ඔය හරහා ගලා එන ජලය එකතු කොට ජල විදුලි බලාගාරයක් හරහා යැවුවහොත් ජනනය කර ගත හැකි විදුලියෙන් දළ වශයෙන් විදුලි පහන් ලක්ෂයක් පමණ දැල්විය හැකි වෙතැයි විමලසුරේන්ද්‍ර ගණන් බැලූවා. (මෙය මෙගාවොට් 114.5[/FONT][FONT=&quot]MW[/FONT][FONT=&quot]ක් පමණ වනවා.) ලක්ෂ-පහන පසුව ලක්ෂපාන ලෙස වඩා කටට හුරු නමක් බවට පත් වුණා.[/FONT]
    [FONT=&quot]විමලසුරේන්ද්‍ර යළිත් 1918දී ඉංජිනේරු ආයතනයට වඩාත් විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළා. ‘ලංකාවේ ජලවිදුලි ජනනයේ ආර්ථික විද්‍යාත්මක විමර්ශනය’ (‘[/FONT][FONT=&quot]Economics of Hydro Power Utilization in Ceylon’) [/FONT][FONT=&quot]නම් වූ එම විද්‍යාත්මක වාර්තාව පළමුවරට මෙරට ප‍්‍රධාන පෙළේ ජලවිදුලි විභවය ඇති ස්ථාන හා ඒවා හරහා විදුලිය ජනනය කිරීමට ගත යුතු පියවර සාකච්ඡා කළා.[/FONT]
    [FONT=&quot]එහි සාරාංශයක් මෙසේ දැක්විය හැකියි:[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]මහවැලි ගඟ ජලවිදුලි ජනනයට මෙරට තිබෙන ප‍්‍රධානතම ජල ප‍්‍රභවයයි. කිසිදු ජලාශයක් නොතනා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගලා යන ගංගා ජලයෙන් පමණක් 95[/FONT][FONT=&quot]MW [/FONT][FONT=&quot]උපදවා ගත හැකියි. එසේ කිරීමට හොඳටම විභවය ඇති ස්ථාන ගණනාවක් ඔහු සිතියම් ගත කළා.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]මහවැලි ගෙඟ් අතු ගංගාවක් වන කොත්මලේ ඔය හරහා තවත් 4.47[/FONT][FONT=&quot] MW [/FONT][FONT=&quot]ජනනය කළ හැකියි.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]කැලණි ගඟ ඇරැුඹෙන අබියස ඇති ඇබර්ඞීන් දියඇල්ල යොදා ගෙන 7.46[/FONT][FONT=&quot] MW [/FONT][FONT=&quot]ජනනය කළ හැකියි.[/FONT]
    [FONT=&quot]· [/FONT][FONT=&quot]කැලණි ගෙඟ් කිරිවන්එළිය ඇල්ල (දැන් හැඳින්වෙන පරිදි ලක්ෂපාන දියඇල්ල) හා කිතුල්ගල ආසන්නයෙන් තවත් 37.28[/FONT][FONT=&quot] MW [/FONT][FONT=&quot]ජනනය කළ හැකියි. මෙය සාපේක්ෂව කොළඹට වඩා සමීපයි. (විමලසුරේන්ද්‍ර 1918දී යොදා ගත් [/FONT][FONT=&quot]EHP (Effective Horse Power) [/FONT][FONT=&quot]නමැති අශ්වබල ඒකකය අද භාවිත කැරෙන මෙගාවොට්වලට පෙරළා ඉහත ගණන් ප‍්‍රකාශ කොට තිබෙනවා.)[/FONT]
    [FONT=&quot]විමලසුරේන්ද්‍ර සෙසු ඉංජිනේරුවන්ට කීවේ මෙම ගණන් බැලීම ආරම්භයක් පමණක් බවයි. වේලි හා ජලාශ තනා ජලය රැස් කර ගත් විට මෙයට වඩා විශාල ජලවිදුලි ප‍්‍රමාණයක් ජනනය කිරීමේ ධාරිතාව ලද හැකි බව ඔහු දැන සිටියා.[/FONT]
    [FONT=&quot]ජලවිදුලි උත්පාදක ප‍්‍රභවයන් රටේ අගනුවර හා වඩාත් වාණිජමය ප‍්‍රදේශය වන කොළඹ දිස්ත‍්‍රික්කයට දුරින් පිහිටීමට ඔහු විසඳුමක් යෝජනා කළා. එනම් රට පුරා විදුලිය බෙදාහරින ජාතික විදුලිබල සම්පේ‍්‍රෂණ ජාලයක් ([/FONT][FONT=&quot]national grid) [/FONT][FONT=&quot]පිහිටුවීමයි.[/FONT]
    [FONT=&quot]විමලසුරේන්ද්‍රගේ දැක්ම නිවාසවලට විදුලිය ලබාදීමට පමණක් සීමාවුණේ නැහැ. මෙරට කර්මාන්ත දියුණු කිරීමට විදුලිබලය දරා ගතහැකි මිලට ලබාදීම ඉතා වැදගත් බව ඔහු 1918 වාර්තාවේ අවධාරණය කළා.[/FONT]
    [FONT=&quot]‘‘පිටරටින් ගෙනෙන ඛනිජ තෙල් දහනය කොට විදුලිය නිපදවීම දිගු කාලීනව තිරසාර බලශක්ති විසඳුමක් නොවෙයි. (පළමුවන) ලෝක යුද්ධය හමාර වීමත් සමග යුද්ධයට පැටලී සිටි යුරෝපා රටවල් යළිත් ආර්ථික වශයෙන් සක‍්‍රිය වනු ඇති. එවිට ඛනිජ තෙල් හා ගල් අඟුරුවලට ඇති ඉල්ලූම ඉහළ යා හැකියි. ඒවායේ මිල වැඩි වූවොත් ලංකාව වැනි රටවලට විදේශ විනිමය ප‍්‍රශ්න මතු වනවා. අපේ රටේම ජල සම්පතින් විදුලිය නිපදවා ගත හැකි විට මෙසේ විදෙස් බලශක්ති මත මුළුමනින්ම යැපෙන්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]අප අපේ බලශක්ති ස්වාධීනත්වය ([/FONT][FONT=&quot]energy independence) [/FONT][FONT=&quot]ඉලක්ක කර ගෙන සැලසුම් කළ යුතුයි.’’ ඔහු කියා තිබෙනවා.[/FONT]
    [FONT=&quot]විදුලි බලය ඇති තරම් ජනනය කරන විට අපේ දුම්රිය පද්ධතියෙන් කොටසක් ධාවනය කිරීමට ද විදුලිය යොදා ගත හැකි බව ඔහු දුරදක්නා නුවණින් යෝජනා කළා.[/FONT]
     

    waligamaya

    Well-known member
  • [FONT=&quot]විමලසුරේන්ද්‍රයන්ගේ 1918 නිබන්ධනය මෙතැනින් කියවන්න([/FONT]http:// elect.mrt.ac.lk/ djw_paper.htm ([FONT=&quot]විශේෂ ස්තුතිය: විමලසුරේන්ද්‍ර මුනුපුරු ආචාර්ය නන්දදාස නාරායන)[/FONT]
    [FONT=&quot]ඉතිරි කොටස ලබන සතියේ[/FONT]
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ගැනියෙක්ක්ගේ හෙළුව ගැන තිබුනානම් මේ ක පිටු 10-15 ගිහිල්ල. අතේ අගිලිගනටත් වැඩ අඩු ප්ර්මනට්‍යක තමයි බබල, තියෙන්නේ :(:(


    අනිවා බන්. දේශපාලනෙත් එකයි. අනිත් ඒවත් එකයි. :yes::yes::yes:
     

    rayan f16

    Active member
  • May 15, 2009
    512
    85
    28
    මෙතුමාගේ පිළිරුවක් තමයි IESL ඉස්සරහම තියෙන්නේ:D

    අහ් එහෙමද? දැනන් හිටියේ නෑ.
    ඒ කියන්නේ IESL එකේ වැදගත් කියලා දේකට තියෙන එකම දේ මේ පිලිරුව විතරයි මම හිතන්නේ.

    IESL කියන්නේ ලෝකෙ තියෙන ජරාම ඉංජිනේරු ආයතනය. ඕකෙ membership එක වැදගත් වෙන්නේ personal loan එකකට විතරයි. දැන් ඒක ඕනත් නෑ.:D
     

    waligamaya

    Well-known member
  • අහ් එහෙමද? දැනන් හිටියේ නෑ.
    ඒ කියන්නේ IESL එකේ වැදගත් කියලා දේකට තියෙන එකම දේ මේ පිලිරුව විතරයි මම හිතන්නේ.

    IESL කියන්නේ ලෝකෙ තියෙන ජරාම ඉංජිනේරු ආයතනය. ඕකෙ membership එක වැදගත් වෙන්නේ personal loan එකකට විතරයි. දැන් ඒක ඕනත් නෑ.:D
    :lol::lol::lol::yes::yes: