[FONT="]19 වන සියවසේ අපේ රටින් බි‍්‍රතාන්‍යයට සිදු කළ මේ දුර්ලභ ගණයේ තාක්ෂණ හුවමාරුව ([/FONT]technology transfer) [FONT="]විමලසුරේන්ද්‍ර පරපුරේ සහජ දක්ෂතා ගැන ඉඟියක් සපයනවා. එවැනි පසුබිමක හැදුණු වැඩුණු දේවපුර ජයසේන තරුණයා ළාබාල වියේ පටන්ම තාක්ෂණික කුසලතාවන්ගෙන් හෙබි[/FONT], [FONT="]දේශීය දැනුම හා හැකියාව ගැන ආත්ම විශ්වාසය ලද කෙනකු වීම පුදුමයක් නොවෙයි.[/FONT]
[FONT="]විමලසුරේන්ද්‍ර ප‍්‍රාථමික හා ද්වීතියික අධ්‍යාපනය ලැබුවේ (පසුව ආනන්ද විද්‍යාලය නමින් ප‍්‍රකට වූ) කොළඹ බෞද්ධ ඉංග‍්‍රීසි පාඨශාලාවේ. ඉගෙනුමට හපන් ඔහු ගණිතයට විශේෂ දක්ෂතා පෙන්වුවා.[/FONT]
[FONT="]1893දී ඔහු ලංකා තාක්ෂණික විද්‍යාලය හෙවත් ටෙක්නිකල් කොලීජියට බැඳුණා. එකල උසස් අධ්‍යාපන ආයතන මෙරට තිබුණේ අතළොස්සයි. ඔහු එම කොලීජියෙන් සිවිල් ඉංජිනේරු විද්‍යාවෙන් සුදුසුකම් ලත් මුල්ම ශිෂ්‍යයෙක් වුණා.[/FONT]
[FONT="]උගන්නා අතරම ඔහු කොළොන්නාවේ පිහිටි රජයේ කර්මාන්ත ශාලාවේ ආධුනිකයකු ලෙස ප‍්‍රායෝගික අත්දැකීම් ලැබුවා. මෙරට ඉංජිනේරු අධ්‍යාපනය හමාර කළ පසු බි‍්‍රතාන්‍යයේ සිවිල් ඉංජිනේරු ආයතනයේ අනුයුක්ත සාමාජිකත්වයද ලබාගත්තා ([/FONT]Associate Membership of the Institution of Civil Engineers, AMICE). [FONT="]පසු කලෙක (1912දී) බි‍්‍රතාන්‍යයේ ෆැරඬේ ආයතනයෙන් ([/FONT]Faraday House, UK) [FONT="]විදුලි ඉංජිනේරු විද්‍යාවේ වැඩිදුර පුහුණුවද ලැබුවා.[/FONT]
[FONT="]තරුණ ඉංජිනේරුවකු ලෙස විමලසුරේන්ද්‍ර 1896දී රජයේ ප‍්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුවට ([/FONT]Public Works Department, PWD) [FONT="]බැඳුණා. 1796දී අරඹන ලද මෙය බි‍්‍රතාන්‍ය පරිපාලනයේ මුලදීම පිහිටවනු ලැබූ[/FONT], [FONT="]එවකට විශාල වගකීම් සමුදායක් ඉටු කළ ප‍්‍රධාන පෙළේ තාක්ෂණික ආයතනයක්. පාරවල් තැනීම හා නඩත්තුව[/FONT], [FONT="]පාලම් හා රජයේ ගොඩනැගිලි ඉදිකිරීම හා නඩත්තුව මෙන්ම රජයේ කර්මාන්තශාලාව පරිපාලනයද [/FONT]PWD [FONT="]නමින් ප‍්‍රකට වූ මේ දෙපාර්තමේන්තුව යටතේ සිදුවුණා.[/FONT]
PWD [FONT="]සේවයේදී දිවයිනේ නොයෙක් පළාත්වලට යන්නට හා රටතොට ගැන හොඳ අවබෝධයක් ලබන්නට ඔහුට හැකිවුණා. 1901දී ඔහුට පැවරුණ වගකීමක් වූයේ කැලණි නිම්න ප‍්‍රදේශයේ ඛනිජ සම්පත් පිළිබඳ ගවේෂණයක් කිරීම හා එහි වනාන්තර[/FONT], [FONT="]ජලය වැනි මානව ප‍්‍රයෝජනයට ගත හැකි සම්පත් ගැන තක්සේරුවක් කිරීමයි.[/FONT]
[FONT="]කැලණි ගඟ දිගින් කි.මී. 145යි (සැතපුම් 90). ලංකාවේ සිවුවන දිගම ගංගාවයි. ශ‍්‍රී පාද කඳු වැටියෙන් ඇරැඹෙන කැලණි ගඟ[/FONT], [FONT="]නුවරඑළිය[/FONT], [FONT="]රත්නපුර[/FONT], [FONT="]කෑගල්ල[/FONT], [FONT="]ගම්පහ සහ කොළඹ යන දිස්ත‍්‍රික්ක හරහා හෝ මායිමෙන් ගලා ගොස් කොළඹට උතුරින් මුහුදට වැටෙනවා.[/FONT]
[FONT="]එහි ප‍්‍රධාන අතු ගංගා වන්නේ කෙහෙල්ගමු ඔය හා මස්කෙළි ඔයයි. කාසල්රී හා නෝට්න් ජලාශ තනා ඇත්තේ කෙහෙල්ගමු ඔය හරහා වන අතර මස් කෙළි[/FONT][FONT="], [/FONT][FONT="]කැනියොන් හා ලක්ෂපාන ජලාශ මස්කෙළි ඔය හරස් කොට තනා තිබෙනවා[/FONT]