ජවිපෙ සිහිනය බිඳවැටෙයි - දකුණෙන් ආසන එකයි

ජවිපෙ සිහිනය බිඳවැටෙයි - දකුණෙන් ආසන එකයි

9e02f79f72eca3ca589ae757d97a7173_XL.jpg


අවම වශයෙන් ආසන තිහක් හෝ හතළිහක් ලබාගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය වීමේ සිහිනය තුළ සිටිමින් දේශයේ හෘදසාක්ෂිය තමන් බව කියමින් මැතිවරණ පොරපිටියට බට ජනතා විමුක්ති පෙරමුණේ සිහිනය මේ වනවිට බිඳවැටී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් සහ ආධාරකරුවන් ජවිපෙ ජයග්‍රහණය වෙනුවෙන් විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙනගිය අතර සමාජ ජාල මාධ්‍ය හරහා ගෙනගිය ප්‍රචාරණය ඒ අතරින් කැපී පෙණිනි. මෙම ප්‍රචාරණ ව්‍යාපාරය හරහා සිදුවී ඇත්තේ ඔවුන්ම මුළාවට පත්වීම බව මැතිවරණ ප්‍රතිඵල කියාපායි.

ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ලබාගෙන ඇත්තේ එක් ආසනයක් පමණි. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. ජවිපෙ කවදත් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබූ දකුණු පලාතෙන්ම ලබාගෙන ඇත්තේ එම ආසනය පමණි. ජවිපෙ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 37,778 ක්ද මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 35,270 ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 36,524 ක්ද ලබාගෙන තිබේ.

මේ වනවිට නිළ නොලත් වාර්තාවලට අනුව පැහැදිලි වන්නේ ජනතා විමුත්කි පෙරමුණට මුළු රටෙන්ම ලබාගත හැකි උපරිම ආසන සංඛ්‍යාව 07 ක් හෝ 08 ක් හෝ වියහැකි බවයි.
 

Dulhaniya

Banned
Mar 23, 2015
260
39
0
අලි බෙටි කන්න ගියාට ඕකුන්ට ඔහොම වෙලා මදි.
 

DXD

Member
Jan 21, 2009
458
5
0
එළකිරියේ ජවිපෙ වෙනුවන් පෙනීසිටි සියලුම සොයුරන්ටද ගෞරව පුර්වකව ස්තුතිවන්ත වෙමු


11892146_1653831918194371_4823566230197770454_n.jpg


මහින්ද පරාජය පිළිගෙන, විපක්ෂ මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බව පවසා ඇතැයි ලංකාදීප වාර්තා කරයි. නමුත් හුදෙක් තම ගොඩ වැඩි කරගැනීමේ මෙහෙයුමක් මිස, සැබෑ විපක්ෂයක කාර්‍යභාරය හිටපු ජනපති ඉටු කරන බව විශ්වාස කරන්නට නොහැක.
ඉදිරියේ බිහිවන්නේ කිසිසේත්ම ජනතාවාදී ආණ්ඩුවක් විය නොහැක. අතිශය යහපත් ප්‍රතිචාර ලද ආදරණීය ජනතා විමුක්ති පෙරමුණට අවස්ථාව දීමට වඩා හුදෙක්, තම ප්‍රතිවාදියා වන එජාපය පැරදවීමට වැරදි දැක දැක සංධානයට ඡන්දය දුන් පිරිස මෙන්ම වැරදි දැක දැක මහින්ද භීතිකාවෙන් ගැලවිමට එජාපයට ඡන්දය දුන් පිරිසද, තමන්ගේ අමිහිරි දේශපාලන අත්දැකීම්වලට තවත් පස් වසරක් එක් කරගැනීමට සූදානම්ය.
ජනතා විමුක්ති පෙරමුණ ජයග්‍රහණ අත්පත් කරගෙන ඇත. එය කිසිසේත්ම රටේ වත්මන් අවශ්‍යතාවයට සරිලන ප්‍රමාණයක් නොවේ.
නමුත් මන්ත්‍රීධුර තුනක් සහිතව විපක්ෂයේ කාර්‍යභාරය උපරිමයෙන් ඉටු කළ ජනතාවගේ පක්ෂයට, මේ ලැබෙමින් පවතින් ආසන ගණන, ජනතා ජයග්‍රහණ වෙනුවෙන් විපක්ෂය සහ ජනතාව පෙළ ගැස්වීමට, ජනතාවට නායකත්වය දීමට ජනතා විමුක්ති පෙරමුණ ලබා ඇති ජයග්‍රහණ සැබැවින්ම ප්‍රමාණවත් වේ.
ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්, සලකා බැලූ, ජනතා විමුක්ති පෙරමුණ පැසසූ, සංවර්ධනාත්මක විවේචන කළ ඔබ සැමට අපේ හෘදසාක්ෂියේ ගෞරවණීය ප්‍රණාමය මෙසේ පුද කරමු.
ඔබ වෙනුවෙන් එදා මෙන් අදත්, හෙටත්, අනාගතයේත් කැප වෙන, ඔබගේ හෘදසාක්ෂිය නියෝජනය කරන ආදරණීය ජනතා විමුක්ති පෙරමුණට ජය වේවා!
ජනතාවට ජය වේවා!
අපි පෙරටත් වඩා සවිමත්ව ඉදිරියට යමු!
 

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    meka jvp parajayak neme pradana makshA deka tati tayi yaddi samanupathika karamen wisienawa ekayi