ජස්ටින්_බීබර්ට_දඬුවම්
බිත්තර වලින් ගැසූ ජස්ටින් බීබර්ට දඬුවම්
බීමත්ව රිය පැදවීමේ වරදට අත්අඩංගුවට පත්වූ ජස්ටින් බීබර්
පසුගිය ජනවාරි මස කැලිෆෝනියාවේ තම අසල්වැසි නිවසකට බිත්තර වලින් පහර දීමේ වරදට ජස්ටින් බීබර්ට අධිකරණය මගින් දඬුවම් නියම කෙරිණ.
විනිසුරුවරයා විසින් ජනප්රිය පොප් ගායක ජස්ටින් බීබර්ට කෝපය පාලනය කර ගැනීමේ වැඩ සටහනකට සහභාගී වන ලෙස සහ සමාජ සේවයේ යෙදෙන ලෙසට නියෝග කර ඇත. සිදුවූ අලාභ හානි වෙනුවෙන් ඩොලර් අසූ දහසක වන්දි මුදලක් ගෙවීමට ද විනිසුරුවරයා විසින් නියම කෙරිණ.
ජස්ටින් බීබර්ගේ නීතීඥ වරුන් විස්තර කරන්නේ බිත්තර වලින් දමා ගැසීමේ සිද්ධිය ලාබාල විහිළුවක් ලෙසයි.
නමුත් පහර දීමට ලක් වුන පාර්ශවයේ නීතීඥයා කියා ඇත්තේ අසල්වාසීන් තම සිහින මාලිගාව ලෙස හැඳින්වූ මෙම නිවසට බරපතළ අලාභ හානි ඇති කළ එම සිදුවීම මෝඩ, ඉතා නොමේරු ළමා ක්රියාවක් බවයි.
බීබර්ගේ මාද්ය ප්රකාශක වරිය පවසන්නේ මෙම ප්රශ්නය විසඳීම සම්බන්ධයෙන් ජස්ටින් සතුටු වන බවයි.
දැනට ජස්ටින් බීබර්ව එම ප්රදේශයේ වාසය කිරීමෙන් ඉවත් කර ඇත.
මීට අමතරව මියාමි නුවරදී විසි හැවිරිදි ජනප්රිය පොප් ගායකයාට බීමත්ව රිය පැදවීමේ වරදට ද නඩු පවරා තිබේ.

.....මු අවුරුදු ගානකට බහි වාගේ....