thank you machan patta +++
එහෙම crack tyena තැනක් හොයාගත්තානම්, ඔව්. එතන රිපෙයාර් කලෑකි. බදාමය ක්රැක් වෙලානේ එහෙනම්. ඒ ඉරිතැලුණු කොටසට වඩා අඟල් 6 ක් විතර දෙපැත්තට වෙන්න බදාමය රවුමක් / ඉලිප්සයක් වෙන්න කපන්න ග්රයින්ඩරේන්. ඊට පස්සේ ඒ දාරය අංශක 45 ක් වගේ වෙන විදියට ලූස් බදාම/පොතු ගලවලා හොඳටම ක්ලීන් කරන්න. ඊට පස්සේ මම කලින් පෝස්ට් එකේත් ලියලා තියෙන බැරා ඉමල්ෂන් 57 ඩී වගේ කෙම්කල් එකක් දාලා (කොන්ක්රීට් ස්ලැබ් එක උඩට ) බදාමය ගහන්න 1 : 2 වගේ සිමෙන්ති වැලි අනුපාතෙට. අඟල් භාගයක් විතර. ඔයාගේ කලින් බදාමේ අඟලක් වගේ ඇති.අර අඟල් භාගේ බදාමේ හොඳට වේලුනාම මාස්ටර් සීල් 540 වගේ පොලිමර් සිමෙන්ති වෝටර් පෘෆින් එකක් කරලා ඊට උඩින් ආරක්ෂිත බදාමය කලින් බදාමේ ලෙවල් එකට දාගන්න. ( ත්රෙඩ් එකේ මුල්ම පෝස්ට් එකේ තියෙනවා වෝටර් පෘෆින් කරන විදිය. මාස්ටර්සීල් 540 (පොලිමර් ස්මෙන්ති ) යූස් කරන විදිය තියෙන්නේ අංක තුන යටතේ )

back
Good Information.