ජ්ර්මන් ඉගෙනගමු!

මමත් හරි ආසයි වෙන රටක භාශාවක් ඉගෙනගන්න. හැබැයි වෙලාවක් තමයි නැත්තේ

මම මේකෙ දිග පාඩම් දාන්නෙ නෑ පොඩ්ඩ පොඩ්ඩ ඉගන ගන්න ට්‍රයි කරන්න ළමයා.:shocked::shocked::lol::lol::lol::lol:
 

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,865
    1,005
    113
    ගෙදර
    ගොඩක් වටිනවා මමත් හොය හොය හිටියෙ ජර්මන් ඉගෙනගන්න තැනක්.දිගටම කරමු.
     
    ජර්මන් පාඩම #3
    ඔන්න එහෙනම් පටන් ගත්තා ඊලග ජර්මන් පාඩම. :):)හරි අපි මේ පාඩමේදි වචන ටිකක් ඉගෙනගමු .
    Shön – ශූන් - beautiful
    Shon - ශෝන්- already

    (ඉහත උදාහරන දෙක දිහා ඔයාලට හොදට බැලුවොත් පෙනේවි එක අකුරක වෙනසින් එම වචනය ශබ්ද කරන ආකාරය සහ තේරුම වෙනස් වී ඇති බව. )
    Deutsh – ඩොයිශ් - ජර්මන් භාශාව
    Deutshland – ඩොයිශ්ලන්ඩ් - ජර්මනිය
    Glük – ග්ලූක් - වාසනාව
    Mond – මොන්ඩ් - හද (මේ අහසෙ තියෙන එක හොදේ.):lol::lol::lol:
    Ball - බල් - බෝලය
    Kuchen – කූකන් - කේක්
    Buch - බුහ්ක් - පොත
    Brot – බ්රෝට් - පාන්

    ඔන්න මම නිකන් හිතට ආපු වචන ටිකක් දැම්මෙ.ඊලගට පොඩි පොඩි වාක්ය දෙක තුනකුත් පාඩම් කර ගමු.:eek:
    මේක නම් ඕනම වෙන එකක් ජර්මන් ඇන්ටි කෙනෙක් එහෙම දැක්කොත් කියන්න.:shocked::shocked::lol::lol::lol:
    Ich liebe dich! – ඉශ් ලීබ ඩිශ් - I Love You!
    Ich liebe dich nicht – ඉශ් ලීබ ඩිශ් නිශ්ට් - I don’t Love You!
    (ඔන්න ඇන්ටි ඔහොම කියුවොත් නම් අපි නෑ හොදේ.:growl::lol:)

    Du machst mich sehr glücklich – ඩූ මක්ස් මිශ් සේහ්අ ග්ලූක්ලිශ් - You make me so happy
    Schatz, Ich Vermisse dish – ශට්ස්, ඉශ් ෆමිස ඩිශ් - Honey, I miss you!
    Ich habe dich sehr gerne – ඉශ් හාබ ඩිශ් සේහ්ර් ගෙඅන - I like You very much


    මේ වාක්ය හැදුන විදිය ගැන එහෙම දැන්ම හිතන්න යන්න එපා.:growl:එහෙනම් දැන් ඇති වගේ නේද?:baffled::baffled::baffled:
    ඔන්න එහෙනම් අපි ගියා. :eek:ළමයි ටික ඊලග දවසෙ එද්දි මේවා හොදට පාඩම් කර ගෙන එන්ට ඕන හොදද,,,:shocked::shocked::nerd::nerd::cool:;):):):nerd:
    බුදු සරණයි හැමෝටම !