ජස්ටින්_බීබර්ට_දඬුවම්

Jun 30, 2014
160
99
0
ජස්ටින්_බීබර්ට_දඬුවම්

බිත්තර වලින් ගැසූ ජස්ටින් බීබර්ට දඬුවම්

140710131123_justin_bieber_in_police_custody_512x288_miamibeachpolicedepartment.jpg


බීමත්ව රිය පැදවීමේ වරදට අත්අඩංගුවට පත්වූ ජස්ටින් බීබර්

පසුගිය ජනවාරි මස කැලිෆෝනියාවේ තම අසල්වැසි නිවසකට බිත්තර වලින් පහර දීමේ වරදට ජස්ටින් බීබර්ට අධිකරණය මගින් දඬුවම් නියම කෙරිණ.

විනිසුරුවරයා විසින් ජනප්‍රිය පොප් ගායක ජස්ටින් බීබර්ට කෝපය පාලනය කර ගැනීමේ වැඩ සටහනකට සහභාගී වන ලෙස සහ සමාජ සේවයේ යෙදෙන ලෙසට නියෝග කර ඇත. සිදුවූ අලාභ හානි වෙනුවෙන් ඩොලර් අසූ දහසක වන්දි මුදලක් ගෙවීමට ද විනිසුරුවරයා විසින් නියම කෙරිණ.

ජස්ටින් බීබර්ගේ නීතීඥ වරුන් විස්තර කරන්නේ බිත්තර වලින් දමා ගැසීමේ සිද්ධිය ලාබාල විහිළුවක් ලෙසයි.

නමුත් පහර දීමට ලක් වුන පාර්ශවයේ නීතීඥයා කියා ඇත්තේ අසල්වාසීන් තම සිහින මාලිගාව ලෙස හැඳින්වූ මෙම නිවසට බරපතළ අලාභ හානි ඇති කළ එම සිදුවීම මෝඩ, ඉතා නොමේරු ළමා ක්‍රියාවක් බවයි.

බීබර්ගේ මාද්‍ය ප්‍රකාශක වරිය පවසන්නේ මෙම ප්‍රශ්නය විසඳීම සම්බන්ධයෙන් ජස්ටින් සතුටු වන බවයි.

දැනට ජස්ටින් බීබර්ව එම ප්‍රදේශයේ වාසය කිරීමෙන් ඉවත් කර ඇත.

මීට අමතරව මියාමි නුවරදී විසි හැවිරිදි ජනප්‍රිය පොප් ගායකයාට බීමත්ව රිය පැදවීමේ වරදට ද නඩු පවරා තිබේ.
 

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ආස්චාරය පිරි ලංකාවේ වුනානම් ඔකේ අනිත් පැත්ත :lol::lol::lol: අර ගෙයි අයිති කාරයට වෙන ගෙයකට යන්න වෙයි ඕකට වන්දියකුත් දීල :lol::lol::lol:
     

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    හෝමෝසෙක්ශුවල් ගතිනෙ බං ගණන් ගන්න එපා :rofl::rofl::rofl::rofl:
     

    Evo X

    Awrudu Games 2017 - Winners
  • Sep 5, 2008
    6,123
    509
    113
    ║▌CmB™ HoMe tOwN║▌
    අඩු වයසින් පමනට වඩා මිල මුදල් සහ ජනප්‍රියත්වය ලැබුනම ඔහොම තමයි ඉතින් :dull::dull::dull:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මුටත් සෙනසුරු ලබලා.:baffled:.....මු අවුරුදු ගානකට බහි වාගේ....:P
    මට මුවයි අර "මීලි" යි පෙනනේ එක වාගේ...:eek::P