Social Alerts2 hours ago
(නලින්ද ජයතිස්ස සහෝදරයා ෆේස්බුක්හි තැබූ සටහනක්. 31/10/2022) බැංකුවේ ලාභය සේවකයින්ගේ දරුවන්ට බෙදන වරාය සමුපකාර බැංකුව... ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සමුපකාර බැංකුවක් තියෙනවා. ඒක පාලනය වෙන්නෙ අධ්යක්ෂ මණ්ඩලයක් මගින්. ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය මේ සමුපකාර බැංකුව පාලනයට මුලින්ම සම්බන්ධ වෙන්නේ 2004 අවුරුද්දේ. ඒ වරාය සේවකයින්ගේ ඡන්දයෙන් අධ්යක්ෂ මණ්ඩලයට හතරදෙනෙක් පත්වීමෙන්. ඉන්පස්සෙ 2006 වර්ෂයේදී වරාය සේවකයින්ගේ ඡන්දයෙන් අධ්යක්ෂ මණ්ඩලයේ බහුතරය බවට මේ වෘත්තීය සමිතියේ සාමාජිකයන් පත්වෙනවා. 2010 ඉඳන් අඛණ්ඩව වසර දහයක් සමුපකාර බැංකුවේ අධ්යක්ෂ මණ්ඩලයට ජවිපෙට අනුබද්ධ වෘත්තීය සමිතියේ සාමාජිකයන් පත් වෙන්නේ නිතරගයෙන්. මේ සමුපකාර බැංකුව වාර්ෂිකව කරන ශිෂ්‍යත්ව ප්‍රදාන දෙකක් තියෙනවා. ඒ වරාය සමුපකාර බැංකුවේ සාමාජිකත්වය දරන වරාය සේවකයන්ගේ දරුවන් වෙනුවෙන්. එකක් ඒ වසරේ 5 වසර ශිෂ්‍යත්වය සමත් දරුවන්ට.අනෙක ඒ වනවිට විශ්වවිද්‍යාල වරම් හිමිවූ සහ දැනටමත් විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා දරුවන්ට. මේ ශිෂ්‍යත්ව ප්රදානයේ අවස්ථා තුනකට සහභාගි වෙන්න මටත් ආරාධනා ලැබුණා. තමන්ගේ අම්මා තාත්තා වරායේ වැඩ කරමින් රටට ඩොලර් උපයන අතරේ ඒ අය සමූපකාර බැංකුවේ තැන්පත් කරන මුදල්වල ප්රතිලාභ දරුවන්ට ලබා දෙනවා. මෙවර ඒ තිළිණ සහ ශිෂ්‍යත්ව ප්රදානය තිබුණේ නම වන වතාවට. 2012 අවුරුද්දේ 5 වසර දරුවන්ට ශිෂ්‍යත්ව 126ක් ලබා දීමෙන් ආරම්භ කරලා 2018 වන විට වනවිට ඒක 601 දක්වා වැඩි කරලා තිබුණා. ඒ කාලය තුළ පහ වසර දරුවන් 4983ක් වෙනුවෙන් ලබා දීපු ශිෂ්‍යත්වවල වටිනාකම රුපියල් මිලියන 66.5ක්. පසුගිය වසර නමය තුළ විශ්වවිද්‍යාල දරුවන් 2057ක් වෙනුවෙන් රු. මිලියන 36.5ක් වෙන් කරල තිබුණා. මේ වසරේදී විශ්වවිද්‍යාල දරුවන් 400ට ශිෂ්‍යත්ව ලබා දුන්නා. මමත් එක්ක මේ අවස්ථාවට සහභාගිවුණ සමුපකාර දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස්වරයා මේ බැංකුවේ සියලු ලේඛන පරීක්ෂා කරලා හරි අපූරු දෙයක් එදා හෙළිදරව් කළා. වරාය සමුපකාර බැංකුවේ වාර්ෂික ලාභයෙන් 62%ක්ම වරාය සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් පෙරළා යොදවනවා කියල කිව්වා. මේ ඉලක්කම ගැන ටිකක් පුදුම හිතිලා නැවත නැවත පරීක්ෂා කළා කියලත් කිව්වා. මේ වනවිට සමස්ත ලංකා වරාය පොදුසේවක සමිතියේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන්නේ නිරෝෂන් ගොරකානගේ සහෝදරයා. ඔහු ඇතුළු වරායේ ප්රගතිශීලී කඳවුර රටට ඩොලර් ගේන මේ රන් බිජු දාන කිකිළිය රැකගන්න සටන් කරන අතරේ සේවක සමූපකාරයක කදිම ආදර්ශයක් සමාජගත කරමින් ඉන්නවා. කලින් මේ කටයුත්තේ පෙරමුණ ගෙන හිටපු චන්ද්‍රසිරි මහගම ගේ සහෝදරයාත් මේ වෙලාවේ මතක් කරන්න ඕනෑ. ජවිපෙ කොහොමද වැඩ කරන්නේ කියලා අවංකව දැනගන්න උවමනාවක් තියෙන කෙනකුට වරාය සමුපකාර බැංකුවේ පසුගිය වසර 9 ක කාලය දිහා එබිලා බැලුවත් ඇති.