JVP, පෙරටුගාමී, අන්තරේ කියන්නේ 3ක්.
1970 දශකයේ මැද භාගයේ ඉදලා 2012 වෙනකන් අන්තරේ බහුතර සාමජිකයන් JVP එකේ. 2012 දී බහුතර බලය පෙරටුගාමී සමාජවාදී පක්ශයට යනවා.
හැබැයි ඔය කිව්වේ අන්තරේ ඉහල සාමාජිකයන්ගේ දේශපාලන දැක්ම විතරයි.
අන්තරේ මූලිකවම පෙනී ඉන්න කාරණා කිහිපයක් තියෙනවා.
- නිදහස් අද්යාපනය, නිදහස් සෞඛ්යය වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කිරීම. කුමන මට්ටමේ මර්දනයක් දියත් උනත් අරගලය ඉදිරියටම යනවා. 1960 ගනන් වලා ආරම්බයේ ඉදලා කැදවුම්කරුවෝ බර ගානක්, සාමාජිකයෝ 200ක් විතර මරලා තියෙනවා. හැබැයි අරගල නවතින්නේ නෑ. එකයි කියන්නේ `කපා කපා කෑලි කපා අප වලකනු සිතනු එපා කියලා.`
- රටේ පවතින සහ ඉදිරයට ඒමට නියමිත ප්රශ්න වෙනුවෙන් කොන්දේසි විරහිතව අරගල කිරීම.
කිසිම අවස්තාවක අන්තරේ, දේශපාලන පක්ශයකට සහාය දැක්වීමක් සදහා හෝ දේශපාලන පක්ශයක් බලයට ගෙන ඒම සදහා විශ්ව විද්යාල ශිශ්යයෝ පාරට ගෙන්නේ නෑ. අන්තරේ ඉන්න දේශපාලනේ කරන එවුන් ඒවා තනියම කරගන්නවා. ඒක අන්තරේ ඇතුලට අරගෙන එන්නේ නෑ.