ජවිපෙ පුස් මතවාද

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ලාභය රැගෙන යෑම....

    වාමාංශිකයෝ පෙළෙන තවත් බයක් තමයි මේ ලාබය අරං යනවා කියන බය. ඒක ඇත්තෙන්ම මිත්‍යාවක්.

    එහෙම රටක් තුලට එන ආයෝජන වලින් ලාබය උපයලා අරගෙන ගිහින් ඩොලර් සංචිත හිඳෙනවා නම්, මේ වෙනකොට චීනය, ඉන්දියාව, වියට්නාමයේ එහෙම ඩොලර් සංචිත හිඳිලා පොත්තට වේළිලා තියෙන්න ඕනේ.

    ලෝකයේ වසරකට විදෙස් ආයෝජන විදියට බෙදී යන මුළු ඩොලර් ප්‍රමාණය ඩොලර් බිලියන 1500 ක් පමණ. හැම අවුරුද්දේම මේ ධනය නිර්මාණය වෙනවා, ආයෝජනය වෙනවා, වර්ධනය වෙනවා, ලාබ ඉපැයෙනවා, බෙදිලා යනවා. ඊළඟ අවුරුද්දේ ආයේ ඒකම වෙනවා. මේක තමයි ගෝලීය මූල්‍ය ආර්ථිකය ක්‍රියාත්මක වෙන විදිය.

    ඉතිං ආයෝජන එන්නේ ලාභ උපයන්න තමයි, නැතුව දන් දෙන්න නෙවෙයි. යම් රටක ලාබය ඉපැයීමේ අවස්ථාව වැඩි නම් ඒ රටට වැඩිපුර ආයෝජන එනවා. එක අවුරුද්දක ලාභයක් ඉපැයුවොත් ඊළඟ අවුරුද්දේ වැඩිපුර ආයෝජන එනවා. මේ උපැයෙන ලාබය 10% ක් පමණ වෙන්න පුළුවන්. මේ ලාබය ගෙනියන්නේ ඒ ආයෝජනය යොදවලා යම් නිශ්පාදනයක් කරලා ගෝලීයව අළෙවි කරලා. ඒ තුලින් රටේ දළ දේශීය නිශ්පාදනය ඉහළ යනවා, රැකියා ලැබෙනවා, අපනයන මගීන් ඩොලර් ආදායමක් රටට ගලා ගෙන එනවා. ඒ උපයන එකෙන් ලාබයක් අරගෙන යනවා.

    මේ ආයෝජනත්, ආදායමත් නිසා රටේ ඩොලර් සංචිත ගොඩනැගෙනවා. වැඩේ හරියට කෙරෙනවා නම් ඊළඟ අවුරුද්දේ ආයේ තව ආයෝජන එනවා. මේ විදිහට ගියාම අවසානයේ රටේ සමස්ථ සංචිත ප්‍රමාණය ඉහළ යනවා, එකතු වෙනවා.

    දැන් මේ ආයෝජන තෙල් වගේ රට ඇතුලත විකුණන දේකට ආවහම අපනයනයක් නැතුව ලාබය විතරක් අරගෙන යෑම ගැන තමයි තර්කය තියෙන්නේ. ඒක මෙහෙම බලමු. බල ශක්තිය කියන්නේ රටක වැදගත්ම ක්ෂේත්‍රයක්. රටේ අනෙකුත් සියළුම කර්මාන්ත වලට සහ ජන ජීවිතයට සෘජුවම බලපානවා. ඒ නිසා මේ ක්ෂේත්‍රය ඉතාමත් කාර්යක්ෂම සහ තරඟකාරී විදියට තියා ගන්න එක වැදගත්. වේගයෙන් ඉහළ යන බල ශක්ති අවශ්‍යතාවයට අනුරූපීව මේ ක්ෂේත්‍රය ගොඩ නැගෙන්න ඕනේ. ඒ තුල සමාගම් කීපයක් තරගකාරීව නියැලිලා ඉඳීම තමයි මෙහිදී වඩාත් සුරක්ෂිත. එවිට එක සමාගමක අවුලකින් ක්ෂේත්‍රය කඩා වැටෙන්නේ හෝ අකාර්යක්ෂම වෙන්නේ නෑ. ඒ ඔස්සේ සමස්ථ බල ශක්ති ක්ෂේත්‍රය තුල ඇති විශ්වාසනීයත්වය ඉහළ යනවා.

    ඉතිං මේ මූලික ක්ෂේත්‍රයක විශ්වාසනීයත්වය ඉහළ යෑම, අඛණ්ඩ සැපයුමක් වෙළෙඳපොළ නිර්ණායක අනුව පවත්වා ගැනීමට හැකියාව ලැබීම ආදී කරුණු රටකට ආයෝජන ගෙන්වා ගැනීමට ඉතා වැදගත්. අපි නිතර කියන නිශ්පාදන ආර්ථිකයක් හදන්න නම් විශ්වාසනීය බල ශක්ති වෙළෙඳපොළක් එයට අත්‍යාවශ්‍යයි. ඒ අනුව තමයි අනෙක් කර්මාන්ත මෙහේ කරන්න ආයෝජන ගලා ඒවා ප්‍රවර්ධනය වෙන්නේ.

    එවිට රටේ සමස්ථ සංචිත ප්‍රමාණය ඉහළ යනවා. එයින් ලාබ එහෙට මෙහෙට යාවි. නැත්නම් ආයෙත් ඒවා ආයෝජනය වේවී. මුදල් කියන්නේ ගලා යන දෙයක්. ඒ සම්බන්ධයෙන් අපි ලිහිල් වෙන්න වෙන්න මුදල් රැඳෙනවා. අපි ඒක තද කරන්න කරන්න ඒවා මිනිස්සු එළියට අරගෙන යනවා. අපි කළ යුත්තේ නොබියව විවෘත වී ආර්ථිකය දියුණු කර ගැනීමට මහන්සි වීමයි. මේක එක දවසින් හෝ අවුරුද්දේන් කරලා ඉවර කරන එකක් නෙවෙයි. හැමදාම කරන්න ඕනේ එකක්. ඒකට ඉවරයක් නෑ. ආර්ථික මැෂින් එක දිගටම වැඩ. අපි ඒකෙන් ජනනය වෙන ධනයෙන් අපේ හැකියාවෙන් අපිත් ටිකක් හම්බ කර ගන්නවා. අපි හම්බ කර ගන්න ප්‍රමාණය අපේ මහන්සිය සහ දක්ෂතාවය මත තීරණය වෙනවා.

    ඒ නිසා එක ක්ෂේත්‍රයක ඩොලර් ලාබය ගැන වෙනම ගාණ හදන්න එපා. ඒක සමස්ථ ආර්ථිකයටම බලපාන විදිය ගැන හිතන්න. අවසානයේ ආර්ථිකය කියන්නේ මේ වගේ විශාල ගනුදෙනු රාශියක එකතුවක්.

    මේ ලාබය අරං යයි කියන බය නම් ඇත්තෙන්ම හරි බාල ප්‍රතිතර්කයක්. ඕක වැඩිපුරම ඇහුණේ විමල් වීරවංශ වගේ පිරිසෙන්, දැන් හැබැයි අනෙක් වාමාංශික ව්‍යාපාරත් ඒක උස්සන් යනවා. වාමාංශිකයෝ හදපු රටවල් ලෝකේ කොහෙවත් නැත්තේ ඒ නිසා වෙන්න ඇති.

    #NoLeftism
    #පැතූනොමික්ස්

    පැතුම් කර්නර්
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    338149525_948182486355811_7360416781422579027_n.jpg
     
    Registext

    Well-known member
  • May 14, 2021
    478
    560
    93
    දිග හෑල්ලක උඩ කෑල්ලක් විතරක් අල්ලගෙන 😂😂😂
    හරි දැන් ඌගෙ මතය වෙනස් වෙලාම කියමුකො. දැන් ජෙප්පො වෙනස් වෙලා නැද්ද එතකොට? ෆේල් සමාජවාදනයක් ඔලුවෙ තියාගෙන අවුරුදු 80 ගානක් තිස්සෙ ධනවාදීන් ශ්‍රමය සූරාකනවෝ කියාගෙන මිනිස්සු කුලප්පු කරලා මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරල දැන් කියනව අපි දැන් වෙනස් වෙලා කියල 😂😂
    අනුන්ගෙ ඇහේ රොඩ්ඩ පේනව හැබැයි තමන්ගෙ පොල් පරාලෙ පේන්නෙ නෑ 😂😂
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,918
    54,488
    113
    Colombo
    දිග හෑල්ලක උඩ කෑල්ලක් විතරක් අල්ලගෙන 😂😂😂
    හරි දැන් ඌගෙ මතය වෙනස් වෙලාම කියමුකො. දැන් ජෙප්පො වෙනස් වෙලා නැද්ද එතකොට? ෆේල් සමාජවාදනයක් ඔලුවෙ තියාගෙන අවුරුදු 80 ගානක් තිස්සෙ ධනවාදීන් ශ්‍රමය සූරාකනවෝ කියාගෙන මිනිස්සු කුලප්පු කරලා මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරල දැන් කියනව අපි දැන් වෙනස් වෙලා කියල 😂😂
    අනුන්ගෙ ඇහේ රොඩ්ඩ පේනව හැබැයි තමන්ගෙ පොල් පරාලෙ පේන්නෙ නෑ 😂😂

    මෙච්චර රටට ආදරේ ටෝක් දීපු එකා වෙනස් වෙද්දි වාවන්නෙ නෑ.. :(
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    දිග හෑල්ලක උඩ කෑල්ලක් විතරක් අල්ලගෙන 😂😂😂
    හරි දැන් ඌගෙ මතය වෙනස් වෙලාම කියමුකො. දැන් ජෙප්පො වෙනස් වෙලා නැද්ද එතකොට? ෆේල් සමාජවාදනයක් ඔලුවෙ තියාගෙන අවුරුදු 80 ගානක් තිස්සෙ ධනවාදීන් ශ්‍රමය සූරාකනවෝ කියාගෙන මිනිස්සු කුලප්පු කරලා මිනිස්සුන්ගෙ ජීවිත විනාශ කරල දැන් කියනව අපි දැන් වෙනස් වෙලා කියල 😂😂
    අනුන්ගෙ ඇහේ රොඩ්ඩ පේනව හැබැයි තමන්ගෙ පොල් පරාලෙ පේන්නෙ නෑ 😂😂
    Mathawada wenas wela na.. u ponilage ittek kiyala danagena godak kal.. jeppo jeppo gaga hitapan 🤭
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    මේ වෙනකොට ඛණිජ තෙල් වෘත්තීය සමිති විසින් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරනවාට විරුද්ධව වැඩ වර්ජනයක් ආරම්භ කොට තිබෙනවා.

    ලංකාව මේ තරම් පසුගාමී තත්ත්වයට සහ උගත් වෘත්තිකයන් ලංකාවට හැරදමා යන තත්ත්වයට පත් කරන්න හොර දේශපාලනඥයන් මෙන් ම මාෆියා ජාලයක් විදියට ක්‍රියාත්මක වන වෘත්තීය සමිති ද විශාල වැඩකොටසක් කළා.

    ඒකේ ප්‍රතිඵලයක් ව්දියට ඉතා ම අකාර්‍යක්ෂම, අලස සහ දූෂිත රාජ්‍ය සේවයක් මේ රටේ නිර්මාණය වුණා. එක පැත්තකින් දූෂිත දේශපාලනඥයන් තමන් ගේ හෙංචයියන් ලවා මේ රාජ්‍ය සේවයේ සාරය උරා බිව්වා. අනෙක් පැත්තෙන් වෘත්තීය සමිති යෝජනා වෙන ඕනෑම වෙනස්කමකට එරෙහි වෙමින්, මේ දූෂිත, අසමත්, අකාර්‍යක්ෂම ක්‍රියාවලිය දිගට ම පවත්වාගෙන ගියා. මේ දෙගොල්ල ම එකම කාසියක දෙපැත්තක් වන්නේ ඒ නිසයි.

    මේකෙ ප්‍රතිඵලයක් විදියට ලංකාවේ හුඟක් රාජ්‍ය ආයතනවලට කාර්‍ය සාධන දර්ශක (KPI) හදුන්වා දීම වගේ ලොකු වෙනස්කම් සිදු කරනවා තියා අඩු තරමින් ඇඟිලි සළකුණු යන්ත්‍රයක්වත් සවි කරගන්න බැහැ. ලංකාවේ ජීවත් වන මිනිසුනන්ගෙන් අති බහුතරයකට ලංකාවේ රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ඉතා ම අප්‍රසන්න, කටුක අත්දැකීම් තියෙනවා.

    අද මේ ඛනිජ තෙල් වෘත්තීය සමිති වැඩ වර්ජනය කරන්නේ ලංකාවේ ඛනිජ තෙල් වෙළෙඳපොළට විදේශීය සමාගම් තුනක් එනවාට විරුද්ධවයි. මේ වෘත්තීය සමිති කියන්නේ ලංකාවේ තෙල් වෙළෙඳපොළේ තෙල් සංස්ථාවේ අධිකාරය දිගට ම පවත්වා ගත යුතු බවයි. එහෙම තියාගත්තම තෙල් සංස්ථාවේ සේවකයන්ට ලක්ෂ ගණනින් පඩි ගන්නට, හොරට අතිකාල දීමනා ගන්නට, ආයතනය අන්තිම සතේට ම සූරාකන්නට පුළුවන් වෙනවා. මේ රටේ දුප්පත් මිනිසුන් පරිප්පු ඇටයේ සිට බදු ගෙවමින් මේ සොරුන් නඩත්තු කරගෙන යනවා.

    මේක වෙනස් කළ හැකි එක ම ක්‍රමය වෙළෙඳපොළ තරගකරීත්වය වැඩි කිරීමයි. සම්පත් ගිල දමන මේ කම්බ හොරුන්ට විදේශීය සමාගම් සමග තරග කරන්නට වන තැනට තල්ලු කිරීමයි. තරගකාරීත්වය තුළින් සේවාවන් අලුත් වෙනවා. යාවත්කාලීන වෙනවා. හොරුන්ට වෙළෙඳපොළ ඇතුළේ අධිකාරයන් හදාගෙන පාරිභෝගිකයන් ප්‍රාණ ඇපයට ගන්න බැරි වෙනවා.

    මොවුන් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කරනවාට විරුද්ධව බොරු බිල්ලන් මවන්නේ, 'කුමන්ත්‍රණ තියරි' නිර්මාණය කරන්න හදන්නේ, මිනිසුන් උසි ගන්වන්න හදන්නේ ඒ හින්දයි.

    රනිල්ට විරුද්ධ වීම කියන්නේ වෙළෙඳපොළ තරගකාරීත්වයට විරුද්ධ වීම නෙවෙයි. ආණ්ඩුවට විරුද්ධ වීම කියන්නේ වෘත්තීය සමිති මාෆියාකාරයින්ට පක්ෂ වීම නෙවෙයි. පැහැදිලිව ම මේ වැඩ වර්ජනය කරන්නේ වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කිරීමට විරුද්ධවයි. IMF එකෙන් නොව එල්.ටී.ටී.ඊ. එකෙන් ඇවිත් වෙළෙඳපොළ තරගකාරීත්වය ඇති කළත් එය හොඳ දෙයක්. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පරාජය කිරීමට හෘදය සාක්ෂියක් තියෙන ලංකාවේ හැම පුරවැසියෙකුට ම යුතුකමක් තියෙන්නේ ඒකයි.

    ලංකාවේ හුඟක් මිනිසුන් යන්න බලාපොරොත්තු වෙන දියුණු, සංවර්ධිත රටවල් කියන්නේ අහසින් පාත් වූ ඒවා නෙවෙයි. හුඟක් වෙලාවට ඒ රටවල් ඒ තැනට පත් වුණේ නිදහස් වෙළෙඳපොළ සහ වෙළෙඳපොළ තරගකාරීත්වය වැඩි කිරීම තුළිනුයි. වෙළෙඳපොළ තරගකාරීත්වය නැති කළොත් ලංකාවටත් සිදුවන්නේ කියුබාව, උතුරු කොරියාව, වෙනිසුවේලාව ගිය පාරේ යන්නයි. එහෙම රටක් හැදෙන එක මේ වෘත්තීය සමිති මාෆියාකාරයන්ට හොඳයි. ඒත් ඒක ඔබට, ඔබේ දරුවන්ට, ඔබේ දරුවන් ගේ දරුවන්ට නරකයි.

    වෙළෙඳපොළ තරගකාරීත්වයට විරුද්ධව ඔබව ප්‍රාණ ඇපයට ගන්න සූදානම් වන මේ මාෆියාකරුවන්ට එක හෙළා විරුද්ධ වන්න. ඒක ඔබට තියෙන අයිතියක්. ඔවුන් ගේ මේ තකතීරු ක්‍රියාමාර්ගයට එරෙහිව සමාජයේ දැඩි ප්‍රතිරෝධයක් එල්ල විය යුතුයි. ඔවුන් නවත්වාලිය හැකි එක ම ක්‍රමය ඔවුන්ට එරෙහිව හිංසනය දියත් කිරීම නොව, ඔවුන් ගේ ක්‍රියාමාර්ග පිළිකෙව් කොට ඔවුන් හුදෙකලා කිරීම හරහා පමණයි.

    -
     
    • Love
    Reactions: monson

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    කවුරුහරි හිතනවානම් රනිල්ගේ ආන්ඩුවේන් මේ පුද්ගලීකරනය ලස්සනට ඔය උඩ කියලා තියෙන නුයමයන් අනුව ලස්සනට කරලා මේවා සුපිරී ලාබ ලබන ආයතන කරලා , තෙල් මිල අඩු වෙනව කියලා, බලපන් පුකේන් අං එනවාද කියලා.

    අන්තිමට වෙන්නේපාඩු ලබන ආයතන තියාගෙන ලාභ තියෙන ආයතන ටික විකුණලා දාන එක. විතරයි
    නිකමට හිතපන් ඔය වැඩේ ලස්සනට කරනවා නම් රෑ එලී වෙනකොට අපි දන්නෙවත් නැති ආයතන තුනක් කොහොමද තෙල් විකුනන්න ආවේ කියලා.

    කෝ ස්වාධීන ටෙන්ඩර් පටිපාටියක් . Tender දැම්ම නං ඕන තරම් හොඳ කම්පැනී එවී.

    මේවා පාඩුයි කියල ,ඔන්න විකුනන්න ඕනේ කියලා මුන් මං ආයතන හොයාගෙන උන්ටම දීල කොමිස් එක ගන්න වැඩ විතරයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,556
    28,434
    113
    නිකමට හිතපන් ඔය වැඩේ ලස්සනට කරනවා නම් රෑ එලී වෙනකොට අපි දන්නෙවත් නැති ආයතන තුනක් කොහොමද තෙල් විකුනන්න ආවේ කියලා.

    කෝ ස්වාධීන ටෙන්ඩර් පටිපාටියක් . Tender දැම්ම නං ඕන තරම් හොඳ කම්පැනී එවී.
    මේක රෑ එළිවෙනකොට ආපු එකක් නෙමෙයිනේ ->

    1.

    2022-04-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය​
    2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම
    - රටේ සියලුම ආර්ථික ක්‍රියාකාරකම් සඳහා ඉන්ධන අත්‍යවශ්‍ය වන බැවින් ආර්ථිකයේ තෝරා ගත් විශේෂිත ක්ෂේත්‍රවලට තමන්ට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණයන් තනි තනිව ආනයනය කර භාවිත කිරීම සඳහා බලපත්‍රයක් ලබා දීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, ඛනිජතෙල් ආනයනය සඳහා විධිමත් පරිදි හඳුනාගනු ලබන පාර්ශ්වයන්ට බලපත්‍ර ලබා දීමට හැකි වන අයුරින් 2002 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    - http://www.cabinetoffice.gov.lk/cab...iew=article&id=16&Itemid=49&lang=si&dID=11561

    2.
    2022-06-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය​
    ඛනිජතෙල් නිෂ්පාදනය කරන රටවල් හි ස්ථාපිත සමාගම් සමඟ ඇති කර ගනු ලබන දිගුකාලීන ගිවිසුම් මත ඉන්ධන ලබා ගැනීම
    - රටේ සමස්ත ඉන්ධන සැපයුමෙන් 90%කට පමණ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව දායකත්වය දරන අතර, ඉතිරි 10% ලංකා ඉන්දියානු තෙල් සමාගම විසින් සපයනු ලබයි. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ පා ඇති විදේශ විනිමය අර්බුදය හේතුවෙන් රට තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම දැඩි අභියෝගාත්මක කාර්යයක් වී ඇත. එම තත්ත්වය යටතේ ඛනිජතෙල් නිෂ්පාදනය කරනු ලබන රටවල්හි ස්ථාපිත තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගත වී මෙරට විදේශ විනිමය ගැටලුවට පීඩනයක් ඇති නොවන ආකාරයට එම සමාගම්වල අරමුදල් උපයෝගි කරගනිමින් ඉන්ධන ආනයනය කර අලෙවි කිරීම සඳහා එකී සමාගම් වෙත අවස්ථාව සලසා දීම යෝග්‍ය බවට පෙනී ගොස් ඇත. ඒ අනුව, විධිමත් ක්‍රමවේදය අනුගමනය කරමින් තෝරාගනු ලබන තෙල් සමාගම් සමඟ දිගුකාලීනව ගිවිසුම්ගත වී ශ්‍රී ලංකාව සඳහා ඉන්ධන ආනයනය, බෙදාහැරීම හා අලෙවි කිරීමට එම සමාගම් වෙත අවස්ථාව සලසා දීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.​

    - http://www.cabinetoffice.gov.lk/cab...iew=article&id=16&Itemid=49&lang=si&dID=11638

    3. "Petroleum Prodcuts (Special Provisions) (Amendment) Act that was passed in Parliament has been enforced from the 26th of October. After evaluation, New retail suppliers for the sale of Petroleum Products will be permitted to enter the domestic market by the end of the year."

    3. "24 Company’s from UAE, Saudi Arabia, USA, China, India, Russia, UK, Malaysia, Norway & Philippines have submitted proposals for the EOIs to engage in the Petroleum Business in SL. Committee appointed by MPOE will evaluate proposals, issue RFPs & finalize the process in 6 weeks."

    4.
    2023-03-27 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය (මීලග රැස්වීමේදී සම්මත කිරීමට යටත්ව)​
    දිගුකාලීන ගිවිසුම් මත ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා සමාගම් තෝරා ගැනීම
    - දිගුකාලීන ගිවිසුම් මත ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සදහා අභිලාෂ ප්‍රකාශ කිරීම් කැඳවීම පිණිස 2022 06 27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දෙන ලදී. ඒ අනුව, සමාගම් 26ක් සිය යෝජනා ඉදිරිපත් කර ඇති අතර, තාක්ෂණ ඇගයීම් කමිටුව සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව විසින් යෝජනා සඳහා ඉල්ලීම් ඉදිරිපත් කිරීම පිණිස සුදුසුකම් සහිත සමාගම් 13ක් නිර්දේශ කරනු ලැබ ඇත. ඒ අනුව සමාගම් 07ක් සවිස්තරාත්මක යෝජනා ඉදිරිපත් කර තිබේ. එකී යෝජනා පිළිබඳව තාක්ෂණ ඇගයීම් කමිටුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරනු ලබන විශේෂ කමිටුව සහ ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් ඉදීරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව 2022 අංක 33 දරන ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධිත) පනතේ විධිවිධාන අනුව ශ්‍රී ලංකාව තුළ ඛනිජතෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා පහත සඳහන් ආයතන සමඟ ගිවිසුම්ගත වීම පිණිස විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී:

    * සයිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා පෞද්ගලික සමාගම

    * ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම

    * ඇමෙරිකා එක්සත් ජනපදයේ ආර්.එම්.පාර්ක්ස් සමාගම​

    - http://www.cabinetoffice.gov.lk/cab...iew=article&id=16&Itemid=49&lang=si&dID=11968
     
    thank u
     
    • Like
    Reactions: monson

    kamatha

    Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    අපි කවුරු කැමති උනත් අකමැති උනත් , දෙන මිනිස්සු රනිල්ට හැරිලා ඉවරයි ,
    අද චන්දෙ තිබ්බත් UNP එක උඩින්ම දිනනවා , පොහොට්ටුව 2 වෙනි තැන
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ශ්‍රී ලංකාවේ ජනමතය තුල ව්‍යාපාර සහ සමාගම් ගැන හදලා තියෙන දුර්මතය ඉතාමත් ඉහළයි. ඒ වගේම සමහර කණ්ඩායම් ලාබය ලැබීම ගැන පවා කතා කරන්නේ වැරදියට.

    ඒ බොහෝ ඈයෝ කොමියුනිස්ට් සිහිනයක ඉන්න ගමන් සද්දෙට කියන කතා නිසා කාලයක් තිස්සේ රටේ මිනිස්සුන්ට ඔළුවට ගිහින් තියෙන්නේ ව්‍යාපාර කිරීම හා ලාබ ලැබීම වරදක් වගේ.

    ලෝකයේ සමස්ථ ආර්ථික ක්‍රියාවලියම සකස් වෙලා තියෙන්නේ ලාබය පදනම් කර ගෙන. මිනිස්සු වැඩ කරන්නේ, මහන්සි වෙන්නේ, අලුත් දේවල් නිර්මාණය කරන්නේ තමන්ට දෙයක් ලබා ගන්න. ඒ වගේම ප්‍රාග්ධනය නිර්මාණය වෙන්නෙත් ලාබය පදනම් කරගෙන. තමන්ට මෙන්ම තමන්ගේ පවුලට හොඳ ජීවන තත්ත්වයක් හදලා දෙන එක තමයි අපි කාගෙත් වුවමනාව. හොඳින් ජීවත් වෙන්න. ඒක තමයි මේකේ තියෙන motivation එක.

    ඒ මෝටිවේෂන් එකට මිනිස්සු මහන්සි වෙනවා, අලුත් දේවල් කරනවා, අලුත් නිර්මාණ කරනවා, ඒවා වෙළෙඳපොළ තුල විකුණලා ලාබ උපයනවා. කලා කරුවෙන් නිර්මාණයක් කරලා ඒ තුලින් රසාස්වාදය දුන්නත් අවසානයේ ඔහුටත් ලාබයක් ඉන් බලාපොරොත්තු වෙනවා. එහෙම නොවන අවස්ථා අල්පයි.

    ඉතිං ලාබ ලැබීම තමයි මොටිවේෂන් එක. ලාබය තමයි ප්‍රතිලාභය, එහෙම නැත්නම් incentive එක. ලෝකේ දුවන්නේ ඔය ධර්මාවතාවය උඩ. ලෝකේ මෙච්චර දියුණු වෙලා තියෙන්නේ ඒ ධර්මතාවය උඩ. ඒක වෙනස් කරලා රජය මගීන් කර්මාන්ත කරලා සම්පත් නිර්මාණය කරලා ජනතාව අතර සමසේ බෙදන ක්‍රමයක් සාර්ථක වෙලා නෑ. ඒව ට්‍රයි කලාට හරි ගියේ නෑ.

    ඉතිං අපි කරන්න ඕනේ අර ලෝක ධර්මතාවයට අනුගත වෙන එක. අලුත් කර්මාන්ත , අලුත් ව්‍යාපාර කරන්න අපේ රටේ මිනිස්සු උනන්දු කර වන්න ඕනේ. අලුත් සමාගම් බිහි වෙන්නෙ ඕනේ. ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩි වෙන්න ඕනේ. ඒවායින් ලාබ ඉපැයෙන්න ඕනේ. ලාබ උපයන්නේ නැතුව ආර්ථිකයක් දුවන්න බෑ. ඒ ලාබය සාධාරණ වෙන්නේ තරඟකාරී වෙළෙඳපොළ ආර්ථිකයක් නිර්මාණය කිරීමෙන් පමණයි. ඒ ලාබය සාධාරණ මට්ටමට තියා ගන්න රජයකට තියෙනවා අවම නියාමනයක් කරන්න. ඔය මොඩල් එකට අපිට හුරු වෙන්න වෙනවා.

    අපි ඉස්කෝල වලින්, කැම්පස් වලින් එළියට එන මිනිස්සුන්ට අලුත් ව්‍යාපාර කරන්න උනන්දු කරවන්න ඕනේ. එතකොට තමයි ධනය ජනිත කර ගන්න පුළුවන්. රැකියා බිහි කරන්න පුළුවන්. ඒ අලුත් ව්‍යාපාර සාර්ථක කර ගන්න උපක්‍රම රටේ හදන්න ඕනේ. අලුත් රැකියා බිහි වෙන්නේ එතකොට.

    ඉතිං මේ ලාබය ගැන දුර්මත මවන කතා වලට ඔබත් අහු උනොත්, මේ වෙලාවේ ගොඩනැගෙන අලුත් ආර්ථික අවස්ථා ඔබට මග ඇරෙන්න පුළුවන්. ආර්ථිකයක් ගොඩ නැගෙන වෙලාවට තමයි අලුත් අවස්ථා තියෙන්නේ. ඒවා මුලින්ම අල්ල ගන්න අය තමයි ඒකේ හොඳම ප්‍රථිපල නෙලා ගන්නේ. ඒ නිසා ඔබ දැන් කළ යුත්තේ ඔබේ දක්ෂතාවය තියෙන තැන හොයා ගෙන අලුත් ව්‍යාපාරයක් කරන්න සූදානම් වීම. ඔබ පරක්කු වෙන්න වෙන්න ඒ අවස්ථා ඔබ මග ඇර ගන්නවා.

    ඒ වගේම ඔබ දේශීය සීමාවෙන් එහා හිතන්න. තව දුරටත් ලෝකය රටක දේශසීමාවට කොටු වෙන්නෙ නෑ. ගෝලීයකරණය ඒ තරම් දුර ඇවිත්. රටකට දේශපාලන සීමා තිබුණත් වෙළෙඳපොළට තියෙන සීමා ඉතා අඩුයි. ඒ නිසා ඔබ ලෝකයට පිය නගන්න. බිලියන 8 ක් වෙච්චි ගෝලීය පුරවැසියන් ඉලක්ක කරන්න. ඔබට දියුණු වෙන්න වගේම දියුණු රටක් ඕනේ නම් සෘජුවම ලෝකය එක්ක ගනුදෙනු කරන්න.

    ඔබට පුළුවන්.
    අපිට පුළුවන්.

    පැතුම් කර්නර්
    #පැතූනොමික්ස්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    පිටරට කොම්පැණි ලාභය ඒ රටවල් වලට අරගෙන යනවා කියලා වැලපෙන ජෙප්පෝ එදා මුළු රටම ගිනිතියාලා ට්‍රාන්ස්ෆමරය වලට බෝම්බ ගහලා දළදා මාලිගාවට ත් බෝම්බ තිබ්බා 🤣🤣
     
    Sen-lu

    Well-known member
  • පිටරට කොම්පැණි ලාභය ඒ රටවල් වලට අරගෙන යනවා කියලා වැලපෙන ජෙප්පෝ එදා මුළු රටම ගිනිතියාලා ට්‍රාන්ස්ෆමරය වලට බෝම්බ ගහලා දළදා මාලිගාවට ත් බෝම්බ තිබ්බා 🤣🤣
    ජනසතුකිරීම ප්ලග් ගලවන එක දේපල විකුණන්නෙ නැති එක විකුණපු ඒවත් පවරගන්න එක රාජ්‍යසේවය ශක්තිමත් කරන එක පොහොට්ටුවෙත් ප්‍රතිපත්තිය තමා. ඒව වැරදි ප්‍රතිපත්ති කියල උඹ දැන්වත් පිලිගන්නවද?
     
    • Haha
    Reactions: shenat

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ජනසතුකිරීම ප්ලග් ගලවන එක දේපල විකුණන්නෙ නැති එක විකුණපු ඒවත් පවරගන්න එක රාජ්‍යසේවය ශක්තිමත් කරන එක පොහොට්ටුවෙත් ප්‍රතිපත්තිය තමා. ඒව වැරදි ප්‍රතිපත්ති කියල උඹ දැන්වත් පිලිගන්නවද?
    අනුර කුමාර අවොත් රාජ්‍ය සේවකයන් අඩු කරනවා ද?

    මොකක් හරි රාජ්ය සේවයක් පුද්ගලීකරණය කරන්න යන කොට කාගේ වෘතීය සමිති ද පාරට බැස්සේ 🤣

    මහින්ද බලයට ගෙන්න කඩේ ගිහින් JVP එක ඒ කාලේ මහින්දට බල කරේ නැද්ද තාවකාලික සේවකයන් ලක්ෂ්‍යයක් ස්ථිර කරන්න කියලා 🤣

    FB_IMG_1610465462684.jpg

    image_8c57d59746.jpg

    1603790212-jvp-protest-3.jpg

    අනුර කුමාර බාබා ද බන් දැන්🤣

    https://www.bbc.com/sinhala/news/story/2005/03/050321_kanthale_jvp