ජවිපෙ විශේෂ යෝජනා මාලාව 6- අධ්‍යාපනය
ජවිපෙ විශේෂ යෝජනා මාලාව 6- අධ්‍යාපනය
**************
1. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ආයතන, පෙර පාසල්, පාසල්, උසස් අධ්‍යාපන ආයතන සම්පූර්ණයෙන්ම ජාති, ආගම් පදනමින් ආරම්භ කිරීම හා පවත්වාගෙන යාම අහෝසි කිරීම
2. සියලුම පෙර පාසල් හා පාසල්වලට දරුවන් තෝරා ගැනීමේ නීතිරීති සියලුම ජාති, ආගමික කණ්ඩායම්වල දරුවන්ටද විවෘත වන පරිදි සකස් කිරීම
3. රජයේ සියලුම පාසල්වල පොදු ජාතික විෂයමාලාවක් ඉගැන්වීම හා සියලුම පාසල්වල සිංහල හා දෙමළ මාධ්‍යයන් දෙකෙන්ම අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම හා සම්පත් ලබා දීම
4. ආරම්භයක් වශයෙන් සියලුම පාසල්වල ප්‍රාථමික අංශ සියලුම ජාතික, ආගමික කණ්ඩායම්වලට අයත් මිශ්‍ර පාසල් ලෙස පවත්වාගෙන යාමට කටයුතු කිරීම
5. සියලුම පෞද්ගලික හා ජාත්‍යන්තර නමින් පවත්වාගෙන යන පාසල්වල ශ්‍රී ලංකාවේ දරුවන්ට ඉගැන්වීමේදී පොදු ජාතික විෂයමාලාව හෝ රටේ සංස්කෘතික සමාජයීය රටාවන් පිළිබඳ අවබෝධයක් ලැබෙන පරිදි විෂය මාලා සකස් කිරීම
6. සියලුම පාසල්වල ප්‍රධාන ආගම්වලට අයත් ආගමික හරයන් හා සංස්කෘතිය පිළිබඳව දරුවන්ට උගන්වන විෂයමාලා හඳුන්වා දීම
7. රටේ සියලුම පාසල් පවත්වාගෙන යාමේදී පොදු පාසල් දින දර්ශනයක් ඇති කිරීම සඳහා පියවර ගැනීම
8. පාසල් හා විෂය නිර්දේශ පෙළ පොත් සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දරුවකුටම රට පිළිබඳ ආදරයක් හා උරුමයක් ඇති වන පරිදිත්,
රටේ ඉතිහාසය පිළිබඳ ගුණාත්මක අවබෝධයක් ලැබෙන පරිදිත්, රටේ විවිධ ජන ප්රජාවන්ගේ සිරිත් විරිත්, විශ්වාසයන් පිළිබඳව අවබෝධයක් ලැබෙන පරිදිත් බහුජාතික, බහුආගමික රටක ජාතික සමඟිය හා සංහිඳියාව නිර්මාණය කිරීමේ අරමුණෙන් යුතුවත්, ශාස්ත්‍රීය හා විද්‍යාත්මක පදනමක් මත සමාලෝචනය කිරීම
9. වයස අවුරුදු 18ට අඩු කිසිම දරුවකු පොදු පාසල් අධ්‍යාපනය වෙනුවට සාමාන්‍ය පොදු විෂය මාලාවන් උගන්වනු නොලබන හා ආගමික ඉගැන්වීම් පමණක් සිදු කරනු ලබන අධ්‍යාපන ආයතන පවත්වාගෙන යාමට නොහැකි වන පරිදි නීති සකස් කොට ක්‍රියාවට නැගීම. දැනට මෙලෙස පවත්වාගෙන යනු ලබන මෙවැනි ආගමික පාසැල් පිළිබඳ පූර්ණ සමාලෝචනයක් විද්වත් මණ්ඩලයක් මගින් සිදුකර එමගින් පිළිගනු ලබන පාසැල් සඳහා පොදු ජාතික විෂය මාලාවක් හඳුන්වා දීම. අමතර දහම් අධ්‍යාපනය අවැසි දරුවන්ට එය සාමාන්‍ය දහම් පාසල්වලින් ලබාදීම
10. ආගමික පූජකයන් පුහුණු කිරීම ආගමික කටයුතු පිළිබඳ ලේකම් කාර්යාලය හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ හා අදාළ පළාත් පාලන ආයතනයේ අධීක්ෂණය මත පමණක් සිදු කළ හැකි පරිදි නියමිත ක්‍රියාවලියක් ආරම්භ කිරීම හා ආගමික ආයතන විසින් එකී ආගමෙහි පූජක පක්ෂය නිර්මාණය කිරීමේ අරමුණෙන් පවත්වා ගෙන යන අධ්‍යාපන ආයතන සඳහා ලැබී ඇති සහතිකය එකී අරමුණෙන් පරිබාහිර කිසිම අවස්ථාවක භාවිත කිරීමට ඇති වලංගුභාවය අහෝසි කිරීම
11. විශේෂයකින් තොරව සියලුම පාසැල්වල ජාතිය හෝ ආගම මත පදනම් නොවී සියලුම දරුවන්ට සෞන්දර්යය විෂයයන් ඉගැන්වීම සඳහා අවස්ථා නිර්මාණය කිරීම හා ඒ සඳහා ගුරුවරුන් පුහුණු කිරීම. මේ වනවිට ආගමික බලපෑම හේතුවෙන් වාරණයට ලක්ව සිටින දරුවන්ට සෞන්දර්යය විෂයයන් වන චිත්‍ර, සංගීතය, නර්තනය, සිනමාව, නාට්‍ය හා රංගකලාව වැනි විෂයයන් සඳහා යොමු කිරීම සඳහා දෙමාපියන්ට හා සමාජයට අනුබල දීම හා දිරිගැන්වීම
12. පුරවැසි අධ්‍යාපනය යන විෂයය යටතට මෙරට සිංහල, දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ කලාකරුවන්, විද්‍යාඥයන් හා ක්‍රීඩකයන් පිළිබඳ තොරතුරු ඇතුළත් කිරීම
13. වෙසක්, නත්තල, සිංහල දෙමළ අලුත් අවුරුදු, මහා සිව රාත්‍රී, රාමසාන් වැනි උත්සව කාලවල සියලු සිසු සිසුවියන්ට පොදුවේ සහභාගි විය හැකි උත්සව, සංස්කෘතික හා කලා සංදර්ශන පාසල් මට්ටමින් පැවැත්වීම