ජල ගාස්තු ඉහල යයි

ජල ගාස්තු ඉහල යයි

වහාම ක්‍රියාත්මක වන පරිදි ජල ගාස්‌තු සියයට 5 සිට 20 දක්‌වා ප්‍රමාණයන්ගෙන් වැඩි කිරීමට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලය තීරණය කර ඇත.

ජල ගාස්‌තු වැඩි කිරීම ලබන මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන අතර ඊට අදාළ අංක 1588/26 දරණ ගැසට්‌ නිවේදනය නිකුත් කිරීමට නියමිතය.

සමෘද්ධිලාභී, සමෘද්ධිලාභී නොවන වතු ජනාවාස, සාමාන්‍ය ගෘහස්‌ථ හා ව්‍යාපාරික ලෙස ජල සම්බන්ධතා ප්‍රභේද කර ඇති අතර ඒ අනුව ජල ගාස්‌තු වැඩිවීම් ගණනය කර ඇත.

අවසන්වරට ජල ගාස්‌තු සංශෝධනය වීමක්‌ සිදු කර ඇත්තේ ඉකුත් 2009 පෙබරවාරි මස 15 වැනිදා සිටය. එම ගාස්‌තුවලට අනුව මුල් ඒකක පහ සඳහා ඒකකයක්‌ රුපියල් 3 ක්‌ වූ අතර එය රුපියල් 12 දක්‌වා නව ගාස්‌තු වැඩිවී ඇත. එමෙන්ම ඒකක 6 සිට 10 දක්‌වා පැවැති රුපියල් 7.00 ගාස්‌තුව රුපියල් 16.00 දක්‌වාත් ඒකක 11 සිට සිට 15 දක්‌වා පැවැති රුපියල් 15.00 ක්‌ වූ ගාස්‌තුව රුපියල් 20 දක්‌වාත් වැඩිවනු ඇත.

ඒකක 16 සිට 20 දක්‌වා වූ රුපියල් 30 ක ගාස්‌තුව රුපියල් 40 දක්‌වාත් වැඩිවනු ඇත.

මෙයට අමතරව සමෘද්ධිලාභී පවුල් වෙත මුල් ඒකක 05 ට ඒකකයක්‌ රුපියල් 1.25 දක්‌වා පවතින අතර එය රුපියල් 05 දක්‌වාත් ඒකක 6 සිට 10 දක්‌වා පැවැති රුපියල් 1.50 ගාස්‌තුව රුපියල් 10 දක්‌වාත් ඒකක 11 සිට 15 දක්‌වා රුපියල් 3.00 ක්‌ වූ ගාස්‌තුව රුපියල් 15 දක්‌වාත් වැඩිවනු ඇත.


සමෘද්ධිලාභී නොවන එහෙත් වතු ආශ්‍රිත පවුල්වලට නව ගාස්‌තු ක්‍රමයක්‌ හඳුන්වා දී තිබේ. මුල් ඒකක පහ තුළ ඒකකයක්‌ රුපියල් 11.00 බැගින්ද, ඒකක 6 සිට 10 දක්‌වා රුපියල් 20 බැගින්ද ඒකක 11 සිට 15 දක්‌වා ඒකකයක්‌ රුපියල් 40 බැගින් ද අය කිරීමට නියමිතය.

එමෙන්ම වාණිජ ආයතනවල ඒකකයක්‌ රුපියල් 65 සිට 75 දක්‌වාත් සංචාරක හෝටල් හා ආගන්තුක නිවාසවල ඒකකයක්‌ රුපියල් 65 – 75 දක්‌වාත් වෙනත් වාණිජ හා පුද්ගලික ආයතන ඒකකයක්‌ රුපියල් 65 සිට 75 දක්‌වාත් රාජ්‍ය ආයතන රුපියල් 53 සිට 58 දක්‌වාත් නාවික ජල ගාස්‌තු රුපියල් 400 සිට 480 දක්‌වාත් ගාස්‌තු වැඩි කෙරේ.

මෙම ගාස්‌තුවලට සෑම ගාස්‌තු ඒකක කොටසකට ම සේවා ගාස්‌තුවක්‌ අය කරන අතර අනතුරුව සියලු ගාස්‌තු එකතුව මත සියයට 12 ක වැට්‌ බද්දක්‌ ද අයකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ නිලධාරියෙක්‌ පැවසීය.

මේ පිළිබඳ මණ්‌ඩලයේ සාමාන්‍යාධිකාරී ලාල් ප්‍රේමනාත් මහතාගෙන් කළ විමසීමකදී ඒ මහතා කියා සිටියේ ඩොලරයේ වටිනාකම ඉහළ යැමත් විදුලි බිල්පත් ගාස්‌තු ඉහළ යැමත් කම්කරු ගාස්‌තු වැඩි වීමත් ජලය පිරිපහදු කිරීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍යවල මිල ඉහළ යැමත් නිසා මණ්‌ඩලයට ජල ගාස්‌තු ඉහළ දැමීමට සිදුවූ බවයි. පාරිභෝගිකයන්ට වැඩි බරක්‌ නොවන පරිදි මණ්‌ඩලයටද ගැටලුවක්‌ නොවන පරිදි ගාස්‌තු සංශෝaධනය සිදු කළ බවත් හෙතෙම කීය. මෙවර පාසල්, පූජනීය ස්‌ථාන රෝහල් ආදී පොදු ස්‌ථානවල ගාස්‌තු වෙනස්‌ කිරීමක්‌ සිදු නොකළ බවද ප්‍රේමනාත් මහතා කියා සිටියේය.
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002068A.gif
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    lol...we won't hold much more a time here brothers..we are getting screwed day by day,This country cannot be fixed untill we get destroyed.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විනාසයි,දැන් කන්ඩ නැති UNP කාරයන්ට වෙන්නෙ,නාන්නෙ නැතුව ඉන්ඩ. :lol::lol::lol::lol::lol: