ජවිපේ ගැන පැතුම්ගේ කියවීම

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    ජවිපෙ හැරවුම

    මේ වෙද්දී ජවිපෙ මතවාදයේ පැහැදිලි හැරවුමක් පේන්න තිබෙනවා. මම දකින විදිහට මෙය ශ්‍රී ලාංකික දේශපාලනයේ තීරණාත්මක හැරවුමක්.

    නිදහස් ලංකාවේ ජනමතය තුළ මුල සිටම ජාතික සමාජවාදයට සැලකිය යුතු ඉඩක් තිබුණා. මම ජාතික සමාජවාදය කියා කියන්නේ ලෝකයේ සමාජවාදී ලෙස හැඳින්වුණු හැම රටකම වගේ අඩු වැඩි වශයෙන් තිබුණු, දැන් උතුරු කොරියාව වගේ තැන් කිහිපයක පමණක් ඉතිරි වී තිබෙන ක්‍රමය.

    ලංකාවේ සමාජවාදීන් විසින් මුල සිටම ලංකාවේ කවදාවත් නොතිබුණු ධනවාදයක් ගැන විවේචනය කරමින් හිටියත්, එජාප වැනි පක්ෂ පවා අඩු වැඩි වශයෙන් පෙනී සිටියේ විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් නඩත්තු කරන, රාජ්‍ය මූලික ආයෝජන හරහා රට දියුණු කිරීම ඉලක්ක කෙරෙන, සුබසාධනය නඩත්තු කෙරෙන ක්‍රමයක් වෙනුවෙන්. මේ ක්‍රමයේ බොහෝ දුරට තිබුණේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ. ධනවාදී බටහිර රටවල් වෙත නැඹුරුවක්නම් එජාපයේ මුල සිටම වගේ තිබුණා.

    ශ්‍රීලනිපය කැඩී ගියේ එජාපයෙන්ම වුනත්, දිගින් දිගටම වාමාංශික පක්ෂ එක්ක එකතු වෙලා හදපු සභාග ආණ්ඩු එක්ක එන්න එන්නම ශ්‍රීලනිපය ජාතික සමාජවාදය පැත්තට තල්ලු වුනා. සමගි පෙරමුණු ආණ්ඩුව එහි උච්ඡතම අවස්ථාව. නමුත් මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය සහ ජාතික සමාජවාදය කවදාවත් එකට ගිය දෙකක් නෙමෙයි. ලෝකයේ ජාතික සමාජවාදී ආකෘතියේ ආණ්ඩු හැම එකක්ම වගේ හැදුණේ එක්කෝ කැරැල්ලකින් හෝ කුමන්ත්‍රණයකින් රාජ්‍ය බලය පැහැර ගෙන. එහෙම නැත්නම්, සාමාන්‍ය ක්‍රමයකට මැතිවරණ ජයග්‍රහණයක් ලැබීමෙන් පසුව නැවත පෙර පරිදි මැතිවරණ නොපවත්වමින්.

    ජවිපෙ කියන පක්ෂය හැදුණේම රාජ්‍ය බලය උදුරා ගෙන ජාතික සමාජවාදී ආණ්ඩුවක් හදලා එය පවත්වා ගැනීම වෙනුවෙන්. නමුත්, ජවිපෙ ඔය වැඩේ කරන්න හදද්දී ලෝකයේ ප්‍රධාන සමාජවාදී රටවල් හැම එකක්ම වගේ හිටියේ ජවිපෙට එරෙහිව සමගි පෙරමුණු ආණ්ඩුව පැත්තේ. ඒ ආණ්ඩුව ඇතුළේ අවශ්‍ය පමණ ජාතික සමාජවාදය තිබුණු නිසා වෙන්න ඇති.

    සමගි පෙරමුණු පරීක්ෂණය අවසන් වුනේ එජාපයට හයෙන් පහක බලයක් ලැබිලා. ශ්‍රීලනිපයට අවුරුදු 17ක් විපක්ෂයේ ඉන්න වුනා. සම්ප්‍රදායික වාමාංශික පක්ෂ අතුරුදහන් වෙලා ගියා. ඊට පස්සේ ලංකාවේ බහුතර ජනමතය කවදාවත්ම ජාතික සමාජවාදය පැත්තට හැරුණේ නැහැ. ජාතික සමාජවාදය හොයපු සුළුතරයක්නම් දිගටම හිටියා.

    අවුරුදු 17ක් විපක්ෂයේ හිටියට පස්සේ ශ්‍රීලනිපය ජාතික සමාජවාදය අතඇරියා. මේකට කිවුවේ ධනවාදයට මානුෂික මුහුණුවරක් දීම කියලා. ධනවාදය හෝ මානුෂික මුහුණුවර යන දෙකෙන් එකක්වත් හරියකට තිබුණේ නැති තැනකට වුනත්, ශ්‍රීලනිපය වෙනස් වුනා. ඊට පස්සේ එජාප හා ශ්‍රීලනිප ආර්ථික ප්‍රතිපත්ති අතර කලින් තිබුණා වගේ විශාල වෙනසක් තිබුණේ නැහැ.

    ශ්‍රීලනිපය ජාතික සමාජවාදය අත ඇරියට පස්සේ දිගින් දිගටම ජාතික සමාජවාදය කර ගහගෙන ගියේ ජවිපෙ. ක්‍රමක්‍රමයෙන් යටිබිම්ගත රහසිගත දේශපාලන ආකෘතිය වෙනස් වෙලා, පෙසපෙත් කඩා ගෙන ගියාට පස්සේ ජවිපෙ ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රමයකින් රාජ්‍ය බලය පැහැර ගැනීමේ ඉලක්කයෙන් තීරණාත්මක ලෙස විතැන් වුනා. නමුත්, ජාතික සමාජවාදය එක්ක මැතිවරණ දේශපාලනය ඇතුළේ ජවිපෙට දුර ගමනක් තිබුණේ නැහැ.

    පස්සේ පස්සේ ජවිපෙ දේශපාලනය බවට පත් වුනේ දූෂණ විරෝධය. එතැනින් එහාට පැහැදිලි වැඩ පිළිවෙළක් ජවිපෙ සතුව තිබුණේ නැහැ. ජවිපෙ එක්ක එකතු වුනු පිරිස ප්‍රධාන වශයෙන්ම කෝකටත් විරෝධීන්. කෝකටත් විරෝධීන් එක්ක ආණ්ඩුවක් කරන්න බැහැ.

    දූෂණ විරෝධය ජවිපෙ විසින් ජනගත කරපු සටන් පාඨයක් නෙමෙයි. හොයා බැලුවොත්, ජවිපෙ බිහිවෙන්නත් කලින් ඉඳන්ම, දූෂණ විරෝධය හැම මැතිවරණයකදීම ප්‍රධාන සටන් පාඨයක් වුනා. ආණ්ඩු පක්ෂයේ හොරු එළවන්න මිනිස්සු අනෙක් ප්‍රධාන පක්ෂය බලයට පත් කර ගත්තා. ඊට පස්සේ අලුත් ආණ්ඩු පක්ෂයේ හොරු එළවන්න මිනිස්සු නැවත පරණ ආණ්ඩු පක්ෂය බලයට ගෙනාවා. ඔය චක්‍රය දිගින් දිගටම ගියා. කොයි ආණ්ඩුවක්වත් හොරු අල්ලලා හොරුන්ට දඬුවම් කළේ නැහැ.

    ජවිපෙට මේ තත්ත්වයේ වාසිය ගන්න පුළුවන් වුනා. "උනුත් එකයි මුනුත් එකයි" සටන් පාඨය නැගලා ගියා. කවදාවත් බලය නොගත් නිසා මේ චෝදනාව නැවත ජවිපෙ වෙතම දමා ගසන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.

    අරගලය හොරු ඇල්ලීමේ දේශපාලනයේ උච්ඡතම අවස්ථාවක් කියා කියන්න පුළුවන්. අරගලය එක්ක ජවිපෙ සටන් පාඨය ජනතා සටන් පාඨයක් වුනා. නමුත්, එහි වාසිය ජවිපෙට ගෙඩිය පිටින්ම ගන්න පුළුවන් වුනේ නැහැ. ඒ ජවිපෙ ප්‍රතිපත්ති ඇතුළේම තිබුණු විරුද්ධාභාෂයක් නිසා.

    ප්‍රධාන පක්ෂ දෙක ප්‍රායෝගිකව කොහොම වෙතත්, නමට හරි, කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටිද්දී ජවිපෙ දිගටම පෙනී සිටියේ විශාල රජයක් වෙනුවෙන්. දූෂණ, වංචා, නාස්ති සියල්ල සිදු වුනේ ඔය විශාල රාජ්‍ය යාන්ත්‍රනය නඩත්තු කිරීමේ ප්‍රතිඵලයක් විදිහට. එක පැත්තකින් දූෂණ, වංචා, නාස්ති වලට හේතු වන විශාල රාජ්‍ය යාන්ත්‍රණයක් වෙනුවෙන් පෙනී සිටින අතරම අනෙක් පැත්තෙන් දූෂණ විරෝධය ගැන කතා කිරීමේ තිබෙන පරස්පරය තව දුරටත් මිනිස්සුන්ට නොතේරෙන දෙයක් වුනේ නැහැ.

    මේක වුනේ හංගන්නේ නැතුව කෙළින්ම කට ඇරලා ධනවාදය ගැන කතා කරන, ඒ වෙනුවෙන් සෘජුව පෙනී ඉන්න අය ටිකෙන් ටික මතු වීමත් එක්ක. මෙය කියවන පැතුම් කර්නල් වගේ අය කෙළින්ම නම් කරන්න පුළුවන්. මංජු නිශ්ශංක, රසික ජයකොඩි වගේ තවත් අය ඉන්නවා. එජාප හෝ ශ්‍රීලනිප නායකයින් කවදාවත් බය නැතුව ධනවාදය වෙනුවෙන් පෙනී සිටලා නැහැ. රනිල් දැනට වුනත් කතා කරන්නේ සමාජ වෙළඳපොළ ආර්ථිකයක් ගැන. "සමාජ" කෑල්ලක් කොහෙන් හරි එල්ල ගන්නවාම තමයි.

    මේ වගේ තනි පුද්ගලයින් ආශ්‍රිතව කුඩා කණ්ඩායම් විශාල ප්‍රමාණයක් මේ වෙද්දී පෙළ ගැහිලා ඉන්නවා. ප්‍රධාන දේශපාලන පක්ෂ වලට තියා ජවිපෙට සාපේක්ෂව වුනත් ඒ අය ජනතාව අතර විශාල බලයක් වෙලා කියලා මම හිතන්නේ නැහැ. නමුත්, ඒ අයගෙන් එල්ල වෙන මතවාදී තර්ජනය ඉතාම දරුණු එකක්. මේක විශේෂයෙන්ම ජවිපෙට ඔලුවටම වදිනවා.

    සමාජවාදීන්ට හා ජාතිකවාදීන්ට සාපේක්ෂව ලිබරල්වාදීන්ට තිබෙන ලොකුම අවාසිය ලිබරල්වාදීන්ට නායකයෙකු විසින් යෝජනා කරන සියල්ලටම ප්‍රශ්න නොකර එකඟ වෙන්න බැරිවීම. මුල් කණ්ඩායම් දෙකට ඔය ප්‍රශ්නය ලොකුවට නැහැ. තමන්ගේ ඉලක්ක අරමුණට යන බව පේනවානම් නායකයාට වැඩේ කරගෙන යන්න ඉඩ දීලා බොක්කෙන්ම උදවු කරන එක ඒ කණ්ඩායම් දෙකටම අවුලක් නැති දෙයක්. නමුත් ලිබරල්වාදීන් ගත්තහම එක් එක් ලිබරල්වාදියාට තියෙන්නේ තමන්ගේම අදහස්.

    අනෙක් අතට ලිබරල්වාදීන්ට තිබෙන ලොකුම වාසියත් මේකම තමයි. අනෙක් කණ්ඩායම් දෙකෙන් වෙනස්ව, ඒ අයට තමන්ගේ අදහස් එක්ක සියයට සියයක් එකඟ නොවෙන අය එක්ක වුනත් එකට වැඩ කරගෙන යන්න පුළුවන්.

    වෙනස් නොවී ඉන්න බැරි තැනකට ජවිපෙ තල්ලු කරලා තියෙන්නේ අරගලයත් එක්ක මතු වුනු මේ අලුත් බලවේගය. බලවේගය කියා කිවුවත් තවමත් තියෙන්නේ කුඩා කණ්ඩායම් රාශියක් සහ ඒ කණ්ඩායම් කිසිවකට සම්බන්ධ නැති තනි පුද්ගලයින් ටිකක්. එකතු වෙලා සංවිධානය වුනොත් මේ කණ්ඩායම් ටිකට අල්ලා ගත හැකි පැහැදිලි හිස් අවකාශයක් ලංකා දේශපාලන භූමියේ තියෙනවා. නාගරික හා අර්ධ නාගරික පහළ හා ඉහළ මධ්‍යම පාන්තිකයින්ගෙන් සමන්විත හතරවෙනි බලවේගයක් විදිහට මතු වෙලා පසුව ඒ ඉඩ පුළුල් කරගන්න එක බැරි දෙයක් නෙමෙයි.

    හැමදාම මැතිවරණ වලදී ජවිපෙ වටා එකතු වුනේ ප්‍රධාන පක්ෂ දෙකට විරෝධය පළ කරන්න ඡන්දය දුන්න අය මිසක් ජවිපෙ දිනවන්න ඡන්දය දුන්න අය නෙමෙයි. ඒ ඡන්ද වලින් කොටසක් අලුත් බලවේගයකට පහසුවෙන්ම ආකර්ෂණය කරන්න පුළුවන්. නමුත්, ඒ නිසා ජවිපෙ ඡන්ද අඩු වෙන එකක් නැහැ. මොකද ප්‍රධාන දේශපාලන පක්ෂ ප්‍රතික්ෂේප කරන කොටස් නගර වල වගේම ගම් වලත් විශාල ලෙස වැඩි වෙලා නිසා. ජවිපෙ පාක්ෂික ඡන්දනම් කොහොමත් කැඩෙන්නේ නැහැනේ.

    පක්ෂ දෙකම එපා වී තිබෙන අයගේ ඡන්ද කලින් ගෙඩිය පිටින්ම ජවිපෙට ලැබුණත්, දැන් ජවිපෙට තරඟයකට මුහුණ දෙන්න වෙලා. ජවිපෙ හැරවුම මේ තත්ත්වය තුළ නොගෙන සිටිය නොහැකි උපාය මාර්ගික තීරණයක්. තරඟය හමුවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ජාජබ නංගිව පෙන්නලා ජාතික සමාජවාදී ජවිපෙ අක්කාව ගොඩ දාගන්න දරපු ජවිපෙ උත්සාහය අසාර්ථක වෙලා ඉවරයි. දැන් කුඩා රජයක් වෙනුවෙන්, ව්‍යවසායකත්වය වෙනුවෙන්, පෞද්ගලික සරසවි වෙනුවෙන් පෙනී නොසිට බැරි දේශපාලනික උගුලක ජවිපෙ හිර වෙලා. ජාජබ නියෝජිතයින් විතරක් නෙමෙයි ජවිපෙ නායකයිනුත් කට ඇරලා මේ දේවල් කතා කරනවා. මමනම් පෞද්ගලිකව මේ තත්ත්වය දකින්නේ ඉතාම සාධනීය දෙයක් විදිහට.

    කොහොමටවත්ම ජවිපෙ ධනවාදී වෙලා නැහැ. ජවිපෙ දැන් යන ක්‍රමය ගැන වුනත් අපහසුවක් නැතුව ඕනෑ තරම් විවේචන කරන්න පුළුවන්. හැබැයි මම ජවිපෙ සංසන්දනය කරන්නේ ජවිපෙම හිටපු තැනත් එක්ක. ඒ තැන සිට ජවිපෙ වෙනස් වී ඇති සහ වෙනස් වෙමින් තිබෙන දිශානතිය දිහා සුබවාදී ලෙස බලන්න පුළුවන්. සිදුවන හොඳම දෙය ජාජබ හරහා ජවිපෙ සමඟ සම්බන්ධ වී සිටින අළුත් නායකයින් විසින් සම්ප්‍රදායික ජවිපෙ සාමාජිකයින්ව පුනරුත්ථාපනය කරමින් සිටීම.

    ජවිපෙ සාමාජිකයා හෙමින් හෙමින් වෙනස් වෙමින් සිටිද්දී, රනිල් හරහා පොහොට්ටු සාමාජිකයින් හීලෑ කෙරෙමින් තිබෙනවා. ඒ හීලෑවීම පුනරුත්ථාපනය වීමක්ද කියා කියන්න තවම කල් වැඩියි. ඔය දෙකම වෙන්නේ දේශපාලන බලය අහිමි වීමේ තර්ජනය එක්ක. දේශපාලන බලය අහිමි වීමේ තර්ජනයට හේතුව ජවිපෙ ඇතුළු දේශපාලන පක්ෂ සියල්ලටම වඩා වේගයෙන් මිනිස්සු වෙනස් වීම. මිනිස්සු ටිකෙන් ටික හරි හරි තැනට එනවානම් දේශපාලන පක්ෂ වලට වගේම ඒවායේ නායකත්වයටත් මිනිස්සු අනුව වෙනස් වෙන්න වෙනවා.

    #ඉකොනොමැට්ටා ගේ ලිපියක්...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ජවිපෙට මේ තත්ත්වයේ වාසිය ගන්න පුළුවන් වුනා. "උනුත් එකයි මුනුත් එකයි" සටන් පාඨය නැගලා ගියා. කවදාවත් බලය නොගත් නිසා මේ චෝදනාව නැවත ජවිපෙ වෙතම දමා ගසන්න පුළුවන්කමක් තිබුණේ නැහැ.
    @shenat මේවා දකින කොට පුකුනේත් හිනා අපිට නම් 🤣🤣
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ජවිපේ කැඩෙනවා. කැඩෙන්නෙ අනුර නිසා. ඕන් බලපන්කෝ මම කියන්නෙ බොරුද කියලා. දැනටමත් සමහර ලක්‍ෂණ ඇවිත් තියෙන්නෙ. ගොඩක් වෙලාවත අනුරයව නායක කමින් අයින් කරයි පක්‍ෂේ උන්ම එකතුවෙලා.

    NPP එකේ උන් කුළප්පු වෙන්න එපා. මම කිව්වේ ජවිපේ ගැන.
     
    • Haha
    Reactions: 2osama

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මේවා දකින කොට පුකුනේත් හිනා අපිට නම් 🤣🤣

    මොනව දකිනකොටද පුකුනේත් හිනා බන්?

    පෝට්ටු බයියො පෝලිමේ ගිහින් රනිල්ව ජනාධිපති කරපු එක දැක්කමද?? 👌🤣🤣🤣

    නැත්තං පෝට්ටු බයියො පෝට්ටුවෙ ඩලස් කොටාට පුක පෙන්නලා රනිල්ව ජනාධිපති කරපු එකටද?🤣🤣🤣🤣🤣
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජවිපේ කැඩෙනවා. කැඩෙන්නෙ අනුර නිසා. ඕන් බලපන්කෝ මම කියන්නෙ බොරුද කියලා. දැනටමත් සමහර ලක්‍ෂණ ඇවිත් තියෙන්නෙ. ගොඩක් වෙලාවත අනුරයව නායක කමින් අයින් කරයි පක්‍ෂේ උන්ම එකතුවෙලා.

    NPP එකේ උන් කුළප්පු වෙන්න එපා. මම කිව්වේ ජවිපේ ගැන.
    කොහොමත් අනුර අන්තිමට ගුපියෙ තමයි නතර වෙන්නෙ, අනුරල , විජිතල, ඔය නලින්දල ගු ඇන් පි වහල්ලු..
     
    • Like
    Reactions: helayalk

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    මොනව දකිනකොටද පුකුනේත් හිනා බන්?

    පෝට්ටු බයියො පෝලිමේ ගිහින් රනිල්ව ජනාධිපති කරපු එක දැක්කමද?? 👌🤣🤣🤣

    නැත්තං පෝට්ටු බයියො පෝට්ටුවෙ ඩලස් කොටාට පුක පෙන්නලා රනිල්ව ජනාධිපති කරපු එකටද?🤣🤣🤣🤣🤣

    ජනාදිපති කරගන්න එකෙක් නැති තරමටම අමු හරක් ඉන්නේ පොහොට්ටුවේ. :ROFLMAO:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    ජනාදිපති කරගන්න එකෙක් නැති තරමටම අමු හරක් ඉන්නේ පොහොට්ටුවේ. :ROFLMAO:

    ඒක බයියොත් දන්නවා.
    පෝට්ටු නඩෙත් දන්නවා.
    ඉතින් @erozan @2osama බයි වේස බැල්ලියන්ට රිදෙනවා ඒක ඇහෙනකොට.👌👌🤣🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    ජවිපේ කැඩෙනවා. කැඩෙන්නෙ අනුර නිසා. ඕන් බලපන්කෝ මම කියන්නෙ බොරුද කියලා. දැනටමත් සමහර ලක්‍ෂණ ඇවිත් තියෙන්නෙ. ගොඩක් වෙලාවත අනුරයව නායක කමින් අයින් කරයි පක්‍ෂේ උන්ම එකතුවෙලා.

    NPP එකේ උන් කුළප්පු වෙන්න එපා. මම කිව්වේ ජවිපේ ගැන.
    පන්න න බව දැන ගෙන තමා NPP එක කියලා එකක් අටවා ගත්තේ🤣🤣
     
    • Like
    Reactions: helayalk

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    @shenat මේවා දකින කොට පුකුනේත් හිනා අපිට නම් 🤣🤣
    පූට්ටු ලොල්ලො එකතුවෙලා වඳ රනිලා ජනාධිපති කරපු එකට රටම හිනාවෙනවනේ පයිය නගින්නැති එකෝ🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    පූට්ටු ලොල්ලො එකතුවෙලා වඳ රනිලා ජනාධිපති කරපු එකට රටම හිනාවෙනවනේ පයිය නගින්නැති එකෝ🤣🤣🤣
    පයියා නගින්නෙ නැහැ කියලා උබ හරියටම දන්නේ කොහොමද පකෝ🤭🤭
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    පයියා නගින්නෙ නැහැ කියලා උබ හරියටම දන්නේ කොහොමද පකෝ🤭🤭
    කොහොමත් පූට්ටු පොන්නයෝ වඳයි කියල රටම දන්නවා පොන්ස් 🤣🤣🤣
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    පන්න න බව දැන ගෙන තමා NPP එක කියලා එකක් අටවා ගත්තේ🤣🤣
    NPP එකේ ඉන්න වෙන්නෙත් නැ බන්. NPP කියන්නෙ jvp වගේ නෙමෙයි. ඕකේ ඉන්නේ ධනවාදී ක්‍රමයට කැමති අය. වැඩිපුරම ඉන්නෙ රටේ හැම ෆීල්ඩ් එකකම ප්‍රොෆෙෂනල්ස්ලා. රට වටේම රැස්වීම් කරන්න සල්ලි වියදම් කරන්නෙ උන්. JVP කියන්නෙ ඒකේ එක කොටසක් විතරයි. උබලා නොදන්න ඇතුලේවෙන දේවල් ගොඩක් තියනවා. ළගදිම ජවිපේ නායකත්වයෙන් අනුර අයින් වෙනවා. නැත්නම් අයින් කරනවා. එයාගේ සමකාලීන සෙට් එකම බොහො විට අයින් වෙයි. ජවිපේ ඇතුලෙත් තියෙන්නෙ ඒකාධිකාරයක්. තරුණ මූණක් මෑත කාලයේ ජවිපෙන් ආවද කියලා පොඩ්ඩක් හිතලා බලපන්කෝ. එද ඉදන්ම හිටපු සෙට් එකමනේ තාම ඉන්නෙ. ඒ අතින් අනිත් පක්‍ෂ හොදයි. තරුණ අයට පොඩි චාන්ස් එකක්වත් දෙනවා.ගැනු අයට සමතැන් ලැබෙන්න ඕනි කියලා කැ ගැහුවත් කාන්තා නියෝජනය ගොඩක්ම අඩූ පක්‍ෂයක්. මේවගේ හේතු ගොඩක් නිසා තරුණ සෙට් එකක් උඩ පුටූ වලට එන්න නියමිතයි. හැබැයි එන සෙට් එක සත්තුද කියන්න මම දන්නෙ නැ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,582
    72,782
    113
    මාලඹේ
    NPP එකේ ඉන්න වෙන්නෙත් නැ බන්. NPP කියන්නෙ jvp වගේ නෙමෙයි. ඕකේ ඉන්නේ ධනවාදී ක්‍රමයට කැමති අය. වැඩිපුරම ඉන්නෙ රටේ හැම ෆීල්ඩ් එකකම ප්‍රොෆෙෂනල්ස්ලා. රට වටේම රැස්වීම් කරන්න සල්ලි වියදම් කරන්නෙ උන්. JVP කියන්නෙ ඒකේ එක කොටසක් විතරයි. උබලා නොදන්න ඇතුලේවෙන දේවල් ගොඩක් තියනවා. ළගදිම ජවිපේ නායකත්වයෙන් අනුර අයින් වෙනවා. නැත්නම් අයින් කරනවා. එයාගේ සමකාලීන සෙට් එකම බොහො විට අයින් වෙයි. ජවිපේ ඇතුලෙත් තියෙන්නෙ ඒකාධිකාරයක්. තරුණ මූණක් මෑත කාලයේ ජවිපෙන් ආවද කියලා පොඩ්ඩක් හිතලා බලපන්කෝ. එද ඉදන්ම හිටපු සෙට් එකමනේ තාම ඉන්නෙ. ඒ අතින් අනිත් පක්‍ෂ හොදයි. තරුණ අයට පොඩි චාන්ස් එකක්වත් දෙනවා.ගැනු අයට සමතැන් ලැබෙන්න ඕනි කියලා කැ ගැහුවත් කාන්තා නියෝජනය ගොඩක්ම අඩූ පක්‍ෂයක්. මේවගේ හේතු ගොඩක් නිසා තරුණ සෙට් එකක් උඩ පුටූ වලට එන්න නියමිතයි. හැබැයි එන සෙට් එක සත්තුද කියන්න මම දන්නෙ නැ.
    JVP එකේ පරණ හම්පඩ ටික අයින් වෙන්නේ නැත්තේ උන්ගේ පක්ෂ අරමුදලෙන් තමා මුන්ගේ වියදම් ඔක්කොම වෙන්නේ
    පක්ෂෙන් අස් උනොත් මුන්ට පැවැත්මමක් නැහැ
    අනුරය කොච්චර පිස්සු කෙලියයත් අනුරයා ඉස්සරහට දාගෙන පරණ එවින් ගේම ගහගෙන යන්නේ ඕක නිසා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ජවිපේ කැඩෙනවා. කැඩෙන්නෙ අනුර නිසා. ඕන් බලපන්කෝ මම කියන්නෙ බොරුද කියලා. දැනටමත් සමහර ලක්‍ෂණ ඇවිත් තියෙන්නෙ. ගොඩක් වෙලාවත අනුරයව නායක කමින් අයින් කරයි පක්‍ෂේ උන්ම එකතුවෙලා.

    NPP එකේ උන් කුළප්පු වෙන්න එපා. මම කිව්වේ ජවිපේ ගැන.

    Old news

    ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා එම නායකත්වයෙන් ඉවත් වීමට නියමිතව ඇති බව නෙත් ගුවන් විදුලි වාර්තා කළේය.

    ජනතා විමුක්ති පෙරමුණේ නව නායකත්වයට බිමල් රත්නායක මහතා පත්වනු ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් ජාතික ජන බලවේගයේ නායකත්වය දරනු ඇතැයි ද එම වාර්තාව කියා සිටියේය.

    මේ අතර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා එම ධුරයෙන් ඉවත් ව එම තනතුරු සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පත් කෙරුණේ ඇති බවත් ඒ ඉදිරි වසර දෙකකින් පමණ පසුව බවත් එම වාර්තාව තවදුරටත් කියා සිටියේය.

    අනුර කුමාර දිසානායක මහතාද නායකත්වයෙන් ඉවත් වනු ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව බවද එම වාර්තාව තවදුරටත් පැවසීය.
     

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    1671435250798.png
     

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    වෙනසක් වෙනවා. බිමේ වෙන දේවල් වල ආරංචි පැතුම්ලටත් එනවා
     
    • Haha
    Reactions: u_make_me_sick_