ජවිපෙ අභ්‍යන්තරයේ ගිනි ඇවිළෙයි...
ෆොන්සේකාගේ දරුණු පරාජයත් සමග මේ ජනාධිපතිවරණයේ තීන්දුව පිළිබඳව ජවිපෙ අභ්‍යන්තරයේ පැවති අර්බුදය උත්සන්න වී ඇති බව වාර්තා වේ. මේ නිසා ඊයේ (27) දිනය තුළ මාධ්‍ය වලට පවා මුහුණ නොදී සැගවී සිටීමට ජවිපෙ නායකයන් බොහෝ දෙනෙක් කටයුතු කළ අතර ඔවුන්ගේ ජංගම දුරකථන ද ඊයේ අක්‍රිය කොට තිබිණි. ටිල්වින්, විජිත, අනුර, සෝමවංශ ආදී කිහිප දෙනෙක් මීළගට තමන් රට හමුවේත් සාමාජිකයා හමුවේත් කළ යුතු දේ ගැන ඊයේ සාකච්ඡ කොට තිබුණේ එකිනෙකාට දොස් පවරා ගනිමිනි.
මෙහිදී ටිල්වින් සිල්වා පෙන්වා දී ඇත්තේ මේ මැතිවරණය නිසැක ලෙසම ජය ගන්නා බවට තම සාමාජිකයාට පවසා තිබීම නිසා දැන් මේ පරාජයත් සමග ඉදිරියේ දී මේ සම්බන්ධව තම සාමාජිකයාට විග්‍රහයක් ඉදිරිපත් කිරීම ඉතා අසීරු වන බවත්ය. එමෙන්ම මෙම පරාජය මහ මැතිවරණයට ඉතා හානිදායක බව ඇතැමුන් පෙන්වා දෙද්දී අනුර පවසා ඇත්තේ මහ මැතිවරණය වන විට තත්වය මීට වඩා වෙනස් වන බවත් හංසයා ලකුණින් ඡන්දය ඉල්ලීම හරහා තමන්ට සැලකිය යුතු ජයග්‍රහණයක් ලබා ගත හැකි බවත්ය. මීට අමතරව තම පක්ෂ සාමාජිකයන් අතරේ පමණක් පතුරුවා හැරීම සඳහා යම් යම් අසත්‍ය ප්‍රචාර කිහිපයක් නිර්මාණය කර ගැනීමෙන් ඔවුන් තුළ අප්‍රසාදයක් ඇතිවීම වළක්වා ගත හැකි බව අනුර පෙන්වා දී තිබේ.
මේ අතර ජනාධිපතිවරණ මෙහෙයුම හේතුවෙන් ජවිපෙන් දුරස් වූ මන්ත්‍රීවරුන් ඇතුළු ක්‍රියාකාරීන් මේ පරාජයත් සමග තව තවත් ඇද වැටෙනු ඇති බව ද මෙහිදී කතා බහට ලක්වී තිබේ.