ජල කාන්දු වළකමු

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    වටිනා thread එකක් සහෝ... තාම පින්තූර ටික ලෝඩ් වෙනවා. Rep +11
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගොඩනැගිලි ඉදිකිරීමේදී කලුගල් පාදම මත බිත්ති බඳිනවිට පාදම මත තාර දමා වැලි ඇතිරීම සිදු කරනු ලබයි. එමගින් බලාපොරොත්තු වන්නේ පොළොවේ ඇති තෙතමනය බිත්තිවෙත පැමිණීම වැළැක්වීමයි.

    මේ පාසි බැඳී ඇත්තේ එසේ තතමනය දිගු කාලයක් බිත්තිය මත රැඳී පැවතීම නිසාය.


    wczesny_etap_porazenia_przez_glony.jpg



    ඊට පිළිතුර මෙවන් වූ රසායනික ප්‍රතිකාරයකි

    0bd8Q9u.png

     

    Ninja hattori

    Well-known member
  • Jan 22, 2012
    1,895
    373
    83
    අපේ ගෙදර බිත්ති වල පොතු ගැලවෙනවා දරුනුවටම.පේන්ට් කරාට වැඩක් නෑ කිවුල කියලා තමයි කියන්නේ විසදුමක් නැද්ද මචං :sorry:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ ගෙදර බිත්ති වල පොතු ගැලවෙනවා දරුනුවටම.පේන්ට් කරාට වැඩක් නෑ කිවුල කියලා තමයි කියන්නේ විසදුමක් නැද්ද මචං :sorry:



    ඉතා වැදගත්: ඔක්කොටම කලින් බිත්තියට තෙතමනය එනවානම් වතුර එන විදිහ හොයලා බලන්න. සමහරවිට බිත්ති ඇතුලේ යන පීවීසී බටයක පොඩි ලීක් එකක් වෙන්න පුලුවන්. වහලේ ජොයින්ට් එකකින් හෝ වතුර ටැන්කියේ ඕවර්ෆ්ලෝ බටයකින් වතුර ලීක් වෙනවා වෙන්න පුලුවන්. එහෙමත් නැත්නම් උඩ තට්ටුවෙ බාගෙට කරපු කන්ඩියුට් බටයකින් බිත්තිය තෙත් කරනවා වෙන්න පුලුවන්. හොඳට හොයලා බලන්න ඒක.


    Solvent base Acrylic Alkali Resistance Wall Proofing Sealer වැඩේට හොඳයි. (Brands tye )

    මේකෙන් පේන්ට් එකටවන හානිය වළක්වනවා. තෙතමනය එන්නේ නෑ පේන්ට් එක රඳවගන්නවා මේ සීලර් එකෙන්.

    බිත්තිය වේළිලා තියෙනකොට වැලි කඩදාසියෙන් හොඳට හූරලා අයින් කරන්න පරණ පේන්ට් එක. ෆුල් ක්ලීන් කරන්න. ඇතුලෙ බිත්ති එහෙම නම් ස්කිම් කෝට් (පොටි ඇදලා දාන්න ) කරලා ඔය උඩ කියන සීලර් කෝට් එක ගාන්න.
    ඒක අදාළ නිෂ්පාදනයේ භාවිතා කළ යුතු පිළිවෙළටම ගාන්න. පේන්ට් කෑන් එකේ ලියලා තියෙනවා ඒ ඒ බ්‍රැන්ඩ් එකේ.
    ඒක ගාලා එළියේ නම් වෙදර්ශීල්ඩ්, ඇතුළේ නම් ඉමල්ෂන් පේන්ට් ගාන්න.
    කිසි අවුලක් නෑ.