ජල ගාස්තු නගී
සිරිමන්ත රත්නසේකර
ජල ගාස්තු සියයට විසිපහත් තිහත් අතර ප්රමාණයකින් ඉහළ දැමීමට රජය කටයුතු සම්පාදනය කරමින් සිටින බව "දිවයින ඉරිදා සංග්රහය" ට වාර්තා වේ.
ගාස්තු සංශෝධනය කිරීම සඳහා වන යෝජනා සකසා වහා බාර දෙන මෙන් මහා භාණ්ඩාගාරය ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්aඩලයට දැනුම් දී ඇති අතර ඒ අනුව එම මණ්ඩලය පසුගියදා යෝජනාවලියක් භාණ්ඩාගාරය වෙත යොමු කර ඇත.
අදාළ යෝජනා අනුව ජල ගාස්තු සියයට 25-30 ත් අතර ප්රමාණයකින් ඉහළ දැමීමට යෝජනා කර තිබේ.
විදේශගතව සිටින විෂයභාර ඇමැති රාවුµa හකීම් මහතා දිවයිනට පැමිණි පසු මෙම යෝජනාවලිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රුපියල් පහක ඇති අවම ජල ඒකකයක් රුපියල් හත පමණ දක්වා ද රුපියල් එකසිය හතළිහක ජල ඒකකයක් රුපියල් එකසිය අසූ දෙක දක්වාද ඒ අනුව ඉහළ යැමට නියමිතය.