ජවිපෙ සිහිනය බිඳවැටෙයි - දකුණෙන් ආසන එකයි
අවම වශයෙන් ආසන තිහක් හෝ හතළිහක් ලබාගෙන පාර්ලිමේන්තුවේ විපක්ෂය වීමේ සිහිනය තුළ සිටිමින් දේශයේ හෘදසාක්ෂිය තමන් බව කියමින් මැතිවරණ පොරපිටියට බට ජනතා විමුක්ති පෙරමුණේ සිහිනය මේ වනවිට බිඳවැටී තිබේ.
ජනතා විමුක්ති පෙරමුණේ කාඩර්වරුන් සහ ආධාරකරුවන් ජවිපෙ ජයග්‍රහණය වෙනුවෙන් විශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් ගෙනගිය අතර සමාජ ජාල මාධ්‍ය හරහා ගෙනගිය ප්‍රචාරණය ඒ අතරින් කැපී පෙණිනි. මෙම ප්‍රචාරණ ව්‍යාපාරය හරහා සිදුවී ඇත්තේ ඔවුන්ම මුළාවට පත්වීම බව මැතිවරණ ප්‍රතිඵල කියාපායි.
ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ලබාගෙන ඇත්තේ එක් ආසනයක් පමණි. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කයෙනි. ජවිපෙ කවදත් වැඩි ඡන්ද ප්‍රමාණයක් ලැබූ දකුණු පලාතෙන්ම ලබාගෙන ඇත්තේ එම ආසනය පමණි. ජවිපෙ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ඡන්ද 37,778 ක්ද මාතර දිස්ත්‍රික්කයෙන් ඡන්ද 35,270 ක්ද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඡන්ද 36,524 ක්ද ලබාගෙන තිබේ.
මේ වනවිට නිළ නොලත් වාර්තාවලට අනුව පැහැදිලි වන්නේ ජනතා විමුත්කි පෙරමුණට මුළු රටෙන්ම ලබාගත හැකි උපරිම ආසන සංඛ්‍යාව 07 ක් හෝ 08 ක් හෝ වියහැකි බවයි.