ජවිපෙට යළි පණදුන් “සිරි අයියා” ගේ කථාව
ජවිපෙ 1988 එහි දේශපාලන මණ්ඩල සභිකයින් වුයේ රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක, සුමිත් අතුකෝරල, ඩී. එම් ආනන්ද, සමන් පියසිරි ප්‍රනාන්දු, පියදාස රණසිංහ, එච්. බී. හේරත්, ගුණරත්න වනසිංහ, ආර් .බී. විමලරත්න, සෝමවංශ අමරසිංහ, ශාන්ත බණ්ඩාර, නන්දතිලක ගලප්පත්ති, ලලිත් විජේරත්න වේ. ජේෂ්ඨත්වයෙන් කෙසේ වෙතත් අවසාන කාලයේ පක්ෂයේ “වැඩකාරයෝ” බවට බව ඩී.එම්. ආනන්ද සහ සමන් පියසිරි පත් විය. එයට හේතු වූයේ ශිෂ්‍ය, කාන්තා හා භික්ෂු පෙරමුණද බස්නාහිර සහ සබරගමු කලාපයේ දේශපාලන ලේකම් ලෙසද ඩී.එම්. ආනන්ද කටයුතු කිරීමත් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරයේ නායකයා ලෙස කටයුතු කල කීර්ති විජයබාහු වූයේ සමන් පියසිරි නිසාත්ය. අවසාන භාගයේ ජවිපෙ බලය රෝහණ විජේවීර අතින් ගිලිහී ඔවුන් අතට ඉබේම ඇදී ගියේය.
මෙම දේශපාලන සභිකයින් සියලු දෙනා අතරින් අවසානයේ ජීවත් වීමට ඉතිරි වූයේ සෝමවංශ අමරසිංහ පමණි. ජවිපෙ 1994දී ප්‍රසිද්ධ දේශපාලනයට පැමිණි දුෂ්කර ගමන් මාර්ගයේදී කැඩී දසත විසිරී ගොස් සිටි ජවිපෙ සාමාජිකයින් සහ හිතවතුන් යළි නාභිගත කිරීමේ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ සෝමවංශ විසිනි. පක්ෂය යළි ගොඩනැගීමේදී විමල් වීරවංශ, නන්දන ගුණතිලක ඇතුළු පිරිසද ඒ වෙනුවෙන් කල සුවිශේෂ මෙහෙවරක් ඉටු කළෝය.
සෝමවංශ අමරසිංහ එකල හැදින්වූයේ සිරි අයියා නමිනි. ජවිපෙ දෙවන කැරැල්ල පැවති අසූව දශකයේ අවසාන භාගයේදී කොළඹ මානව හිමිකම්, සංස්කෘතික, මාධ්‍ය ක්ෂේත්රයන්හි නිරතුරුව සම්බන්ධතා පැවැත්වූ ඔහු ජවිපෙ නායකයින් සහ සෙසු බහුජන සංවිධාන නායකයින්ද සම්බන්ධීකරණය කළේය. බොහෝ උද්ඝෝෂණයන්හි අදිසි නායකයෙකු විය. අගමැති රණසිංහ ප්‍රේමදාසගේ දකුණු අත බවට එවකට පත්වී සිටි ඇමති සිරිසේන කුරේගේ ඥාති සොහොයුරෙකු අවාහ වී සිටියේද සෝමවංශගේ සොහොයුරියක සමඟය.
ජවිපෙ දේශපාලන මණ්ඩලයේ ඉහත නම් සඳහන් 13දෙනාගෙන් සිව්දෙනෙකු හැර අන් සියලු දෙනා ලියුම්කරුගේ වෘත්තීය මිතුරන්ය. ඔවුහු කාර්යාලයට මෙන්ම නිවසටද 1986-90 අතර කාලයේදී පැමිණි අවස්ථා බොහෝය. සිරි අයියාද ඒ අතර විය. ඔහුගේ රතුපාට සහ සුදුපාට කාර් රථය එකල බෙහෙවින් ජනප්‍රියය. ඉංග්‍රීසි බසින්ද කටයුතු කිරීමට සමත් ඔහු බොහෝ විට ලියුම්කරු හමුවීමට පැමිණියේ හිමිදිරි උදෑසනය.
එකල සෝමවංශ පෙනී සිටියේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික් නමිනි. සිරි අයියා නොහොත් රෙජි අන්කල් ලෙසද ඔහු හැදින්විය. අත් දිග කමිස වලින් නිරතුරුව සැරසී සිටියේය. එක් දරු පියෙකු වූ ඔහුගේ බිරිද කළුතර ගුරුවරියකි. වාරියපොල නිළඹ ප්‍රදේශයේ අරලිය වත්ත ඉඩම සහ බටුවිට ගෝනපොල හන්දියේ නිවසද ඇටම්පිටිය පාරේ නෙළුව කටුගහ වලව්ව පක්ෂය වෙනුවෙන් මිලදී ගෙන තිබ්බේ රෙජිනෝල්ඩ් පැට්ට්‍රික් නමිනි. පක්ෂයේ නායක රෝහණ විජේවීරගේ අවසාන කාලයේ අභ්‍යන්තර කවයේ හොදම මිතුරෙකු වූයේද සෝමවංශයි.
කලක් පොලිසියේ සහ අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කල ජෝන් අමරසිංහ ඔහුගේ පියාය. මව ගෘහණියකි. පවුලේ බාලයා සෝමවංශය. ඔහුට වැඩිමහල් සොහොයුරන් හතර දෙනක් සහ සොහොයුරියන් තිදෙනෙකි. කළුතර පයාගල ඔහු උපන් අතර කළුතර කාන්තා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනයෙන් අනතුරුව කළුතර විද්‍යාලයට දෙවැනි ශ්‍රේණියේදී ඇතුල් විය. සෝමවංශ අනතුරුව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ තාක්ෂණික නිලධාරියෙකු වශයෙන් කොළඹද අනතුරුව ගාල්ල, කල්මුණේ, බිබිල සහ රාජාංගනයේද සේවය කළේය.
වසර 1969දී කාසල් වීදියේදී පිහිටි ඉඩම් සංවර්ධන දෙපාර්තමේන්තුවේ දනෝරිස් අයියාගේ වෘත්තීය සමිති කාර්යාලයේ පැවති ජවිපෙ පන්තිවලට සහභාගිවලට සහභාගි වී පක්ෂයට එක්විය. ඔහු ව්‍යාපාරයට ගෙන ආවේ නවරත්න බණ්ඩා බව කියති. ඔහුගේ 5 ශ්‍රී 6022 දරණ හොන්ඩා බයිසිකලය පක්ෂය වෙනුවෙන් ලබා දුන්නේය. 1971 අප්‍රේල් 05 කැරැල්ලේදී සෝමවංශට නියම වී තිබුණේ එවකට අගමැතිනී සිරිමා බණ්ඩාරනායක මැකිණිය රොස්මිඩ් පෙදෙසින් පැහැරගෙන යෑමේදී රිය පැදවීමටය. ඔහුට වාහන එළවීමට ඇති හැකියාව නිසා මෙම කාර්යය පැවරූ බව පියසිරි කුලරත්න පවසා තිබිණි.
වසර 1971 අප්‍රේල් 04වැනිදා රාත්‍රි බොරැල්ලේ රිට්ස් සිනමා ශාලාව අසල රාත්‍රී 11.30වන තෙක් රොස්මිඩ් ප්‍රහාරයට එක්වීමට සෝමවංශ සිටියද අන් කිසිවෙකු පැමිණියේ නැත. පසුව ඔහු බෝම්බ බෑගය සමගින් කුලී රථයක නැගී කොටහේන නවාතැනට ගිය අතර පසුව අත්අඩංගුවට පත්ව ගාල්ල සහ යාපනය බන්ධනාගාරයේ සිටියේය. රෝහණ විජේවීර ප්‍රථමවරට ඔහු දුටුවේ 1975දීය. අනතුරුව 1976 දෙසැම්බර් මසදී කෙලී සේනානායක, උපතිස්ස ගමනායක, රාගම සෝමේ ඇතුළු කිහිප දෙනෙකු සමඟ නිදහස් වූ අතර සෙසු දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පක්ෂය ප්‍රතිසංවිධානය කරමින්ද ක්‍රියාකාරි විය. මරදාන දේවානම් පියතිස්ස මාවතේ සිරිපාල අයියාගේ නිවස ඔවුන්ගේ මූලස්ථානය විය.
එජාප ආණ්ඩුව මගින් 1983දී ජවිපෙ තහනම් කිරීමත් සමඟ නිකුත් කල පොලිස් දැන්වීමේ ඡායාරූප අතර ඔහුගේ ඡායාරූපයද විය. තවත් පක්ෂ ක්රියාකාරියන් 380කගේ ලේඛනයක්ද ආරක්ෂක අංශ සතු විය. තහනමත් සමඟ පක්ෂ ක්‍රියාකාරිකයින් සමඟ රහසිගතව කටයුතු කිරීම ඇරඹූ ඔහු 1984දී කොළඹට පැමිණ යළි දේශපාලන කටයුතු කරගෙන ගියේය. ලයනල් බෝපගේ ඉවත් වීමත් සමඟම 1984 අප්‍රේල් මසදී සෝමවංශ දේශපාලන මණ්ඩලයට පත්විය. ශාන්ත බණ්ඩාර, ඩී.එම්. ආනන්ද, වනසිංහද දේශපාලන මණ්ඩලයට පත්වූයේ එම මස අග භාගයේදීය.
රෝහණ විජේවීර සිය දරු පවුල සමඟ හපුතලේ වල්හපුතැන්න නිවසට කැදවාගෙන යන්නේද සෝමවංශය. ඔහු විජේවීර සමඟ ඔහුගේ මස්සිනා ලෙස රඟපාමින් කටයුතු කල බව විජේවීරගේ බිරිඳ ශ්‍රීමතී චිත්‍රාංගනීගේ ප්රකාශනයේ ද සඳහන්ය. විජේවීරගේ දරුවන්ගේ පාසැල් ඇදුම් මිලදී ගැනීමට ඔවුන් කැඳවාගෙන යන්නේද සෝමවංශය. විජේවීර උලපනේ නිවසට යන්නේ 1988 මාර්තු මාසයේදීය.
සෝමවංශ ඒ අතරතුරදී කොළඹ බහුජන සංවිධාන සමඟ නිරතුරුව සංවිධානයේ වැඩ කළේය. බොරැල්ල ගෝතමී විහාරයේදී නිරතුරුව ඔහු දක්නට ලැබිණි. ගෝතමී විහාරයට අවිගත් කණ්ඩායමක් 1988 සැප්තැම්බර් 07වැනිදා කඩා වැදී සියලු ලේඛන අත්අඩංගුවට ගෙන මානව හිතවාදී භික්ෂු සංවිධානයේ භික්ෂූන් 8 දෙනෙකු පැහැර ගෙන ගිය අවස්ථාවේදී එකල භූගතව සිටි සෝමවංශ අමරසිංහ ලන්ඩනයේ ඇම්නෙස්ටි ආයතනයට දුරකතන පණිවිඩයක් දුන් අතර එහි ප්‍රතිඵලයක් ලෙස එම ආයතනය ආරක්ෂක ඇමති රන්ජන් විජේරත්නට ඒ සැණින් කථා කර ඔවුනට ආරක්ෂාව සපයන ලෙස ඉල්ලා සිටියේය. පසුව කොළඹ එජාප නගරාධිපති රත්නසිරි රාජපක්ෂ මැදිහත් වී ඔවුන් බේරා ගත්තේය.
සෝමවංශගේ බිරිඳ සහ දරුවා ආරක්ෂාවට 1989 අප්‍රේල් මාසයේදී ජපානයට යවනු ලැබූවද යළි සැප්තැම්බරයේදී ඔවුහු ශ්‍රී ලංකාවට පැමිණියහ. පසුව මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අසල මුස්ලිම් ජාතින්ට අයත් නිවසක යටි මහලේ ඔවුන් නතරවී සිටියහ. යළිත් ඔවුන් 1989 අවසාන භාගයේදී ඉන්දියාවේ කේරලේ සිටින මිත්‍රයෙකු වෙත යැවීමට අමරසිංහ සමත්වූ අතර ඒ ඔස්සේ තායිලන්තය, ඉතාලිය හරහා බ්‍රිතාන්‍යයට සිය බිරිද සහ දරුවා ගියෝය.
විජේවීරගේ නායකත්වයෙන් යුත් අවසාන දේශපාලන මණ්ඩල රැස්වීමට තිබුණේ 1989 නොවැම්බර් 11,12 සහ 13 දිනයන්හිදීය. එහෙත් වනසිංහ සහ ඩී. එම් ආනන්ද එයට සහභාගි නොවේ. මෙය සෝමවංශගේ සැකයට බඳුන් වූ අතර ඒ සඳහා ආරක්ෂාකාරීව පියවර ගන්නා ලෙසට විජේවීරට ඔහු දැනුම් දේ එහෙත් එය විජේවීර සුළු කොට තකයි. රජය මගින් 1989 නොවැම්බර් 12 රාත්‍රි ඇදිරි නීතිය පනවන අතර ජවිපෙ දේශපාලන මණ්ඩල රැස්වීම නොවැම්බර් 12 දවල් වන විට නිමා කරයි.
සමන් පියසිරි, ලලිත් විජේරත්න, ගමනායක සහ විජේවීර කාරයෙන් පිටත් වේ. ශාන්ත බණ්ඩාරද වෙනම යයි. සෝමවංශ අමරසිංහ සහ පියදාස රණසිංහ මඩවල ප්‍රදේශය බලා පිටත් වන අතර ආපසු එන ගමනේදී සෝමවංශ ට්‍රිනිටි කන්දෙන් බසී. පියදාස රණසිංහ නුවරදී අත්අඩංගුවට පත්වේ. එච්. බී. හේරත් එදින සවස 3ට ගලහ නිවසේදී අත්අඩංගුවට පත්වේ. එදිනම සවස විජේවීරද, පසුදින උදේ ගමනායකද අත්අඩංගුවට පත්වේ. සෝමවංශගේ ඉව හේතුවෙන් ඔහු උපක්‍රමශීලිව කටයුතු කිරීම නිසා තවදුරටත් ජීවත් වීමට වරම් ලැබිය.
සෝමවංශ ආරක්ෂිත පියවරයක් ලෙස රටින් පලායාමට තීරණය කරන්නේ අනතුරුවයි. ඔහුට මෙහිදී උදව් කරන්නේ මාතලේ විකී නොහොත් සෙල්වාය. ඊස්වරන් බ්‍රදරස්හි තොග කළමනාකරුවෙකු වූ විකී නොහොත් වික්‍රමසිංහ ජවිපෙ මුල් පෙලේ ක්රියාකාරිකයෙකි. ඔහුගේ නිවස පිහිටියේ කොටහේනේ අල්විස් ඇවනිව්හිය. දෙමළ මිනිසෙකු සේ පොට්ටු ගසා වේට්ටියක් ඇදගත් සෝමවංශ වික්‍රමසිංහ සමඟින් ඉන්දීය තානාපති කාර්යාලයට ගොස් ඉන්දියාවට යෑමට වීසා ලබාගනී. එදින ගෝල්ෆේස් හෝටලට ඔහු පැමිණිද කිසිවෙකු එම ඇදුම නිසා හදුනා ගන්තේ නැත.
එහෙත් අවසානයේ දී ගුවනින් යෑම අනතුරුදායක හෙයින් බෝට්ටුවක් මගින් මුහුදින් ඉන්දියාවට පලා යෑමට සෝමවංශ තීරණය කරයි. කල්පිටියේ බෝට්ටු හිමියෙකුට රුපියල් 50,000ක් ලබාදී ඇන්ජින් දෙකක් සවිකල බෝට්ටුවකින් ඔහු ඉන්දියාවට පලා යන්නේ 1990 මාර්තු මාසයේදීය. පසුව කේරලයට ගොස් බිරිද සහ දරුවා හමුවේ. දරු පවුල තායිලන්තය, ඉතාලිය හරහා බ්‍රිතාන්‍යයට යවන සෝමවංශ අමරසිංහ ඉතාලිය හරහා ප්‍රංශයටත් ස්විස්ලන්තයටත් සංක්‍රමණය වේ.
සෝමවංශ අමරසිංහ රට යැමට උදව් කල මාතලේ විකී නොහොත් කොටහේනේ වික්‍රමසිංහ සහ යුධ හමුදාවේ කපිතාන් නිශ්ශංකට මහාධිකරණය ඉදිරියේ නඩු පවරයි. වික්‍රමසිංහ වරද භාර ගත් අතර වසර 5කට අත්හිටවූ සිර දඬුවමක් නියම විය. කපිතාන් නිශ්ශංකට වසර 15ක අත්හිටවූ සිර දඬුවමක් නියම වූ අතර පසුව අභියාචනයේදී ඔහු නිදහස් වේ. කපිතාන් නිශ්ශංක වරෙක ලියුම්කරුට බ්‍රිතාන්‍යයේ සංදේශයේ නිෂ්පාදක චන්දන බණ්ඩාර සමඟ හමුවූ අතර වික්රමසිංහද මදුරාසියේදී ලියුම්කරුට හමුවිය.
පසුව 1994දී ජාතිය ගලවා ගැනීමේ පෙරමුණ හරහා ජවිපෙ මහ මැතිවරණයට අවතීර්ණ විය. පසුව සෝමවංශද ලංකාවට පැමිණ ජවිපෙ ක්‍රියාකාරකම්වලට වර්තමානය දක්වා පූර්ණකාලීනව කටයුතු කරයි. අසූව ධවල භීෂණයෙන් පසු ජවිපෙ ප්‍රතිසංවිධානය කිරීමේ ජාත්‍යන්තර තලයේදී සෝමවංශ රඟපෑ භූමිකාව පිළිබදව විවිධාකාර විවේචන පැවතියද ජනතා විමුක්ති පෙරමුණට යළි පණ ලබාදීමේදී ඔහු පසුබිම ඇති කථාව මෙයයි.

.. JVP eka nisa campus kollo meruna kiyala kawda oyata kiwwe?